Monday, January 15, 2024

වැස්සට කවි තුනක්

බිංදු බිංදු පොද වැටිලා මහ වැස්සක් එනවා
පාට පාට පුරවාගෙන දේදුන්නක් පායා
පාවි පාවි වළා ඇවිත් මුළු අහසම පිරිලා
පුංචි පුංචි මල් පිපිලා වැස්සේ හිනහෙන්නා










ඔක්තෝබර් 3 උදේ, 2023
මෙත්මා

සුලඟක් හමා යයි මා ගත දැවටීලා
සීතල නෑ දැනුනේ සිසිලයි මට දැනුනේ
දළු දාමින් මේපල් ගස් පිබිදෙන්නට යනවා
මල් පිපෙන්න දවසක් දා පොහොට්ටු ලොකු වෙනවා

ඔක්තෝබර් 4 උදේ

බිංදු බිංදු පොද වැස්සක් ඔන්න කඩා හැලෙනවා
ඩිංග ඩිංග වහල දිගේ වතුර ගලා ඇදනවා
හැඩට පිපුන කහ මල් ටික හෙමින් හෙමින් හැලෙනවා
රතු ගිරවුන් දෙදෙනෙක් විත් කීචි බීචි ගානවා













ඔක්තෝබර් 4 හවස
මෙත්මා

2 comments:

  1. මේක තාලෙට කියල යූටියුබ් එකේ දාන්න. ඒක නෙවෙයි, යූටියුබ් ගණිත පාඩම් නැවතුනාද?

    ReplyDelete
    Replies
    1. යූටියුබ් එකට දාන්න ටිකක් වෙලා යන වැඩක්නේ. වෙලාව තියන හැටියට යූටියුබ් එකට දාන්නම්. යූටියුබ් ගණන් පාඩම් දැම්මෙ රස්සාවක් නැතිව ඉන්න කාලේ. දැන් රස්සාවත් එක්ක ඒවා කරන්න වෙලාවක් හොයා ගන්න අමාරුයි.

      Delete