Saturday, October 28, 2017

ගැර්ම්පියන් ජාතික වන උයන බලා 3: පිනැකලේ කන්ද දැකලා බඩ දනවා

ගැර්ම්පියන් ජාතික වන උයන බලා 2

ගෑන්ඩ් කැනියන් වලින් එළියට ආ අපි, ආයිත් අපි යන්න ආ ගමන යන්න පටන් ගත්තා. මේ සැරේ අපිට තියෙන්නේ ගල් තලාව මතින් ඉහළට යන්න. මුල් හරියෙ පොඩි පඩි පෙළ් කීපයකුත් තිබුනා.  අපි පඩි හතරක් විතර උඩට යනකොට, නැගෙනහිර ආසියානු සම්බවයක් තියෙන දෙන්නෙක් අපිව පහුකරගෙන පහළට බැහැගෙන ආවා. අනේ අන්තිම පඩියෙදි ඒ ගෑණුකෙනා දඩාං ගාලා ඇදගෙන වැටුනානේ. මගෙ හිතේ මහන්සියට වෙන්නැති. අනේ ඒයාට කරදරයක් නොවේවා කියලා හිතාගෙන අපි ආයිත් ඉහළට ඇදෙන්න ගත්තා. නොයෙක් ආකාරයේ කැටයම් සහිත මනරම් ගල් කුළු කීපයක් පහු කරගෙන අපි යනවා යනවා, නොයෙන් ආකාරයේ සුන්දර තැන් අපිට හමුවෙනවා හමුවනවා ඉවරයක් නෑ. ගමන හරිම සුන්දරයි. 




එන්න එන්නම අපිට මහන්සි දැනෙනවා. අපිත් ඉතිං, ඉබි ගමනෙන් හිමීට හිමීට අමාරුවෙන් පඩිය පඩිය ඉහළට නගිනවා. ඒ අතරේ අපිට පිටුපසින් එන හැමෝම අපිව පහුකරගෙන යනවා හරියට කවුරුහරි පස්සෙන් පන්නනවා වගේ. අපිත් ඉතිං සැලෙන් නෑ යන කෙනෙක්ට යන්න කියලා අපේ වේගය තවත් අඩු කරගන්නවා, තවත් හිමින් යනවා. දර්ශනට පින්තූර ගන්නත් ඉඩක් දෙන්න එපැයි, නැත්නම් එයාගෙ හිත රිදෙනවනි. 

මෙල්බන් නගරෙයේ ලෝකෙ විවිධ රටවල් වලින් ආ මිනිස්සු බොහොමයක් ජීවත්වෙන්වා. නොයෙකු ජාතීන් වල, නොයෙකුත් තරාතිරම්වල, නොයෙකුත් වයසින් යුත් මිනිසුන් අපිට මේ ගමනේදි හම්බ උනා. වයස අවුරුදු තුන හතරෙ පුංචි ළමයින්ගේ ඉදලා අවුරුදු හැට හැත්තෑවෙ ආච්චිලා සීයලත් මේ පරිසරයේ සුන්දරත්වය අත්විදිමින් මේ දුෂ්කර ගමනට එක් වෙමින් හිටියා. අපි මේ ඉන්නේ වසන්ත සමයේ නිසා, පුරාම ලස්සන ලස්සන මල් පිපිලා. වැඩිපුරම තිබ්බේ කහ පාට මල්. ඒක ටිකක් විසාල පඳුරක හැදෙන මලක්. ලොකු ගස් යට යටි රෝපනයක් වගේ මේ පඳුරු හැදිලා, ඒවගේ මල් හැදිලා සිත්ගන්නාසුළුයි. දැක්කද අර මට පිටිපස්සේ පසුබිමේ හැම තැනම ඒ මල් පිපිලා තියෙන විදිය. 





අපිට පුංචි දිය ඇල්ලක් වගේ තැනකුත් හම්බඋනා. ඒක දැක්කහම මතක් උනේ ඔස්ටින්වල (එක්සත් ජනපදයේ) තියෙන හැමිල්න්ටන් ඇල්ල. එකක් මේ වගේ, හැබැයි මීට වඩා ගොඩාක් ලොකුයි, හරීම ලස්සනයි. ඒ දිය ඇල්ල ඇස්සෙන් ලොකූ ගුහාවක් වගේ තියෙනවා. දැන් නම් මට හරිම මහන්සියි. මම හිතාන හිටියේ අපි මේ නැගගෙන ආ කන්ද උඩට ආවම එතනින් ගමන ඉවරයි කියලා. මොන, තව හෙන දුරක් යන්න තියෙනවා. ඒ පාර හදලා තියෙන්නේ පිනකල් පොඉන්ට් එකට යන්න පුළුවන් දුරම විදියට. දැන්නම් දාඩියත් දාගෙන එනවා. මොනා කරන්නද දැං ඇති කියල ආයෙ හැරෙන්ඩයැ, ආච්චිලත් අපිව පහුකරගෙන ඉදිරියටම යනවා. අපිත් ඉතින් හා කමක් නෑ ගිහින් බලමුකෝ කියලා ආපහු හැරුන්නෑ, දිගටම ගියා. එතකොට අපිට තවත් ලස්සන තැනක් හම්බ උනා, එතනට කියන්නේ 'නිසොල්මන් මාවත' කියලා. වාව් එතන නම් පට්ට ලස්සනයි. හරියට ගල් කන්දක් මැදින් කපලා, පුංචි අඩි පාරක් හදලා වගේ. ඇත්තටම එහෙම පාරක් හැදිලා. ඒක මැදින් අපිට යන්න තියෙන්නේ. දෙපැත්තේන්ම ගොඩක් උසට විසිතුරු ගල් කදු දෙකක්, ගොඩක් දුරට විහිදිලා තියෙනවා. සමහර තැන්ල්වලි හරි පටුත් එක්ක. ටිකක් මහත කෙනෙක් ආව නම් යන්නේ කොහොමද කියලත් හිතුනා. ගොඩක් තැන් වලින් එක සැරේට යන්න පුළුවන් එක්කෙනාටයි. බලන්නකෝ,





