Sunday, October 15, 2017

ගැර්ම්පියන් ජාතික වන උයන බලා 2: පිනැකල් කන්ද


ගැර්ම්පියන් ජාතික වන උයන බලා 1

බැලූ බැල්මට මට හිතුනේ මේ නං අබ මල්මයි කියලා. ගහත් ටිකක් ඒ වගේ, මලුත් ඒවගේ, හැබැයි සුවඳ නං ටිකක් වෙනස්. ලඟට ගිහින් බැලුවෙ නැති උනත් මේ අබ නෙවෙයි වෙනින් මොනා හරි කියලා තේරුණා. පස්සේ තමයි දැන ගත්තේ ඒ කැනෝලා කියලා. කැනෝලා තෙල් අපේ රටේ ඒ තරම් ප්‍රසිද්ධ නොවුනත්, ඕස්ට්‍රේලියාවේ වගේම ඇමරිකාවෙත් සුලභව භාවිතා කරන, ලාභම ලාභ තල් වර්ගයක්. මේ වගේ ලස්සන කැනෝලා යායවල් පහුකරගෙන දිගින් දිගටම ඉදිරියට අපි ඇදෙන්න උනා. මේ පින්තූර ගනිද්දි, මම දැක්කා ලොකු වැහි වලාවක්. වැඩි දුර යන්න හම්බ උනේ නෑ මෙන්න වහින්න පටන් ගත්තා. ෂා හරිම ලස්සනයි. ටෙක්සස් ඉදිද්දි නම් වැස්ස කියන්නේ සතුට, මොකද එහෙට වහින්නේ හරියට හාවා හඳ දකිනවා වගේ කලාතුරකින්. සනත් නම් පොඩ්ඩක් දුක් වුනා, "අනේ මේ වැස්ස නිසා අපේ ගමන අසාර්ථක වෙයිද?" කියලා. නමුත් මමනම් දැනං හිටිය ඕක දිගටම තියෙන වැස්සක් නෙවෙයි කියලා. 

අපි මේ විදියට M8 එක දිගේ යනකොට යනකොට "ඇරරාට්" වලටත් ආවා. එතනින් අපි C222 ට දාගත්තා. සුමට පාර එකපාට්ටම රළු වුනා. පොඩ්ඩ පොඩ්ඩ වාහනේ එහෙන් මෙහෙන් ගැස්සෙන්න ගත්තා. ලංකාවේ ගමේ පාරවල් වල වගේ කෙහෙල් ගස් හිටවන්න පුළුවන් තරම් අලී වලවල් නොතිබුනත්, අදික වේගය නිසා පාරේ ඇති සියුම් විෂමතාවන්ට අපිව යම්තාක් දුරට අපහසුතාවයට පත් කරන්න හැකි උනා. මේ වෙලාවෙ මට අපේ තමාලිලාගෙ තාත්තව මතක් උනා. එයා බස් රථ රියදුරෙක්. කොහේ හරි දුර ගමනක් යද්දී, පාර කොච්චර දුර උනත්, එයා  අතුරු පාරවල් දිහා හැරිලවත් බලන්නේ නෑ. දැන් තමයි ඒවා අපිට තේරෙන්නේ. වට පිටාව හරිම ලස්සනයි. ඒනිසා C222කේ කිලෝමීටර 126ක් දුර ආවත් එච්චර ගමන් මහන්සියන් දැනුනේ නෑ. කොමහාරි අපි "හෝල්ස් ගැප්" වලට ඇවිත් වාහනේ නතර කරනකොට 12ත් පහුවෙලා මගේ හිතේ. වහනන් බස්ස ගමන් සුපුරුදු පරිදි ඉස්සෙල්ලාම ගියේ බරෙන් නිදහස් වෙන්න. ඊට පස්සේ අපි ටිකක් විපරම් කරලා බැලුවා කොහෙද තොරතුරු මධ්‍යස්ථානය තියෙන්නේ කියලා. පුංචි පුංචි කඩවල් පේළියක් පහුකරගෙන අපි එතෙන්ට යද්දී අපි දැක්කා ගල්වලින් හැදිච්ච කඳු ප්‍රපාතයක්. 

   

දැක්කානේ කොච්චර මනරම්ද කියලා. මගේ හිතේ මලක් පිපුනා වගේ, හිතේ සතුට එක පාරටම බුස්ස්ස්ස් ගාල එක්ස්පොනෙන්ෂියලි ඉහළ නැංගෙ නිකන් හිතා ගන්නත් බැරි විදියට. තොරතුරු මධ්‍යස්ථානේ හිටපු මහත්මයා අපිට සිතියමක් දීලා, අද දවසේ බලන්න යන්න සුදුසු තැන් ටිකකුත් ලකුණු කරලා දුන්නා. 


ඒකත් අරන් එළියට එනකොට, කට්ටියක් එතන පානුයි සොසේජසුයි විකුනණවා. අපිත් අතෑරියෙ නෑ, දෙකක් අර ගත්තා. ටක් ගාලා කාලා ඉක්කන්ට යන්නවා කියලා හිතුවත්, ඒවෙලෙ රෝස් කරපු සොසේජස් පට්ට රස්නෙයි කටේ තියන්න බෑ. ඉතින් අපි වෙලාව අරන් පිඹ පිඹ කෑවේ එතන තිබ්බ බංකු කොටේක වාඩි වෙලා මේ කඳු ශිකරය දිහාවට ඇස් යොමාන. අපේ පළවෙනි කුරුමානය උනේ "ද පිනකල් පොඉන්ට්". ඒ කියනේ, මම මේ දැන් වෙනකල් කිය කිය හිටපු කන්ද මුදුනට යන එක. අපි ඉන්න තැන ඉඳලත් යන්න පුළුවන්, ඒක දුර වැඩියි. ඒ නිසා අපි වාහනෙන්ට ගිහින් ඉංජිම පණගන්නලා කෙලීන්ම ගියේ "වොන්ඩර්ලෑන්ඩ්" රිය ගාලට. අපි යද්දි ගොඩාක් කට්ටිය එතන්ට ඇවිල්ලා තිබ්බා. පාර දෙපැත්තෙම වාහන නවත්තලා. දැක්කාම බය හිතෙනවා, අම කීවෙ වාහාන නවත්තලා තිබ්බ විදිය. අපිත් ඉඩ තිබ්බ තැනකින් වාහනේ දාලා, පාර දිගේ උඩට යනකොට මෙන්න බෝඩ් ලෑල්ලක් තියෙනවා "වොන්ඩර්ලෑන්ඩ් කාර් පාක්" කියලා. ආ ඒකත් එහෙමද, එතකොට මේක තමයි ඔය කියන කාර් පාක් එක කියලා ඒකත් බලාගෙන අපි "ඉදිරියටම යව් හෙළයනි ඉදිරියටම යව්" කියලා ඉදිරියට ඇදුනා. 

අපිට මුලින්ම හම්බ උනේ පුංචි දොළ පාරක්. එතනට ගිහිල්ලා, "හා කොහොමද දොළ පාර?" කියලා අහගෙන, එයාට උඩින් ගහල තිබ්බ පටු පාලම පහුකරා. මෙතුවක් කල් අපි ඕස්ට්‍රේලියාවේ ඇවිදපු හැම තැනකම වගේ මිනිස්සු හරිගස්සපු පස් පාරවල් දිගේ තමයි ඇවිදං ගියේ. ඒත් මෙහෙ එහෙම නෑ. බලූ බැල්මට හැම තැනම තියෙන්නේ ගල්, ගල් කඳු. ඒ ගල් උඩින් පැනලා, ගල් දිගේ නැගලා (බඩගාගෙන) තමයි යන්න තියෙන්නේ. මට හරියට දැනුනේ මම අපේ ගෙදර (බණ්ඩාරවෙල)  ඉන්නවා වගේ කියලා, අපේ ගම් පැත්තේ තියෙන මොකක් හරි කන්දක බඩගානවා කියලා. මගෙ හිතට හරීම සතුටුයි. කාළගුණයත් හරියමට ඒහෙ වගේ: වියළියි, සීතලයි, අව්වයි. අපේ ගෙවල් පැත්තේ හරියට ගල් තියෙනවා. අපේ ගෙදරට ගියාම පේනතෙක් මානෙ ගෙවල් නැති උනත්, පුරාම පේන්න ගල් තියෙනවා. මම පුංචි කාලේ මගේ ආසම තැන තමයි අපේ ගෙදර ලඟ තිබ්බ ලොකු ගල. මම එතන්ට යන්නේත් ගල් උඩින් පැන පැන. මට අය්යෙක් කියල එකෙක් හිටියත්, ඌ මට වඩා ගොඩක් වැඩිමහල් නිසා මම හිටියෙ තනියම. මම හැම වෙලේම හිටියෙ මේ ගල උඩ, සෙල්ලම් කරේ, සිංදු කීවේ, නැටුවේ, මේ හැම දේම කරේ මේ ගල උඩ ඉඳලා. සමහර දාට මම බත් කන්නෙත් එතන ඉඳලා. මගේ දවස් පටන් ගත්තෙත් එතනින්, ඉවර උනෙත් එතනින්. මීට අවුරුදු පහළවකට දාහතකට විතර ඉස්සර මග ගත කරපු ඒ සුන්දර අතීතය මට ක්ෂණයකින් සිහියට ආවා. මම දැනුනේ මම ආයි ඒ ප්‍රීතිමක් ජීවිතේට වැටුනා කියලා. මගේ හිතේ සතුට කියලා නිමකරන්න බෑ, හරියට ටේලර් සීරීස් එක්ස්පෑන්ෂන් එකේ පද ගාන අනන්තයක් වගේ, මගේ සතුටට නිමක් නෑ. 

අපි යන්න ඕනි පාර කහපාට තිකෝණ වලින් ගල් මත සලකුණු කරලා තිබ්බා. අපි ඒවා දිගේ පැන පැන ගියේ අර පුංචි කාලෙ කියන කවිය; "ඔන්න බබෝ ඇතින්නියා, ගල් අරඹේ සිටින්නියා, ගලින් ගලට පනින්නියා, බබුට බයේ දුවන්නියා" වගේ. මම මේ කවියට හරිම ආසයි, ඒ ගල් අර්ඹේ සිටින්නියා කියන එකත්, ගලින් ගලට පනින්නියා කියන පේළි දෙක නිසා. 





පේනවා නේද, පුරාම ගල් කඳු. හරියට උතුරු ඇමරිකාවේ රොකී කඳු වැටිය වගේ. රොකී කඳු වැටිය ලඟටම ගිහින් තියෙනවා. ඒකත් දවසක ලියන්නම්කෝ.  සීතල කාළගුණය නිසා, ජේසි දාගෙන, තොප්පි දාගෙන, කරවටේ සාළුවක් බැදගෙන තමයි වැඩේ පටන් ගත්තේ. අපි විතරක් නෙමෙයි, හැමෝම එහෙම තමයි. අපි මෙහෙම යනකොට යනකොට හරි ලස්සන තැනක් සෙට් උනා. අපි ගිය තැනින් පොඩ්ක්ඩක් පහළට බහින්න තිබ්බා.




