Sunday, October 18, 2020

අපි කථා නොකර ඉමු

එකිනෙකා අතරේ අදහස් හුවමාරු කර ගැනීම අපි අවුරුත් පාහේ නිතරම කරන දෙයක්. අප වටා සිටින නෑදෑ, හිතවතුන්, මිතුර මිතුරියන්, පවුලේ අය වගේම මඟ තොටේදී හමුවෙන අය සමඟත් අපි නොයෙක් දේ ගැන නිරතුරුවම කථා කරන්නෙමු. අපි මෙසේ කරන කථා බස් වලට සීමාවක් තිබිය යුතුයි කියලා ඔයාලා කවදා හරි දවසක කල්පනා කරලා තියෙනවාද? මම පවසන දෙයින් අනිකා යම අපහසුතාවයකට පත් වුනාද, එසේත් නැත්නම් අනිකාගේ සිත් රිදවීමක් වුනාදැ යි ඔබ මොනතරම් දුරට කල්පනාකාරී වන්නේද?


අද මම ඔයාලට කියන්න යන්නේ ඇමරිකවේ කථා බහට නුසුදුසු යැයි සම්මත මාතෘකාවන් 18 ක් සම්බඳවයි. 


දැන් අපේ රට ටික ටික බටහිර කරනය වේගෙන එනවා යැ යි අපට නිතරම අහන්න ට දකින්න ට ලැබෙනවා. අපේ සංස්කෘතිය විනාස වෙනවා යැ යි කෙනෙක් මැසිවිලි නඟනවා. නොයෙකුත් කරුණු කරණ කොට ගෙන, කාලයත් සමඟ මිනිසුන් ජීවත් වන විදිය වෙනස් වෙනවා. ඒ කියන්නේ සංස්කෘතිය වෙනස් වීම වලට භාජනය වෙනවා කියන එකමයි. කොහොම නමුත් බටහිර සංකෘතිය ට ඇළුම් කරන, ඔවුන් ජීවත් වන ආකාරය ට ජීවත් වන්න උත්සාහ කරන සෑහෙන පිරිසක් ලංකාවේ සිටිනව්වා යි අපට පෙනෙනවා. ලැජ්ජාවට කරුණ නම්, සමහරු කරන්නේ සිංහල බසින් කථා කරන විට තැනින් තැන ඉංග්‍රීසි කෑලි දැමීමෙන් සිංහල බස විකෘති කීරීමත්, බටහිර ආහාර පාන බුක්ති විදීමත් පමණක් වීමයි. නමුත්, බටහිර සංකෘතීන නිවරදිව අධ්‍යනය කිරීමෙන් ඊට වඩා සමාජයට වැදගත් දෙයක් අපිට කරන්න පුළුවන් බව පෙන්වා දීම මෙම ලිපියේ අරමුණයි.


ඇමරිකානුවන් අන් අයගේ සිත් රිදවීම නොහොත්  hurt others feelings ඉතා පාපකාරී දෙයක් ලෙස සලකමින්, තම වටා සිටිනා අයගේ සිත් රිදෙන ලෙස කථා කිරීම් හෝ හැසිරීම් හෝ නොකර සිටීමට වග බලා ගන්නා බව මම අත්දැකීමෙන් දන්නවා. මෑත කාලීනව මා නැරඹූ   Speak with vanessa   යූටියුබ් චැනල් එකේ ඇමරිකානු සංකෘතියට අනුව ඇසීමට නුසුදුසු මාතෘකා 8 ක් යන මැයෙන් වැනීසා කල වීඩියෝවේ එන කරුණු එකින් එක සිංහලෙන් ලියා ලේඛන ගත කිරීමට මම උත්සුක උනෙමි. මේ වීඩියො එක බලන්න.




වැනීසා පවසන්නේ මෙවැනි ප්‍රශ්න ඔබේ ඉතා සමීපත්මයන් ගෙන් ඇසීම ප්‍රශ්නයක් නොවන නමුත්, මේ ප්‍රශ්න ඇසීමෙන් පුළුවන් තරම් වැලකී සිටීම උචිත බවයි. ඉතාම කෙටියෙන් මම ඒ ටික පහළින් දක්වන්නම්. වැනීසා හරි ලස්සනට විස්තරාත්මකව වීඩියෝ එක කරළා තියෙනවා. ඒක බලන්න. සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමත් ඇති අයෙකුට එය අසා තේරුම් ගැනීමට හැකිවේ යැ යි මම විස්වාස කරනවා.


ඔයා හරි ඔයාගේ දන්න කෙනෙක් හරි ඇමරිකාවට යන්න බලාගෙන ඉන්නවා නම් මේ ටික වැදගත් වේයි. 