ඔය ඈත ලා නිල් පාටට එළියක් පේන්නේ, අන්න එතනින් මේ මාවත ඉවරයි. එතනින් අන්තිමේදි ඉහළටයි යන්න තිබ්බේ, එතනත් ගොඩක් පටුයි. එතනට ආවට පස්සේ "අම්මෝ දැන් නම් ඇති, තවත් නම් බෑ" කියලා නැවතුනා. "තව වැඩි දුර නෑ" කියල පහළට බහින අය අපිව දිරිමත් කලා. වෙලාවට, නැත්තං අපි තාම එතන. අපි එතනින් පොඩ්ඩක් ඉහළට එනකොට මෙන්න මේවගේ ලස්සන ගල් කීපයක් අපිව සාදරයෙන් පිළිගත්තා.





ඔන්න දැන්නම් අපි කන්ද මුදුනටම ඇවිත් තියෙන්නේ. අවට හරිම ලස්සනයි. ගොඩාක් දුරට පේනවා. පහළින් ජනාවාස කීපයකුත් පේනවා. බැලූ බැල්මට අවටින් පේන කදු සියල්ල වගේ මං හිතන්නේ ගැර්ම්පියන් ජාතික වන උයනටයි අයිතිය. බිම් මට්ටමට වඩා ගොඩාක් උස නැති උනත්, අවට හරිම ලස්සනට පේනවා. මට එකපාරටම මතක් උනේ ඇල්ලේ ගල. එතන නම් ගොඩාක් උස තැනක්. දවසක ඒ ගමන් විස්තරෙත් ලියන්නම්කෝ. අපේ වාසනාවට මීදුම තිබුනේ නැති තිසා හිත පුරා පරිසරයේ සුන්දරත්වය විදගන්න අපිට පුළුවන් උනා. 















පොඩි බඩගින්නක් ඇවිල්ලා අපි ගෙනා බිස්කට් කීපයකටත් වගකියන්න අපිට සිද්ද උනා. එතන නරඹන්න ඇවිත් හිටපු හැමෝම වගේ මොන මොනා හරි කමින්, එක් එක් ඉරියව් වලින් පින්තූර වලට සහභාගී වෙමින්, ඉතා විනෝදයෙන් කාලය ගත කරමින් හිටියේ හැම දේම අමතක කරලා දාලා, හරියට විභාග ඉවර උනාම ළමයිට හැමදේම අමතක වෙනවා වගේ. මේ විදියට අපි මොහොතක් විනෝදෙන් ගත කරලා පහළට බහින්න පටන් ගත්තා. මේ තරම් දුර ඇවිද්දේ ගොඩාක් කාලෙකින් හින්දා මගේ ගතට හරිම වෙහෙසයි. වැඩිපුරම තිබ්බේ කකුල් රිදෙන එක. මේ කකුල් රිදිල්ලත් එක්ක පහළට බහින එක ටිකක අපහසු උනත් අපි පහළට රූටලා ආවේ ඉස්සර ඉස්කෝලෙ පඩිපෙළ් වල අයිනේ තියෙන ගැටියේ බුරුස් පදිනවා වගේ ඉක්මනිනට. හමුවෙන හැමෝම පහුකරගෙන ටක් ටක් ගාලා අපි පහළට බැහැගෙන ආවා. ඒකට බඩ ඇතුලේ පණුවේ බොක්සින් ගහන එකත් ලොකු රුකුලක් උනා. යනකොට පින්තූර සීයක් විතර ගත්තත් එද්දි ගත්තේ එකම එකයි. ඒ මේ බෝඩ් ලෑල්ලත් එක්ක.



කන්ද උඩට යන්න  පැය දෙකක් විතර ගියත් අපි විනාඩි විස්සට පහළ. ආපු ගමන් ඩුක් ගාලා වාහනේ දොර ඇරියා, කෑම ටික ගත්තා, කාගෙන කාගෙන ගියා, ඊට පස්සේ තමයි හුස්මක් ගත්තේ. ඒකත් නිකං හරියට ඉස්සර අපේ ගෙදරට කවුරු හරි නෑදෑ ළමයි එනවනං, කන්ද උඩ ඉදල උවගෙන දුවගෙන එන පිම්ම නවතින්නේ අපේ ගෙදර මිදුලේ තිබ්බ නාරං ගහ උඩට නැගලා, ගෙඩි කීපයක කෑවට පස්සේ වගේ. 

