Sunday, January 3, 2016

හයවැනි පරිච්ඡේදය: ක්‍යුරි දාරී ( හොං ජූ වොන්)


ආයුබෝවන්!


කලින් පින්තූරය ගත්ත 2014 දි නිකුත් වෙච්ච  'ද කිංස් ෆේස් ' කථාව ඉවර උනු තැනින් (ග්වංහේ කුමාරයා රජ උනු තැනින්) 2015 පටන් ගත්ත 'හ්වාජොං', 화정, කතාවයි අපි මේ චිත්‍රය අඳින දවස් වල බල බලා හිටියෙ. මේ කථා දෙක සීයට සීයක්ම එකවගේ නැති උනත් සීයට අනූපහක්ම එකවගේ. ග්වංහේ  කුමාරයා රජ වෙන තැනින් පටන් ගන්න මේ කථව,  එයාගෙ නංගි, ' ජුංමියොං කුමරිය ' වටා තමයි ගෙතෙන්නෙ. මේ කතාවෙන් මුලින්ම ඇන්ඳෙ ' හොං ජු වොන් ', ජුංමියොං කුමරියට පෙම් බැඳි යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ, චරිතය. මේ චරිතය රග දක්වන්නෙ විසිදෙහැවිදිරි ' සො කං ජුන් ', 서강준. මෙන්න මේක https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFxU4pKGQ_JGLATj6V0uauLbSZn8WNOeXXwe2IES9FI-ttDXNT_PBXqNTzSyi6fCQj-cd_YIhw29AvXi_YPzxR85IKKK9-ieUjYFRqmk12O781NlDtpsKdyrQLJ8g4TGsS-ciHibdo0KI/s400/%ED%99%94%EC%A0%95.E10.150512.HDTV.H264.720p-WITH.mp4_20150513_145659.179.jpg තමයි මම ඇන්ඳෙ, මම මේක තෝර ගත්තෙ ඒක හරිම පැහැදිලි එකක් නිසා.


මට සිත්වුනේ, කියුරි නාරිගෙ ( හොං ජූ වොන්ගෙ) මූණ පුළුවන් තරන් ලොකුවට අඳින්න, තොප්පිය ඉහලින්, වමෙන්, දකුණෙන් කැපුනත් ඒකයි මේ තරම්ම ලොකු කළේ. මූණ ටිකක ලොකු නිසා සරල රාමුවකුත් එකතුකරා. මොකද හිත්න්නෙ, රාමුව හොඳද? අයින් කරන්නද? 

මුහුණේ ත්‍රිමාන බව අර ගත්තේ මිනිරන් කුඩු ඇගිල්ලේ තවරලා අදුරු තැන්වල ආලේප කරල. සමහර අවස්ථාවලදි මිනිරන් කුඩු පේපර් සවියට් එකක තවරලා ඒක පාවිච්චි කලා ඇගිල්ල වෙනුවට. තව දෙයක්, පාට කරද්දි ඉහල ඉදල පටන් ගෙන පහලට පාට කරගෙන එන්න පුරුදු උනා, මගෙ මහත්තයගෙ අනුදැනුම පරිදි.

මට සතුටු දේ:

  • සමස්ථයක් වශයෙන් මුලු පින්තුරෙම මුල් පින්තූරයත් එක්ක ගැලපෙනව
  • ඇස්, ඇහි බැම, නාසය, කට, කම්මුල්, කන, හිසේ බැදි පටිය, සහ බෙල්ල ත්‍රිමාන බවිත් යුක්තයි
  • මුහුණේ අවයව සියල්ලම ගැන සතුටුයි

අඩුපාඩු:

  • ඇදුම: ඇදුමේ නැවුම් හරියට ඇවිත් නැහැ
  • තොප්පිය සම්පූර්ණයෙන්ම තිබුනා නම් හොඳයි
  • තොප්පිය ත්‍රිමානත්වය පේන්නෙ නැහැ
  • බෙල්ලත් ඇදුමත් වෙන් වෙන තැන අඩුපාඩු ටිකක් තියෙනව 
මම හිතනව මුල් පින්තූරයට මම උපරිම සාධාරණයක් කළා කියල. මම ගොඩාක් සතුටු සිතුවමක් මේක. මම ගොඩාක් දේ ඉගන ගත්තා. මුල් පින්තූරයේ පැහැදිලි  බව ඉහල නම් මගේ සිතුවමේ තත්වයත් ඉහලයි කියල තේරුම් ගත්තා.

ඔන්න ඔය විදියට තමයි මල් ටික පිපීගෙන යන්නෙ, අපූරුවට. එහෙම පිපෙන මල් ටික මට හංගගෙන්න හිතෙනව අප්පා, පෙට්ටගමක දාල කාමරේ මුල්ලක. මොකෝ මේව්ව බලන්න කවුරු එනවද, මේව ගැන මොනව හිතනවද, මම දුක් මහන්සියෙන් ලියන එව්ව කියෝනවද, නැත්තං පින්තූරෙ විතරක් බලල යනෝද,  'මේ මොකද්ද මේ' කියල මට පලු යන්න බනිනවද, කියල මම හාංකවිස්සියක්වත් දන්න එකක්‍ යැ. එක්කෝ මේව කැතයි කියල මූණට කියන්න බැරි කමක්ද? නැත්තං මේව කියවන්ඩ, මොනා හරි කියන්ඩ වෙලාවක් නැතුව වද්ද? මේ මල් එළියට දන්ඩ මෙච්චර මහන්සි වෙන එක අතෑරල දාල, තව මලක් පුප්පන්න ගත්ත නම් හොඳයි කියල දැන්නම් හිතෙනව.

ඔය ඒකෙන් මේකෙන් කමක් නෑ, අලුත් අවුරුද්ද කාට කාටත් සුභ වෙන්ඩ ඕනා! සාමයෙන්, සතුටෙන්, සැහැල්ලුන් ඉන්ඩ ඕනා!

7 comments:

  1. චිත්‍රය හොදයි. Frame එක නිසා පිලිවෙලයි...

    ReplyDelete
  2. චිත්‍රය හොදයි. Frame එක නිසා පිලිවෙලයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඔව් ඔයා කියන එක ඇත්ත.

      Delete
  3. වෙනස් විදිහක බ්ලොගයක්........ දිගට ම ලියමු..... අපි සින්ඩියට දා ගත්තා... අනික් සින්ඩි වලටත් ගිහින් අැතුළත් වෙන්න.... අනික් බ්ලොග් කරුවන්ට මේ පැත්තට ඒන්න ඒක පාර කියාවි.......

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආවට, නැවත ඇවිත් බලන්න. අනිත් සින්ඩි වලටත් ඇතුළු වෙන්නම්.

      Delete
  4. කල්‍යාණ මිත්‍ර හරහා ආවේ. හොඳ බ්ලොගයක්. මුල ඉඳන්ම කතාව කියවන්නේ ඕනේ. ලිස්ට් එකට දා ගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආවට, මුල ඉදල කියවන්ඩ, ගතයුත්තක් තියේද කියලත් කියන්ඩකෝ

      Delete