Monday, December 31, 2018

32: නානා තොටේ නෑනා වී ලඟ ඉන්න

ආයුබ‌ෝවන්!

බ‌ොහ‌ෝ කාල‌ෙකට පස්ස‌ේ චිත්‍රයක් අඳින්න හිත නිදහස් වුණෙන් මම අප‌ේ අක්කග‌ේ ලස්සන වත සිතුවමකට බැර කළා. පුංචි කාල‌ේ මට ස‌ෙල්ලම් ‌ගෙවල් දාන්න, බ‌ෝනික්ක‌ොත් එක්ක ස‌ෙල්ලම් කරන්න, නටන්න, දුවන්න, පනින්න තියා රණ්ඩු කරන්නවත් අක්ක‌ෙක් ‌හ‌ෝ නංගියෙක් හ‌ෝ හිටියේ නැහැ න‌ෙ‌ාවැ. ක‌ෝකටත් කියලා හිටියේ අපේ නැන්දලාගේ දූලා, ඒ කියන්නේ මගේ ප‌ොඩි නෑනලා ටික තමයි. ක‌ොහ‌ොම නමුත් අපේ නැන්දලා, මාමලා, ල‌ොකු අම්මලා, ල‌ොකු තාත්තලා, පුංචි අම්මලා, බාප්පලා කවුරුත් අපේ ග‌ේ අසලින් ග‌ෙවල් සාදන්න තරම් කාරුණික න‌ොවී‌ෙමෙන්, ‌මේ නෑනලාගේ ඇසුරද සැලකියයුතු තරම් මඳ විය. ප‌ෙර කළ පිනකටදෝ මා අයියණ්ඩියක ලබන්නට තරම් වාසනාවන්ත වීමි. එහෙයින් පුංචි සන්දියේ නැතත්, තරුණවියේදී අක්කෙක් ලැබීම ඉමහත් පීත්‍රියට කරුණකි. මැය නම් කලින් චිත්‍රයේ උන් දිනි සහෝදරියන්ගේ මවුතුමියයි. රසිකා ප්‍රියදර්ශනී වන මෑ, මගේ ඡීවිතයේ අදරණීයම මිනිසුන්ගෙන් ‌ක‌ෙ‌‌න‌ෙකි. වැඩි ව‌ෙහ‌ෙසකින් ත‌ොරව ඈ සිතුවම් කරන්ට හැකිවීම භාග්‍යකි.




අක්කාගේ පැමිණීමත් සමඟ මගේ ඡීවිතය නැවත ආලෝකමත් වූවා වැනිය. එදිනෙදා දිනචර්යාව ඈ හා මුසුවීම මහත් වූ සතුටට කරුණකි. විසිතුරු මාල, වළලු පැලඳ හැඩ බැලීමටත්, න‌ොයෙක් රසයෙන් යුත් කෑම ඡාති රසවිදීමටත්, නිතර සිනා සිසී මුව සරසා ගැනීමටත්, ඇගෙන් ලද රුකුල විචිත්‍රවත්ය. අක්කෙක් ලැබීම නංගියෙකුට ක‌ොතරම් වාසනාවක් දැයි මට හරියටම වැටහුනේ අක්කාගෙන් ලද සැලකිලි සත්කාරත් සමගමය. ඉතින් ඒ සියල්ල ඇගයීමටත්, ඈට දීර්ඝායුු හා සුවස‌ෙත පතම්න්ල, නැවතත් ඈ මගේ නෑනා‌ වේවායි සිතේ තියන් මේ කවි ‌ද‌ෙකද රචනා කළෙමි.    


මාලා ග‌ෙල‌ේ දාලා ඒ සසඳන්න
දීලා කැවිලි කාලා අත් පටලන්න
පාලා සිනා සීසීකඩ පැතිර‌ෙන්න
නානා ත‌ොටේ නෑනා වී ලඟ ඉන්න

ලීලා පපා ලාලා අඳුරේ යන්න
පීනා ඇවිත් ප‌ේනා දුරකින් ඉන්න
න‌ේනා ගමන් න‌ෝනා න‌ොගිහින් ඔන්න
නෑනා මග‌ේ නෑනා සුවස‌ේ ඉන්න


සරල ඡීවිතයකට මනාප මම වගේම අපේ අක්කා‌ත් පවුලේ අනිත් අයත් ලැබෙන පුංචි ද‌ේවල් වලින් සතු‌ටු වෙන්න දක්ෂයි. ඒ සරල බව හඟවන මගේ කවිය, මේ ලිපිය කියවන ඔයාලා දකිනනේ ක‌ො‌‌‌හොමද? ඔයාලාගේ අදහස් මට ‌ගොඩක් වටිනවා.

මටම කියලා රබර් සීල් එකක් මමම හදා ගත්‌තේ මගේ මහත්තයාගේද උදව්වෙන්. සතුට නම් එ සීල් එක පළමුවෙන්ම භාවිතා කළේ නෑනාගේ චිත්‍රයේ වීමයි.

ඔබට ඡය!


Sunday, August 26, 2018

'බලාපොරොත්තුව' කෙටි කථාව

 

අනන්තය සිසාරා යන ඉමක් කොනක් නොපෙනෙන අහසට දිගු පාරක් ඒක. දැනටමත් මේ පාර දිගේ බොහොම දුරක් අපි ඇවිදන් ඇවිත්. තව යන්නත් සෑහෙන දුරක් තියෙනවා. කොයි කාලයක් තිස්සේ ද අපි මේ ගමන යන්නේ කියලා ඔන්න ආයෙත් මට හිතෙන්න ගත්තා. පේන තෙක්මානෙට නිලට නිලේ දිලෙන අඹර, ගිනි කාස්ටක අව්වට වේලිච්ච ගහකොළ, මාස ගණනාවකින් වැහි පොදක් දැක්කෙ නෑ වගේ කරකුට්ටං වෙච්ච මහ පොළොව හරියට අපේ කතාවෙම කොටසක් වගෙයි. ගස්වල කොළ බිමට නැමිලා තිබුණේ හරියට කඳුළු සලනවාක් මෙන්. ඒ විඩාබර ගස් තවත් වෙහෙසවා එහා මෙහා කරමින් දූලි පොදක් අහසට නංවමින් ආ මද සුළඟ අපේ වෙහෙස මොහොතකට අමතක කරවලා අප අතහැර ඈතට ඇදිලා ගියා.

උදාවෙන දවසක් දවසක් පාසා, ජීවත් වෙන මොහොතක් මොහොතක් පාසා, අපිටත් නොදැනීම අපේ ජීවිත ආලෝකයත් අඳුරත් අතර දෝලනය කරන්නට පුළුවන් විදියේ විශේෂ හැකියාවක් ඇති ඇසට පෙනෙන මානයේත් ඉන් ඔබ්බෙනුත් ජීවත්වෙන උපන් නූපන් මිනිස්සු ගණනින් පමණකැයි කීමට අපි නොසමත් වෙමු. ඉදින් ඒ මිනිසුන් සමග අප පැවැත් වූ පවත්වන්නා වූ සමීප වූ හෝ දුරස් වූ හෝ සම්බන්ධතා දිනකින් දෙකකින් අමතක කළ හැක්කේ කාටද? 'බැඳීම්' යනු මෙලොව පවත්නා තවත් එක් විශ්මය ජනක දෙයකැයි මට නිතර සිතේ. මා පියාණන් මෙලොව හැර ගියත් මට ඔහු අමතක කළ හැකිද? තවදුරටත් මා පියාණන් යැයි අයෙක් මෙහි ජීවත් නොවූවත්, ඔහු මගේම පියාණන් නොවන්නේද? ඒ අපූරුතම සම්බන්ධකම එතනින් හමාර වී ද? ඒ අයුරින්ම, කලක මා හා ආදරෙන් වෙලී සිටි අයෙකු අද මගෙන් ඈත්ව දුරස්ව ජීවත් වන දා, එදා ඒ ඇති වූ සම්බන්ධතාවය කුඩා කැබලි වලට බිඳී විසිරුණු වීදුරුවක් මෙන් සදහටම බිඳුණු එකක් විය යුතුද? ආලෝකයෙන් අඳුරටත් අඳුරින් නැවතත් ආලෝකයටත් ගලා ගෙන යන ජීවිත වල ඇති වූ ඇති කරගන්නා වූ ඇති වන්නට නියමිත වූ ඇතිවේයැයි බලා හිඳින්නා වූ බැඳීම් වලින් තොර ජීවිතයක් ගැන අපට සිතීමටවත් හැකිද?