අපි කෑම ටික පැක් කරගෙන පටන් ගත්තේ ඊලඟ නැවතුම බලා යන්න. අදට නවතින්නම්, ඊලඟ සැරේ බලමු අපි කොහේටද ගියේ කියලා.



Sunday, October 15, 2017

ගැර්ම්පියන් ජාතික වන උයන බලා 2: පිනැකල් කන්ද


ගැර්ම්පියන් ජාතික වන උයන බලා 1

බැලූ බැල්මට මට හිතුනේ මේ නං අබ මල්මයි කියලා. ගහත් ටිකක් ඒ වගේ, මලුත් ඒවගේ, හැබැයි සුවඳ නං ටිකක් වෙනස්. ලඟට ගිහින් බැලුවෙ නැති උනත් මේ අබ නෙවෙයි වෙනින් මොනා හරි කියලා තේරුණා. පස්සේ තමයි දැන ගත්තේ ඒ කැනෝලා කියලා. කැනෝලා තෙල් අපේ රටේ ඒ තරම් ප්‍රසිද්ධ නොවුනත්, ඕස්ට්‍රේලියාවේ වගේම ඇමරිකාවෙත් සුලභව භාවිතා කරන, ලාභම ලාභ තල් වර්ගයක්. මේ වගේ ලස්සන කැනෝලා යායවල් පහුකරගෙන දිගින් දිගටම ඉදිරියට අපි ඇදෙන්න උනා. මේ පින්තූර ගනිද්දි, මම දැක්කා ලොකු වැහි වලාවක්. වැඩි දුර යන්න හම්බ උනේ නෑ මෙන්න වහින්න පටන් ගත්තා. ෂා හරිම ලස්සනයි. ටෙක්සස් ඉදිද්දි නම් වැස්ස කියන්නේ සතුට, මොකද එහෙට වහින්නේ හරියට හාවා හඳ දකිනවා වගේ කලාතුරකින්. සනත් නම් පොඩ්ඩක් දුක් වුනා, "අනේ මේ වැස්ස නිසා අපේ ගමන අසාර්ථක වෙයිද?" කියලා. නමුත් මමනම් දැනං හිටිය ඕක දිගටම තියෙන වැස්සක් නෙවෙයි කියලා. 

අපි මේ විදියට M8 එක දිගේ යනකොට යනකොට "ඇරරාට්" වලටත් ආවා. එතනින් අපි C222 ට දාගත්තා. සුමට පාර එකපාට්ටම රළු වුනා. පොඩ්ඩ පොඩ්ඩ වාහනේ එහෙන් මෙහෙන් ගැස්සෙන්න ගත්තා. ලංකාවේ ගමේ පාරවල් වල වගේ කෙහෙල් ගස් හිටවන්න පුළුවන් තරම් අලී වලවල් නොතිබුනත්, අදික වේගය නිසා පාරේ ඇති සියුම් විෂමතාවන්ට අපිව යම්තාක් දුරට අපහසුතාවයට පත් කරන්න හැකි උනා. මේ වෙලාවෙ මට අපේ තමාලිලාගෙ තාත්තව මතක් උනා. එයා බස් රථ රියදුරෙක්. කොහේ හරි දුර ගමනක් යද්දී, පාර කොච්චර දුර උනත්, එයා  අතුරු පාරවල් දිහා හැරිලවත් බලන්නේ නෑ. දැන් තමයි ඒවා අපිට තේරෙන්නේ. වට පිටාව හරිම ලස්සනයි. ඒනිසා C222කේ කිලෝමීටර 126ක් දුර ආවත් එච්චර ගමන් මහන්සියන් දැනුනේ නෑ. කොමහාරි අපි "හෝල්ස් ගැප්" වලට ඇවිත් වාහනේ නතර කරනකොට 12ත් පහුවෙලා මගේ හිතේ. වහනන් බස්ස ගමන් සුපුරුදු පරිදි ඉස්සෙල්ලාම ගියේ බරෙන් නිදහස් වෙන්න. ඊට පස්සේ අපි ටිකක් විපරම් කරලා බැලුවා කොහෙද තොරතුරු මධ්‍යස්ථානය තියෙන්නේ කියලා. පුංචි පුංචි කඩවල් පේළියක් පහුකරගෙන අපි එතෙන්ට යද්දී අපි දැක්කා ගල්වලින් හැදිච්ච කඳු ප්‍රපාතයක්. 

   

දැක්කානේ කොච්චර මනරම්ද කියලා. මගේ හිතේ මලක් පිපුනා වගේ, හිතේ සතුට එක පාරටම බුස්ස්ස්ස් ගාල එක්ස්පොනෙන්ෂියලි ඉහළ නැංගෙ නිකන් හිතා ගන්නත් බැරි විදියට. තොරතුරු මධ්‍යස්ථානේ හිටපු මහත්මයා අපිට සිතියමක් දීලා, අද දවසේ බලන්න යන්න සුදුසු තැන් ටිකකුත් ලකුණු කරලා දුන්නා. 


