Welcome!
This time, I sketched my previous advisor, Professor Bijoy Kumar Ghosh, to express my sincere gratitude and appreciation for every single thing he did for us. I thought it would be better to write this article in English since he (and all of my non-Sinhalese friends) can understand what I am saying along with my portraits. A Sinhalese version of the article is given at the latter part for those who love my Sinhalese writings.
I and my husband (Sanath) did our postgraduate research studies with Dr. Ghosh when we were at Texas Tech University. He does a lot of interesting research in the field of Bio-Engineering. Thanks to him, we could experience doing quality research. He is an excellent leader with humanities. Therefore, working with him was enjoyable, enthusiastic, and comfortable. In our research, he generously helped and guided us with his maximum strength. He is the best advisor I have ever met. He is not only an advisor but also a good friend, who helped us in many ways. It's a pleasure to meet him in my life, and I am happy that I chose him as my advisor. I thought, the best thing I could do for him is making a sketch of his smiling face with the new skill I have developed for past months.
You can view the original photo, that I used for this sketch by clicking here. Please compare my sketch with the original photo, if you haven't seen Dr. Ghosh, and tell me what you think about my sketching. I have come this far because of your appreciation, comments, and suggestions.
As you can see, this time, I have improved a lot. I could achieve this improvement thanks to the simple comment I got from my friend, Dhiraj Singh. Dhiraj is an Engineer like me and an artist, who draws all kinds of portraits. He is a very good artist, who started his journey in two years and his portraits are adorable. Once he saw my brother's sketch, he said;
"You need to improve in applying colors. If you check the colors in the face of your sketch, color variation is very small and colors are too light. You need to expand the color range. You can probably do it by darkening the darker areas."
Actually, I sketched my previous portraits in light colors, because I thought if I darken it, then it will reflect that his/her skin color is dark. However, I was wrong. Now, I understood in pencil art; we simply try to capture the details of the image by varying the darkness.
In Dr. Ghosh's picture, I increased the span of the darkness as Dhiraj suggested. I tried my best this time, and I am extremely happy with this sketch. Dhiraj, your simple comment was a great comment, which I could jump up bit higher. Thank you very much Dhiraj for your comment, and keep commenting.
Dr. Ghosh's face looks perfect to me. So, please point out any mistake if you can see any. The process of drawing his face was smooth, and I finished it without any trouble. I like his hair and beard most as usual. I am a bit happy about his clothing as well. As you can see, I have done a very bad job on the outer coat. I still struggle when sketching clothes, especially sketching the folding parts of clothes.
I would like to end this article by wishing a happier, healthier, and long life to Dr. Ghosh!
ආයුබෝවන්!
සුභ අළුත් අවුරුද්දක් වේවා!
මේ වතාවෙදි, මම මගේ කලින් පශ්චාත් උපාදියේ උපදේශකතතුමා වන මහාචාර්ය බිජෝයි කුමර් ගෝශ්ව සිතුවමට නගුවෙ හිතුවෙ, එතුමා අප වෙනුවෙන් කල ඉමහත් සේවයට මගේ හද පිරි ස්තුතිය පිරිනමන්න ඕනි කියල හිතලයි.
මමයි මගේ මහත්තයා (සනත්) දෙන්නම අපේ පර්යේෂණ කටයුතු කරගෙන ගියේ බිජෝයි ගෝශ් සර්ගෙ උපදෙස් අනුවයි. සර් ගැන යමක් කියනවනම්, එයා ටෙක්සස් ටෙක් විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු විෂය දාරව යටතේ ගොඩාක් ආස හිතෙන විදියේ පර්යේෂණ කරන මහාචාර්ය වරයෙක්. එයා හරිම හොඳ කෙනෙක්. එයත් එක්ක වැඩ කරන එක හරිම පහසුයි, ඒවගේම හරිම උද්යෝගිමත්. අපි එයත් එක්ක වැඩ කළේ හරිම ආසාවෙන්. එයාට ගොඩක් වැඩ කරන්න ඕනි, ඒත් කිසි විටකත් එයා අපිව අනවශය විදියට පීඩනයට පත් කරනල නැහැ. ඇත්තෙන්ම කියනවනම් එයා මනුස්සකම් දන්න හොඳ නායකයෙක්. එයා අපිට ගොඩාක් උදවු කරල තියෙනව. අපේ පර්යේෂණ කටයුතුවලට විතරක් නෙවෙයි, අපේ ජීවිතේ අපිට ආ යම් යම් බාදක වලදිත් ගොඩාක් උදව් කරල තියෙනව. ගෝශ් කියන්නෙ අපිට ගුරු හරුකම් දුන්න ගුරුවරයෙක්ම විතරක් නෙවෙයි, විටකදි යාළුවෙක්, විටකදි පියතුමෙක්. මම අද සතුටුවෙනව එදා මම ආචාර්ය ගෝශ් මගේ උපදේශකතුමා හැටියට තෝර ගත්ත එක ගැන. එයක් එක්ක වැඩ කරන්න ලැබුණ එක මම මගේ වාසනාවක් හැටියටයි මම දකින්නෙ. ඉතින් මේ තරම් අපිට සමීපයෙන් හිටපු, එතුමා වෙනුවෙන් මේ වෙලාවදි මට කරන්න පුළුවන් හොඳම දේ හැටියටයි මම මේ චිත්‍රය අඳින්න හිතුවෙ.