දැක්කා නේද ලස්සන. කවුරු උනත් මේ ගල්වල කැටයම් කොටපු කෙනා හරි පිළිවෙලට වැඩේ කරලා තියෙනවා, අපේ කවුරු හරි නම් වෙන්න බෑ. දැක්කද අර වමටම වෙන්න තියෙන ගලේ පහළට වෙන්න තියෙන කැටයම. ඒක හරියට කුකුළා පහනක, තෙල් දාලා, තිර දාලා පත්තු කරන්න තියෙන කෑල්ලක් වගේ. ඔයා හිතන්නේ සුළඟ මේ කැටයන් කැපුවා කියලද, වැස්ස මේ කැටයන් කැපුවා කියලද? කොහොමද ඒක විස්වාස කරන්නේ? බලන්ක්නකෝ ඒකෙ පිළිවෙල, චිත්තාකර්ෂණීය බව. හිතාගන්න බෑ නේද?  



හීන් දිය ඇල්ලකුත් පහළට ඇදෙනවා.




ජේසිය මොහොතකට පැත්තකට දාලා පිතූර කීපයකට පෙනී ඉන්නත් සිද්ද උනා.


ඒ ගොල්ල මේ හරියට "ගෑන්ඩ් කැනියන්" කියන නමින් තමයි ආමන්ත්‍රණය කරේ. මට මතක් උනේ, අපිට යන්න බැරි වෙච්ච එක්සත් ජනපද්යේ තියෙන ගෑන්ඩ් කැනියන්. ඒකත් මේ වගේ වෙන්ඩ ඇති කියල හිතාගෙන, එතනට සමුදීලා, ආයෙන් අපි යන්න ගිය ගමන යන්ඩ පටන් ගත්තා.

ආ පටන් ගත්තා කීවට ලියවිල්ලා ඉවර උනා. අදට ඇතිනේ

Sunday, October 8, 2017

ගැර්ම්පියන් ජාතික වන උයන බලා 1

ආයුබෝවන්!

මේ සැරේ ටිකක් වෙනස් විදියේ වැඩක් කරන්න හිතුනා. මේක කාලයක් තිස්සේ මගෙ හිත්තේ තිබ්බ දෙයක්. මම නවකතා වලට වැඩි කැමැත්තක් නැති උනත් මම ආසයි කතන්දර ලියන්න. මෙතුවක් කල් මගේ ජීවිතේ සිද්ද වෙච්ච සිදුවීම්, මගේ අමතක නොවෙන අත්දැකීම් වගේ දේවල් ගැන ලියන්න, හරියට 'අපි තොපි' ලියන අපේ  සලිත වගේ ලියන්න. මුලින් නම් මට මේම ලියන්න පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තිබ්බේ නෑ. ඒත් මගේ චිත්‍ර ගැන ලියද්දි මට හිතුනා මට මේක කරගන්න බැරි දෙයක්න් නෙවෙයි, මට පුළුවන් වගේ කියලා. කොහොම නමුත් මට තියෙන දාහක් වැඩ අස්සේ මේකත් කොහොමහරි කරනවාමයි කියලා ලොකු ගැම්මක් ආවේ, මගේ ලිපි වලට හම්බ වෙච්ච ප්‍රතිචාරත් එක්ක. විශේෂයෙන්ම, අමිලගෙන් නිරන්තරයෙන්ම හම්බ වෙච්ච ප්‍රතිචාර. අමිල කියන්නේ මගේ යාළුවෙක්, එයා නිතරම කියනේ මගේ චිත්‍ර පිටුපස ලියවුනු කථා කියන්වේන ආසයි කියලා. මම ලියන දේවල් ආසාවෙන් කියනවලා සතුටු වෙන මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවනේ කියලා මට ගොඩක් සතුටු හිතුනා. අමිල, ඔයාට පිං, ඔයා නිසයි මම මේ වැඩේ පටන් ගත්තේ. එක්සත් ජනපදයෙදි, ඕස්ට්ට්‍රේලියාවෙදි, වගේම් ලංකාවෙදිත් මගේ ජීවිතයට එක් වුනු සුන්දර, අසුන්දර, භයංකාර, එකී, නොකී, නෙකී අත්දැකීම් බෙදා ගන්න කවුරුත් කැමති වෙයි කියා මම විශ්වාස කරනවා. එහෙනම් ඕං පටන් ගන්නවා ඈ.

හැමදාම උදේට කැම්පස් යනවා, හවස් වෙනකං වැඩ කරලා, ගෙදර එනවා, ඒකල්ලා මොනා හරි ටිකක් රත් කරගෙන  කාලා, කථාවක් එහෙම බලලා, නිදා ගන්නවා. ඊ ලඟ දවසෙත් ආයෙ ඒකමයි. මේ ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න, පරිගණක තිරයත් එක්ක තුන්තිස් පැයේ ගෙවෙන ජීවිතයෙන් මිදෙන්න, කොහේ හරි මලදානක ගිහින් එන්න ඕනිමයි කියලා හිතුනේ මීට මාස ගානකට කලින් ඉඳලා.  සමාසිකයේ මැද ශිෂයින්ට සතියක නිවාඩුවක් හම්බ උනත්, අපිත් එක්තරා ආකාරයක ශිෂයෝ උනත්, අවාසනාවක මහත කියනේ, අපි ඒ නිවාඩු හම්බ වෙන්නේ නෑ. ඒ කොහොම උනත් ගිය සති අන්නේ සිකුරාදාව නිවාඩුවක්. ලංකාවෙ වගේ මේ රටේ වැඩ කරන ජනතාවට වැඩිය නිවාඩු නෑ, පෝය නිවාඩු එහෙම මෙහෙ නෑ. බොහෝම පුංචි නිවාඩු ටිකක් තියෙනවා, අපේ කැම්පස් එකේ, ඒ ඔක්කොම එකට අල්ලා, නත්තල් නිවාඩුවත් එක්ක අවුරුද්දේ අග, සති දෙකක නිවාඩුවක් හම්බ වෙනවා, එච්චරයි. මොකක් හරි හේතුවක් හින්දා පහුගිය සිකුරාදා නිවාඩුවනම් අපිට හම්බ උනා.

ගොඩ දවසක ඉඳන් හිතේ ලොකු ආශාවක් තිබ්බා ගැම්පියන් ජාතික උද්‍යානය නරඹන්න යන්න. කීපදෙනෙක්ට යංද කියලා කතාකරත්, කවුරුත් ආවෙ නැති නිසා, දර්සයි මායි තනියම හරි යනවා කියලා තීරණය කරා. සිකුරාද දවසම කරේ ගමනට ලක ලෑස්ති වෙන එක. ඒ ජර මර අස්සෙනේ දර්සගේ චිත්‍රෙ ගැනත් ලියන්න ගත්තා. අපි මෙහෙට ආවට පස්සේ දවසක් නැවතිලා ඉඳලා එන්න යන පළවෙනි ගමන. කෑම ටිකක් එහෙම හදාගෙන (ලංකාවෙදි නම් අපි කිරිටොපි, අළුවා වගේ පැණිරහ දේවල්නේ හදන්නේ, ට්‍රිප් යනකොට, ඒත් මේ මෙහෙදි නම් අපි හරි ගස්සගත්තේ එළවළු පිනි ටිකක් තමයි. ඒක ලේසියි, ලාබයි, කටට රහට කන්න පුළුවන්), වාහනේ එහෙම සොදගෙන, දර්ශනට උපන්දිනේට හම්බ වෙච්ච අළුත් කැමරාවත් ලෑස්ති කරගත්තා. රෙදි දෙකතුනක් බෑග් එකක්ට රෑම දැම්මේ, උදේම නැගිටලා 6:30 -7ට තවත් ගෙදරින් යන්න හිතාගෙන. ඒත් ඉතින්, සුපුරුදු පරිදි සෙනසුරාදා නැගිට්ටේ පරක්කු වෙලා. අපි ගෙදරින් පිටත් උනේ 8:30 ට විතර. 

මේ දවස් වල ලෝකෙ බොහොමයක් රටවල් වලට ගස් වල කොළ කහ, තැඹිලි, රතු වෙලා බිම හැලෙන ෆෝල්, එහෙමත් නැත්මන් ඕටම් නැත්තන් සිංහලෙන් කියනවා නම් සරත් ශිතුව උනත් ලොකේ පහළ අර්ධ ගෝලේ ඉන්න අපිට නම් කොළ හැලිච්ච ගස්වල ලස්සනට මල් හැදීගෙන එන, දළුදාගෙන එන සුන්දර වසන්ත සමයයි මේ. මොකාක් හරි හේතුවක් නිසා අපේ ගෙවල් ලඟත්, කැම්පස් එකෙත්, සරත් සමයෙදි ගස් වල කොළ වැඩිය හැලෙන්නෙත් නෑ, වසන්තයේදි වැඩිය අළුතින් දළුදානව කියලත් නෑ එහෙමට. ඒත් මෙල්බන් නගරය පැත්තට යන්න යන්න මේ ශිතු වෙනස ටිකක් ලස්සනට පේනවා. මම නං වාහනේට නැංගේ පොතකුයි පැන්සලකු අරගෙන. ඒ අපේ අම්මි වගේ ගමනේ විස්තර ලියන්න නම් නෙවෙයි. ගමනේ මුල් හරියෙදි මම කරේ දර්ශනට සිංහලින් ලියපු කවිය ඉංගීසියට පෙරළපු එක. ඒක ලියලා ඉවර කර ගන්න බැරි උනත්, සෑහෙන් හොඳ අදහස් ටිකක් ආවා. කොහොම හරි මෙල්බන් නගරය හරියෙදි නම් මට පින්තූර කීපයක් ගන්න ඕනි උනා. ඒත් ඉතින් වාහනේ යන ගමන් ගන්න පින්තූර එච්චර ලස්සනට ආවෙ නෑ. 





මෙල්බන් කියන්නේ ලස්සන ගොඩනැගිලි තියෙන, ලස්සන නගරයක්. මේ පිතූරවලින් නම් එහෙම බවක් පේන්නෑ නේද? ඒ දෙපැත්තේ ආරක්ෂා වට ගහල තියෙන වැට නිසාත්, වාහනයේ වේගය නිසාත්, කැමරාව නුහුරු නිසාත්, ඊටත් වඩා මගේ නොහැකියාව නිසාත් මිසක් වෙන හේතුවකට නම් නෙවයි හොඳේ. මේ පින්තූර දෙක ගත්තේ M1 ෆීවේ එකේ යන ගමන්. ඊ ලඟට අපි එතනින් M80 එකටත්, එතනින් පොඩ්ක්ඩක් දුර ගිහින්  M8 එකටත් දාගත්තා. දැන් ඉතින් කෙලින්ම බැකස් මාෂ්, බැලරට් හරහා ගැර්ම්පියන් යන්න තියෙන්නේ, ජීපීඑස් ඕන්නෑ. දැන් තමයි පරිසරයේ ලස්සන පේන්නේ. හරීම ලස්සනට කැලෑ මල් පිපීගෙනෙ එනවා පාර අයිනේ. අවට තැනිතලාව, බණ්ඩාරවෙල පැත්තේ වගේ කඳු මොකුත් නෑ, පුංචි පුංචි හෙල් වගේ තිබුනට, පුරාම තැන්න, අහස බිම ගෑවෙනවා. ශීත කාලෙ වියළිලා, දුඹුරු පාට වෙලා ගිය බිම් ලස්සනට ලා කොළ පාට වේ ගෙන එනවා. ලංකාවෙ වගේ  පාරෙ දෙපැතේ ගෙවල් නෑ, ගස් කොළන් නෑ, තියෙන්නේ පුංචි පුංචි පඳුරු, ඒවගේම ගොවි බිම්, ගොවි පොළවල්, තැනින් තැනින් ගහක් දෙකක් තියෙනවා. අහස ලස්සනට නිල් පාටට තිබ්බා, ඈතින් පුංචි කන්දක් වගෙත් පෙනෙන්න ගත්තා. හරිම ලස්සනයි.   