ඒකත් අරන් එළියට එනකොට, කට්ටියක් එතන පානුයි සොසේජසුයි විකුනණවා. අපිත් අතෑරියෙ නෑ, දෙකක් අර ගත්තා. ටක් ගාලා කාලා ඉක්කන්ට යන්නවා කියලා හිතුවත්, ඒවෙලෙ රෝස් කරපු සොසේජස් පට්ට රස්නෙයි කටේ තියන්න බෑ. ඉතින් අපි වෙලාව අරන් පිඹ පිඹ කෑවේ එතන තිබ්බ බංකු කොටේක වාඩි වෙලා මේ කඳු ශිකරය දිහාවට ඇස් යොමාන. අපේ පළවෙනි කුරුමානය උනේ "ද පිනකල් පොඉන්ට්". ඒ කියනේ, මම මේ දැන් වෙනකල් කිය කිය හිටපු කන්ද මුදුනට යන එක. අපි ඉන්න තැන ඉඳලත් යන්න පුළුවන්, ඒක දුර වැඩියි. ඒ නිසා අපි වාහනෙන්ට ගිහින් ඉංජිම පණගන්නලා කෙලීන්ම ගියේ "වොන්ඩර්ලෑන්ඩ්" රිය ගාලට. අපි යද්දි ගොඩාක් කට්ටිය එතන්ට ඇවිල්ලා තිබ්බා. පාර දෙපැත්තෙම වාහන නවත්තලා. දැක්කාම බය හිතෙනවා, අම කීවෙ වාහාන නවත්තලා තිබ්බ විදිය. අපිත් ඉඩ තිබ්බ තැනකින් වාහනේ දාලා, පාර දිගේ උඩට යනකොට මෙන්න බෝඩ් ලෑල්ලක් තියෙනවා "වොන්ඩර්ලෑන්ඩ් කාර් පාක්" කියලා. ආ ඒකත් එහෙමද, එතකොට මේක තමයි ඔය කියන කාර් පාක් එක කියලා ඒකත් බලාගෙන අපි "ඉදිරියටම යව් හෙළයනි ඉදිරියටම යව්" කියලා ඉදිරියට ඇදුනා. 

අපිට මුලින්ම හම්බ උනේ පුංචි දොළ පාරක්. එතනට ගිහිල්ලා, "හා කොහොමද දොළ පාර?" කියලා අහගෙන, එයාට උඩින් ගහල තිබ්බ පටු පාලම පහුකරා. මෙතුවක් කල් අපි ඕස්ට්‍රේලියාවේ ඇවිදපු හැම තැනකම වගේ මිනිස්සු හරිගස්සපු පස් පාරවල් දිගේ තමයි ඇවිදං ගියේ. ඒත් මෙහෙ එහෙම නෑ. බලූ බැල්මට හැම තැනම තියෙන්නේ ගල්, ගල් කඳු. ඒ ගල් උඩින් පැනලා, ගල් දිගේ නැගලා (බඩගාගෙන) තමයි යන්න තියෙන්නේ. මට හරියට දැනුනේ මම අපේ ගෙදර (බණ්ඩාරවෙල)  ඉන්නවා වගේ කියලා, අපේ ගම් පැත්තේ තියෙන මොකක් හරි කන්දක බඩගානවා කියලා. මගෙ හිතට හරීම සතුටුයි. කාළගුණයත් හරියමට ඒහෙ වගේ: වියළියි, සීතලයි, අව්වයි. අපේ ගෙවල් පැත්තේ හරියට ගල් තියෙනවා. අපේ ගෙදරට ගියාම පේනතෙක් මානෙ ගෙවල් නැති උනත්, පුරාම පේන්න ගල් තියෙනවා. මම පුංචි කාලේ මගේ ආසම තැන තමයි අපේ ගෙදර ලඟ තිබ්බ ලොකු ගල. මම එතන්ට යන්නේත් ගල් උඩින් පැන පැන. මට අය්යෙක් කියල එකෙක් හිටියත්, ඌ මට වඩා ගොඩක් වැඩිමහල් නිසා මම හිටියෙ තනියම. මම හැම වෙලේම හිටියෙ මේ ගල උඩ, සෙල්ලම් කරේ, සිංදු කීවේ, නැටුවේ, මේ හැම දේම කරේ මේ ගල උඩ ඉඳලා. සමහර දාට මම බත් කන්නෙත් එතන ඉඳලා. මගේ දවස් පටන් ගත්තෙත් එතනින්, ඉවර උනෙත් එතනින්. මීට අවුරුදු පහළවකට දාහතකට විතර ඉස්සර මග ගත කරපු ඒ සුන්දර අතීතය මට ක්ෂණයකින් සිහියට ආවා. මම දැනුනේ මම ආයි ඒ ප්‍රීතිමක් ජීවිතේට වැටුනා කියලා. මගේ හිතේ සතුට කියලා නිමකරන්න බෑ, හරියට ටේලර් සීරීස් එක්ස්පෑන්ෂන් එකේ පද ගාන අනන්තයක් වගේ, මගේ සතුටට නිමක් නෑ. 

අපි යන්න ඕනි පාර කහපාට තිකෝණ වලින් ගල් මත සලකුණු කරලා තිබ්බා. අපි ඒවා දිගේ පැන පැන ගියේ අර පුංචි කාලෙ කියන කවිය; "ඔන්න බබෝ ඇතින්නියා, ගල් අරඹේ සිටින්නියා, ගලින් ගලට පනින්නියා, බබුට බයේ දුවන්නියා" වගේ. මම මේ කවියට හරිම ආසයි, ඒ ගල් අර්ඹේ සිටින්නියා කියන එකත්, ගලින් ගලට පනින්නියා කියන පේළි දෙක නිසා. 