ගෙයි ඉස්සරහත් පැත්තෙනුත් පිටිපස්සෙත් සරුවට වැඩුණු අලිපේර ගස් පුංචි පුංචි ලා කහ පාට මලින් වැසී ගත් කල, ඒවා තවදුරටත් තද කොළ පාටින් ඈතට පෙනෙන අලිපේර ගස් නොව, සුන්දර මල් ගස් මෙන් බැබළුණු කාලය දැන් අවසන් ය. කොහේදෝ  සිට පැමිණි මීමැසි දඬුවැල්බෑමැසි බඹරුන් ගේ ගුමු ගුමු නාදයත් ඒ අපූරු මල් සුවඳත් මට තාම මතකය. ඒ මල් මෙන්ම ඒවායෙන් හටගත් මුන් ඇට තරමේ සිට කඩල ඇට තරම් පුංචි පුංචි ගෙඩි බොහෝමයක් අලි පේර ගස් යට වැටී තිබුනේ මා හඳ කම්පා කරවමිනි. කුඹුරුයාය පැත්තේ සිට විටින් විට හැමූ සුළඟ ඊට වගඋත්තරකරුවා ලෙස මා හඳුනාගත්තද, මට කළ හැකි කිසිවක් නොවීය.  මා දැලට අසු වූ කුරුල්ලෙකු මෙන් අසරණ විය. ඒ බාධා සියල්ල මැඩගෙන ඉතිරි වූ අලි පේර ගෙඩි දැන් හොඳින් පැසී ඉදෙන්නටත් ආසන්නය. අදම ඒ ගෙඩි නොකැඩුව හොත් කුරුල්ලන් කපුටන් වැනි අහසින් එන සතුන්ගෙන් බේරා ගැනීම ලේසි කාරණයක් නොවේය.

අපි මේ දරුවා එන කල් කොච්චර නම් කාලයක් තිස්සේ බලාගෙන හිටියද? මාස ගණනකට කලින් ඔය අලි පේර ගස් මලින් වැසී ගිය අවධියේදීත් මීට කාලෙකට කලින් ඒ අලි පේර ගස් මුලින්ම පීදුනු අවධියේදීත් මේ දරුවා අපිව සොයා ගෙන එයි කියලා අපි බලා සිටියෙමු. ඇත්තටම කිව්වොත් ඔය අලි පේර ගස් පුංචි සංදියේ ඉඳලා මේ දරුවා අද එතැයි හෙට එතැයි අපි බලාපොරොත්තුවෙන් සිටියෙමු. ඒත් දැන් වාර ගණනාවක් තිස්සේ මේ ගස් අපිට ඵල ලබා දුන්නත්, දරු පැටියා ගැන හාංකවිසියක්වත් දේ අපිට ආරංචි නොවිණි. මේ කාලය පුරාවටම අපේ ගේ ඉදුණු බත් එක හා සමාන විය. අපගේ සිත්වල රැඳුනු කාන්සිය සැමදා එක සේ විය. තනිව හැසිරෙන පූසෙකුගේ මෙන් අපේ ජීවිතත් ඒකාකාරී විය. මාත් මා ප්‍රිය ස්වාමියාණනුත් හැරුණුකොට  අපගේ ගෙයි විසුවෙක් තවත් නොවීය. උදෑසන මල් පැණි බොන්න පැමිණි කුරුල්ලන්ගේ කිචි බිචි හඬත්, වරින් වර අප නිවස අසලින් ගමන් ගත් මිනිසුන්ගේ කථා හඬත්, වරෙක උස් ස්වරයෙනුත් වරෙක පහත් ස්වරයෙනුත් අවිවේකීව හඬන රූපවාහිනියේ හඬත් හැරුනුකොට වෙනින් හඬක් අප ගෙයි නොවීය. නිවාඩු දිනයක් නිසා හෝ වේවා අසනීපයක් නිසා හෝ වේවා සතියේ දිනක දී ගෙදරට වී සිටින්නට වුව හොත් හිතට දැනෙන පාළුව තනිකම මෙතකැයි වචනයෙන් කීමට නොහැකි තරම්ය. ඒ නිසාවෙන්දෝ නොයෙකුත් ආකාරයේ විනෝදාංශ කීපයකටම අපගේ ගෙයි දොර විවර වූයේ නිතැතින්මය.

මා සමඟ එකට පාසල් ගිය මාගේ යහළු යෙහෙළියන්ගේ ජීවිත බොහෝ සේ වෙනස් වී ඇති ආකාරය ඔවුන්ගේ හැසිරීමෙනුත්  කතාබහිනූත් මට පසක් විය. බොහෝ කලක පටන් නොවෙනස් වූ මගේ ජීවිතය හා සසැඳි කළ ඔවුන් බෙහෙවින් පරිණත වී ඇති සේ මට හැඟෙයි. මොන්ටිසෝරි ගමන අවසන් කළ දරුවන්ට අලුත් පාසලකුත් 5 වසර ශිෂ්‍යත්වය විභාගය ලියූ දරුවන්ට අලුත් පාසලකුත් සොයන්නට මගේ යහළු යෙහෙළියෝ වෙහෙසුනේ ඔවුන්ගේ ළදරුවන් කරපින්නා ගෙනය. ඒ අතර අඩු වයසින් විවාහ පත් වූ තවත් මිතුරියක් ඇගේ දරුවකුට උසස් පෙළ සඳහා අලුත් පාසලක් ගැන සිත යොමු කරමින් සිටින්නීය. ඒත් මේ දරුවාට වූයේ කුමක්දැයි නොදත් අපි තවමත් අද අදම පැමිණේ යැයි බලාපොරොත්තුවේ දෑස් දල්වා සිටිමු.

අලි පේර කඩද්දි බිම වැටිච්ච අතුකොළ, සුළඟට වැටුනු රතු පාට ඉදුණු අලිපේර ගෙඩි, සුනඛයින් බළලුන් වැනි සිවුපා සතුන් බාගෙට කා දමා ඉතිරි කර ගිය ඇටය සහිත ගෙඩි කැබලි එකක්වත් පේනතෙක් මානයකවත්  දැන් නැත. බිම වැටිච්ච ඇට වලින් පැලවෙච්ච අලිපේර පැළ ගොන්නක් කාලෙකට කලින් පෙනෙන්න තිබුණත් දැන් එයින් සරුවට වැඩුණු පැළ තුන හතරකට වඩා සොයා ගැනීමට අසීරුය. මේ අලි පේර ගස් වල මල් සියදාස් ගාණක් පිපුණත්, ඒ කීයකටද හැකිවුණේ සරු ඵලයක් වෙන්නට.  ඒවගෙනුත් කීයෙන් කීයද ආයෙ පැළ වුණේ. ඒ පැළ වලිනුත් අතේ ඇඟිලි වලටත් අඩු ගානක් නොවැ සරුසාරව දළු දාලා හොඳින් වැඩුණේ. සොබාදහම හරි අපුරුයි. 