ඔහොම ටික දුර යන්න යන්න හරී ලස්සනට තැනිත් තැන කහා පාටට යායට පේන්න ගත්තා. අපි යන්න යන්න කහා පාට තැන් පහු වෙන්න ගත්තා. පින්තූර කීපයක් ගන්න උත්සහා කරත්, අර කලින් කීව හේතු නිසා අසාර්ථක වෙච්ච නිසා, ඒ කහපාට මල් තියෙන යායක් ලඟින් වාහනේ නවත්ත ගත්තා. 



ඒතන නවතින්න කියාපු තැන නිසා මම දැන් නවතිනවා. වැඩි විස්තර සමඟින් ඊලඟ කොටසින් ආයි පටන් ගමු. 


Monday, October 2, 2017

29: සනත් දර්ශන: Sanath Darshana

ආයුබෝවන්! No worries, this article is in English too. Please scroll down towards end.

ඔන්න අන්තිමේදි මගේ ප්‍රිය ස්වාමියාගේ පින්තූරයක් සිතුවම් කලා. එයාට ඒකට හරි සතුටුයි. මේ පින්තූරෙ අඳින්න මම භාවිතා කළේ මීට වසර හතරකට විතර කලින් අපි ටෙක්සස් ඉන්න කාලේ දර්ශනගේ අතිජාත මිත්‍ර, කළණ ගත්ත පින්තූරයක්. මට අද වගේ මතකයි මේ පින්තූරෙ ගත්ත දවස. ඒ දවස්වල අපේ ගෙදර තිබ්බේ කළණලාගේ ගෙදරට ඉස්සරහ, පහළ තට්ටුවේ. එයාලගේ ගදර තිබ්බේ උඩ තට්ව්ටුවේ. මේ පින්තූරෙ ගත්තේ එයාලා ගෙදර ඉස්සරහ සදළුතලාවේ ඉඳලා, කළණගෙ අළුත් කැමරාව ගත්ත මුල් දවස්වල. දර්ශනගේ මේ පින්තූරෙට තමයි මම කැමතිම. කළණ මගෙත් පින්තූරයක් ගත්තා එතනදි. මෙතනින් ගිහින් බලන්න පුළුවන් මම මේ කියන පින්තූරෙ මුල් ස්වරූපය, මගේ පින්තූරෙ නෙවෙයි දර්ශනගේ පින්තූරෙ.

මේ තියෙන්නේ මගේ චිත්‍රය




මේ චිත්‍රයේ ගොඩක් අඩුපාඩු තියෙන බව මම දන්නවා. ඒත් මම ඒකට හරි කැමතියි. මොකද ඒක අපේ දර්ශනගෙමම ගොඩාක් පිං කරලා තියෙනවා, ඒක මම දනවා, ඒකනේ එයා මට හම්බ උනේ. දර්ශන කියන්නේ ගොඩාක් හිත හොඳ කෙනෙක් හරියට අපේ තාත්තාගෙ වගේ. එයා කැමති නෑ කාගෙවත් හිත රිද්දන්න. වැඩි කතාබහක් නැති උනත්, ටිකක් ෆිට් උනොත් හොඳට කතා කරනවා. මට ගොඩාක් උදව් කරනවා, ඒවගේම මම ගැන නිතරම හොයලා බලනවා. දර්ශන මගේ ජීවිතේට ආවට පස්සේ මගේ ජීවිතේ හරි පහසු එකක් උනා. මට ඕනි දෙයක් කරන්න දෙනවා. ඉතිනේ ඒ හැම්දේටම උපහාරයක් විදියට මම කවියකුත් ලීවා.  පිතූරයේ ලියපු කවිය කියවන්න අපහසු අයට;


හිරු මඬලක් සේ රන් කිරණින් සනහන
සඳ මඬලක් සේ පුන් සිසිලස දෙන
මල් කළඹක් සේ සිත පුබුදා හිනැහෙන
දිය දහරක් සේ නැවුම් සැනසුම දෙන

තුරු මඬලක් සේ පැතිර සෙවණ සදන
ඝන වනයක් සේ දසත වැසී තිබෙන
ගල් තලයක් සේ විසිර පා සිඹිමින
පොද වැස්සක් සේ සිහින පැතුම් ගෙනෙන

රඟ මඬලක් සේ දුක සතුට බෙදන
මද පවනක් සේ ගත සුවය සලන
හිම පොකුරක් සේ සොම්නස පුරවන
මහ සයුරක් සේ සෙනෙහස පාමින

ඉතින් මේ කවියත් ලියලා, චිත්‍රය ඇඳලා ඉවර වෙලා මම දර්ශනට පෙන්නුවාම;

"ඔයාට ලස්සනට කවි ලියන්න පුළුවන්නේ" 

කියලා කීවා, චිත්‍රෙ ගැන නම් මොකුත් කීවෙ නෑ. 

මේ කවියෙන් මම කියන්න උත්සහ කලේ; මගේ ලෝකෙ එළිය කරන හිරු සඳු නුඹ බවත්; සතුට, සැනසුම, සිනහව ගේන්නේ නුඹ බවත්; මා බලා ගන්නේත්, මට රැකවරණය දෙන්නේත් නුඹ බවත්; දුක සතුට බෙදාගෙන ආදරෙන් මා ලඟ සිටින්නේත් නුඹ බවයි.

මගේ චිත්‍රයත්, කවියත් යම් රසාස්වාදය ඔබ සිත ජනිත කලා යැයි සිතනවා.

තවත් දවසක හමුවෙනකල් ඔබට ජය!

Welcome guys!

Finally, I drew my beloved husband's portrait with care. He is happy about it. To make this portrait, I used my favorite picture of him. This picture was taken by his best friend Kalana four years ago when we were in Texas. I still remember that moment. It was the time that he brought his new DSLR camera.  Kalana took a close picture of Sanath's, and also mine on their balcony. His caption was so nice and for me, it was a miracle. Maybe it's adorable because of his nice hairstyle, which was a stylish by me :). However, later, Kalana became a fine photographer. Thank you, Kalana for this picture. I really like it. Here you can see it.

Here is my portrait,




I know that there are many mistakes in this portrait, even it closely resembles Sanath.  I can feel that the charm of his smile is not visible nicely in my sketch. Yet, I really like this portrait painting, because it's my wonderful husband. As you know, he is a nice guy. I am a very lucky woman to have this handsome and innocent guy. You may see him as a silent guy, but once he became close, he talks well. He is a kind-hearted person like my father who never hurt someone's feelings. He is energetic and helpful as well. Not like a typical Sri Lankan husband, he is very helpful and understandable.  So, my life is so easy with him. He looks after me gently. Most importantly, he let me do what I like, and appreciate what I do. He knows how to make someone happy. Therefore, to appreciate him, I drew this picture and wrote a poem.

Once I show him this portrait, he said;

"You can write poems nicely"

That was it. He never said anything about the portrait. Maybe he was so touched by the poem or he was not that happy about the portrait. I know you are curious about what I wrote there. Let me try converting it into English. I may not succeed. Let's see,

Energizing like a golden sun
Exhilarating like a full moon
Smiling like a bunch of flowers 
Refreshing like a sparkling waterfall 

Shielding like a huge tree
Protecting like an endless forest 
Rooting like a rich earth
Cheering like a drizzly rain

Standing by like a proud parent 
Appeasing like a gentle breeze 
Feasting  like a soft snowfall 
Loving like the vast ocean

Hmmm. Looks like I did it well. Did you enjoy it?

In my home, we have hung all of my portrait painting of my family members and friends on one wall. I asked Sanath, Which one you like most?".  He said that he likes his portrait most. I asked why. Then he answered;

"Well, because it's my portrait."

It was a short answer again. Then I said,

"That's not fair. Except your's, which one you like most? "

"Your father's portrait"

I was so happy to hear that. He said it is a fine piece of art and it really resembles my father. 

I am going to end this conversation now. Hope you enjoyed my portrait and the poem.

All the best!




Sunday, August 20, 2017

28: බිදම්: Kim Num Gil through Bidam

Those who don't know Sinhalese, please go the bottom of the page, this is in English too.

ආයුබෝවන්! 

තවත් චිත්‍රයකින් අපූරුමල් තුලින් ඔබ හමුවට. මේ විත්‍රයත්  Queen Seon Deok, 성덕 여왕, කතාවෙන්. ඇත්තටම මට ඕන වුණේ කලින් චිත්‍රයේ ඉන්න දොග්මන් කුමරිය, 덕만  곰주, (පසුකාලීන සිඔන් දොග් රැජිනිය) සහ බිදම්, 비담,  කියන චරිත දෙකම එක චිත්‍රයක අඳින්න. අන්තර්ජාලයේ තියෙන පින්තූර වලින් ඒ දෙන්නා එකට ඉන්න පින්තූරයක් හදාගන්න මම සෑහෙන්න උත්සහ කළා. ඒක හරි අමාරු වැඩක්. එක්කෝ එයාලා බලන් ඉන්න පැත්ත එකිනෙකට ගැළපෙන්නේ නෑ, එක්කෝ එයාලගෙ රූප රාමු එකිනෙකට ගැළපෙන්නේ නෑ, එක්කෝ එයාලගෙ මුහුණේ පිළිබිඹුවන හැඟීම් එකිනෙකට ගැළපෙන්නේ නෑ. මොකාක් හරි අවුලක්. ඔහොම යන්කොට යනකොට අපි මේ කථාවෙ අන්තිම හරියටත් ඇවිත්. මට මේ දෙන්නවා එකතු කර ගන්න බැරි උනා, හරියට කථාවෙදි මේ දෙන්නට එකතු වෙන්න බැරි උනා වගේම. අන්තිමේදි මේ දෙන්නගෙ රූපයක් හරිගස්ස ගත්තත් මට ඒක අඳින්න හිත දුන්නේ නෑ. මොකද කියනවා නම්, මේ කථාවෙ අවසානය හරිම දුක්ඛිතයි. ඒ නිසාම මම තීරණය කළා බිදමි විතරක් චිත්‍රයට නඟන්න.