පේනවා නේද, පුරාම ගල් කඳු. හරියට උතුරු ඇමරිකාවේ රොකී කඳු වැටිය වගේ. රොකී කඳු වැටිය ලඟටම ගිහින් තියෙනවා. ඒකත් දවසක ලියන්නම්කෝ.  සීතල කාළගුණය නිසා, ජේසි දාගෙන, තොප්පි දාගෙන, කරවටේ සාළුවක් බැදගෙන තමයි වැඩේ පටන් ගත්තේ. අපි විතරක් නෙමෙයි, හැමෝම එහෙම තමයි. අපි මෙහෙම යනකොට යනකොට හරි ලස්සන තැනක් සෙට් උනා. අපි ගිය තැනින් පොඩ්ක්ඩක් පහළට බහින්න තිබ්බා.




දැක්කා නේද ලස්සන. කවුරු උනත් මේ ගල්වල කැටයම් කොටපු කෙනා හරි පිළිවෙලට වැඩේ කරලා තියෙනවා, අපේ කවුරු හරි නම් වෙන්න බෑ. දැක්කද අර වමටම වෙන්න තියෙන ගලේ පහළට වෙන්න තියෙන කැටයම. ඒක හරියට කුකුළා පහනක, තෙල් දාලා, තිර දාලා පත්තු කරන්න තියෙන කෑල්ලක් වගේ. ඔයා හිතන්නේ සුළඟ මේ කැටයන් කැපුවා කියලද, වැස්ස මේ කැටයන් කැපුවා කියලද? කොහොමද ඒක විස්වාස කරන්නේ? බලන්ක්නකෝ ඒකෙ පිළිවෙල, චිත්තාකර්ෂණීය බව. හිතාගන්න බෑ නේද?  



හීන් දිය ඇල්ලකුත් පහළට ඇදෙනවා.




ජේසිය මොහොතකට පැත්තකට දාලා පිතූර කීපයකට පෙනී ඉන්නත් සිද්ද උනා.


ඒ ගොල්ල මේ හරියට "ගෑන්ඩ් කැනියන්" කියන නමින් තමයි ආමන්ත්‍රණය කරේ. මට මතක් උනේ, අපිට යන්න බැරි වෙච්ච එක්සත් ජනපද්යේ තියෙන ගෑන්ඩ් කැනියන්. ඒකත් මේ වගේ වෙන්ඩ ඇති කියල හිතාගෙන, එතනට සමුදීලා, ආයෙන් අපි යන්න ගිය ගමන යන්ඩ පටන් ගත්තා.

ආ පටන් ගත්තා කීවට ලියවිල්ලා ඉවර උනා. අදට ඇතිනේ

Sunday, October 8, 2017

ගැර්ම්පියන් ජාතික වන උයන බලා 1

ආයුබෝවන්!

මේ සැරේ ටිකක් වෙනස් විදියේ වැඩක් කරන්න හිතුනා. මේක කාලයක් තිස්සේ මගෙ හිත්තේ තිබ්බ දෙයක්. මම නවකතා වලට වැඩි කැමැත්තක් නැති උනත් මම ආසයි කතන්දර ලියන්න. මෙතුවක් කල් මගේ ජීවිතේ සිද්ද වෙච්ච සිදුවීම්, මගේ අමතක නොවෙන අත්දැකීම් වගේ දේවල් ගැන ලියන්න, හරියට 'අපි තොපි' ලියන අපේ  සලිත වගේ ලියන්න. මුලින් නම් මට මේම ලියන්න පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තිබ්බේ නෑ. ඒත් මගේ චිත්‍ර ගැන ලියද්දි මට හිතුනා මට මේක කරගන්න බැරි දෙයක්න් නෙවෙයි, මට පුළුවන් වගේ කියලා. කොහොම නමුත් මට තියෙන දාහක් වැඩ අස්සේ මේකත් කොහොමහරි කරනවාමයි කියලා ලොකු ගැම්මක් ආවේ, මගේ ලිපි වලට හම්බ වෙච්ච ප්‍රතිචාරත් එක්ක. විශේෂයෙන්ම, අමිලගෙන් නිරන්තරයෙන්ම හම්බ වෙච්ච ප්‍රතිචාර. අමිල කියන්නේ මගේ යාළුවෙක්, එයා නිතරම කියනේ මගේ චිත්‍ර පිටුපස ලියවුනු කථා කියන්වේන ආසයි කියලා. මම ලියන දේවල් ආසාවෙන් කියනවලා සතුටු වෙන මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවනේ කියලා මට ගොඩක් සතුටු හිතුනා. අමිල, ඔයාට පිං, ඔයා නිසයි මම මේ වැඩේ පටන් ගත්තේ. එක්සත් ජනපදයෙදි, ඕස්ට්ට්‍රේලියාවෙදි, වගේම් ලංකාවෙදිත් මගේ ජීවිතයට එක් වුනු සුන්දර, අසුන්දර, භයංකාර, එකී, නොකී, නෙකී අත්දැකීම් බෙදා ගන්න කවුරුත් කැමති වෙයි කියා මම විශ්වාස කරනවා. එහෙනම් ඕං පටන් ගන්නවා ඈ.

