Sunday, March 26, 2017

25: සජීවී මල්

ආයුබෝවන්!

මේ සැරේ වෙනස් ආරෙක සිතුවමක් අරන් ආවා. අපි ඒක බලලාම ඉමුකො.






මම මේ නිර්මාණය කරන්න භාවිතා කළේ විළයපු මල් පෙති. විශේෂයෙන්ම රෝස සහ සීනියාස් මල් පෙති. මේ නිර්මාණය කරන්න යොමු උනේ ඇයි කියලා කියනවා නම්, ඒක සිද්ද උනේ මෙන්න මෙහෙමයි. මගේ කාර්‍යාලයේ තියෙනවා පුංචි මල් පොච්චියක්. මම හැමදාම වගේ මල් දෙක තුනක් ඒකට ගෙනිහින් දානවා. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙත් මම මේ වැඩේ කලා. පන්තියේ ගුරු මේසෙ තියෙන මල් පොච්චියට අමතරව මගේම කියල පුංචි මල් පොච්චියක් තියාගෙනයි හිටියෙ මම ඒ කාලෙ. 

මම මල් වලට ගොඩාක් ආසයි. ඒ මල් පෝච්චිය දකින හැම වෙලේම මගේ සිත ඉතා උද්‍යෝගමත් වෙනවා. සමහර වෙලාවට මම කාර්‍යාලයට යද්දී, කලින් දවසෙ ගෙනා මල් පරවෙලා ගිහින්. හරි පුදුමෙ කියන්නේ, ගොඩාක් වෙලාවට ඒ මල් පරඋනාට ඒවගෙ යම්තාක්ට දුරට ඒ ලස්සන පාට ඉතිරිවෙලා තියෙනවා. ලංකාවෙදි මම ඒවන් දෙයක් උනා කියලා මට මතක නෑ. ඉතින් මට හිතුනා, ඒ මල් පෙති වියළුවා නම් ඒ මල් පෙතිවල පාට ඒ විදියටම තියේවි කියලා. එහෙම තමයි මේ නිර්මාණය කරන්න මුල පිරුවෙ. 

පහුගිය ටිකේදි මම ගෙදරදිත් මල් පෙති වියළන්න පටන් ගත්තා. අර සීනියාස් මල් හතර්ක් තියෙන්නේ, ඒවා මගේ මල් වත්තෙන්රෝ. සපාට රෝස මල් දෙක කාර්‍යාලයේදි වියළපුවා. අනිත් රෝස මල්, සනත්ගෙ අම්මයි තාත්තයි ගෙනත් දුන්න මල් වලින්. අපේ අම්මිත් උදව් කලා මල් පෙති වේළන්න. ඉතින් එයාල ඔකොටමත් පිං සිද්ධ වෙන්න කියලා මම මේ නිර්මාණය කරන්න පටන් ගත්තා. සනතුත් ගොඩක් උදවු කලා. එයා තමයි ගම්බාර දෙවිය වෙලා ගම් ගාලා දුන්නේ. 

මම මුලින්ම කලේ කොලේ මැද ඉඩ ඉතිරි කරලා, වටේට මල්  අලවපු එක. මල්ම විතරක් තියෙන නිර්මාණයක් කළොත් ඒක එච්චර ලස්සන වෙන එකක් නෑ කියලා හිතුනා. ඒ නිසා මැද කොටසට අර්ථවත් වදන් පෙළක් ලේඛනය කරන්නට කල්පනා කලා. මොකද්ද ලියන්නේ කියලා හිතන කොටම, මට මතක් උනේ අපේ ආච්චිලා ගෙදර බිත්තියේ එල්ලලා තියෙන වදන් පේළි. මම දන්න කාලෙ ඉදන් ඒවා තියෙනවා. අපේ අම්මා කියන විදියට, අම්මලා පොඩි කාලෙත් ඒක තිබුනලු. අපේ අම්මි කියන විදියට, සීයා මීට වසර 70කට විතර කලින් තමයි ඒ දෙක කරවලා තියෙන්නේ. සීයගෙම අදහස්. අනේ අපේ තාත්තා හිටියනම් හරියටම කියාවි සීයා ඒවා කලේ කොයි කාලෙද කියලා. 

ඒං ඒවගෙන් එකක් තමයි මම මේ නිර්මාණයේ ලේඛනය කළේ. මම මගේම වදන් පේළි කීපයකුත් නිර්මාණය කලා. කොහොම උනත්, ඒ එකක්වත් සීයගෙ ඒවා එක්ක ලඟවත් තියන්න බෑ. ඒව ගැන මම වෙනත් ලිපියකින් කියන්නම්කෝ. මට මතක විදියට සහ අපේ සලිත කියන විදියට සීයා ලියලා තිබුනේ;

"සඵලත්වය පිළිබඳ රහස නම්, නොකම්මැලිභාවයත්, පමණ දැන ක්‍රියා කිරීමත්, පිරිමසා ක්‍රියා  කිරීමත් යන තුනය." කියලා.