විශේෂ හේතුවක් නැති වුනත්, මේ බිදම් කියන චරිතයට මම ගොඩාක් කැමතියි. මම හිතන්නේ, ඒ චරිතයට පණ පොවන කිම් නම් ගිල්, 김남길, හින්ද තමයි, මේ චරිතයට මම මෙච්චරම කැමති. එයාගෙ රංගනය විශිෂ්ටයි,  අතිවිශිෂ්ටයි. එයාගෙ දක්ෂ සටන කාමී බව, එයා හැඟීම් ප්‍රකාශ කරන විදිය, එයා අනිත් චරිතත් එක්ක මුසු වෙන විදිය වගේම එයාගෙ සුන්දර සිනාව, බිදමි චරිතය ගොඩාක් ආදරණීය එකක් බව්ට පත් කලේ හරිම ඉක්මනින්. මේක මේ රඟපෑමක් කියලා මට කොහොමවත් හිතුනෙ නෑ. කිම් නම් ගිල්ගෙ රංනය ඒ තරම් තාත්විකයි ඒ වගේම අව්‍යාජයි. කථාවේ අවසන් හරියෙදි බිදම් නරක කෙනෙක් වගේ පෙනුනත්, මම නම් දිගටම ඒ චරිතට ආදරේ කළා. අවසානයේ එයාට අත්වෙන දරුණු ඉරනම, මගේ හිතේ දරාගන්න බැරි ලොකු වේදනාවක් ඇති කළා. ජීවිතේ කියන්නේ මොකද්ද මරණය කියන්නේ මොකක්ද කියලා, මේ සංසාරය කොච්චර බියකරුද කියලා, මේ චරිතය මට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නලා දුන්නේ මගේ ජීවිතේ දෙවනි වතාවට.  

කොහොම නමුත් අන්ම්තිමේදි මම මේ චිත්‍රය අඳින්න තීරණයා කළා. මේ චිත්‍රය අඳින්න බාවිතා කරපු මුල් පින්තූරය මෙතනි බලන්න පුළුවන්.




මේ චිත්‍රයට ලොකු සාදාරනයක් ඉෂ්ට කරන්න බැරි වුනත්, මට පුළුවන් විදියට මම චිත්‍රය නිමා කළා. එයාගෙ මේ භාව ප්‍රකාශයට මම හරිම කැමතියි. මගේ චිත්‍රයේ යම් යම් අඩුපාඩු ඇති. කොහොම නමුත් මේ චිත්‍රය අඳින්න මට වැඩි කාලයක් ගියේ නෑ. හරියටම දවස් තුනයි ගියේ. ඒ කියන්නේ පියවර තුනකින් මේක ඇඳලා ඉවර කළා. 

එයාගෙ සුන්දර හිනාවට සහ එයා බලන් ඉන්න විදියට ගැලපෙන යම් දෙයක් ලියන්නම කියලා චිත්‍රයේ දකුණු පැත්තෙන් ඉඩක් ඉතුරු වෙලා තිබුනා. මම ලියන්න උත්සාහා කලේ මේකයි,

"සුන්දර සිනාවකින් ලෝකය දෙස බලන් ඉන්න කිම් නම් ගිල්, ඔයාගෙ ජීවිතේ පුරාම සිනාව සහ සතුට ඉතිරේවා!"

මම එයාලගෙ භාෂාව හරියටම දන්නේ නෑ. මම ටිකක් දන්නවා. ගූගල් ටාන්ස්ලේටර් එක භාවිතයෙන් තමයි මේ වචන ටික පෙළ ගස්ස ගත්තේ. මට කියන්න ඕනි වුන දේ ඒ විදියටම ලියවිලා තියෙනවාද කියලා දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් මට ඒක කියන්න. ඒක කියවන්න ඕනි උඩ ඉදලා පහළට සහ දකුණේ ඉදලා වමට.

තවත් චිත්‍රයකි ඉක්මනින් හමු වෙනතුරු ඔබට ජය!

Welcome guys!

This portrait is also from the Queen Seon-Deok drama series. It's a portrait of Bidam, 비담. My favorite character of the series. However, after the previous portrait of Princess Doek-man and Alcheon Rang, I wanted to draw Queen Seon-Doek (who was earlier known as the princess Doek-man) and Bidam in a single paper. These two characters go well together throughout the series. Bidam helps Queen from the very beginning and be on her side. So, I wanted to keep them closer. However, I could not make a good match with the pictures available on the internet. Sometimes their gazes don't match each other, sometimes expressions don't match, sometimes available croppings don't match, sometimes one with a big smile and the other don't have a matching smile. So, it was so hectic to make a good match. Therefore, I could not couple them as they couldn't couple in the series. They have a tragic relationship and the series ends tragically. So, at the end, I didn't want to keep them closer anymore. Therefore, I decided to make a solo portrait of Bidam.

For some reason, I like the character Bidam from the very beginning. There is nothing special about this character, yet I like him. I like the way he lived, the way he talked, the way he smiled. I think it's because of the excellent acting of actor Kim Num Gil. He is a brilliant actor. No wonder why he became famous with this series. This is the first time I saw him. His excellent fighting skill, his charming nature, his comedies, his catchy smile, and his impressive facial expressions make the character Bidam perfect. What I most like about him is his expressions, they look so real. Thanks to him and others I really really enjoyed this long drama. Even though, he became a bad guy toward the end of the series I liked him all the time. The tragic end of the series made me crazy. It was hard for me to accept it. I came to realize, the scariness of the life, the noble truth load Buddha teaches us about the life and the death, for the second time of my life (first time after my father's death).

At the end, I decided to sketch this portrait. You can compare it with the original photo by clicking here. 





I adjusted it according to the paper size. You may think that I could not be succeeded, but I tried my best. However, surprisingly, I completed this portrait by only three days of work. This is one of the quickest portraits of mine. 

The right side of the sheet was empty for just to write down some lines about his charming look and the impressive smile. So I wrote this;

"Kim Num Gil, the one who is gazing at the world with a pretty smile have lots of smiles and joy throughout the life!"

I have a little knowledge about their language. I used google translator to translate it into Hangul. I am quite sure that it conveys the same idea that I wanted to tell. However, it may not be the case, I don't know. The sentences may be out of order because sometimes that's how translators work. This calligraphy should read from top to bottom and right to left as in old Chineseeese way.

I take this opportunity to wish a healthy and long life for Kim Num Gil! All the best for your future career!

All of my readers, be well and healthy! 

Wednesday, August 2, 2017

27: දොග්මන් සහ අල්න්චොන් රං: Deokman and Alcheo Rang

ආයුබෝවන්! (English version is given at the bottom)

තවත් ලස්සන පින්තූරයක් අරගෙන ආයිත් ආවා. මේ සැරේ අපූරු මල් වලින් ලස්සන මල් දෙකක් පිපී හිනැහෙනවා. හැබැයි, වෙනදට වඩා පොඩි වෙනසක් තියෙනවා. මෙච්චර කාලයක් මම සිත්තම් කලේ කළු සුදු රූපනේ. මේ සැරේ තව පියවරක් ඉස්සරහට තියලා වර්ණවත් චිත්‍රයක් අඳින්න කල්පනා කළා. මේක මට එකපාරටම ආපු අඳහසක් නෙවයි. කාලයක් තිස්සෙ මගේ හිතේ තිබුන දෙයක්. මම මීට මාස දහයකට විතර කලින්, ඒ කීවෙ 20: යුන් සි යුන් Yoon Si Yoon චිත්‍රය අඳින කාලේ, මගේ හිතට ආවා ඒක කරන විදියක් එහෙමත්. කොහොම නමුත් මගේ අඳහස සාර්ක්ථකව ක්‍රියාවට නැගුනේ මේ අද කථා කරන චිත්‍රයෙන් තමයි. මේ සැරේ ඇන්ඳේ 'සියොන් ඩෙඔක් රැජින' (선덕여왕 ) කියන කොරියන් ටෙලි  කථාංගයේ එන චරිත දෙකක්: දොග්මන් (덕만) සහ අල්චොන් රං (알천 랑). ඒක හරි ලස්සන කථාවක්. ජාතික රූපවාහිනියෙත් මේ කථාව විකාශය කරලා තියෙනවා ජනහිතකාමී රැජිණිය නමින් 2015 වසරේ.

මේ තියෙන්නේ මම ඇඳපු පින්තූරෙ. හෝව් හෝව්, ඊට කලින් බලලා ඉන්නකෝ මම මේක සිතුවම් කරන්න භාවිතා කරපු මුල් පින්තූරෙ


මේ දෙන්නා රජ වාසලේ වැඩ කරන සොල්දාදුවෝ දෙන්නෙක්. දොග්මනා පුහුණු වෙන සොල්දාදුවෙක් (නිල් පාට). අල්චොන් කහ පාට කන්ඩායමේ නායකයා. එයාලගෙ මේ ඇඳුම්ල්වල ලස්සන පාට ගැලපුම නිසා තමයි මට මේ පින්තූරය වර්ණවත් ලෙස නිර්මාණය කරන්න ඕනි උනේ. ඔය දෙන්නගෙන් එක්කෙනෙක් ගෑණු ළමයෙක්. හිතා ගන්න පුළුවන්ද කොයි කෙනාද කියලා?  අනිත්කෙනා ටිකක් ගැහැණු ළමයෙක් වගේ ගතියකුත් තියෙනවා. ඒ නිසා මේ දෙන්නම ගැහැණු ඇඳුමින් සැරසුනොත් කව්රුත් රැවටේවි දෙන්නම ගෑණු ළමයි කියලා. ටිකක් හොඳින් අධ්‍යනය කලොත් කියන්න පුළුවන් මෙන්න මෙයා නම් අනිවාර්‍යෙන්ම ගෑණු ළමයෙක් තමයි කියලා. ඒ උනාට, අපි දන්නේ නැත්නම් මෙයා මේ ගෑණු ළමයෙක්, එයා පිරිමි ඇඳුමක් ඇදන් ඉන්නේ කියලා අපි කීයටවත් අවිස්සාස කරන්නේ නෑ එයා ගෑණු ළමයෙක් වද්දෝ කියලා. මොකද අපි එයා දිහා බලන්නේ පිරිමිකෙනෙක් කියන හැගීම හිතට දාගෙන. මම මෙහෙම කියන්නේ මගේ අද්දැකීමන්.

මේකයි උනේ, මම මීට වසර ගනණාවකට කළින්, ටෙක්සස් ටෙක් විශ්ව විද්‍යාලයේ, උපාධි අපේක්ක්ෂක ළමයිට ගණිතය ඉගැන්නුවා. මගේ පංතියේ හිටිය ළමෙක්, මම විතර උස ඇති, මෙක්සිකානු ළමෙක්, පිරිමි ළමෙක්, දවසක් බ්ල්වුස් එකක් ඇඳගෙන ඇවිල්ලා පංතියේ වාඩිවෙලා ඉන්නවා. මට දැන් හිතා ගන්න බෑ, හිනත් යන්වා.

