Sunday, January 14, 2018

අතරතුර දිග ගමනක්

නැතිවෙච්ච මල්ලියෙක්
හොයන අක්කෙක්
ගේ දුක්බර කථාවක්...
පාළු මං පෙත්
වල ඇවිද යන දුර ගමනක්
අතරතුර එක මොහොතක්
නතරවී දැක අයෙක්
ඔබගේ මතකයක්
මුවරැඳෙව්වා එක හිනාවක්...
ඔබ නොවන බව දැනත්
හිතුවෙ නෑ කිසි වෙනසක්
පැතුවෙ නෑ කිසි දෙයක්
අනේ ඒත්
ගතවෙද්දි ටික දිනක්
සැගව ගිය වගක්
පිළිගන්න වුනා දුකකින් උනත්...
පාළු මං වල ඇවිද ගියත්
සෑහෙන දුරක්
ඔන්න නැවතත්
මුව රැඳව්වා සිනාවක්
ඔබගේ මතකයක්
අයෙක්
දෙදෙනක්
මුණගැසුනා නැවතත්
ඒත් අද ඒ අයත් 
ගිහින් බොහෝ දුරක්...
කවුරුන් හෝ කෙනෙක්
හමුවේද නැවතත්
මුව රඳවන සිනාවක්
සිහිකර ඔබගෙ මතකයක්
පිසදමින් එක කඳුලක්...



2 comments:

  1. ලස්සනයි. අඩු වයසින් වෙන්වන්නේ සංසාරේ අවසාන කොටසේ ඉන්න අය කියා මට හිතෙනවා. ඔහුට නිවන් සුව.

    ReplyDelete