ගෙට පැත්තෙන් තියෙන අලි පේර ගහ ලඟින් උඩට ඇවිත් අලි පේර ගහට ඉහළින තියෙන ගල් වැටියේ තියන ටිකක් ලොකු සමතලා ගල උඩින් මම වාඩි වුණෙමි. එය තවත් අපේ වත්තේ තියෙන මම ආසම තැන් වලින් එකක්. ඊට අඩි දෙක තුනක් එහායින් තියෙන මී පෙට්ටියේ මැස්සන් එහෙ මෙහෙ යන විධිය මට මෙතනට හොඳට පෙනෙයි. අවුරුද්ද පුරාවට නොයෙක් සුවඳ මල්වලින් පැණි එකතු කරන මීමැස්සෝ, මී වදයක් බැඳලා ඊට පැණි පුරවන මීමැස්සෝ, ඒ පැණි ආහාරයට අරගෙන ඒ වද වල පිලව් හදන මී මැස්සෝ,  එකින් එකා මී පෙට්ටියෙන් එළියටත් ආයිත් ඇතුළතත් වශයෙන් විවේකයක් නැතුව රුං හඩින් පියඹන මීමැස්සෝ. අලි පේර ගස් ආයෙත් පීදෙන්නයි හදන්නේ. තව ටික දොහකින් අපිට හැකිවේවි අලිපේර මල්වලින් ගත් පැණි වලින් තැනූ ඒ අපූරුය මී පැණි රස බලන්නට. අලිපේර මල් පිපෙන කාලෙට හදන මීපැණි හරිම සුවඳයි. ඒවායේ පාටත් රසත් නොයෙක් වර්ගයේ මල්වලින් ගත් පැණි වලින් හදන මීපැණි වලට වඩා වෙනස් වෙයි. සාමාන්‍යයෙන් මීපැණි ලා කහ වර්ණයෙන් යුක්ත වේ නමුත්, මේ කාලෙට හදන මීපැණි රතට හුරු දුඹුරු පැහැයක් ගත් තද වර්ණයකින් යුක්තයි. ගිනියම් අව්වේම මා සිටි තැනින් නැඟිට හීනියට හමන සීතල සුළඟත් එක්ක අත්වැල් පටල ගනිමින් මම හීන් සීරුවේ ගෙදරට බැහැගෙන ආවෙමි.

සිත අදහා ගන්නත් බැරි පුදුමයක් මේක. කාලයක් තිස්සේ අපි මගබලාන උන්න දරු පැටියා අනේ දැන් අපි ළඟට ඇවිල්ලා. ජීවිතේ පළවෙනි වතාවට පියඹන මේ මුළු අහසම මගේයි හිතන පුංචි කුරුල්ලෙකු මෙන්, මුළු මුහුදම මගේ කියල සිතන පුංචි මාළුවෙකුගේ මෙන් මගේ සිතට දැනෙන සතුට අපමණයි. ඒත් ඒ අහසේ දී හෝ ඒ මුහුදේ දී හෝ වෙන්න පුළුවන් අනතුරු නම් කොතෙක්ද?  මෙසේ හටගත් සතුට අභිබවමින් මසිත බයෙන් තෙත් වී ඇත්තාක් සේයි. අනේ කලින් වතාවේ වගේ, මේ දරුවත්  අනිත් පැත්ත හැරිලා ඇහැපියාගෙන යන්න යාවි ද? අහෝ දෙවියනි නැවතත් එසේ නොවේවා. අලිපේර ගස් පුංචි සන්දියේ සිට කවදාක හෝ මේ දරුවා අපවෙත එතැයි මා දැන සිටියා කොයි කාලයක් ගත වුවත්. ඒත් මට නිතැතින්ම සිහියට එන්නේ කලින් වතාවේ සිදුවූ ඒ අභාග්‍යවන්ත සිදුවීමමයි. උපන් මොහොතේම වරකුදු තම මෑණියන් දෙස හෝ පියාණන් දෙස හෝ නොබැලූ,  වරකදු හීන් හඬින් හෝ නොහැඬූ මෙලොව හැරගිය ඒ පුංචි දරුවා බේරා ගැනීමට කිසිවකු ද නොපොහොසත් වූවෝය. ඉඳින් රෝසමල් පියල්ලක් බඳු වූ මේ මොළකැටි සිඟිත්තා, පිච්ච මල් පොහොට්ටුවක් බඳු වූ ඒ ළපටි සිඟිත්තා බේරාගෙන පිනිමත දිලෙන දිය බිඳක් බඳු වූ මේ සිඟිති ජීවිතය රැක ගැනීම අපගේ පරම අරමුණ වූයේ ය. ගන්න එක හුස්මක් හුස්මක් පාසා ගතවෙන එක් තත්පරයක් තත්පරයක් පාසා මොනයම්ම හෝ කරදරයක් හිරිහැරයක් වේදෝයි අවධානයෙන් අවදියෙන් මා ද මා ස්වාමියා ද පසුවෙති. ගෙදර දොරේ මොන යම් වැඩකටයුතු තිබුණ ද, ඒ සියල්ල පසෙකලා මගේ සිත නිරන්තරයෙන්ම යොමු වන්නේ දරුවා මාරක බන්ධනයෙන් කෙසේ හෝ ගලවාගෙන අපගෙන් ඈත් වී යා නොදී,  එකම සෙල්ලම් බෝනිකී කිසිසේත් අත නොහරින පුංචි දැරියක මෙන්, මාගේ ග්‍රහණේම තබා ගැනීමටයි.

කිසිකලෙකත් අත්නොවිඳි අපූර්වතම අත්දැකීමකි මෙය. මා පුංචි ළදරුවෝ ඉදිකටු මලකින් අනින තරමේ හෝ වේදනාවක් නොදී මව් කිරි උරා බොන අයුරු මොනතරම් අපූරුද? මා එය හඳුනාගෙන තිබුණේ වේදනාකාරී අපහසු ක්‍රියාවක් ලෙසයි. මගේ ඒ මෝඩ නොමේරූ සිතුවිලි ගැන සිතන විටත් දැන් මුහුණට සිනහවක් නැඟෙයි. සිය අත්දැකීම් සමග මහත් වන අපගේ දැනුම් සම්භාරය, අප ඇසූ දුටු අන් අයගේ අත්දැකීම් සමග එලෙසට තර නොවෙයි. ඒවා මේවා කුමක් වුවත් දැන් අපට ඇති එකම කාර්යය නම් මේ දරුවාගේ පණ කෙන්ද රැක ගැනීමේ මහ සටන මැයි ආයෙත් මා සිත වෙලා ගනියි.

එය තවත් එක් සිදුවීමක්ම නොව, ජීවිතේ තවත් එක් සන්ධිස්ථානයකට පෙර ගමනක් වැනිය. අපගේ වෑන් රථයේ නැගී කොහේදෝ ගමනක් අපි යන්නෙමු. කාරණාව හරි හැටි මට පැහැදිළි නොවූ නමුත් අපගේ වාහනය නතර කෙරුනේ ඉදිරියෙන් පැමිණි බස් රථය නවත් වනවාත් සමගම ය. මෙලෙස මේ වාහන නැවැත්වූයේ ඒවා පොලිස් භටයන්ගේ පරීක්ෂාවකට ඉදිරියේ දී ලක් වීමට නියමිත නිසා යැයි දැන් මට පසත් කාරණාවකි. මෙතෙක් මා තුරුලේ සැපසේ නිදා සිටි  සිඟිත්තා මා ප්‍රිය ස්වාමියා අත තබමින් මම වාහනයෙන් එළියට ආවෙමි.  බස් රථයේ සිටි කිසිවෙක් අපගේ වාහනය දෙසට එනවා ලාවට මෙන් මට පෙනුණි. මොහොතකට පසු මා නැවත වාහනය තුළට යන විට දරුවා රහිත ස්වාමියා දැක මම කලබල වීමි. ක්ෂණයකින් එන්ජිම පණගැන්වූ රියදුරා වාහන ධාවනය පටන්ගත්තේය. සිදුවූයේ කුමක්දැයි සිත අදහාගත නොවූ මා දරුවාට වූයේ කුමක්දැයි විමසුවේ විලාප තබමිනි. බස්රියේ සිට පැමිණියේ මාගේ කලින් විවාහයේ ස්වාමියා බවත්, ඔවුන්ට මුරපොල හරහා යෑමට දරුවා අත්‍යාවශ්‍ය බවත්, පවසා දරුවා රැගෙන ගිය බවත්, නැවතත් මුරපොල පසුවූ විට අපට දරුවා ලැබෙන බවත් ස්වාමියා පැවසීය. ඒ කතා කුමක් වුවත් අපි ළඟ නැති අතරේ දරුවාගේ සියුම් පණ නල රැකෝ දෝ සිත බියෙන් වෙව්ලුවේ පූස්  දන්ඩේකුගේ අතට අසුවු පුංචි මී පැංචෙකු මෙන්ය.

