Saturday, April 14, 2018

අවුරුද්ද

නිසල අහසක, සුදු වළාවක
හමන සුළගක, දැනෙන සුවඳක
පිපෙන කුසුමක, මැවුනු පැහැයක
ඇහෙන කවියක, මියුරු තනුවක

කරන දෙඩුමක, සිනා කැටියක
පිරුණු  කැවුමක, නැවුම් රසයක
දකින මුහුණක, පෙනෙන සිරියක
අළුත් ඇදුමක, දකින හැඩයක

නෑදැ ගෙදරක, යනෙන ගමනක
පංච කෙලියක, ඇහෙන දිනුමක
නැගුන සතුටක, පනින පිනුමක
නැවුම් වසරක, උතුම් පැතුමක




ඊය අප්‍රේල් 13, ඒ කියන්නේ පරණ අවුරුද්ද. අපේ පවුලේ හැමෝම අපේ ආච්චියි සීයයි බලන්න එහෙ යන දවස. ආච්චියි සීයයි දෙන්නම නැතිවෙලා අවුරුදු දහයකටත් වැඩි උනත්, අපේ හැමෝම තාමත් පරණ අවුරුදු දවස ගත කරන්නේ අපේ ආච්චිලා ගෙදර. ඒ කියන්නේ අපේ අවුරුද්දට නෑගම් යෑම පටන් ගන්නේ පරණ අවුරුද්දෙන්. ඔය විදියට පටන් ගන්න අවුරුද්ද දවස් පහහයක් තියෙනවා. මව්බිමෙන් වෙන්වලා, සීත රටක ඉන්න අපිට මොන අවුරුදුද? ඊයේ දවසම වැඩ. අද සෙනසුරාදා නිසා ගෙදර, ඒත් ලබන සතියෙ තියෙන පන්ති වලට සූදානම් වෙන්නත් ඕනි. අද දවල් අවුරුද්දට අයේෂලා ගෙදර ගිහින් එනගමන් තමයි මේ කවිය ලීවේ.

අවුරුද්ට හැමෝම යාළුවෝ එක එක විදියෙ සුභ පැතුම් පණිවිඩ දිගින් දිගටම එවනවා. මටත් හිතුනා මොනා හරි දෙයක් ලියන්න. ඔව්, කවියක් ලියන්න. සනත් කඩේට ගිහින් බඩුවගයක් ගන්න. මම හිටියෙ වාහනේ. දවස් ගානක පෑවිල්ලකට පස්සේ, ඊය ආව කුනාටුව මෙල්බන් අහස කළු කරලා. විටින් විට පොදක් වැටුනත්, එළියෙ කොච්චර සීතල උනත්, වාහනේ ඇතුල උණුසුම්. ඒ නිසංසල අහස මට හරි ලස්සනට පෙනෙන්න ගත්තා. ඒ කළුවළා අතර  සුදු වළාත් තිබ්බා. ඒ අඳුරු මොහොත සොදුරු කරන සුදු වළා ගැනම ලීවා. තාමත් ඒ කුනාටුව ඉවර නෑ. එළියෙ හමන සුළග මගේ නෙත ගැටුනා. ඒ කුනාටු සුළගේ කිසි සුවඳක් නැතත්, වසන්තයට පිපෙන මල් සුවඳ මුසුවුන මද පවනෙ සුවඳ මට දැනුනා. අපිට මේ සිසිරය උනත් ලංකාවට වසන්තය. ඒ පිපෙන මල්, ඒවගෙ ලස්සන පාට මගේ හිතේ ඇඳෙන්න ගත්තා. ලාවට පසුබිමෙන් මිහිරි කවියක් ඇහෙනවා වගේ දැනුනා. සොඳුරු මොහොතක තනිඋනා වගේ දැනුනා. ඒත් එක්කම එකපාරම මම ඒ සොඳුරු අතීතෙට ඇදිලා ගියා. අවුරුදු කාලෙ තමයි මගේ අවුරුද්දෙ ලස්සනම කාලේ. අපි පරණ අවුරුද්ද දවසෙ ආච්චිලා ගෙදර යනකොට මගදි හම්බවෙන මිනිස්සු, එයාලගෙ කතාබහ, ඔව් ඒ හැම එකක්ම හිනාවෙන් පිරිලා තිබුනා. අම්මිත් එක්ක එකතුවෙලා හදන කැවුම්, ඒවගෙ රස, මට මතක් උනා. අපිට හමුවෙන ගමේ අය, අපේ නැන්දලා, මාමලා, වයසක අය, ඇතුලු හැමෝම හරිම සතුටින් කථා කරපු විදිය, ඒ මූණුවල තිබ්බ සිරියාව, ආපේ තාත්තිගෙ මුව පිරුණු හිනා රැල්, මට මැවිලා පේන්න ගත්තා. හැමෝම වගේ අළුත් ඇදුම් ඇදලා හරි හැඩයි. මගේ ඥාතී කණ්ඩායම, ඒ කීව්වේ අපේ නංගිලා, මල්ලිලා, අයියලා කට්ටිය, ඒවගේම ආච්චිලා ගෙදර ඉවර වෙන්නැති තේ මේසේ, රසකතා, එකින් එක හිතේ ඇඳීගෙන යනවා. අපි නෑගෙවල්වල ගිය හැටි. අපි පංචි ගහපු හැටි, ඈතට ඇහෙන පංචි පොළේ සද්දේ, දිනලා කෑගහන අය, ඔට්ටුවලට රංඩු වෙන සද්දේ, ඒ ඔක්කොටොම වඩා හිනා සද්දේ, අපේ ඒ සෙල්ලම් වලින් හිත පිරිලා. ඒක තමයි අවුරුදු සිරිය. අන්න ඒකටයි අපි අවුරුද්ද කියන්නේ. අපි හැමෝගෙම හිත් ලස්සන අවුරුදු පැතුම් වලින් පිරිලා. මෙවන් ලස්සන මතකයන් පිරි විනෝදමත් අවුරුද්දක් වෙවා!

අප්‍රේල් 14, 2018

මෙත්මා


Sunday, April 1, 2018

Love

Fairy new prone
Origin unknown
Beginning not clear
But, it was there for sure

Grow like a flower
And has it own power
Spread like weeds
With a high speed

No way to escape
Rather admit the shape

.
.
.


To read the entire poem, please visit my other blog, Comely lines. This poem is inspired by my Sinhalese poem, ආදරය, which was written two years ago. I really like that poem and this one as well. Which one you like most? If someone asked me the same question, my answer is the one I wrote two years ago. Anyway, I wrote this English poem under the theme, 'Growth and Decay', by thinking of submitting it to the yearly anthology of creative writers club of my uni. Your ideas and comments have the power of massaging this poem!