"කවුද බොලේ මේ ළමයා? "
"මේ වගේ ගෑණු ළමෙක් මගේ පංතියේ හිටියෙ නෑනි."
"අර කොල්ලා නේද මේ කෙල්ක්ලෙක් වගේ ඇදන් ඉන්නේ?"
"වෙන ළමෙක්ද දන්නෙත් නෑ."
"ඇත්තටම මේ පිරිමි ළමයෙක්ද? ගෑණු ළමයෙක්ද?"
"අර පිරිමි ළමයමද මේ, එක්කොත් වෙන ගෑණු ළමයෙක් වෙන්න ඇති"
"නෑ නෑ ඒ පිරිමි ළමයම තමයි"

මුළු දේශනය පුරාවටම මෙන්න මේ වගේ ප්‍රශ්න රැළක් ආවර්ත්ථිතව හිත තුල රැව්පිලි රැව් දුන්නා. හිනත්ව යනවා අප්පා. උගන්නන්න ගිය එකත් අමතක වෙනවා මේ ළමයිගෙ කෝලම් වැඩ නිසා. ඔන්න ඔහොමයි ඉතිං ඇමරිකන් ළමයි. නිදහස තියෙන නිසා එයාලට හිතෙන හිතෙන ඒවා කරනවා.

ඒ කථා ඇති දැන්. අපි මේ චිත්‍රය ගැන පොඩ්ඩක් කථා කරමුකෝ. මේ චිත්‍රය පාට කළේ ටිකක් වෙනස් විදියකට. මේ සඳහා මම භාවිතා කළේ; දිය සායම්, පාට පැන්සල්, මේකප් පවුඩර්, සහ ගල් අඟුරු පැන්සල්. ඇත්තටම කියනවා නම්, දිය සායම් පාවිච්චි කලේ දිය නැතිව. ඒ කිව්වේ වතුර රහිතවා.

"ඒහෙම පුළුවන්ද?"

මොකද බැරි, අපි ඕනි තරම් චිකන් ෆ්රයිඩ් රයිස් කළා තියෙනවනේ චිකන් නැතිව. ඒ වගේ තමයි මේකත්. දිය සායම් භාවිතය මට තාම හරියට බෑ. ඒ නිසා, මම සායම් ටික අරගෙන කුඩු කරලා, පවුඩර් එකක් කරගෙන, ඒක තමයි භාවිතා කළේ. මම එහෙම කරේ මොකද කියනවා නම්, පවුඩර් විදියට තියෙන පාට පින්සලක් ආධාරගෙන් භාවිතා කරන එක මට හරී හුරු පුරුදුයි. ඒ නිසා ,මගේ ලඟ තියෙන දේවල් මම දන්න විදියට, මට පුළුවන් විදියට ප්‍රයෝජනයට ගත්තා. 

මෙ චිත්‍රයේ ගොඩක් අඩුපාඩු තියෙනවා. කොටසින් කොටස අඳිනකොට, වැරදි අඩුපාඩු සිද්ද වෙනවා. පස්සේ, චිත්‍රයේ අනිත් කොටස් එක්ක සාපේක්ෂව බලනකොට තමයි ඒ වැරදි පේන්නේ. එතකොට ඉතින් ආයෙ මකලා, ආයෙ හරිගස්සනවා. කහපාට ඇදුම ඇදන් ඉන්න කෙනාගෙ, ඇස් දෙක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි, ඒක දැනුයි දැක්කේ. ඉතින් ඒක හරිගස්සන්න ඕනි. ඒක හැදුවම තව එකක් පෙනේවි, ඊ ලඟට තව එකක්. වැරදි පේන එකේ ඉවරයක් නෑ. එහෙම කරනකොට කරනකොට වෙලා යනවා. වැරදින්නැතිව එක පාරම හරියට අඳින්න පුළුවන් විදියක් දන්න කෙනෙක් ඉන්නවා නම්, මටත් කියන්න. 

මේ චිත්‍රයේ මට ඇඳ ගන්න අමාරුම උනේ, කහ පාට ඇදුම ඇදන් ඉන්න අල්චොන්ගෙ හිසේ බැදන් ඉන්න පටියෙ තියෙන කැටයම. ඒක හරියෙට අවෙම නෑ. එයාගෙ යුද ඇදුමේ, දාර වටේට ලස්සන සුදු නූලක් යනවා. ඒක තමයි වරදියටම ඇන්ඳෙ.

මේ විස්තර ඇති. තව චිත්‍රයකි නැවත හමුවන් තුරු ජයෙන් ජය!

I am too lazy to write it in English. In summary, I drew portraits of characters Deogman and Alcheo Rang from the Korean TV series, "Queen Seok-Deok". Both of them are in old Korean soldier suits. However, one of them is a lady. Can you recognize who? Isn't it difficult to identify? However, if both of them were dressed in women clothing, all of you will say they are ladies ha ha ha.



I used charcoal pencils, water colors, foundation powders and color pencils to color these two portraits. Actually, water colors were used without water. It's like eating chicken biriyani without chicken. The thing is I am not confident enough to use water colors. Therefore, I chopped the colors and make a powder and used the powdered version, which I am good at. 

Hope you enjoyed it.

See you next time. 

Sunday, July 2, 2017

26: අපේ තාතිතී: My father

ආයුබෝවන්!

ගොඩාක් කාලෙකට පස්සෙ මට පුළුවන් උනා චිත්‍රයක් ඇඳගන්න. පහුගිය මාස කීපයේම ගොඩාක් වැඩ වැඩි උන නිසා මොනාවත් කර ගන්න බැරි උනා. කොහොමහරි අන්තිමේදි මම අපේ තාත්තාගේ චිත්‍රයක් ඇන්ඳා.

අපේ අම්මියි, මමයි, අයියයි වගේ නෙවෙයි, අපේ තාත්ති ගොඩක් උසයි එයාල පවුලෙ අනිත් අය වගේ, ඒ වගේම කඩවසම්. ඉස්සර, අපේ ගෙදර ඉස්සරහ මිදුල ඉවර උනේ ගල් වැටියකින්. එතනින් එහා පැත්තෙ තිබුනේ අපේ දෝණිලාගෙ වත්ත. මම ඔය කියන හරියෙ තිබුනා පීචස්/ පීච් ගහක්. අපේ තාත්ති පුරුදක් විදියට හවස වැඩ ඉවර වෙලා ගෙදර ආවම, තේ එකක් එහෙම බීලා හවස් වෙන්න කඩේ පැත්තෙ ගිහින් එන්න යනවා. මම පුංචි කාලේ, ඒ කීවෙ මීට අවුරුදු විසි පහකට විසි හතකට විතර කලින්, හවසට කඩේ යන කොට මාව එක්ක යනවා ගෝල් ෆේස් එකට, ඒ කීවෙ මම අර කලින් කියපු පීච් ගහ තියෙන හරියට. ඉතින් මාත් තාත්තිගෙ සුලඟිල්ලෙ එල්ලිලා ගිහින් දෝණිලා වත්ත දිහා බලන් ඉන්නවා. ඒක තමයි මම දැකපු ගෝල් ෆේස් එක. ඉතින් අපේ තාත්ත්තිත් අපේ ආච්චි වගේ නිතරම විනෝදෙන් හිටියෙ, සිංදුවක් එහෙම කියගෙන තමයි යන්නෙ. කොහොම හරි ඔය පීච් ගහ ලඟ ඉන්නකොට දවසක් මට හිතුනා

"අනේ දවසක අපේ අම්මියි තාත්තියිත් මියදෙනවනේ, අනේ එදාට මම කොහොමද මේ ලෝකෙ ජීවත් වෙන්නෙ?"

කියලා. අනේ එයාලට හැමදාම අපිත් එක්ක ඉන්න පුළුවන්නම් කොච්චර හොඳද? ඒත් මොන කරන්නද අපි කවුරුත් මැරෙනවානේ. අපේ තාත්ති මියදිලා දැන් වසර තුනක් වෙනවා. එත් එයා හැමදාමත් අපේ හිත් වල ජීවත් වෙනවා. මේ බලන්නකෝ මම ඇඳපු චිත්‍රය. අනේ මට මේක තාත්තිට පෙන්නන්න පුළුවන් උනානම් එයා ගොඩාක් සතුටු වෙයි.




මේ චිත්‍රය අඳින්න මම බාවිතා කරපු පින්තූරය මෙතනින් බලා ගන්න පුළුවන්. මේ චිත්‍රයේ විතරමයි මම මගේ නම සටහන් කලේ.

අපේ තාත්ති මොන වගේ කොනෙක්ද කියලා ඇහුවොත් මට මේ නිසදැසින් උත්තර දෙන්න පුළුවන්. කියවලා බලන්නකො. 

නිරතුරුවම හිනා වෙච්ච
සිනා කැන් මුව පුරවා ගත්ත
මෘදු වදනින්
විහිළු කතා වලින්
පිරෙව්ව හැමෝගෙම හිත් තුටින්
වගේම තාත්තිගෙ හිතත්
සතුටින්........
කවුරු මොනා කීවත්
රිදෙව්වෙ නෑ සිත් කිසි විටකත්
සංග්‍රහ කලා ප්‍රිය වචනයෙනුත්,
ඉතිං
මිතුරන් උන්නා බොහෝ පිරිසක්
ආදරෙන්,
ඒ විතරද
ගත කලා හරිම නිදහස් ජීවිතයක්
පිරිල තිබිච්ච සුවපහසුව හැමදාමත්.......
උනත් හරි සරල ජීවිතයක්
උනා එක අරුත් වටහා ගත්තු එකක්
ඒ වගේම 
තාත්තී ආරාධනා කලා මටත්
ජීවත් වෙන්න කියා සතුටින්
සිනාවෙන් මුව සරසන්
මොන දුක් දොම්නස් ආවත්.....
අපේ තාත්තිට 
ආදරේ කලා හැමදෙනාමත්
මොකද කීවොත්
එයාගෙ හදවත හරිම හොඳ එකක්....
අපිට හැකි උනා
ලඟා කර දෙන්න තාත්ති
බලාපොරොත්තු වෙච්ච හැමදේමත්
ඉතින් ඒ නිසාමද මන්ද 
ආශිර්වාදයක් උනා
එයා අපි කාටත්
හැමවිටකත්......
තේරුම්ගන්න බැරි වෙච්ච 
හුඟාක් දේ
පැහැදිලි කර ගන්න
උදවු උනා තාත්තී
ජීවත් වෙලා ඉන්නැද්දී
වගේම
නිහඬ වෙලත්......

තාත්තී මට නිතරම කියපු දෙයක් තමයි හින වෙලා සතුටින් ඉන්න කියන එක. ඉතිං එයා අපි අතරින් ගිය දා මම කදුලු සලා ගෙදර එනකොට මට ඒක සිහි උනා. ඒ නිසා මම කොහොමහරි නොහඩා ඉන්න උත්සහා කලා. තාත්තී ඔයා අපේ හිත් වල හැමදාම ඉන්නවා. අපි ඔයාට ගොඩාක් ආදරෙයි.

Hi Guys,

This is my father's portrait. the following free verse is about him. 

The one who always smiled
And lived pleasantly at all
With a soft talk
And cheerful jokes
Pleases everyone
As well as himself
With joy......
No matter what comes to him 
Almost everytime
No hurt rather welcomes
From him....
My daddy's
Witty conversation
Attract thousands of people
And make them closer friends
With love
Make enriched his life
With delight....
Comfort he looked for
Simplicity he valued
Freedom he admired
Make his life
Meaningful
All the time....
My loving dad
invited me to be 
Relax and joyful
With full of smiles
In harder times as well....
Our father,
Who becomes
A benediction to us
All the time
Was happy
Since we could
Make true
His wishes....
Valuable concepts 
With a deep meaning
In the life
Was easy to understand
With my father's guide
Even about the death......