අප වාහනය පසුපසින් පැමිණි ඔවුන් පොරොන්දු වූ පරිදි නැවතත් දරුවා අපිට ගෙනත් දෙන්නට විය. සිඟිති දරුවා යහමින් සිටිනවා දැක හිරු එළිය වැටෙත්ම අඳුර පහවෙන්නාක් මෙන් මසිත බිය දුරු වී, හිරු එළිය සමඟ මල් පිබිදෙන්නාක් මෙන් මසිතට සතුට ගලන්නට විය.

කාමරයේ ජනේලයෙන් මම අලි පේර ගස දෙස බලා හිඳිමි. හොඳින් පැසුණු අලි පේර ගෙඩියක් බාහිර පරිසරයේ කිසිදු බලපෑමකින් තොරව හදිස්සියේ නටුවෙන් ගිලිහි බිම වැටෙන්නාක්  මෙන්, නොපැසුණු ළපටි අලි පේර ගෙඩියක් සුළඟකුදු රහිතව නිස්කලංක පරිසරයෙම හිටිහැටියේ බිම පතිත වූයේ මසිත කළඹවමිනි. ඈත අහසේ සිට පාව එන සුදු වලාකුළුත් අඳුරු වලාකුළුත් විටින් විට ඉර මුවා කරමින් ආලෝකයේ රශ්මිය මවෙතින් ඈත්කර සීතල පරිසරයක් මවමින් සිටී. ළපටියාණෝ සුරංගනා ලෝකයක අතරමං වූවා සේ  සුව නින්දේ පසුවෙයි. පුංචි බබා අපිත් එක්ක තව දින කීපයකට වඩා නොඉන්නා සේයි. යමක් මගෙන් හෝ වේවා මා ප්‍රිය ස්වාමියාණන්ගෙන් හෝ වේවා යම් කිසිවෙක් ඉල්ලා ආ කල එය නොදී සිටීමේ පුරුද්දක් අපට නොවෙයි. අනික ජීවිතයට මේ තරම් සමීප වූ කෙනෙක් දෙයක් ඉල්ලූවිට නොදීම උගතුන්ගේ අපවාදයට ලක් වන කරුණක්ය.

තනිව ජීවත් වෙන මගේ කලින් විවාහයේ ස්වාමියා අපේ පුංචි දරු පැටියා ඔහුගේ සෙවනේ හදා වඩා උස් මහත් කර ගැනීමට ආයාචනා කරයි. ඉතින් අපි ඔහුගේ ඉල්ලීම කෙසේනම් අහක දමන්නද? උඩහගෙදර ඉන්න පුංචි පූස් පැටියාගේ ආච්චි අම්මා පුංචි කාලේ ඉඳන් අපි මේ දරුවා එනතුරු මගබලන් හිටි බව ඔහු නොදන්නවා විය යුතුය.  එසේ දන්නේ නම් මෙතරම් අමාරුවෙන් අප සොයාන ආ කිරිකැටියා නොඉල්ලනවා නිසැකය. ඔය දරුවා ඉල්ලන්න ඔහුට ඇති සුදුසුකම කුමක් දැයි හෝ, අපේ දරුවා ඔහුට දෙන්නේ කුමකටදැයි හෝ, ආයෙත් අපකරා දරුවෙකු නොපැමිණේවිදැයි හෝ, දරුවාට අයහපතක් වේවිදැයි කියා හෝ කිසිදු ප්‍රශ්නයක් නොනැඟ ඔහු ඉල්ලන දේ දීමට මා ප්‍රිය ස්වාමියාණෝ අබ මල් රේණුවකුදු අකමැත්තක් නොපෙන්වයි. 'මේ සියුමැලි ළපටියාණන්ගේ කවුද ඔහු?', 'මා කුමන බැඳීමක් නිසා මේ දරුවා දෙන්නේ ද  ඔහුට?' කියා නොයෙක් ආකාරයේ ප්‍රශ්න රාශියක් මසිත පහළ වී,  සිය මියගිය පුත් මට්ටකුණ්ඩලී වෙනුවෙන් හැඬු මසුරු සිටාණන් සේ ලොවටම ඇසෙන තරම් හයියෙන් මම හඬන්නට වීමි.

අලි පේර ගසක් ආසන්නයේ ගසේ වපසරිය ඉවරවෙන තැන ලා කොළ පාට ළපටි කොළ කීපයකුත් ලා රතු පැහැයෙන් අව්වේ බැබලෙන දල්ලකින් යුත් සරුවට පැළවුණු අලිපේර පැලයක් ස්වභාවිකව හටගත් තැනින් උගුල්ලා වත්තේ තවත් කෙළවරක මම පැල කළෙමි. තව ටික දොහකින් ආයිත් මේ අලි පේර ගස් මල් වරාවි ඵල හට ගනීවි, ආයෙ ආයිත් ඔයි ආකාරයෙන් මල් ද ඵල ද හටගනීවි.  ඒත් එක්කම දිනක අපි හොයාන පින්වන්ත දරුවෙක් කොහේ හෝ සිට පැමිණේවි මේ දීර්ඝ කාන්සිය පාළුව මගහරින්නට.

නිමි.

මේක තමයි මම ලිව්ව පළවෙනිම කෙටිකතාව. ඔයාලගේ අදහස් යෝජනා මට ගොඩක් වටිනවා, ඒනිසා මොනවා හරි ලියලා යන්න.

Sunday, July 29, 2018

31: දිනි සහෝදරිය‌ෝ

ආයුබ‌ෝවන්!

කවි, සිංදු, විද්‍යා ලිපි සහ මග‌ේ උපාධි නිබන්දනය ලියන අතරේ පටන් ගත්ත දූලග‌ෙ චිත්‍රයයි අද අපූරු මලක්ව පිපනේන‌ේ. සිංහල අවුරුද්දට ඉවර කරන්න හිතන් පටන් ගත් අපරිසමාප්ත එය, ඇඳ යටින් ගනෙ දූලි පිසදා නිම කල‌ේ ගිය සතියෙයි. ‌‌‌මේ ඉන්න‌ේ අප‌ේ නිමේෂයි, නිසිංසියි, අමන්දිනයි (මග‌ේ අයියග‌ේ දුවල තුන් ද‌ෙනා). මෑත කාලීනව මග‌ෙ අතින් ලියවුනු, The little girl, නම් නිසඳැසින් කියන්න‌ෙත් මේ අය ගැනම තමයි. 

ම‌ෙතන දකුණින්ම ඉන්න‌ේ නිමේෂා, දැන් වයස එක‌ොළහයි. එයා උපන් දා ග‌ෙදරට ග‌ෙනා දා මට අද වග‌ේ මතකයි. ප‌ොඩ්ඩ ප‌ොඩ්ඩ එයා ල‌ොකු ව‌ෙද්දි, මම බලාග‌ෙන හිටිය‌ේ චූටි කටින් අපිත් එක්ක  කතා කරන්න පටන් ගන්නන‌ේ කවද්ද කියලා. ප‌ොඩි කාල‌ේ එයා මග‌ෙන් ඉල්ලපු එකම ද‌ේ, මට කියපු එකම ද‌ේ, "නැන්දී ග‌ෙදර එන්න" කියලා විතරයි. එයා එච්චරට මට අාදරයෙි.  මම ග‌ෙදර ඉන්නක‌ොට ඉතින් නැට්ට වග‌ේ මග‌ේ ළඟමයි.

