Showing posts with label කෑම වට්ටෝරු. Show all posts
Showing posts with label කෑම වට්ටෝරු. Show all posts

Saturday, May 23, 2020

කැඳ බීලද ආවේ?


සාමාන්‍ය ව්‍යවහාරයේදී කවුරුහරි පණ නැතුව වගේ ඉන්නවනම් අපි අහනවා 'කැඳ බීලද අද ආවේ' කියලා.'කැඳ කියන්නේ බොහොම පෝෂණීය ආහාරයක් උනත්, සමහර වෙලාවට අපේ සමාජයේ සමහර දෙනෙක් ඒක පහත හෙළා කතා කරනවා, මොකද කියනවා නම්
 බත් කනවා වගේ ලොකු හයියක් එකෙන් එන්නේ නැති නිසා. ඒක ඉතින් කොහොමත් එහෙම තමයි. ඒ වුණත් අදටත් අපි නොයෙක් වර්ගයේ කැඳ පානය කරනවා. ලංකාවේ වැඩියෙන්ම ප්‍රසිද්ධ කැඳ වර්ග වෙන්නේ කොළ කැඳ, ලුණු කැඳ, සව් කැඳ වගේ දේවල්. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ පෝෂණීය කැඳක් හදාගන්න ක්‍රමයක්.

අවශ්‍ය ද්‍රව්‍ය
1. මුං ඇට කෝප්ප හතරෙන් එකයි
2. රතු සහල් කෝප්ප හතරෙන් එකයි
3. බාරලි කෝප්ප හතරෙන් එකයි
4. red beans කෝප්ප හතරෙන් එකයි
5. oats කෝප්ප හතරෙන් එකයි
6. පොල් කිරි කෝප්ප භාගයයි 
7. කුරක්කන් පිටි කෝප්ප අටෙන් එකයි
8. හකුරු හෝ කිතුල් පැණි හෝ සීනි රස පදමට (සීනි කෝප්ප හතරෙන් එකයි)
9. ලුණු ස්වල්පයක් ()
10. කජු, රටකජු, මිදි අවශ්‍යනම් එකතු කරගත හැක

සදා ගන්නා ආකාරය
මුලින්ම මුං ඇට, රතු සහල්, බාරලි සහ red beans බඳුනකට දමා වතුර දමා ළිප මත තබන්න. ඒවා හොඳින් තැම්බුණු පසු oats එකතු කරන්න. ඒත් සමගම කුරක්කන් පිටි ඇල්වතුර පොඩ්ඩකින් දියකර එකතු කරන්න. පොල් කිරි ද එකතු කර ගන්න. දැන්  කිතුල්හ කුරු හෝ කිතුල් පැණි හෝ සීනි එකතු කරගන්න. සීනි නම් කෝප්ප 4න් එකක ප්‍රමාණයක් සෑහේ. ඒත් සමගම කජු රටකජු වියළි මිදි අවශ්‍ය නම් එකතු කර ගත හැක. පොල් කිරි හොඳින් පැසුණු පසු ලිපෙන් බා ගන්න. දැන් ඔබේ පෝෂණීය කැඳ සුදානම්. 



මේ ද්‍රව්‍ය  සියල්ලම එකතු කර ගත යුතු නැති අතර, ඔබ සතු දේවල් පමණක් එකතු කරද එය සාදා ගත හැක. සාමාන්‍යයෙන් දෙදෙනෙකුට හෝ තුන් දෙනෙකුට එය ප්‍රමාණවත් වෙයි. මම මේ කැඳ රෙසිපි එක හැදුවේ, ප්‍රේමා ජයවර්ධන ආයුර්වේද වෛද්‍යවරිය දිනක් අපිට ගෙනත් දුන්  කැඳ බීවාට පසු යි. එහි මුල් නිර්මාණය ඈ සතු වන අතර මා කලේ සුළු වෙනස් කිරීම් කීපයක් පමණක් ය.  ඇය නිදුක් නිරෝගී වේවායි මම ප්‍රාර්ථනා කරමි.





Wednesday, July 31, 2013

තුන පහ රස බත්


අවශ්‍ය දෘව්‍යය;

               හාල්              500g
               කැරට්           අල 1
               ලීකස්            අල 1
               ගොවා
               සූදුරු ඇට      තේ හැදි 1
               තුනපහ කුඩු  තේ හැදි 1
               කහ 
              ඉගුරු
              සුදුලූනු
              ලුණු
              රම්ප  
              කරපින්ච
              අබඇට           තේ හැදි 1
              මාගරින්         මේස හැදි 2


සාදා ගන්නා ආකාරය;


       හාල් සෝදා බත් උයන්න. බදුනක් ගෙන මාගරින් දමා රත් කර, රම්ප කරපින්ච, ඉගුරු, සුදුලූනු දමා බැදෙන්නට හරින්න. ඉන්පසු අබ, සූදුරු, තුනපහ කුඩු, කහ ඵක්කර ඵයට ලියාගත් කැරට්, ලීක්ස්, ගොවා බැදෙන විට ලුනුත් සමග ඵක්කරන්න. ඉන්පසු පිසගත් බතට ඵ්වා කලවම් කරන්න.

Brownie

This is an easy recipe, I got from my friend Pramila Gamage. I love this recipe, it tastes really well. You will see a big difference when you compare this with a brownie made from a brownie mixture brought from the market.



Preparation time: 7-10 min

Baking time: 25-30 min

Yield about 2-dozen 

Ingredients:

                        ½  cups             Melted butter
                        1 cups               Granulated Sugar (caster sugar)
                        2                       Eggs    
                        1/3  cups          Cocoa powder
                        ¼ teaspoon      Salt
                        ½ cups             Flour
                        1 teaspoon       Vanilla Extract                    

Directions:

Pre-heat the oven to 350 F (180 C). Take a large bowl and put the butter onto it. Afterword, add the next ingredient and mix it, add next and mix it, keep doing this until all the ingredients are mixed. Then pour the mixture into a baking dish (I prefer 8" circular dish) and, put it in the oven for about 27 min.

Brownie is quite similar to a cake, so we can use the a similar method (like toothpick technique ) to check whether its ready to take out from the oven. usually I take it out when it smell nicely, and stay stiffly in the pan when I shake it. Brownie is crispy from the top and moisture at inside, so don't forget to cut it into pieces as soon after you took it from the oven. Hope you will enjoy this recipe.