Taboo questions හෙවත් ඇසිය නොයුතු ප්‍රශ්න


1. දේශ පාලනය සම්බන්ඳව

ඔයා කාටද චන්දෙ දෙන්නේ?

ඔයා කාටද චන්දෙ දුන්නෙ?


2. පවුල් ජීවිතය සම්බන්ඳව

ඔයා විවාහ වෙලාද ඉන්නේ? ඇයි නැත්තේ?

ඔයාට ළමයි ඉන්නවාද? ඇයි නැත්තේ?

ඔයා ගැබ්බර වෙලාද?

මෙවැනි දේ පුද්ගලික වන අතර, එසේ ඇසීමෙන් එම පුද්ගලයා යම්කිසි අපහසුතාවයකට ලක්වීමට ඉඩකඩ තියෙනවා. උදාහරණයක් විදිය්ට හිතන්නකො ඔයා යම් විවාහක ළමයි නැති කාන්තාවකගෙන් අහනවා, "ඔයාට ළමයි ඉන්නවාද? ඇයි නැත්තේ?" වැනි ප්‍රශ්න. නමුත් එතුමිය මාස කීපයකට උඩදී ගබ්සා වීමක් හේතුවෙන් තම දරු ගැබ අහිමිව වේදනා විදි අයෙක් නම්. ඇය මේ වගේ අවස්තාවක දීමට පිළිතුරක් නොමැතිව අසරණ විය හැකියි


3. ලිංගිකත්වය සම්බන්ඳව

ඔයා සමලිංගික ද?

යම් කෙනෙක් එයාගේ සහකාරයා ගැන කතා කරයි නම්, එයා විරුද්ද හෝ සමාන ලිංගික අයෙක් විය හැකියි.


4. ආගම සම්බන්ඳව

ඔයා පල්ලි යනවාද?

මේක කරන්න එපා, ඒක පවක්


5. ජාතිය සම්බන්ඳව

ඔයා ඇත්තටම (ඇමරිකාවට ) ආවේ  කොහෙන්ද?

මොනවගේ පසුබිමක්ද ඔයට තියෙන්නේ?


6. මුදල් සම්බන්ඳව

ඔයා කොච්චර සල්ලි හොයනවාද?

ඔයාගේ (කාර් එක හෝ වටිනා දෙයක්) කීයක් වුනාද?

ඔබට මෙවන් ප්‍රශ්නයක් ඇසීමට සාධාරණ හේතුවක් තිබෙන විට, එහි සැර බාල කර මෙසේ ඇසිඋඅ හැකියි, "ඔයා මොකුත් හිතන් නැත්තන් මට අහන්න පුළුවනිද ඔබෙන් එය කොතරම් වටීද යන වග?".


7. පෙනුම සම්බන්ඳව

ඔයාට අද ගොඩක් මහන්සිද?

ඔයා මහන්සියෙන් වගේ, ඔයා හොඳින්ද?

ඔයාගේ බර අඩු/වැඩි වෙලාද?

මේ වගේ අවස්ථාවක දී ද, ප්‍රශ්නයේ සැර බාල කර, ඉතා මෘදු ලෙස විමසීම් කිරීම සුදුසි බව එය පවසයි.


8. මරණය සම්බන්ඳව

ඔයා හිතන්නේ ලඟදි එයා මැරෙයි කියලද?

මම හිතනවා එයා ලඟදි මැරෙයි කියලා.


මෙවන් දෑ පිළිබඳ කථා කිරීමේදී අනිකා සිත් තැවුලට ලක් විය හැකි නිසා, අපිත් පුරුදු වෙමු මේ වගේ අනිකා පොඩි හෝ අපහසුතාවයකට ලක්විය හැකි දේ ගැන කථා නොකර සිටින්නට.


ප.ලි. අද ලංකාවේ යම් කිසි අපයෝජනයකට ලක් වූ දියණියකට හෝ කාන්තාවකට හෝ එම අපයෝජනය නිසා ඇති වූ සිත් තැවුල හෝ වේදනවට වඩා වැඩි වේදනාවක් සමාජයෙන් එල්ල වෙන බව අපි කවුරුත් දන්නවා. එසේ සිදු වන්නේ මිනිස්සුන්ට කට පරිස්සම් කර ගන්න බැරි නිසා නොවෙද?

4 comments:

  1. වටින ලිපියක්. යමක් ඉගෙනගත්තා

    ReplyDelete
  2. ස්තුතියි ඉයන්

    සවිස්තරාත්මක් ලිපියක් තමයි මම හරිනම් ලියන්න ඕනි. එත් සිංහලින් ටයිප් කරන්න ගියාම කම්මලියි අප්පා.

    ReplyDelete
  3. අපි චීනය ෆොලෝ කරන්නේ

    ReplyDelete
    Replies
    1. So, I should write another article about Cheese culture.

      Delete