මැද්ද‌ෙන් ඉන්න‌ේ නිසිංසි, වයස අටයි. එයා උපන් දවසත් ග‌ෙදරට ග‌ෙනා දවසත් හ‌ොඳට මතකයි. අළුතින් ආ නංගිට නිමේෂාග‌ෙ වැඩි මනාපයක් නැති උනත්, කාලයක් යද්දි ඒ ද‌ෙන්නට ද‌ෙන්නා නැතිවම බැරි උනා. කට පියාග‌ෙන ඉන්න එක ප‌ොඩ්ඩක් අමාරු උනාට, නිසිංසි හරි අහිංසකයි ඒ වග‌ේම ආදරණීයයි. 

පුංචිම ක‌ෙනා තමයි දිල්ම්, වයස තුනයි. මම එයාට කියන්න‌ේ "අමන්දිනා" කියලා. ඇම‌ෙන්ඩා අමන්දා ව‌ෙලා, පස්ස‌ේ අමන්දිනා වුනා. ඒ නමේ ත‌ේරුම, "ආදරය ලබන්න සුදුසු" කියන එකයි. ඒ නම එයාට හරියටම ගැලප‌ෙනවා. එයා ඉන්නක‌ොට ප‌ොඩ්ඩක්වත් පාළු නෑ. ඉස්සර වග‌ේ න‌ෙව‌ෙයි, දැන් ග‌ෙදර ගියාම නැට්ට ටිකක් දිගයි. ඇයි ඉතින් තුන් ද‌ෙන‌ෙක්ම ඉන්නවනි. 




මේක තමයි මම සිතුවම් කල පළව‌ෙනි ළමා චිත්‍රය. අඩුපාඩු නම් දාහක් ඇති. එයාලා මේ චිත්‍රයට ග‌ොඩාක් කැමතියි. මට ඒ ඇති.


කවුරු නැති උනත් දවසක මේ අය කවුන් හ‌ෝ මම ව‌ෙනුව‌ෙන් ඉදී කියලා මට විශ්වාසයි.


Sunday, June 3, 2018

ඈත අහස අග


කෝළම් කර සඳ සිනහ සලන විට
සිත පුරාම පුංචි පුංචි මල් පිපුනා හැඩ
නෙත පැටලුණ සඳ සිහින මවන කල
සුවඳ දිගේ ඇදී ඇවිත් ඔබ සෙව්වා මම

ඈත අහස අග තරුවක් වී ඔබ
හිනැහි හිනැහි දිලිසි දිලිසි බබළනවා අද //

මල් පෙත්තක මැද සිතිවිලි කවි කර
ලියා එවන්නට සිතුනා අමුණා සුළගක
පෙනෙනා රන් සඳ නොපෙනන සිත් මල
තනි වීදෝ දුක් වීදෝ සිත අසනා විට

දහස් ගනන් දුර ගෙවා ගියත් මම
ඔබේ ලඟට ඇවිත් යන්න හැකි වේවිද හෙට //

ඈත අහස අග තරුවක් වී ඔබ
හිනැහි හිනැහි දිලිසි දිලිසි බබළනවා අද //

මෙත්මා
2017 ඔක්තෝබර්



මේක තමයි මම ලියපු හතරවෙනි සිංදුව. දෙවෙනි සහ තුන්වෙනි සිංදු මීට වසර ගණනාවකට කලින් ලියපුවා (දශකයකට විතර කලින්).  ඒවායේ පිටපත් මා ලඟ නෑ, පදත් හරියට මතක නෑ. ඒ නිසා ඒ සිංදු දෙක ගැන සඳහනක් කරන්න අමාරුයි. කොහොම නමුත්, දෙවෙනි සිංදුව මගේ අාසම ගීතයක්. මොකද කියනවා නම්, ඒ සිංදුවේ හැම වචනයක්ම පටන් ගන්නේ 'ස' ශබ්දයෙන්. ඒක පටන් ගනන්නේ මෙන්න මෙහෙම, 

"සමාසිකයක සරත් සමයක
 සතුට සපිරුනු සිහින සයකට
  .....
 සුදුගෙ සිත සඳලියගෙ සිහිලයි".

මේ සිංදුව කියද්දි මතක් වුනේ මගේ ඉංග්‍රීසි කවි රස විදපු යෙහෙළියක් කී දෙයක්. අෑ කියනනේ මගේ කවි සියල්ලම වාගේ ව්‍යූහාත්මකව ලියවුනු ඒවා කියලයි. ඔව් ඒ කථාවෙත් අැත්තක් නැත්තෙම නෑ. මේ සිංදුවත් ඉතින් එහෙමනි. ගීතයක් වේවා, කවියක් වේවා එහි රසවින්දනය ඉහළ දැමිය හැකි ප්‍රධාන ක්‍රම තුනක් තියනවා කියලයි මට හැඟෙන්නෙ. ඒවා නම්,  භාෂාව හැසිරවීමේ දක්ෂ බවත්, අර්ථාන්විත බවත්, හා ව්‍යූහාත්මක බවත් යන තුනයි. මේ තුනෙන්, සියුම්ම හා අමාරුම භාෂාව හැසිරවීමයි. ඒ සඳහා පුළුල් වාග් මාලාවක්, ව්‍යාකරණ පිළිබඳ මනා දැණුමක් මෙන්ම වචන හැසිරවීමේ දක්ෂතාවයත් අවශ්‍යයි. එහෙයින්, යම් අයෙක් භාෂාව හැසිරවීමේ එතරම් දක්ෂයෙකු නොවේ නම්, තම නිර්මාණය යම් කිසි ව්‍යූහයකට අනුව සැකසීමෙන් එහි අගය ඉහළ දැමිය හැකියි.

කොහොමහරි ඉතින් දැන් දෙවෙනි සිංදුව මතක නෑනි, ඒ නිසා අපි අද මම ඉදිරිපත්කල "අෑත අහස අග" සිංදුව ගැන බලමු. අායිත් සැරයක් මේ සිංදුව කියවලා බලන්නකෝ මෙනවගේ අර්ථයක්ද එහි ගැබ්වෙලා තියෙන්නේ කියලා ඔයාට හිතා ගන්න පුළුවන්ද කියලා. පහත තියෙන ලින්ක් එකෙන් මම පටිගත කල හඬ පටය අහන්නත් පුළුවන්.

අෑත අහස අග ගීතයේ හඬ පටය

මේ සිංදුවේ මම අන්තර්ගත කල අර්ථය බැලූ බැල්මටම නම් හොයන්න අමාරු වෙයි. මුලින්ම, කොටසින් කොටස වෙන වෙනම අර්ථ දක්වන්න ගියොත් නිවරදි අර්ථය මග හැරෙන්නත් පුළුවන්. මේ සිංදුවේ පුංචි කථාවක් කියවෙනවා. මම පාචිච්චි කරපු හැම වචනයක්ම ඒ කථාවට දායක වෙනවා. ඒ නිසා එකපාරටම කොටසින් කොටස තේරුම හොයන්න ගියොත් ඒ කථාව මග හැරේවි. උදාහරණයක් විදියට, "කෝලම් කර සඳ ..." යන කොටසින් පටන් ගත්තොත්, අපිට හිතෙන්නේ තමුන්ට අාදරය පෙන්නපු, ඉගි බිගි පාපු කෙනෙක් ගැන අැති වෙච්ච අාදරයක් ගැන කියන සිංදුවක් කියලා. නමුත් ඒ අර්ථය ඊ ලඟ කෙටස, ඒ කියන්නේ "අෑත අහස අග..." කියන කොටසත් එක්ක හරියටම ගැලපෙන්නේ නැහැ. මොකද එතනදි කියන්නේ බොහොම අෑත ඉන්න කෙනෙක් ගැන. ඒ නිසා මුලු ගීතයෙන්ම කියවෙන සාමාන්‍ය අදහස මුලින් අරගෙන, ඊට පස්සේ කොටසින් කොටසට ගිහින් කථාවේ පුංච් පුංච් විස්තර ටික හොයා ගන්න එකයි මෙතනදි කරන්න තියෙන්නේ.