හැමදාම උදේට කැම්පස් යනවා, හවස් වෙනකං වැඩ කරලා, ගෙදර එනවා, ඒකල්ලා මොනා හරි ටිකක් රත් කරගෙන  කාලා, කථාවක් එහෙම බලලා, නිදා ගන්නවා. ඊ ලඟ දවසෙත් ආයෙ ඒකමයි. මේ ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න, පරිගණක තිරයත් එක්ක තුන්තිස් පැයේ ගෙවෙන ජීවිතයෙන් මිදෙන්න, කොහේ හරි මලදානක ගිහින් එන්න ඕනිමයි කියලා හිතුනේ මීට මාස ගානකට කලින් ඉඳලා.  සමාසිකයේ මැද ශිෂයින්ට සතියක නිවාඩුවක් හම්බ උනත්, අපිත් එක්තරා ආකාරයක ශිෂයෝ උනත්, අවාසනාවක මහත කියනේ, අපි ඒ නිවාඩු හම්බ වෙන්නේ නෑ. ඒ කොහොම උනත් ගිය සති අන්නේ සිකුරාදාව නිවාඩුවක්. ලංකාවෙ වගේ මේ රටේ වැඩ කරන ජනතාවට වැඩිය නිවාඩු නෑ, පෝය නිවාඩු එහෙම මෙහෙ නෑ. බොහෝම පුංචි නිවාඩු ටිකක් තියෙනවා, අපේ කැම්පස් එකේ, ඒ ඔක්කොම එකට අල්ලා, නත්තල් නිවාඩුවත් එක්ක අවුරුද්දේ අග, සති දෙකක නිවාඩුවක් හම්බ වෙනවා, එච්චරයි. මොකක් හරි හේතුවක් හින්දා පහුගිය සිකුරාදා නිවාඩුවනම් අපිට හම්බ උනා.

ගොඩ දවසක ඉඳන් හිතේ ලොකු ආශාවක් තිබ්බා ගැම්පියන් ජාතික උද්‍යානය නරඹන්න යන්න. කීපදෙනෙක්ට යංද කියලා කතාකරත්, කවුරුත් ආවෙ නැති නිසා, දර්සයි මායි තනියම හරි යනවා කියලා තීරණය කරා. සිකුරාද දවසම කරේ ගමනට ලක ලෑස්ති වෙන එක. ඒ ජර මර අස්සෙනේ දර්සගේ චිත්‍රෙ ගැනත් ලියන්න ගත්තා. අපි මෙහෙට ආවට පස්සේ දවසක් නැවතිලා ඉඳලා එන්න යන පළවෙනි ගමන. කෑම ටිකක් එහෙම හදාගෙන (ලංකාවෙදි නම් අපි කිරිටොපි, අළුවා වගේ පැණිරහ දේවල්නේ හදන්නේ, ට්‍රිප් යනකොට, ඒත් මේ මෙහෙදි නම් අපි හරි ගස්සගත්තේ එළවළු පිනි ටිකක් තමයි. ඒක ලේසියි, ලාබයි, කටට රහට කන්න පුළුවන්), වාහනේ එහෙම සොදගෙන, දර්ශනට උපන්දිනේට හම්බ වෙච්ච අළුත් කැමරාවත් ලෑස්ති කරගත්තා. රෙදි දෙකතුනක් බෑග් එකක්ට රෑම දැම්මේ, උදේම නැගිටලා 6:30 -7ට තවත් ගෙදරින් යන්න හිතාගෙන. ඒත් ඉතින්, සුපුරුදු පරිදි සෙනසුරාදා නැගිට්ටේ පරක්කු වෙලා. අපි ගෙදරින් පිටත් උනේ 8:30 ට විතර. 

මේ දවස් වල ලෝකෙ බොහොමයක් රටවල් වලට ගස් වල කොළ කහ, තැඹිලි, රතු වෙලා බිම හැලෙන ෆෝල්, එහෙමත් නැත්මන් ඕටම් නැත්තන් සිංහලෙන් කියනවා නම් සරත් ශිතුව උනත් ලොකේ පහළ අර්ධ ගෝලේ ඉන්න අපිට නම් කොළ හැලිච්ච ගස්වල ලස්සනට මල් හැදීගෙන එන, දළුදාගෙන එන සුන්දර වසන්ත සමයයි මේ. මොකාක් හරි හේතුවක් නිසා අපේ ගෙවල් ලඟත්, කැම්පස් එකෙත්, සරත් සමයෙදි ගස් වල කොළ වැඩිය හැලෙන්නෙත් නෑ, වසන්තයේදි වැඩිය අළුතින් දළුදානව කියලත් නෑ එහෙමට. ඒත් මෙල්බන් නගරය පැත්තට යන්න යන්න මේ ශිතු වෙනස ටිකක් ලස්සනට පේනවා. මම නං වාහනේට නැංගේ පොතකුයි පැන්සලකු අරගෙන. ඒ අපේ අම්මි වගේ ගමනේ විස්තර ලියන්න නම් නෙවෙයි. ගමනේ මුල් හරියෙදි මම කරේ දර්ශනට සිංහලින් ලියපු කවිය ඉංගීසියට පෙරළපු එක. ඒක ලියලා ඉවර කර ගන්න බැරි උනත්, සෑහෙන් හොඳ අදහස් ටිකක් ආවා. කොහොම හරි මෙල්බන් නගරය හරියෙදි නම් මට පින්තූර කීපයක් ගන්න ඕනි උනා. ඒත් ඉතින් වාහනේ යන ගමන් ගන්න පින්තූර එච්චර ලස්සනට ආවෙ නෑ. 