ඔයාලට පේනවනේ මේ පින්තූරෙ, අනිත් ඒවත් එක්ක සංසන්දනය කරනකොට ලොකු වෙනසක් තියෙන බව. මේ තරම් ලොකු පියවරක් මට ඉස්සරහට තියන්න පුළුවන් උනේ, මමගේ යාළුවෙන් වන දිරාජ් සිං, මගේ කලින් පින්තූර බලල, මට දුන්න වටිනා කියන උපදෙසක් නිසයි. දිරාජ් කියන්නෙ මම වගේම ඉන්ජිනේරුවෙක්, ඒ වගේම දක්ෂ කලා කාරයෙක්. එයාගෙ පින්තූර ගොඩාක් කලාත්මකයි. මම ඒවට ගොඩාක් කැමතියි. දිරාජ් ගැන කියන්න ගිහිල්ල, එයා දුන්න උපදෙස කියන්න අමතකත් වේගෙන එනව. එයා අපේ අය්යගෙ චිත්‍රෙ බලල මට මෙන්න මෙහෙම කීව;
"ඔයා චිත්‍ර පාට කරන එක ගැන තව ටිකක සැලකිලිමත් වෙන්න ඕනි. ඔයා ඇඳපු පින්තූරෙ මුහුණෙ වර්ණ පරාසයයි, ඇත්ත මුහුණෙ වර්න පරාසයයි අතර ලොකු පරතරයක් තියෙනව. අනික ඔයගෙ චිත්රවල පාට ලා වැඩියි. වර්ණ පරාසය තව ටිකක් පුළුල් කරන්න. අඳුරු තැන් තව ටිකක් වැඩිපුර අඳුරු පැහැගන්වන්න. එතකොට, රූපයේ ස්භාවික බව ආරක්ෂා ගන්න පුළුවන්"
එයා කියපු කථාව හරිම සරල එකක් වගේ පෙනුනත්, ඒක ගොඩාක් වටින එකක් උනා. ඇත්තටම කියනවනම්, මම කලින් පින්තූර වැඩිය කළු කරේ නැත්තෙ, මට හිතුන මම එහෙම කලොත් මුළු පින්තූරෙම ගොඩාක් කළු වෙලා, මම අඳින පුද්ගලගෙ නියම ස්වරූපයට වඩා කළු වෙයි කියල. නමුත්, මම හිතාන හිතපු විදිය වැරදියි. දැන් මං දන්නව චිත්‍ර අඳිද්දි, කොහොමහරි අපි කරන්නෙ පින්තූරයේ තියෙන විස්තර හැකිතාක් මතුකරල පෙන්නන එක කියල. මට දැන් වර්ණ ගැන පොඩ්ඩ පොඩ්ඩ තේරෙණව.
මම ආවාර්ය ගෝශ්ගෙ පින්තූරවේ වර්ණ පරාසය වැඩිකලා, දිරාජ් කීව විදියට. බල්න්න, පුංචි අදහසකින් මොනතරම් ලොකු වෙනසක් කරන්න පුළුවන් උනාද කියල. දිරාජ් මම ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනව මට කරපු උපකාරෙට. එවගේම මම බලාපොරොත්තු වෙනව ඔයා දිගින් දිගටම මට උපදෙස් දේවිය කියල.
මේ පින්තූරයේ ස්භාවිකත්ව රැකෙන විදියට සිතුවම් කරන්න මම උපරිම උත්සහ කළා. මට ගොඩාක් සතුටුයි, මේ සැරේ හොඳඅ...ට ඇඳ ගන්න පුළුවන් විච්චි එක ගැන. මටනම් මුහුණෙ අඩුවක් පේන්නෙම නෑ. අනේ ඔයාලට පේන අඩුපාඩු තරහ නැතිව පෙන්නල දෙන්ඩ ඈ. ඔයාලගෙ අදහස්, දිරිගැන්වීම් මම ගොඩාක් අගය කරනව. ඇත්තටම කියනවනම් මුහුණ අඳින එක මට ගේමක් උනේම නෑ. හරිම ආසාවෙන් තමයි මම ඇන්ඳෙ. මම මේ පින්තූරෙ ගොඩාක්ම කැමති කොණ්ඩෙටයි රැවුලටයි (මම ඉතින් කොහොමත් කොණ්ඩ වලටනේ වැඩිපුරම කැමති) . ඇදුම හරිය අඳින එක තමයි ටිකක් අමාරු උනේ. කොහොම නමුත්, ඇදුමෙත් ලොකු අවුලක් නෑ. ඒත් පිටත කෝට් එකේ නැවුම් තියෙන කොටස් අඳින්න මට තාම හරියට තේරුමක් නෑ. දිරාජ් ඒගැනත් මට පොඩි අදහසක් දුන්න. ටිකක් විතර හොඳට ආව කියලත් හිතෙනව. හැබැයි ඉතින් වර්ණ ගැන තවදුරටත් අධ්‍යනය කරන්න ඕනි කියල නම් තේරෙණව.
එහෙනම් ඉතින් අද කථාව මෙතනින් ඉවර කර්න්නම්. ආවාර්ය බිජෝයි ගොශ්, ඔබට පීත්රිමත්, නිරෝගීමත් දිගු දිවියක් හිමි වේවා!
No comments:
Post a Comment