Sunday, March 26, 2017

25: සජීවී මල්

ආයුබෝවන්!

මේ සැරේ වෙනස් ආරෙක සිතුවමක් අරන් ආවා. අපි ඒක බලලාම ඉමුකො.






මම මේ නිර්මාණය කරන්න භාවිතා කළේ විළයපු මල් පෙති. විශේෂයෙන්ම රෝස සහ සීනියාස් මල් පෙති. මේ නිර්මාණය කරන්න යොමු උනේ ඇයි කියලා කියනවා නම්, ඒක සිද්ද උනේ මෙන්න මෙහෙමයි. මගේ කාර්‍යාලයේ තියෙනවා පුංචි මල් පොච්චියක්. මම හැමදාම වගේ මල් දෙක තුනක් ඒකට ගෙනිහින් දානවා. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙත් මම මේ වැඩේ කලා. පන්තියේ ගුරු මේසෙ තියෙන මල් පොච්චියට අමතරව මගේම කියල පුංචි මල් පොච්චියක් තියාගෙනයි හිටියෙ මම ඒ කාලෙ. 

මම මල් වලට ගොඩාක් ආසයි. ඒ මල් පෝච්චිය දකින හැම වෙලේම මගේ සිත ඉතා උද්‍යෝගමත් වෙනවා. සමහර වෙලාවට මම කාර්‍යාලයට යද්දී, කලින් දවසෙ ගෙනා මල් පරවෙලා ගිහින්. හරි පුදුමෙ කියන්නේ, ගොඩාක් වෙලාවට ඒ මල් පරඋනාට ඒවගෙ යම්තාක්ට දුරට ඒ ලස්සන පාට ඉතිරිවෙලා තියෙනවා. ලංකාවෙදි මම ඒවන් දෙයක් උනා කියලා මට මතක නෑ. ඉතින් මට හිතුනා, ඒ මල් පෙති වියළුවා නම් ඒ මල් පෙතිවල පාට ඒ විදියටම තියේවි කියලා. එහෙම තමයි මේ නිර්මාණය කරන්න මුල පිරුවෙ. 

පහුගිය ටිකේදි මම ගෙදරදිත් මල් පෙති වියළන්න පටන් ගත්තා. අර සීනියාස් මල් හතර්ක් තියෙන්නේ, ඒවා මගේ මල් වත්තෙන්රෝ. සපාට රෝස මල් දෙක කාර්‍යාලයේදි වියළපුවා. අනිත් රෝස මල්, සනත්ගෙ අම්මයි තාත්තයි ගෙනත් දුන්න මල් වලින්. අපේ අම්මිත් උදව් කලා මල් පෙති වේළන්න. ඉතින් එයාල ඔකොටමත් පිං සිද්ධ වෙන්න කියලා මම මේ නිර්මාණය කරන්න පටන් ගත්තා. සනතුත් ගොඩක් උදවු කලා. එයා තමයි ගම්බාර දෙවිය වෙලා ගම් ගාලා දුන්නේ. 

මම මුලින්ම කලේ කොලේ මැද ඉඩ ඉතිරි කරලා, වටේට මල්  අලවපු එක. මල්ම විතරක් තියෙන නිර්මාණයක් කළොත් ඒක එච්චර ලස්සන වෙන එකක් නෑ කියලා හිතුනා. ඒ නිසා මැද කොටසට අර්ථවත් වදන් පෙළක් ලේඛනය කරන්නට කල්පනා කලා. මොකද්ද ලියන්නේ කියලා හිතන කොටම, මට මතක් උනේ අපේ ආච්චිලා ගෙදර බිත්තියේ එල්ලලා තියෙන වදන් පේළි. මම දන්න කාලෙ ඉදන් ඒවා තියෙනවා. අපේ අම්මා කියන විදියට, අම්මලා පොඩි කාලෙත් ඒක තිබුනලු. අපේ අම්මි කියන විදියට, සීයා මීට වසර 70කට විතර කලින් තමයි ඒ දෙක කරවලා තියෙන්නේ. සීයගෙම අදහස්. අනේ අපේ තාත්තා හිටියනම් හරියටම කියාවි සීයා ඒවා කලේ කොයි කාලෙද කියලා. 

ඒං ඒවගෙන් එකක් තමයි මම මේ නිර්මාණයේ ලේඛනය කළේ. මම මගේම වදන් පේළි කීපයකුත් නිර්මාණය කලා. කොහොම උනත්, ඒ එකක්වත් සීයගෙ ඒවා එක්ක ලඟවත් තියන්න බෑ. ඒව ගැන මම වෙනත් ලිපියකින් කියන්නම්කෝ. මට මතක විදියට සහ අපේ සලිත කියන විදියට සීයා ලියලා තිබුනේ;

"සඵලත්වය පිළිබඳ රහස නම්, නොකම්මැලිභාවයත්, පමණ දැන ක්‍රියා කිරීමත්, පිරිමසා ක්‍රියා  කිරීමත් යන තුනය." කියලා.

සරළව කීවත්, එහි අර්ථය නම් හරිම ගැඹුරුයි. අපේ සීයා, වගේම අපේ තාත්තත් ඒ කියලා තියෙන විදියට ජීවත් වුනා. දැන් ඉතින් තියෙන්නේ අපිටත් ඒවගේ ජීවත් වෙන්න.

මේක මගේ පළමු විචිත්‍ර අක්ෂර කලා නිර්මණය. මේක කරන්න කලින් මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනා, මොකද්ද මේ විචිත්‍ර අක්ෂර කලාව නැත්නම් අභිලේඛන විද්‍යාව කියලා කියන්නේ. ඇයි මිනිස්සු ඒ පිළිබඳව වෙනමම් ඉගන ගන්නේ කියලා. මම හිතුවෙ ඒක හරිම පහසු දෙයක් කියලා. මම අකුරු අඳින්න ගත්තාට පස්සෙ තමයි තේරුණේ ඒක කොච්චර අමාරු දෙයක්ද කියලා. මුලින් පැන්සලෙන් අකුරු චිත්‍ර කරලා. පස්සෙ ඒ උඩින් පෑනෙන් ලීවා. පැන්සලෙන් අඳින එකට උනත් මාර ගේමක් දෙන්න උනා. සිංහල අකුරු ලස්සනට ලියන්නේ කොහොම කියලා මුලින්ම අධ්‍යනය කළා. ඊට පස්සේ මට ලියන්න ඕනෙ අකුරු වල ප්‍රමාණය, සහ අනුපාතයන් තීරණය කරලා, අඩි කෝදුවෙන් රූල් ගහලා තමයි අක්ෂර චිත්‍ර කලේ. ඒක හරි ආස හිතෙන වැඩක් අප්පා. 

විචිත්‍ර අක්ෂර ලියන්න මම ඉස්සර ඉදලා හරි කැමතියි. මම කැමතිම අකුර තමයි "ණ" අකුර. ඒක තමයි මට ලස්සනටම ලියන්න පුළුවන් අකුර. මේ නිර්මාණයේ ඊලඟට මම කැමති අකුර තමයි "ස", "ම" අකුරටත් කැමතියි. එපාම චෙච්ච අකුර තමයි "ක". "ර" යන්න තමයි ඔක්කොටම වඩා එපා උනේ. "රි" යන්න එහෙම ලියන්න තේරෙන්නෙම නෑ. කොහොම නමුත් මට ඉගන් ගන්න ගොඩාක් දේ තියෙනවා. විචිත්‍ර අක්ෂර කලාව දන්න අය ඉන්නවා නම් මට ඒ ගැන කියා දෙන්න. තව ඉදිරියට නිර්මාණ කරන්නත් බලාපොරොත්තු ඉන්නේ.

මේ නිර්මාණයේ ගොඩාක් අඩුපාඩු තියෙනවා, මම දන්නවා. මල් පෙති වේළන එක ගැනත්, ඒවා කල් තබාගන්න විදිය ගැනත් දන්න අය ඉන්නවා නම් මට ඒ  ගැන උදව් කරන්න. 

මම ලියපු අකුරු වල ප්‍රමාණය තව ගොඩක් ලොකුවෙන්න ඕනි කියලා හිතෙනවා. සීයගෙ ඒක කරවලා තිබුනේ A5 වගේ ප්‍රමාණයේ කොලේක, පොල් ගෙඩි අකුරු වලින්. චිත්‍රයක් වත් මොකක්වත් නෑ අකුරුම විතරයි. ඒක මගේ හිතට ගොඩාක්ම වැදිච්ච එකක්. මට දැන් තමයි තේරෙන්නෙ ඒක තමයි හරිම ක්‍රමය කියලා. දැන් ඉතින් මොකද කරන්නේ, මම මේ නිර්මාණය කරලා ඉවරයි නේ. මේ වගේ ඔයාලටත් පේන අඩුපාඩු පෙන්නලා දෙන්න.

ස්තුතියි.
මෙත්මා
2017 03 26

Welcome my friends. I am here with my latest creation. It's a Sinhalese calligraphy surrounded by pressed natural flowers. 



I create it with Roses and Zinnias petals which pressed at my office and at my home. First of all, I would like to thanks my mom, Sanath's mom and dad for helping me collecting flowers, and pressing them. Sanath is the one who glued them for me. Zinnias are from my garden. 

What's calligraphy in this is a creation of my grandfather, Rajamuni Dewayalage Madiris. According to my mom, he did it when he was young, probably about 70 years ago. This is what is says,

"Three secrets of the success are being active, work within the limit, and being economical."

It's simple but meaningful, isn't it? This Sinhalese calligraphy has been hanging in our grandparents home for a very long time. When I was little, I had no idea what it says. Later on, I figured it out.  My grandparents and my presents lived according to that. Now, it's out chance. I believe that it's a good way to live. Grandfather, I am proud to be one of your granddaughters. 

This is my first calligraphy, I know there are so may mistake here and there. The biggest thing is latter size is too small. Please point out what you see. You can give me some suggestions as well. 

Thank you.

Sunday, February 26, 2017

24: Two pots


ආයුබෝවන්! (The English version is given below)

මේ තියෙන්නේ මගේ පළමු ඇක්‍රිලික් පින්තාරුව. මේ නිර්මාණය කළේ 12' x 12' කැන්වස් එකක. 



මේ වැඩේටනම් වැඩි වෙලාවක් ගියේ නෑ. මුලින් පසුබිම් වර්ණගන්වලා, එය වේලුනාට පස්සෙ, කළ දෙකයි, බූමරංගයයි, සමනළයයි, ඉරයි සිතුවම් කලා. ඒ සියල්ලක්ම සිතුවම් කලේ එක් එක් ප්‍රමාණයේ තිත් සමුදායකින්. තිත් වලින් හැඩ තල නිර්මාණය කරන අදහස මට ආවේ ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ජන කොට්ටාසයක් වන ඇබොරිජිනල් වරුන්ගේ සිතුවම් වලින්. තිත් සහ නොයෙකුත් හැඩතල භාවිතයෙන් ඔවුන් ඉතාමත් අලංකාර නිර්මාණ කරනවා. ඔවුන් නිරූපණය කිරීමට තමයි මම බූමරංගයක් මේ නිර්මාණයට එකතු කලේ. කළ දෙක තමයි මට ප්‍රධාන වශයෙන්ම සිතුවම් කරන්න ඕනි උනේ. මේ සිතුවම කරනකොට මට මතක් උනා අපි පොඩි කාලෙ චිත්‍ර ඇඳපුවා. ඒ දවස්වල අපි ඇඳපු හැම චිත්‍රයකම ලස්සනට ඉර පායලා තිබුනා. ඉතින් ඒ මතකයන් අවදි වූ නිසා, මේ චිත්‍රයෙත් ලස්සන ඉරක් පායලා තියෙනවා නම් හොඳයි කියලා හිතුනා. කොහොම නමුත් ඉරක් නම් පායලා තියෙනවා, ලස්සනක් නම් නෑ. සමනලයෙකුත් හිටියොත් හොඳයි කියලා හිතුනා නිසා, සමනලයෙකුත් තිත් කරල දැම්මා. 