මෙල්බන් කියන්නේ ලස්සන ගොඩනැගිලි තියෙන, ලස්සන නගරයක්. මේ පිතූරවලින් නම් එහෙම බවක් පේන්නෑ නේද? ඒ දෙපැත්තේ ආරක්ෂා වට ගහල තියෙන වැට නිසාත්, වාහනයේ වේගය නිසාත්, කැමරාව නුහුරු නිසාත්, ඊටත් වඩා මගේ නොහැකියාව නිසාත් මිසක් වෙන හේතුවකට නම් නෙවයි හොඳේ. මේ පින්තූර දෙක ගත්තේ M1 ෆීවේ එකේ යන ගමන්. ඊ ලඟට අපි එතනින් M80 එකටත්, එතනින් පොඩ්ක්ඩක් දුර ගිහින්  M8 එකටත් දාගත්තා. දැන් ඉතින් කෙලින්ම බැකස් මාෂ්, බැලරට් හරහා ගැර්ම්පියන් යන්න තියෙන්නේ, ජීපීඑස් ඕන්නෑ. දැන් තමයි පරිසරයේ ලස්සන පේන්නේ. හරීම ලස්සනට කැලෑ මල් පිපීගෙනෙ එනවා පාර අයිනේ. අවට තැනිතලාව, බණ්ඩාරවෙල පැත්තේ වගේ කඳු මොකුත් නෑ, පුංචි පුංචි හෙල් වගේ තිබුනට, පුරාම තැන්න, අහස බිම ගෑවෙනවා. ශීත කාලෙ වියළිලා, දුඹුරු පාට වෙලා ගිය බිම් ලස්සනට ලා කොළ පාට වේ ගෙන එනවා. ලංකාවෙ වගේ  පාරෙ දෙපැතේ ගෙවල් නෑ, ගස් කොළන් නෑ, තියෙන්නේ පුංචි පුංචි පඳුරු, ඒවගේම ගොවි බිම්, ගොවි පොළවල්, තැනින් තැනින් ගහක් දෙකක් තියෙනවා. අහස ලස්සනට නිල් පාටට තිබ්බා, ඈතින් පුංචි කන්දක් වගෙත් පෙනෙන්න ගත්තා. හරිම ලස්සනයි.   




ඔහොම ටික දුර යන්න යන්න හරී ලස්සනට තැනිත් තැන කහා පාටට යායට පේන්න ගත්තා. අපි යන්න යන්න කහා පාට තැන් පහු වෙන්න ගත්තා. පින්තූර කීපයක් ගන්න උත්සහා කරත්, අර කලින් කීව හේතු නිසා අසාර්ථක වෙච්ච නිසා, ඒ කහපාට මල් තියෙන යායක් ලඟින් වාහනේ නවත්ත ගත්තා. 



ඒතන නවතින්න කියාපු තැන නිසා මම දැන් නවතිනවා. වැඩි විස්තර සමඟින් ඊලඟ කොටසින් ආයි පටන් ගමු. 


Monday, October 2, 2017

29: සනත් දර්ශන: Sanath Darshana

ආයුබෝවන්! No worries, this article is in English too. Please scroll down towards end.

ඔන්න අන්තිමේදි මගේ ප්‍රිය ස්වාමියාගේ පින්තූරයක් සිතුවම් කලා. එයාට ඒකට හරි සතුටුයි. මේ පින්තූරෙ අඳින්න මම භාවිතා කළේ මීට වසර හතරකට විතර කලින් අපි ටෙක්සස් ඉන්න කාලේ දර්ශනගේ අතිජාත මිත්‍ර, කළණ ගත්ත පින්තූරයක්. මට අද වගේ මතකයි මේ පින්තූරෙ ගත්ත දවස. ඒ දවස්වල අපේ ගෙදර තිබ්බේ කළණලාගේ ගෙදරට ඉස්සරහ, පහළ තට්ටුවේ. එයාලගේ ගදර තිබ්බේ උඩ තට්ව්ටුවේ. මේ පින්තූරෙ ගත්තේ එයාලා ගෙදර ඉස්සරහ සදළුතලාවේ ඉඳලා, කළණගෙ අළුත් කැමරාව ගත්ත මුල් දවස්වල. දර්ශනගේ මේ පින්තූරෙට තමයි මම කැමතිම. කළණ මගෙත් පින්තූරයක් ගත්තා එතනදි. මෙතනින් ගිහින් බලන්න පුළුවන් මම මේ කියන පින්තූරෙ මුල් ස්වරූපය, මගේ පින්තූරෙ නෙවෙයි දර්ශනගේ පින්තූරෙ.

