ආයුබෝවන්! (English version is in the latter part )
ගොඩාක් කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් චිත්‍රයක් අරගෙන ආවා. ගිය මාසෙ ලංකාවට ගිහින් එන්න ගියපු නිසාත් පහුගිය ටිකේ වැඩ අදික උන නිසත් චිත්‍රයක් ඇඳගන්න ටිකක් කල් ගියා. කොහොමින් කොහොම හරි ඔය ජර මර අස්සෙ අම්මගෙයි තාත්තගෙයි චිත්‍රෙකුත් ඇඳගත්තා. අම්මයි තාත්තයි කීවෙ මගේ ප්‍රිය ස්වාමියාගේ අම්මයි තාත්තයි. මම මේ දෙන්නට ගොඩාක් ආදරෙයි. මගේ ස්වාමියා වගේම එයගෙ අම්මයි තාත්තයි දෙන්නත් මාව ගොඩාක් හොඳින් බලා ගන්නවා. එයාල ගොඩාක් උතුම් ගතිගුණ වලින් පිරිපින් අය. මේ සැරේ ලංකාවට ගිය වෙලාවෙත් මට ගොඩාක් උදවු කලා වගේම නිතරම මගෙත් එක්කම හිටියා. මගේ ජීවිතේට එයාල ලොකු හයියක්. මම හරි පිංවන්තයි මේ නැන්දම්මයි මාමන්ඩියි ලබන්න.
මේ සැරේ ගත්ත පින්තූර දෙකක් එකට එකතුකරලා, අම්මයි තාත්තයි දෙන්නම ඉන්න එක පින්තූරයක් ඇන්ඳා. බෙග් දෙගිල් සහ යොනියුන්ගුන් මාමාගෙ පින්තූරෙ අඳිද්දි මගේ හිතට ආපු අදහසකට අනුවයි මම ඒහෙම කළේ. නිතරම එකට ඉන්න අයගෙ රූප එක පින්තූරෙක ඇන්ඳම ඒකෙ වටිනාකම හරි ඉහළයි. මෙහිදී, ඒ අය ඉන්න ඉරියවු සහ මුහුණෙන් නිරූපණය වන හැඟීම් අතර මනා සහසම්බන්ධතාවයක් ගොඩනගා ගන්න එක හරි වැදගත්. මෙකද, ඒ මඟින් අපිට පුළුවන් වෙනව පුංචි කතාවකට මුල පුරන්න. අපි කවුරුත් කැමතියිනේ කතාන්දර වලට. චිත්‍රයක වේවා, ජායාරූපයක වේවා, සඟරාවක (විද්‍යා හෝ ඉංගිනේරු) ලිපියක වේවා, ලස්සන කතාන්දරයක් මතු වෙලා පේනවා නම්, ඒ නිර්මාණය ඉතා රසවත් එකක් මෙන්ම ඉහළ වටිනාකමකින් යුක්ත එකක් වෙනවා.
මම මේ නිර්මාණය කරන්න භාවිතා කල මුල් පින්තූරය මෙතනින් ගිහින් බලන්න පුළුවන්. ඒකත් එක්ක සංසන්දනය කරල බලලා කියන්නකෝ මගේ උත්සාහය මොන තරම් දුරට සාර්ථකයිද කියලා. ඔයාලට පේන අඩුපාඩුත්, අඩුවක් නැතිවම කියල දාන්න ඔන්න ඔහේ. මාත් ඔන්න ඔහේ ඒවා බලල, ආයෙ ඒව නොකරන්නත් වගබලා ගන්නං කෝ. ඇත්තටම කීවොත් ඔයාල කියන එක වචනෙකට උනත් මම ලොකු තැනක් දෙනවා.
වෙනද වගේම ධිරාජ් මේ පින්තූරෙ ගැනත් ගොඩක් අදහස් දැක්වුවා. එයා කීවා මට දැන් ඉතා අනර්ඝ ලෙස ඇස් අඳින්න පුළුවන් වෙලා කියලා. මට හරි සතුටියි, මීට කලින් එයා එහෙම කියලම නැහැ. මගේ අනිත් යාළුවොත් කීවා ඇස් දෙක ලස්සනට ඇඳල කියලා. ඔය අතර, ඇදුම්වල දාර තද පැහැ වැඩියි කියන අඩුපාඩුවත් එයා පෙන්නලා දුන්නා.