අපි දැන් හොයාගෙන තියෙනවා බොහොම අෑත ඉන්න කෙනෙක් ගැන කියන කථාවක් කියලා. කොච්චර අෑතද කියනවා නම් අහසිනුත් එහා ඉන්න කෙනෙක් වගෙයි. "අෑත අහස අග..." කියන කොටසිනුයි ඒක කියන්නේ. ඒතනදී එයා හිනැහෙමින් දිලිසෙන තරුවක් කියලත් කියනවා. සාමාන්‍යෙන් අපි තරුවක් යැයි අමතන්නේ රටේ හෝ ලෝකයේ ප්‍රසිද්ධ කලාකරුවන්ට. ඒ අයගෙනුත්, සිනා වෙන්නේත්, කෝලම් කරන්නේත් රංගන ශේෂ්ත්‍රයේ ඉන්න අයයි. එහෙම බලනකොට මේ කියන්නේ නිතර රූපවාහිනියේ දකින්න ලැබෙන රංගන ශිල්පියෙක්/ශිල්පිනියක් කෙරෙහි හටගත්  සෙනෙහසක් ගැන කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. 

"මල් පෙත්තක මැද..." කොටසින් කියන්නේ එ් සෙනෙහස පවසන්න වෙන ක්‍රමයක් නැති බැවින් කවියක් කර හෝ කියන්න සිතුනු බවයි. මේ සිංදුවේ මම තවත් අාසම පදය දෙකක් තමයි, "පෙනෙනා රන් සඳ නොපෙනන සිත් මල ..." කොටස. එතනදී කියනනේ, යම් යම් කථාවල චරිත ලෙස ඔබව කොතරම් දැක ගත හැකි වුවත්, සැබෑ ජීවිතයේ ඔබ මොන තරම් දුකකින් වේදනාවකින් ඉන්නවා දැයි නොපෙනෙන බවය. සිංදුව ඉවර කරන්නේ, මෙතරම් දුරින් ඉන්න ඔබ ඉන්න මානයකට හෝ දිනක එන්න හැකි වුනත්, අඩු තරමේ ඔබ දැක ගන්නවත් හැකි වේදෝ යන අවිනිශ්ච්ත බව හඟවමිනි.

ගීතය රසවිදි ඔබ සැමට ජය වේවා!

Saturday, April 14, 2018

අවුරුද්ද

නිසල අහසක, සුදු වළාවක
හමන සුළගක, දැනෙන සුවඳක
පිපෙන කුසුමක, මැවුනු පැහැයක
ඇහෙන කවියක, මියුරු තනුවක

කරන දෙඩුමක, සිනා කැටියක
පිරුණු  කැවුමක, නැවුම් රසයක
දකින මුහුණක, පෙනෙන සිරියක
අළුත් ඇදුමක, දකින හැඩයක

නෑදැ ගෙදරක, යනෙන ගමනක
පංච කෙලියක, ඇහෙන දිනුමක
නැගුන සතුටක, පනින පිනුමක
නැවුම් වසරක, උතුම් පැතුමක




ඊය අප්‍රේල් 13, ඒ කියන්නේ පරණ අවුරුද්ද. අපේ පවුලේ හැමෝම අපේ ආච්චියි සීයයි බලන්න එහෙ යන දවස. ආච්චියි සීයයි දෙන්නම නැතිවෙලා අවුරුදු දහයකටත් වැඩි උනත්, අපේ හැමෝම තාමත් පරණ අවුරුදු දවස ගත කරන්නේ අපේ ආච්චිලා ගෙදර. ඒ කියන්නේ අපේ අවුරුද්දට නෑගම් යෑම පටන් ගන්නේ පරණ අවුරුද්දෙන්. ඔය විදියට පටන් ගන්න අවුරුද්ද දවස් පහහයක් තියෙනවා. මව්බිමෙන් වෙන්වලා, සීත රටක ඉන්න අපිට මොන අවුරුදුද? ඊයේ දවසම වැඩ. අද සෙනසුරාදා නිසා ගෙදර, ඒත් ලබන සතියෙ තියෙන පන්ති වලට සූදානම් වෙන්නත් ඕනි. අද දවල් අවුරුද්දට අයේෂලා ගෙදර ගිහින් එනගමන් තමයි මේ කවිය ලීවේ.

අවුරුද්ට හැමෝම යාළුවෝ එක එක විදියෙ සුභ පැතුම් පණිවිඩ දිගින් දිගටම එවනවා. මටත් හිතුනා මොනා හරි දෙයක් ලියන්න. ඔව්, කවියක් ලියන්න. සනත් කඩේට ගිහින් බඩුවගයක් ගන්න. මම හිටියෙ වාහනේ. දවස් ගානක පෑවිල්ලකට පස්සේ, ඊය ආව කුනාටුව මෙල්බන් අහස කළු කරලා. විටින් විට පොදක් වැටුනත්, එළියෙ කොච්චර සීතල උනත්, වාහනේ ඇතුල උණුසුම්. ඒ නිසංසල අහස මට හරි ලස්සනට පෙනෙන්න ගත්තා. ඒ කළුවළා අතර  සුදු වළාත් තිබ්බා. ඒ අඳුරු මොහොත සොදුරු කරන සුදු වළා ගැනම ලීවා. තාමත් ඒ කුනාටුව ඉවර නෑ. එළියෙ හමන සුළග මගේ නෙත ගැටුනා. ඒ කුනාටු සුළගේ කිසි සුවඳක් නැතත්, වසන්තයට පිපෙන මල් සුවඳ මුසුවුන මද පවනෙ සුවඳ මට දැනුනා. අපිට මේ සිසිරය උනත් ලංකාවට වසන්තය. ඒ පිපෙන මල්, ඒවගෙ ලස්සන පාට මගේ හිතේ ඇඳෙන්න ගත්තා. ලාවට පසුබිමෙන් මිහිරි කවියක් ඇහෙනවා වගේ දැනුනා. සොඳුරු මොහොතක තනිඋනා වගේ දැනුනා. ඒත් එක්කම එකපාරම මම ඒ සොඳුරු අතීතෙට ඇදිලා ගියා. අවුරුදු කාලෙ තමයි මගේ අවුරුද්දෙ ලස්සනම කාලේ. අපි පරණ අවුරුද්ද දවසෙ ආච්චිලා ගෙදර යනකොට මගදි හම්බවෙන මිනිස්සු, එයාලගෙ කතාබහ, ඔව් ඒ හැම එකක්ම හිනාවෙන් පිරිලා තිබුනා. අම්මිත් එක්ක එකතුවෙලා හදන කැවුම්, ඒවගෙ රස, මට මතක් උනා. අපිට හමුවෙන ගමේ අය, අපේ නැන්දලා, මාමලා, වයසක අය, ඇතුලු හැමෝම හරිම සතුටින් කථා කරපු විදිය, ඒ මූණුවල තිබ්බ සිරියාව, ආපේ තාත්තිගෙ මුව පිරුණු හිනා රැල්, මට මැවිලා පේන්න ගත්තා. හැමෝම වගේ අළුත් ඇදුම් ඇදලා හරි හැඩයි. මගේ ඥාතී කණ්ඩායම, ඒ කීව්වේ අපේ නංගිලා, මල්ලිලා, අයියලා කට්ටිය, ඒවගේම ආච්චිලා ගෙදර ඉවර වෙන්නැති තේ මේසේ, රසකතා, එකින් එක හිතේ ඇඳීගෙන යනවා. අපි නෑගෙවල්වල ගිය හැටි. අපි පංචි ගහපු හැටි, ඈතට ඇහෙන පංචි පොළේ සද්දේ, දිනලා කෑගහන අය, ඔට්ටුවලට රංඩු වෙන සද්දේ, ඒ ඔක්කොටොම වඩා හිනා සද්දේ, අපේ ඒ සෙල්ලම් වලින් හිත පිරිලා. ඒක තමයි අවුරුදු සිරිය. අන්න ඒකටයි අපි අවුරුද්ද කියන්නේ. අපි හැමෝගෙම හිත් ලස්සන අවුරුදු පැතුම් වලින් පිරිලා. මෙවන් ලස්සන මතකයන් පිරි විනෝදමත් අවුරුද්දක් වෙවා!