මේ තියෙන්නේ මගේ චිත්‍රය




මේ චිත්‍රයේ ගොඩක් අඩුපාඩු තියෙන බව මම දන්නවා. ඒත් මම ඒකට හරි කැමතියි. මොකද ඒක අපේ දර්ශනගෙමම ගොඩාක් පිං කරලා තියෙනවා, ඒක මම දනවා, ඒකනේ එයා මට හම්බ උනේ. දර්ශන කියන්නේ ගොඩාක් හිත හොඳ කෙනෙක් හරියට අපේ තාත්තාගෙ වගේ. එයා කැමති නෑ කාගෙවත් හිත රිද්දන්න. වැඩි කතාබහක් නැති උනත්, ටිකක් ෆිට් උනොත් හොඳට කතා කරනවා. මට ගොඩාක් උදව් කරනවා, ඒවගේම මම ගැන නිතරම හොයලා බලනවා. දර්ශන මගේ ජීවිතේට ආවට පස්සේ මගේ ජීවිතේ හරි පහසු එකක් උනා. මට ඕනි දෙයක් කරන්න දෙනවා. ඉතිනේ ඒ හැම්දේටම උපහාරයක් විදියට මම කවියකුත් ලීවා.  පිතූරයේ ලියපු කවිය කියවන්න අපහසු අයට;


හිරු මඬලක් සේ රන් කිරණින් සනහන
සඳ මඬලක් සේ පුන් සිසිලස දෙන
මල් කළඹක් සේ සිත පුබුදා හිනැහෙන
දිය දහරක් සේ නැවුම් සැනසුම දෙන

තුරු මඬලක් සේ පැතිර සෙවණ සදන
ඝන වනයක් සේ දසත වැසී තිබෙන
ගල් තලයක් සේ විසිර පා සිඹිමින
පොද වැස්සක් සේ සිහින පැතුම් ගෙනෙන

රඟ මඬලක් සේ දුක සතුට බෙදන
මද පවනක් සේ ගත සුවය සලන
හිම පොකුරක් සේ සොම්නස පුරවන
මහ සයුරක් සේ සෙනෙහස පාමින

ඉතින් මේ කවියත් ලියලා, චිත්‍රය ඇඳලා ඉවර වෙලා මම දර්ශනට පෙන්නුවාම;

"ඔයාට ලස්සනට කවි ලියන්න පුළුවන්නේ" 

කියලා කීවා, චිත්‍රෙ ගැන නම් මොකුත් කීවෙ නෑ. 

මේ කවියෙන් මම කියන්න උත්සහ කලේ; මගේ ලෝකෙ එළිය කරන හිරු සඳු නුඹ බවත්; සතුට, සැනසුම, සිනහව ගේන්නේ නුඹ බවත්; මා බලා ගන්නේත්, මට රැකවරණය දෙන්නේත් නුඹ බවත්; දුක සතුට බෙදාගෙන ආදරෙන් මා ලඟ සිටින්නේත් නුඹ බවයි.

මගේ චිත්‍රයත්, කවියත් යම් රසාස්වාදය ඔබ සිත ජනිත කලා යැයි සිතනවා.

තවත් දවසක හමුවෙනකල් ඔබට ජය!

Welcome guys!

Finally, I drew my beloved husband's portrait with care. He is happy about it. To make this portrait, I used my favorite picture of him. This picture was taken by his best friend Kalana four years ago when we were in Texas. I still remember that moment. It was the time that he brought his new DSLR camera.  Kalana took a close picture of Sanath's, and also mine on their balcony. His caption was so nice and for me, it was a miracle. Maybe it's adorable because of his nice hairstyle, which was a stylish by me :). However, later, Kalana became a fine photographer. Thank you, Kalana for this picture. I really like it. Here you can see it.

Here is my portrait,




I know that there are many mistakes in this portrait, even it closely resembles Sanath.  I can feel that the charm of his smile is not visible nicely in my sketch. Yet, I really like this portrait painting, because it's my wonderful husband. As you know, he is a nice guy. I am a very lucky woman to have this handsome and innocent guy. You may see him as a silent guy, but once he became close, he talks well. He is a kind-hearted person like my father who never hurt someone's feelings. He is energetic and helpful as well. Not like a typical Sri Lankan husband, he is very helpful and understandable.  So, my life is so easy with him. He looks after me gently. Most importantly, he let me do what I like, and appreciate what I do. He knows how to make someone happy. Therefore, to appreciate him, I drew this picture and wrote a poem.

Once I show him this portrait, he said;

"You can write poems nicely"

That was it. He never said anything about the portrait. Maybe he was so touched by the poem or he was not that happy about the portrait. I know you are curious about what I wrote there. Let me try converting it into English. I may not succeed. Let's see,

Energizing like a golden sun
Exhilarating like a full moon
Smiling like a bunch of flowers 
Refreshing like a sparkling waterfall 

Shielding like a huge tree
Protecting like an endless forest 
Rooting like a rich earth
Cheering like a drizzly rain

Standing by like a proud parent 
Appeasing like a gentle breeze 
Feasting  like a soft snowfall 
Loving like the vast ocean

Hmmm. Looks like I did it well. Did you enjoy it?

In my home, we have hung all of my portrait painting of my family members and friends on one wall. I asked Sanath, Which one you like most?".  He said that he likes his portrait most. I asked why. Then he answered;

"Well, because it's my portrait."

It was a short answer again. Then I said,

"That's not fair. Except your's, which one you like most? "

"Your father's portrait"

I was so happy to hear that. He said it is a fine piece of art and it really resembles my father. 

I am going to end this conversation now. Hope you enjoyed my portrait and the poem.

All the best!