මේ සිතුවම ගැන මොකද හිතෙන්නේ? මම දන්නවා මේකෙ අඩුපාඩු ගොඩාක් තියෙනවා. පසුබිම ගැන කථා කලොත්, පසුබිම් වර්ණ පැතිරීම ඒකාකාරී නෑ, තැනින් තැන වර්ණ කැටි වෙලා, සමහර තැන් ලාපාටයි, මසමහර තැන් අඳුරුයි. පින්සල් පාරවලු පේන්න තියෙනවා. මගේ මිතුරිය ආංචල් නම් කීවේ පින්සලට තීන්ත ටිකක් වැඩිපුර අරගෙන, හරහට හෝ ඇල අතට, මැද නවත්වන්නෙ නැතිව එකම පින්සල් පාරකින් තීන්ත ආලේප කරන්න කියලා. එහොම නැතුව මග නැවැත්තුවොත්, එතන තීන්ත කැටියක් එකතු වෙලා, කැටිගැහෙනවා කියලා. මේ චිත්‍රයේ තියෙන ප්‍රධාන නොගැලපීම නම්, පසුබිම් වර්ණය බෙහෙවින් අඳුරු පැහැ නිසා හැඩතල ඈතට අඳුරන්න අපහසු වීමයි. මේ වගේ අඩුපාඩු තව බොහොමයක් ඇති, ඒවා මට පෙන්නලා දෙන්න, ඒවගේම, ඒවා හදාගන ක්‍රමයක් දන්නවානම් ඒවත් කියලා දාන්න. 

මට, ඇක්‍රිලික් වර්ණ ගැනත්, තෙල් සායම් ගැනත්, පළමු දේශනය දුන්නේ මගේ මිතුරු සෝරෝ ගුප්තා. ඉතින් මම කැමතියි මේ වෙලාවෙ එයාට නැවතත් මගේ ස්තුතිය පුද කරන්න, මට දුන් සහයෝගයට.

ස්තුතියි.

Welcome

This is my first acrylic paint on canvas (12'x 12'). First of all, I would like to thank my first teacher Sourav Sengupta whom I learned about acrylic and oil paintings.



I wanted to make a simple painting with some objects in a plain background. So I painted two pots, a boomerang, a butterfly, and the sun. Every object in this small painting is painted with several sizes of dots. After watching several aboriginal artworks, I though it's not difficult, so I want to make a one as well. They make masterpieces which are very diligent with dots and shapes. Since this artwork is influenced by aboriginal arts, I drew a boomerang to represent them. Beside the main objects (two pots), I dotted the sun and a butterfly to make it less sparse.

What do you think about it? I know there are lots of defects and mistakes all around, especially in the background and even in the objects. When talking about the background, color smudging is so poor, some places are light and some places with dark dots, even the brush strokes are visible. My friend Anchal, suggested me do draw a full stroke from left to right or in a diagonal direction without a stop in between. The second thing she mentioned is to apply few layers. Thanks, Anchal I will keep them in the mind. Can you please point out the mistakes and defects you can find too and give me some suggestions to overcome them? I really appreciate it. 

Thanks.  

Sunday, February 5, 2017

23: ආංචල් සරීන්: Anchal Sareen

ආයුබෝවන්! (English version is given bellow)

මේසැරේ අපූරුවට පිපුණු මල තමයි මගේ ආදරණීය මිතුරිය, ආංචල් සරීන්.  මම කාර්‍යාලයට (ඕස්ට්‍රේලියාවෙ) ආවට පස්සෙ, මුලින්ම මාර්ක් (මගේ ඇදුරු තුමා) මට අදුන්නලා දුන්නේ ආංචල් සහ ශාන්තනු. එයාලා මගේ යාළුවෝ උනා. ඒ කොහොම වෙතත් මම ආංචල්ට වඩාත්ම සමීප උනේ මගේ උපන්දිනය දවසේ. එයා මගේ උපන්දිනේ දවසේ මාව ගොඩාක් සතුටින් තිබ්බා. එයා ගොඩාක් හොඳ ගතිගුණ  තියෙන කෙනෙක් කියලා මම දැනගත්තෙ එදා. 

අපි දෙන්නම අපේ ආචාර්‍ය උපාධියෙන් උත්තර හොයන්නේ එකම ප්‍රශ්නයකට. නමුත් ක්‍රම දෙකකට; එයා ප්‍රායෝගිකව, මම  සංඛ්‍යාත්මකව. ඉතින් අපි දෙන්නා නිතරම වගේ දවස ගෙවන්නේ එකට. ඉතින් මම ආංචල්ට දිනෙන් දිනම ලං වුනා. ඒත් එක්කම එයාගෙ හොඳ ගතිගුණ ගොඩාක් දැන ගන්න පුළුවන් වුනා. එයා ගොඩක් කාර්‍යශීලී කෙනෙක්, ඒ වගේම නිතරම ලස්සනට හිනා වෙලයි ඉන්නෙ. එයාගෙ මම දැකපු විශේෂත්වය නම්, එයාගෙ ලඟ ඉන්න අයට එයා ගොඩාක් ආදරෙන් ඉන්න එක ඒවගේම ඒ අයට විශේෂ සැලකිල්ලක් දක්වන එක. එයා මට ගොඩාක් උදව් කරලා තියෙනවා. එතින් මේ චිත්‍රය ඇන්ඳ එයා සතුටු කරන්නයි.

මම කාර්‍යාලයේදි ජංගම දුරකතනයෙන් ගත්ත, එයා පැත්තක් බලාන ඉන්න මේ පින්තූරෙ තමයි මම මුල් කරගත්තෙ මේ චිත්‍රය අඳින්න. බලන්නකෝ මේ සැරේ මම කොච්චර සාර්ථක වෙලාද කියලා.




මට පුළුවන් උපරිමයෙන්ම මම උත්සාහ කලා එයාගෙ ලස්සන මැකෙන්නෙ නැති වෙන්න චිත්‍රෙ අඳින්න. මම හිතනවා සෑහන දුරට හොඳින් ඒයාව චිත්‍රයට නගන්න පුළුවන් උනා කියලා. 

මේ චිත්‍රයේ මම වැඩිපුරම සතුටු ඇහි බමට. පැන්සල හොඳට උල් කරලා, ඇහි  බැමේ තියෙන රෝම කූප එක එක වෙන වෙනම ඇන්ඳා. ඒකෙන්  හරි ලස්සන නිමාවක් ගන්න මට පුළුවන් උනා. එයාගෙ නාසය ගැනත් සතුටුයි. හොඳ තාත්වික බවක් තියෙනවා නේද? සුන්දර සිනාවකින් සැරසුණු මුඛය සිතුවම් කරද්දි මම ගොඩාක් පරිස්සම් උනා. ඉතා සියුම් ලෙස ඇගේ දත්, විදුරුමස, සහ තොල් වර්ණ ගැන්වූවා. දත් පෙනෙන්න තියෙන මුඛයක් සිතුවන් කරන එක හරිම අපහසු කාර්‍යක්. මන්ද යත් එක් එක් දත වෙන වෙනම අධ්‍යනය කර, ඒවාගේ හැඩය සහ ප්‍රමාණය ඒවිදියටම තිබෙන ආයුරින් ඒවා සිතුවම් කලයුතු නිසා. උඩු ඇන්දේ දත් දීප්තියෙන් වැඩියෙනුත්, යටි ඇන්දේ දත් ටිකක් අඳුරු ගතියෙනුත් යුක්ත වෙනවා. ඒ වගේම කටේ කොන් දෙක වඩාත් අඳුරු ගතියෙනුත්, යටි තොලේ මැද හරිය දීප්තිමත් ගතියකිනුත් යුක්ත වෙනවා. ඒවගේම විදුරුමහ තොලට වඩා අඩු වර්ණයෙන් යුක්තයි. විදුරුමහේ ස්වභාවය තොලට වඩා ගොඩක් වෙනස්. මම හිතනවා මේ සිතුවමේ ඒ වෙනස මනාව පිළිබිඹුවෙලා තියෙනවා කියලා. 

ආංචල්ගේ ඇදුමත් මනා ලෙස සිතුවම් කරන්න පුළුවන් වුනා. මුල් කාලයේදි ඇදුම අඳින එක මට ටිකක් අපහසු උනේ, එහි ස්වභාවය ගැන නිසි අවබෝධයක් නොතිබුනු නිසයි. ඒ නිසා මම ඇදුම් වල ස්වභාවය පිළිබඳව ගොඩාක් අධ්‍යනය කලා. ඇදුම් වල නැවුම් සිතුවම් කරන්න පුහුණු වුනා.   

චිත්‍රය ගැන කියන්න තවද් දෙයක් තියෙනවා. මේ චිත්‍රය හරි ඉක්මනට මට ඇඳගන්න පුළුවන් උනා. ඒත් ඒක ඇඳලා බලද්දී ඒ රූපය ආංචල් වගේ පේන්නෙම නෑ. මට හෙන අවුල්. මම ගොඩක් බය උනා, දැන් මොකද කරන්නේ එයා වගේ ආවෙ නැත්තං කොහොමද මම මේක එයාට පෙන්නන්නෙ???? මගේ සිතුවම මේසෙ උඩ තියලා මම ඒකදිහා බලාගෙන හිටියා, ගොඩාක් වෙලා. ඒතකොට මට තේරුණා එයාගෙ මූණ ටිකක දිග වැඩියි කියලා. බැලින්නං එයාගෙ යටි තොලත් නිකටත් අතර දුර සෙන්ටිමීටරයක් විතර වැඩියි. ඒක හරිගැස්සුවා විතරයි මෙන්න මේ රුපය ආංචල් වගේ පේනවා. බලන්න එකම එක මිම්මක වෙනස නිසා චිත්‍රයක් සම්පූරණයෙන්ම විකුර්ති වෙන විදිය.

සනත් මේ චිත්‍රය දැකලා කිව්වා
"ඔයාට දැන් ගොඩාක් ලස්සනට අඳින්න පුළුවන්. ඔයා ගොඩාක් දියුණුවෙලා" කියලා.

තවත් චිත්‍රයකින් හමුවෙනතුරු සැමට ජය!

ඔයාල හිතන්නෙ එයා කන්නාඩි දාන කෙනෙක්ද? දාන් නැති කෙනෙක්ද?


