Monday, June 6, 2016

17: බෙග් තෙ ගිල් සහ යොන් ඉං ගුන් (17: Beg Dea Gil and prince Yeon Ying Gun)

ආයුබෝවන්! (English version is given below)

ගොඩාක් කාලෙකට පස්සෙ ඔන්න ආයිත් චිත්‍රයක් අරගෙන ආවා. මෙතුවක් කල් මල් පිපුනෙ වරකට එක බැගින්නෙ, ඒත් මෙදා සැරේ එක පාර මල් දෙකක්ම පිපිලා. 

සුපුරුදු පරිදි අදත් ඉතින් කොරියන් ටෙලිනාට්‍යයක එන චරිත තමයි මම අඳින්නට යෙදුනෙ. මේ කථාවෙ ඉංගිරිසි නම; 'ද රෝයල් ගැම්බ්ලර්', ඇත්ත නම; 'ජැක්පොට්', 대박. 17 වන සහ 18 වන සියවස් වල කොරියාවේ රජ කල, 'සුක්ජොං' රජතුමාගෙ කාලෙ සිදුචුනු සිදුවීම් කීපයක් පාදක කරගෙන ගෙතුනු, ඉතාමත් මනරම්වූ කතාන්දරයක් මේක. මේ කථාවට අමතරව, සුක්ජොං රජතුමාගෙ පවුලේ උදවිය මුල් කරගනිමින් නිපදවුනු කතා කීපයක්ම තියෙනව; 'දොං යි', 'ජං ඔක් ජොං', සහ 'ඊ සන්'. ඒ කථා ටික ඔක්කොම ලස්සනයි (ඊ සන් කථාවෙන්නෙ, සුන් යොනාගෙ චිත්‍රෙ එහෙම ඇන්ඳෙ). වැඩේ කියන්නෙ මේ කථා එකක් අනෙක්ට හාත්පසින්ම වෙනස්. ජැක්පොට් කථාව බලද්දි මට ඒකෙන් චිත්‍රයක් අඳින්නම ඕනි කියල හිතුනා. එක්කෝ  බෙග් තෙ ගිල් ' 백대길'  අඳින්න ඕනි නැත්තං යොන් ඉං ගුන් කුමාරයාව '연잉군' අඳින්න ඕනි. ඒත් ඉතින් මේ දෙන්න සහෝදරයො වෙච්චි, ඒ වගේම කරන කියන සියළුම මෙහෙයුමක්ම කරන්නෙ එකට  වෙච්චි, දෙන්නටම තියෙන්නෙ එකම අරමුණක් වෙච්චි, දෙන්න නිතරම ඉන්නෙත් එකටම වෙච්චි එකේ, ඉතින් මොකටෙයි එක්කෙනෙක් අඳින්නෙ, අඳිනවනම් දෙන්නවම අඳින්න ඕනි කියල, මට අපූරු නුවණක් පහළ උනා. ඉතින් ඊට පස්සෙ, දෙන්නම ඉන්න, මගේ හිතට අල්ලන පිතූරයක් හොයන්න පටන් ගත්තා. ඒකනම් ලේසි වැඩක් උනේ නෑ. අන්ම්තිමේදි, වීඩියෝ එකෙන් දෙන්න වෙන වෙනම කපල අරගෙන, එක පින්තූරයක් හදා ගත්තෙ ඒ දෙන්න ඉන්න ඉරියව් එකිනෙකට මනා සම්බන්ධතාවයක් පෙන්වන ආකාරයට . මෙතනින් ගිහින් බලන්න පුළුවන් මම හරි ගස්ස ගත්ත මුල් පින්තූරය. 

කථාව ගැනත් චුට්තක් කියන්නම්. මේ දෙන්න සහෝදරයො කුමාරවරු උනාට, තේ ගිරා (බෙග් තෙ ගිල්) හැදෙන්නෙ එයාගෙ අම්මගෙ කලින් සැමිය ලග, සාමන්‍ය ළමෙක් හැටියට. යොන් ඉං ගුන් කුමාරයා හැදෙන්නෙ රජ මාලිගාවෙ. පස්සෙන් පහු තමයි දෙන්න දැනගන්නෙ එයාල සහෝදරයො කියල. මේ දෙන්නගෙම අම්ම තමයි 'දොං යි'. එයා කලින් මෙහෙකාරියක්, පහුකාලීනව සුක්ජොං රජතුමාගෙ බිසොවුන් කෙනෙක් වෙනව. යොන් ඉං ගුන් එයාගෙ සහෝදරයගෙන් පස්සෙ රජ වෙනව. තාම කථාව ඉවර නැති නිසා, තේ ගිරාට මොකද වෙන්නෙ කියල නම් දන්නෙ නෑ. බෙග් තෙ ගිල් සහ එයාගෙ අම්මගෙ කලින් සැමිය කියන චරිත දෙක හැරුණු කොට අනිත් ඒව නම් ඇත්ත චරිත. එතකොට ඊ සන් කියන්නෙ යොන් ඉං ගුන්ට පස්සෙ රජකම හිමි වෙන, එයාගෙ මුණුබුරා.