සරළව කීවත්, එහි අර්ථය නම් හරිම ගැඹුරුයි. අපේ සීයා, වගේම අපේ තාත්තත් ඒ කියලා තියෙන විදියට ජීවත් වුනා. දැන් ඉතින් තියෙන්නේ අපිටත් ඒවගේ ජීවත් වෙන්න.

මේක මගේ පළමු විචිත්‍ර අක්ෂර කලා නිර්මණය. මේක කරන්න කලින් මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනා, මොකද්ද මේ විචිත්‍ර අක්ෂර කලාව නැත්නම් අභිලේඛන විද්‍යාව කියලා කියන්නේ. ඇයි මිනිස්සු ඒ පිළිබඳව වෙනමම් ඉගන ගන්නේ කියලා. මම හිතුවෙ ඒක හරිම පහසු දෙයක් කියලා. මම අකුරු අඳින්න ගත්තාට පස්සෙ තමයි තේරුණේ ඒක කොච්චර අමාරු දෙයක්ද කියලා. මුලින් පැන්සලෙන් අකුරු චිත්‍ර කරලා. පස්සෙ ඒ උඩින් පෑනෙන් ලීවා. පැන්සලෙන් අඳින එකට උනත් මාර ගේමක් දෙන්න උනා. සිංහල අකුරු ලස්සනට ලියන්නේ කොහොම කියලා මුලින්ම අධ්‍යනය කළා. ඊට පස්සේ මට ලියන්න ඕනෙ අකුරු වල ප්‍රමාණය, සහ අනුපාතයන් තීරණය කරලා, අඩි කෝදුවෙන් රූල් ගහලා තමයි අක්ෂර චිත්‍ර කලේ. ඒක හරි ආස හිතෙන වැඩක් අප්පා. 

විචිත්‍ර අක්ෂර ලියන්න මම ඉස්සර ඉදලා හරි කැමතියි. මම කැමතිම අකුර තමයි "ණ" අකුර. ඒක තමයි මට ලස්සනටම ලියන්න පුළුවන් අකුර. මේ නිර්මාණයේ ඊලඟට මම කැමති අකුර තමයි "ස", "ම" අකුරටත් කැමතියි. එපාම චෙච්ච අකුර තමයි "ක". "ර" යන්න තමයි ඔක්කොටම වඩා එපා උනේ. "රි" යන්න එහෙම ලියන්න තේරෙන්නෙම නෑ. කොහොම නමුත් මට ඉගන් ගන්න ගොඩාක් දේ තියෙනවා. විචිත්‍ර අක්ෂර කලාව දන්න අය ඉන්නවා නම් මට ඒ ගැන කියා දෙන්න. තව ඉදිරියට නිර්මාණ කරන්නත් බලාපොරොත්තු ඉන්නේ.

මේ නිර්මාණයේ ගොඩාක් අඩුපාඩු තියෙනවා, මම දන්නවා. මල් පෙති වේළන එක ගැනත්, ඒවා කල් තබාගන්න විදිය ගැනත් දන්න අය ඉන්නවා නම් මට ඒ  ගැන උදව් කරන්න. 

මම ලියපු අකුරු වල ප්‍රමාණය තව ගොඩක් ලොකුවෙන්න ඕනි කියලා හිතෙනවා. සීයගෙ ඒක කරවලා තිබුනේ A5 වගේ ප්‍රමාණයේ කොලේක, පොල් ගෙඩි අකුරු වලින්. චිත්‍රයක් වත් මොකක්වත් නෑ අකුරුම විතරයි. ඒක මගේ හිතට ගොඩාක්ම වැදිච්ච එකක්. මට දැන් තමයි තේරෙන්නෙ ඒක තමයි හරිම ක්‍රමය කියලා. දැන් ඉතින් මොකද කරන්නේ, මම මේ නිර්මාණය කරලා ඉවරයි නේ. මේ වගේ ඔයාලටත් පේන අඩුපාඩු පෙන්නලා දෙන්න.

ස්තුතියි.
මෙත්මා
2017 03 26

Welcome my friends. I am here with my latest creation. It's a Sinhalese calligraphy surrounded by pressed natural flowers. 



I create it with Roses and Zinnias petals which pressed at my office and at my home. First of all, I would like to thanks my mom, Sanath's mom and dad for helping me collecting flowers, and pressing them. Sanath is the one who glued them for me. Zinnias are from my garden. 

What's calligraphy in this is a creation of my grandfather, Rajamuni Dewayalage Madiris. According to my mom, he did it when he was young, probably about 70 years ago. This is what is says,

"Three secrets of the success are being active, work within the limit, and being economical."

It's simple but meaningful, isn't it? This Sinhalese calligraphy has been hanging in our grandparents home for a very long time. When I was little, I had no idea what it says. Later on, I figured it out.  My grandparents and my presents lived according to that. Now, it's out chance. I believe that it's a good way to live. Grandfather, I am proud to be one of your granddaughters. 

This is my first calligraphy, I know there are so may mistake here and there. The biggest thing is latter size is too small. Please point out what you see. You can give me some suggestions as well. 

Thank you.