Welcome 

The latest flower broom from apoorumal is my loving friend, Anchal Sareen. She, Shantanu and Farah are the first friends I made once I came to Australia. They became good friends of mine with time. However, Anchal became a very close friend of mine from my birthday. She did a lot of things to make me happy on my birthday, I will never forget them. I got to know what a beautiful person she is, from that day onward. 

I and Anchal work on the same research problem for our PhDs. But, in two different methods, she is searching the answer practically from a water channel, while I am searching it Numerically from a computer. I mean, I am spending a lot of time with her. I discuss all kind of staff with her; personal problems, research problems, friends problems, life problems, especially the meaning of our lives, and so on. She is a nice and energetic person who loves to smile all the time. What I like most about her is her care on others. She is a kind hearted person who loves to helps others. Precisely speaking, she loves and pays close attention to the people around her. Therefore, it is very comfortable when she is around. The best gift that I can ever give her is this portrait to show my sincere gratitude.

This is the photo that I  aided to sketch this portrait. Please make a comparison and give your comments on how much I have succeeded. 




I put my utter effort to sketch Anchal's portrait by preserving her beautiful smile. she is a very beautiful person like a Bollywood actress. I think I could succeed.

What I like most on this portrait are the eyebrows. I used a very harped charcoal pencil to draw hair one by one in eyebrows. It gave a nice finishing to the portrait. I have tried this several times, but could not succeed like this. I like the nose as well. Isn't it so realistic? I had to pay a close attention when sketching her mouth which engraved with her pretty smile. I shaded her teeth, the gum, and lips delicately. It is a challenge drawing a mouth with teeth. Because, each and every tooth needs to be studied carefully with its size, shape, and color, otherwise the portrait becomes evil by increasing my stress level. Teeth in the upper row are usually brighter than the lower row because the lower row set underneath the upper row. The corners of the mouth are comparatively dark and the middle part of the lower lip is lighter.  Moreover, the gum is lighter than the lips and its texture is different from the lips. I think the lips looks like lips and the gum looks like a gum in my portrait. 

I am also happy with the Anchal's T-shirt. Earlier, I could not draw and shade cloths properly due to the lack of understanding about its nature. So, I studied it and practiced drawing clothes with foldings several times. 

Oh yeah... there is another thing that I should really mention. When I first draw her portrait with a carbon pencil, it did not resemble Anchal. I was so upset about it. If it does not looks like her, how can I present it to her?????? But, there were no mistakes on her eyes or the nose or the mouth or hair. But still, it was very different from Anchal.  I was about to finish it and had no clue. So I kept it on my table and gazed it for a couple of minutes. I felt like hair face looks longer. Then, I realized that the distance from the mouth to the chin was too much. It was about 1cm lengthier. Surprisingly, once I fixed it the portrait resembled the Anchal's face. See, only one incorrect measurement can destroy the whole portrait.

Sanath praised my skill on sketching. He said
"Now you can draw very nicely my love. You have improved a lot. Its impressive" 

I am stopping here. My dear friend Anchal be healthier and happier!

I have a quick question for those who have not seen her. Do you think she wears specs or not?
  


Saturday, January 21, 2017

22: පග් බො ගුම් Park Bo-Gum


ආයුබෝවන්! (English version is given below)

ගොඩාආආක් කාලෙකට පස්සෙ ඔන්නෙ අදත් ආවෙ චිත්‍රයකුත් එල්ලගෙන. පහුගිය ටිකේ වැඩ අදික වීම නිසාත්, මේ සිතුවම නිම කරගන්න ටිකක් කල් ගිය නිසාත් මාස ගානක් යනතුරුත් මොකුත් ලියා ගන්න බැරිව ගියා. මම දිගටම ඇන්ඳෙ සිනා මුසු මුහුණුනේ, ඉතින් දවසක් මට හිතුනා එක් එක් ඉරියව්වලින් ඉන්නකොට මුහුණේ අවයව පිහිටන්නේ කොයි ආකාරයටද? ඒවැනි මුහුණු සිතුවම් කරන්නේ කොහොමද? කියලා බලන්න. ඒහි ප්‍රතිඵලය හැටියට තමයි මේ සිතුවම මම නිර්මාණය කලේ.

ඒ දවස්වල මම ආසාවෙන් නරඹපු Moonlight drawn by clouds කථාවේ ලී ය්‍යොන් (이영 ) චරිතයත්, Hello monster කථාවේ ජුං සුන් හො (정선호) නොහොත් ලී මින් (이민) චරිතයත්, Reply 1988 කථාවේ චොයි ථෙග් (최택) චරිතයත් නිරූපණය කල පග් බො ගුම් (박보검) රංගන ශිල්පියාවයි මේ සිතුවම කරන්න තෝර ගත්තේ. එයා ගොඩාක් දක්ෂ ඒ වගේම ආදරණීය රංගන ශිල්පියෙක්. විසි හතර වන වියේ පසුවන බොගුම් රංගන ක්ෂේත්‍රයට පැමිණ වසර පහක්ටත් අඩු කාලක් උනත් TvN Asia award (2016) ඇතුළු සම්මාන ගණනාවකටම හිමිකම් කියනවා. බොගුම්ගේ මම දකින විශේෂත්වය නම් එයා රඟපාන එක් එක් චරිතය එකිනෙකට ඉතාම වෙනස් ආකාරයට රගපෑමයි. කොතරම් වෙනස් විදියට ඒ චරිත නිරූපණය කරනවාද යන්න කියනවානම් විටක ඒ ඔහුමද යන්න හිතා ගන්නත් අමාරු තරම්. 

මේ නිර්මාණයට මම තෝරාගත්තේ අන්තර් ජාලයෙන් සොයාගත් බොගුම්ගේ පින්තූර කීපයක්. මේ මේ රූප ටික අඳිනවාමයි කියා තෝරාගත් පසු, මට ආ මුල්ම අභියෝගය වූයේ මේ මූණු ටික ස්ථාන ගත කර ගන්නේ කොහොමද යන්නයි. එක එක සංකලන කීපයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අන්ම්තිමේදී මම මේ පින්තූරයේ දැක්වෙන සංකලනයෙන් සතුටට පත් උනා. ඊට පස්සෙ ඉතින් වෙනද වගේම අඳින්න පටන් ගත්තා. 


මේ පින්තූරයෙන් මම ගොඩාක් දේ ඉගන ගත්තා. එක් එක් ඉරියව්වෙන් ඉන්නකොට, බොගුම් එක් එක් විදියයි කියන එක ඔයාලට මේ චිත්‍රෙ දැකපු ගමන්ම කියන්න පුළුවන් නේද? මේ චිත්‍රෙ දැකපු කවුරුවත් අඳුන ගත්තේ නැහැ මේ ඉන්නේ එකම කෙනායි කියන එක. ඒක තමයි එයාගෙ දක්ෂකම. නොයෙන් ඉරියව් වලින් ඉන්නකොට මෙන්ම ඒ රූපය දකින කෝණයට අනුරූපව ඇස්, කන්, නාසය, කට, ඇහි බැම, කොණ්ඩය මෙන්ම මුහුණේ මාංසපේශීන් පිහිටන ආකාරයේ වෙනස්වීම මනාව අත් දැකීමට මට මේ චිත්‍රය මහත් පිටුවහලක් උනා. මම මුල ඉදලා අවසානය තෙක්ම ගොඩාක් ආසාවෙන් තමයි මේ සිතුවම කරගෙන ගියේ.  මේ සිතුවම වෙනුවෙන් පැය ගානක් වියදම් කලත්, ඒ කාලය අපතේ ගියේ නම් නෑ.


මේ පහතින් තියෙන්නේ, චාකෝල් වලින් වර්ණවත් කරන්න කලින් පැන්සලෙන් ඇඳපු එක. චාකෝල් වලින් වර්ණවත් කරද්දි, ගොඩක් වෙලාවට මට ඕනි විදියට අරගන්න බැරි උනා. තාමත් මට චාකෝල් පැන්සල භාවිතා කරන විදිය ගැන හරි අවබෝධයක් නෑ කියලත් හිතෙනවා. මේ සිතුවම පැන්සලෙන්ම පාට කරානම් මීට වඩා හොඳ නිමාවත් ගන්න තිබ්බා කියලත් හිතෙනවා. මේ සිතුවමේ අඩුපාඩු ගොඩාක් තියෙනවා කියලා මම පිළිගන්නවා. ඉගනගන්න, පුහුණුවෙන්න තව ගොඩ දේ තියෙනවා. මේ සිතුවමේ තියෙන හැම රූපයකම කුමක්ම හෝ අඩුපාඩුවක් මට පේනවා. ඒ මොනවා උනත් මේ රූප ඔක්කොටම මම ගොඩාක් ආදරෙයි. කවුරු හරි කෙනෙක් ඇහුවොත් කොයිකටද මම වැඩිපුරම කැමති කියල???? ඒක හරිම අමාරු ප්‍රශ්නයක්. මට කියන්නකෝ ඔයාලා කැමතිම කොයි රූපයටද? 





තවත් චිත්‍රයක් එක්ක නැවතත් හමුවන තුරු ඔබට ජය!

Welcome!

After very long time I am writing this post with my latest sketch. This time, I wanted to make a poster with several facial expressions and postures to make a comparison. I thought the best way to do it is select one person and draw several portraits of him with various expressions and postures in a single paper.  This poster is created as a result of this.

The only person came to my mind is the Korean actor Prak Bo-Gum, who played the leading role, prince Lee Young (이영) of "Moonlight drawn by clouds" drama;  the role of Jung Sun-Ho (정선호) alias Lee Min (이민) of the "Hello monster" drama; and the role of Choi Teak  (최택)  of the "Reply 1988" drama. Bo-Gum is a very talented and lovely actor. Despite the fact that Bo-Gum is only 24 years old and it's been only five years he became an actor, he has won several awards including the "TvN Asia Award" in 2016. The most impressive thing about him is he can act various roles in a particular way. I really enjoyed his acting all the time. 

All the portraits I used for this poster were taken from the internet. Most of them were characters he played. The first challenge that I faced after collecting all the portraits that I really want to sketch is arranged them in a nice way. I arranged them according to the facial expressions and gazing directions. I hope I could make a good balance in the poster. You can view the original picture from here. Do you have any comments on this? Once, I arrange the faces and their sizes, I started to sketch them in five steps.  Following is how it looks like after the fifth step.




I learned a lot of things while sketching this poster. Bo-Gum looks quite different in each character. Look how talented he is. The best thing I learned from this poster is the appearance of the eyes, ears,, mouth, nose, eyebrows, hair, chin, and facial muscles in various expressions in various angles. I enjoyed sketching this poster. It took several hours to complete it. Every minute I spent on it worth it.

I know there are several mistakes, omissions and defects everywhere in this poster. There is no any character that I am fully statist about it; I see a defect in every single one oh no. I think I don't know how to utilize charcoal yet. Looks like I am not convenient with a charcoal pencil yet. If I didn't tough a charcoal pencil and only used a carbon pencil it might be better. However, I really like it, Do you?  If someone asked me the one that I like most. I will really have a tough time answering it, because I like all. But, how about you? which one you like most/ and why?

Be healthy and wealthy. See you next time.