මම මේ චිත්‍ර ඇන්ඳෙ හරිම ආසාවෙන්. මොකද, දෙන්නෙක් ඉන්න පළවෙනි චිත්‍රෙනෙ. මම මේ දෙන්නව ස්ථාන ගත කරපු විදිය හොඳයි නේද? චිත්‍රෙ ගැනනම් ඉතින් ගොඩාක් විස්තර කියන බලාපොරොත්තුවක් නෑ. කොහොම නමුත්, මට සෑහෙන ගේමක් දෙන්න උනා මේක අඳින්න. මොකද, යොන් යුං ගුන් කුමාරයගෙ මුල් පින්තූරෙ නැති කොටස් ටික සම්පූරණ කරන එක හරිම අමාරු උනා. ඒ වගේම ඒකට සෑහොන වෙලාවකුත් ගියා. ආයි නම් ඒ වගේ අමාරු වැඩ පටන් ගන්නෙ නෑ කියලත් හිතුනා ඕං.

මොකද මේ චිත්‍රෙ ගැන හිතෙන්නෙ? මට නම් මේ චිත්‍රෙ අඳිද්දි ගොඩාක් ආස හිතුන කීපදෙනෙක්ම ඉන්න චිත්‍ර අඳින්න. චිත්‍රෙ තුලින් පුංචි කථාවක් කියවෙන විදියට කීපදෙනෙක්ව එකතු කරල අලුත් වැඩක් කරන්න හිතුන. ඒත් ඉතින්, ඒක ටිකක් අමාරු වැඩක් වේයි කියලයි හිතෙන්නෙ.

මේ සැරේ ඔන්න අමතක නොකර මම චිත්‍රෙ ඇඳගෙන ගිය පියවරවල් ටික පින්තූර අරගෙන තියාගත්තෙ ඔයාලට පෙන්නන්න. ඒව ඒව එච්චර පැහැදිලිනම් නෑ හොඳේ.








ඔයාලට මේ චිත්‍රෙ ගැන මොනාද හිතෙන්නෙ කියලත් කියන්න හොඳේ,

තෙරුවන් සරණයි!


Welcome!

After a long time I brought you a new sketch with TWO flowers; Beg Dea Gil and prince Yeon Ying Gun from the Korean drama 'Jackpot' (the English title of the drama is 'The royal gambler'). 

This is an awesome series. I love it a lot. This historical drama has been produced based on some unforgettable events happened in king Sukjong era with lots of decorations. Besides this series, there are several Korean series about King Sukjong family due to peculiar events happened in the past; 'Dong Yi', 'Jang Ok Jung', and 'Lee San'. All of those series are very nice. The beautiful thing is the story in each series is diversified in many ways. (My 12th drawing, 'Song yeona' is from the series 'Lee San'). When I am watching this series, Jackpot, I desperately wanted to draw Beg Dea Gil and prince Yeon Ying Gun. By the way, they are brothers, they work together, they have identical aims, they are very close; so, how can I draw them separately? This through drives me to draw them together in one sheet of paper. Wow! what a wonderful idea. That how I started my first drawing with two characters. 

Let me tell a little bit about the story as well. Dea Gira (Beg Dea Gil) is the big bother of prince Yeon Ying Gun who raised by the first husband of his mother while his mother is pretending he dead. Yeon Ying Gun raised in the palace as a prince. Their mother, Dong Yi was a servant who becomes a concubine of king Sukjong later. Even through  Dea Gira and Yeon Ying Gun accomplished their missions together, they didn't know they are blood-related brother later on. They got to know it later. Yeon Ying Gun will become the king after his big bother, Don't know what will happen to Beg Dea Gil (This series is still going). The characters other than Beg Dea Gil and his father (Dong Yi's first husband) are real characters comes from the 17th/18th century. Moreover, 'Lee San' is Yeon Ying Gun's grand son who succeeds to the throne after him.




I drew this picture with pleasure, I enjoyed it a lot. It was a nice experience of drawing two people in one sketch. It was a bit difficult task to find a good photo of those two to start my sketch. I spent a lot of time to find a good match. I could not find a good photo from the internet. Thus, I created my own one by cropping down some clips from one video. You can see it here. The next challenge was to complete the sketch of Yeon Ying Gun portrait. Because some parts of his portrait were missing in the original photo that I used for this sketch. It was very difficult, I though I will never ever start such a difficult task.

How do you feel this picture? What about their expressions? How about their poses? I love it. I learned a lot from this one. It was a challenge to draw two people at once, had to coordinate everything. However, while I am sketching this I though it might be wonderful if I can draw several people together. Because in that way, I can tell a little story through my drawing. It sounds a great idea which might suck my time. 

The following pictures display steps of my drawing. 









Thanks Dhiraj for telling me about workable fixative sprays and kneadable erasers. they helped me a lot. 

Have a good time till we met with another sketch.