අප්‍රේල් 14, 2018

මෙත්මා


Sunday, April 1, 2018

Love

Fairy new prone
Origin unknown
Beginning not clear
But, it was there for sure

Grow like a flower
And has it own power
Spread like weeds
With a high speed

No way to escape
Rather admit the shape

.
.
.


To read the entire poem, please visit my other blog, Comely lines. This poem is inspired by my Sinhalese poem, ආදරය, which was written two years ago. I really like that poem and this one as well. Which one you like most? If someone asked me the same question, my answer is the one I wrote two years ago. Anyway, I wrote this English poem under the theme, 'Growth and Decay', by thinking of submitting it to the yearly anthology of creative writers club of my uni. Your ideas and comments have the power of massaging this poem!

Saturday, March 17, 2018

Anxious waiting


Like a flower is looking for
The sun for blooming

Like a baby is looking for
Its mom for feeding

Like a farmer is looking for
The rain for seeding

..
..

..
..

..
..

To read the whole poem please visit my other blog, Comly lines

Sunday, February 11, 2018

A misty road


Hi friend, I have created another blog page by the name 'Comely Lines' for all of my English articles. Today, I posted a new poem call 'a misty road'. 

I am on an unclear path
With a fairly new question which
No one was interested 
I go here & there
Do this & that


I am puzzled......


To read the full poem, please follow this link, 'A misty road'.



Sunday, February 4, 2018

හමුවූවත් හැමදාමත්...

හමුවූවත් හැමදාමත් - අපි නෑ හමුවන්නේ
වෙන්වූවත් හැමදාමත් - අපි නෑ වෙන් වන්නේ

සසරක අතර මගකදී  - අපි හමුවෙන්නේ
පැතුමක බලය වැඩියි - නෑ වෙන් වෙන්නේ

කඳුලක් හංගාගෙන - දෙතොලින් හිනැහෙන්නේ
සුසුමක් ලෙස ඇවිත් - තුරුලට වී ඉන්නේ

මෙත්මා 
2005 අගෝස්තු



මේක මම වසර 12කට විතර කලින් ලියපු ගීතයක්. මගේ පළවෙනිම ගීත රචනය. බොහොම අමාරුවෙන් මතක් කරලා තමයි අන්තිම පද හතර මතක් කරගත්තේ. ඒ දවස් වල මම මේ ගීතය ලීවත් මගේ ලඟ අදටත් එහි පිටපතක් නම් නැහැ. සමහර විට අපේ ගෙදර මගේ පොත් අස්සෙ තියෙන්නත් පුළුවනි. නොතිබෙන්න සම්බ්හාවිතාවය තමයි වැඩි. ඒ කොහොම වුනත් අඩුතරමේ මේ සැරේ ලංකාවට ගිය වෙලාවවත් මට ඒ ගැන හොයලා බලන්න බැරි උනා. ඒ නිසා කොහොම හරි අමාරුවෙන් පද මතක් කරන්න මට සිද්ධ උනා. පළවෙනි සහ දෙවනි කොටස් දෙකනම් ඒ විදියටම මතකයි. නමුත් තුන්වෙනි එකනම් සමහර විට මම මුලින් ලියපු එකට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුළුවන්. මට මතක විදියට හතරවෙනි කොටසකුත් තිබුනා. ඒ ගැන නම් කිසිම මතකයක් නෑ වගේ. 

සමහර විට කෙනෙකුට මොනා පිස්සුවක්ද මේකෙ ලියල තියෙන්නෙ කියලා හිතෙන්න පුළුවන්. මම මේ ගීතයේන් අර්ථවත් කලේ මොකද්ද කියල කියන්න කලින්, තව එක පාරක් ඒක කියවලා බලන්නකෝ. ඒ කරලා අදහසක් එකතු කරන්නකෝ ඔයා කොහොමද මේ ගීතය විස්තර කරන්නේ කියලා. 

හොඳයි එහෙනම් මෙන්න මේකයි කථාව. බැලූබැල්මට මේ ගීතයේ පෙනෙන්නේ ආදරය උනත්, කියාගන්න බැරි වේදනාවක් එහි ගැබ්වෙලා තියෙනවා.  ඒ වගේම ඒ වේදනාව යටකරගෙන මතු වෙච්ච සන්තෝෂයක් ගැනත් කියවෙනවා. එයා කියනවා, 'හමුවූවත් හැමදාමත් අප නෑ හමුවෙන්නේ', ඒත් එක්කම කියනවා 'වෙන්වූවත් හැමදාමත් අපි නෑ වෙන් වෙන්නේ' කියලත්. 
මේ පද දෙක වෙන්වෙන්ව අර්ථ දක්වන්න අමාරුයි. එකටමයි අර්ථ ගලපන්න ඕනි. නිතරම හමුවන සහ ඒ හමුවෙන හැම අවස්ථාවකම වෙන් වෙන්න සිදුවෙන දෙදෙනෙක්ගේ සම්බන්දතාවයක් ගැනයි මේ කියන්නේ. ඒයාට දැඩි උවමනාවක් තියෙනවා, මේසේ නිතර හමුවෙන-වෙන්වන මේ චක්‍රය බිදලන්නට. ඒ කියන්නේ යම් කිසි දිනක් ඒවි අපට වෙන්වීම නවත්වාලිය හැකි, එනයින් නැවත හමු නොවන. එහෙමත් නැත්නම්, යම් දිනක් ඒවි  නැවත හමු නොවන සේ වෙන්ව යන. මේ කොටසින් විතරක් අපිට හරි අදහසක් ගන්න බෑ එයාට ඕනි ඇත්තටම වෙන්වීමක් නැති එක් වීමක්ද නැත්නම් නැවත හමුවීමක් නැති වෙන්වීමක්ද කියලා. 

දෙවනි කොටසින් එයා කියනවා, 'මේ සංසාරෙ ගමන් කරනකොට අපි දවසක හමුවුනා. ඒ හමුවීම ආදරණීයයි, හිතේ ලොකු පාර්ථනාවක් තියෙනවා, කවදාවත්ම වෙන් නොවෙන්න යැයි කියා'. ඒ කියන්නේ එයාට ඕනි වෙන් වෙන්න නෙවෙයි එකතු වෙන්න. ඒත් එක්කම මෙතනින් තව දෙයක් කියවෙනවා, මේ සම්බන්දය කැඩී බිදී ගිහින් මේ අය විරසක වීමේට ඉඩකඩ බොහොමයි. ඒ නිසයි එයා අපි වෙන්වෙන්නේ නෑ, මගේ පාර්ථනාව බලවත් කියලා, එයාගෙ හිත හදාගන්න උත්සාහ කරන්නේ. මේ කියන දේ ඊලඟ කොටසින් තවදුරටත් තහවුරු වෙනවා. එයා හිනාවෙන්නේ, කඳුලක් හංගගෙන, තුරුලට වෙලා ස්තුටින් අද හිටියත් ඒ ඉන්නේත් නොපෙනෙන වේදනාවක් හිතේ කොනක හිර කරගෙන. මොකද එයා හිතෙන දුක්වෙනවා කවදාවත්ම නැවත හමු නෙවන සේ වෙන්ව යන දවසක් ඒවි යැයි කියා.