මේ පින්තූරෙදි, මට අම්මගෙ සුදු පැහැගැන්වුණු කෙස් මනාව උද්දීපනය කරගන්න පුළුවන් උනා. ඔයාලට මතක ඇතිනේ මට ආචාර්ය බිජොයි ගෝෂ්ගෙ පින්තූරෙදි මට ඒක කරගන්න බැරි උනා කියලා. රහස මේකයි, මුල ඉදලම ඒ සුදු කෙස් ගස් තියෙන හරියෙ කළු කෙස් ගස් අඳින්නෙ නැතිව හිස්ව තියන්න ඕනි. අන්තිමේදි ඔක්කොම වැඩ ඉවර උනාට පස්සෙ, කළු කෙස් ගස් දෙක තුනක් ඇඳල, තව ඕනි නම් සුදු චාකෝල් පැන්සලෙන් සුදු කෙස් ගස් කීපයක් ලකුණු කරල හොඳ නිමාවක් ගන්න පුළුවන්. මේ සැරෙත් ඔන්න මගේ පියවරවල් එකිනෙකේදි මම ජායාරූප කරගත්තා.
මම චිත්‍ර අඳින්න පටන් අරන් හරියටම දැනට වසරකුත් මාසයක් විතර වෙනවා. මේ ඇඳිල්ල පටන්ගත් මුල් අවදියේ පටන් සනත්ලගෙ අම්මා මේ ච්ත්‍ර වල රසිකාවියක්. දන්නවද, එයා තමයි දෙවනියාට චිත්‍ර අඳින්න මාව දිරිමත් කලේ. ඉතින් මම එයාලව නොඇන්ඳ බෑනි. ඉතින් අම්මයි තාත්තයි මට කරපු උදවු, උපකාර, අගය කිරීම්, දිරිගැන්වීම්, සිත් සැනසවීම් සියල්ලන්ටම උපහාරයක් විදියටයි මං මේ පින්තූරෙ ඇන්ඳෙ. ඔයාල දෙන්නා තව බොහෝ කාලයක් නිදුක් නිරෝගී සුව විදිමින් සුවසේ අපි හැමෝමත් එක්ක ප්‍රීතියෙන් ජීවත් වේවා!
Welcome!
I am back with another portrait after a long break. I was super busy with my visit to Sri Lanka in the last month and my research papers writing. One is done, and still writing another one. However, now I am bit relaxed. With all these trying works and busy schedule, somehow I could manage to draw a portrait of my mom and dad. Actually, they are my parents in law. I love them a lot. My husband's parents take a good care of me like my husband does. They are full of admirable qualities that I like a lot. They helped me a lot at the time I am in Sri Lanka, they were with me all the time. I feel a strong strength when I am with them. I know, I am very lucky to have them.
By combining two different photos of mom and dad that I took during my last visit, I sketched a portrait with charcoal. This was done according to the nice idea I got while sketching Beg Thea Gil and Yoniyunguns' portrait. Sketching couple of people who always live together in a one portrait, adds a value to the portrait with a vibrant. Here, it is very important to correlate the direction they are looking at, their postures, their modes, their facial expressions with each other. Because through that, we can initiate a small story. We all love to read or get the feeling of a story. I believe that if a portrait or a photograph or even a science/engineering journal article is underling with a story, then it becomes rich and interesting.
You can view the original photograph that I used to make this portrait from here. Please compare those two and tell me what you feel. So, I can make some improvements or changes to my next sketches. You are capable enough to change the direction of the flow of my sketches since I highly value every single word you mentioned in your comments.
As usual, Dhiraj gave some interesting comments once I show this portrait. He said that I have improved a lot. "look, the eyes are perfect". Wow, I am really happy to hear that from him. Because this is the first time he rose a such a big praise to a my portrait. All of my other friends in the office also said that I have improved a lot. Dhiraj also pointed out that, the outlines of the colors are too dark. And asked me to make them light to get the natural look.
In this picture, I could successfully draw the white hair in mom's portrait which I failed in Dr. Ghosh's portrait. The secret is we should kept the area of white hair blank from the beginning without drawing any back hair. So at the end, we can compete it with a few back lines together with some white lines by a white charcoal pencil.
It's almost a year and two months from the day I started sketching. Sanath's mom is a fan of my sketches from the beginning. Do you know? she is the second person who encouraged me in this. Thank a lot mom. I could come this far because of you. I drew this picture to show my sincire gratitude towards all the help and encouragements you did, courtesy and politeness you showed, and comfort you gave. I wish you a longer life with a joy and a healthier with no suffering!