මේවන් අර්ථයත් එක්ක තමයි මේ ගීතය රචනා වෙන්නේ. ඒ අර්ථය විදියටම ඔයාට පේනවාද, එහෙමත් නැත්නම් වෙනත් අර්ථයක් පේනවද කියලා අදහසක් එකතු කරන්න. මම ඒවා ගොඩාක් අගය කරනවා. මෙ ගීතයේ අඩුපාඩු යමක් තියේ නම් ඒ ගැනත් සදහන් කරන්න. මේ ගීතයට හරි හැටි තනු නිර්මාණයක් වෙලා නැහැ, ඒ වගේම එහි ගායනයකුත් තාම නැහැ. කවුරුන් හෝ ඉන්නවා නම් එයට තනුවක් නිර්මාණය කර ගයන්නට, ඔවුනට ඉඩ කඩ. නමුත් මාව සබන්ද කරගන්නටත් අමතක නොකරන්න.

ජය වේවා!



Friday, January 19, 2018

One wish

All I want is just one thing 
One minute 
One click
One photo, 
One pencil
One paper
One sketch.
But, how long will it take?
One month?
One semester?
One year?
Or never?

Dec 2017
Methma

Sunday, January 14, 2018

අතරතුර දිග ගමනක්

නැතිවෙච්ච මල්ලියෙක්
හොයන අක්කෙක්
ගේ දුක්බර කථාවක්...
පාළු මං පෙත්
වල ඇවිද යන දුර ගමනක්
අතරතුර එක මොහොතක්
නතරවී දැක අයෙක්
ඔබගේ මතකයක්
මුවරැඳෙව්වා එක හිනාවක්...
ඔබ නොවන බව දැනත්
හිතුවෙ නෑ කිසි වෙනසක්
පැතුවෙ නෑ කිසි දෙයක්
අනේ ඒත්
ගතවෙද්දි ටික දිනක්
සැගව ගිය වගක්
පිළිගන්න වුනා දුකකින් උනත්...
පාළු මං වල ඇවිද ගියත්
සෑහෙන දුරක්
ඔන්න නැවතත්
මුව රැඳව්වා සිනාවක්
ඔබගේ මතකයක්
අයෙක්
දෙදෙනක්
මුණගැසුනා නැවතත්
ඒත් අද ඒ අයත් 
ගිහින් බොහෝ දුරක්...
කවුරුන් හෝ කෙනෙක්
හමුවේද නැවතත්
මුව රඳවන සිනාවක්
සිහිකර ඔබගෙ මතකයක්
පිසදමින් එක කඳුලක්...



Tuesday, January 9, 2018

That day

Nineteen years
And one day ago
You were laying down on the bed
Lifelessly
I felt your pain
My poor little brother...
I was helpless
It was painful looking at you...
I didn't want to leave you alone
Yet, I waved my hand to say bye
You didn't
I was miserable...
You were laying down with
Your pale little face,
No smile
No talk
No any movements
Ohh, my dear brother...
I grabbed your hand
And waved it
Back at me
To make it less miserable...
Suddenly,
You moved your hand
And saluted me 
The way we usually did...
I was so happy
I thought you were fine now
And left home
With a consolation...
I still remember
I played with my friends 
I even wrote a poem on my desk...
On my way back
I met one of my uncles
He was coming from our home
He turned it back to give me a ride
It was the first time I am
Having a ride...
I was excited at that moment
Yet, felt that something was odd...
Before we reached home
I realized that
Your salute
Was your goodbye tribute to me...

Methma 
Jan 9, 2018

Saturday, January 6, 2018

30: කුමුදු අක්කා: Kumudini

ආයුබෝවන්!

මාස ගානකට පස්සේ මට ඉඩපාසුව හම්බ උනා චිත්‍රයක් අඳින්න. මේ සැරේ ඇන්ඳේ කුමුදු අක්කව. මම මෙතුවක් කල් ඇඳපු චිත්‍ර දැකලා එයාට ආස හිතිල තියෙනවා මට කියල චිත්‍රයක් ඇඳගන්න. ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් හැටියල තමයි මේ චිත්‍රය අඳින්න ගත්තේ. අපි ඒක බලලා ඉමුකො ඉස්සෙල්ලා.





මේ පින්තූරය අඳින්න මම බාවිතා කල වර්ණවත් පින්තූරය මෙතනින් ගිහින් බලන්න පුළුවන්. මේ පින්තූරෙ අඳින්න නම් එච්චර කාලයක් ගත උනේ නෑ. අඩුපාඩුනම් ගොඩක් ඇති ඒත් මම මේ පින්තූරෙට ගොඩාක් කැමතියි. ඒ මට ඕනි විදියට ඒක ඉක්මනින්ම ඇඳගන්න පුළුවන්විච්ච නිසා. ඔයාලා මුල් පින්තූරය ඉතා හොඳින් නිරීක්ෂනය කරොත් පෙනේවි, කුමුදු අක්කාගේ මූහුණ සුමට එකක් නෙවෙයි කියලා. එයාගෙ ඒ මුහුණේ නියම ස්භාවය කොහෝම හරි අරගන්න මට ඕනි උනා. ඉතින් මම ඔක්කොම වැඩ ඉවර උනාට පස්සේ පටන් ගත්තා එයාගෙ වලවල් සහ බිබිලිටික ස්මතු කරන්න. මම හිතන්නේ එයානම් ඒ වැඩේට එච්චර කැමති වෙන එකක් නෑ. මගේ හිතට බයකුත් දැනෙනවා. කොහොම උනත් මගේ උත්සාහය එතරම්ම සාරථක නොවුනත් මේ පින්තූරයේ අවසන් නිමවුම ගැන මම තෘප්තිමත්. මම වෙනද වගේම වැඩිපුරම කැමති එයාගෙ කොණ්ඩෙට ඒවගේම මට අමාරුම උනේ ඇඳුම නිවරදිව අරගන්න.

පහුගිය මාසෙ ලංකාවට ගිය වෙලේ මගේ මේ චිත්‍ර අඳින එක ගැන දුමින්ද මල්ලී ගොඩක් වැදගත් ප්‍රශ්නයක් යොමුකරා,

"අක්කේ හොමද අනේ ඔයා මේ චිත්‍ර අඳින්නේ? විස්තර එකින් එක පෙන්නන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා නේද? මට නම් බෑ එහෙම අඳින්න.  එපා වෙනවනේ අනේ. "

"ඔව් වෙලා යනවනම් තමයි ඒත්..." මම එකපාරට කරකලා අතැහැරිය වගේ. දුමින්ද අහපු ප්‍රශ්නෙට හරි පිළිතුරක් දෙන්න හැකි උනේ නෑ මට, යාන්තමට ජාමෙ බේරගන්නවා මිසක්.

"ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ මටත් එපා වෙනවා චිත්‍ර අඳින්න ගියාම. මම ආස නෑ කුඹුරුවල එහෙම චිත්‍ර අඳින්න. එකින් එක අඳින්න ගියාම සෑහෙන වෙලාවක් යනවා, එතකොට ඉතින් ටිකක් වෙලා යනොටම එපා වෙලා අතහැරලා දානවා." මම කීවෙ ඉස්සර මතකයන් අවදි කරමින්.

මම ලංකාවෙ ඉන්න ටික දොහට චිත්‍ර අඳින්න කියල ඕනි කරන හැමදේම ගෙනියලා තිබ්බත් චිත්‍ර ඇන්ඳෙත් නෑ, චිත්‍ර අඳින්න ඕනි උනෙත් නෑ, ආසාවක් තිබ්බෙත් නෑ.  නමුත් ආයි මම මෙහෙ ආවට පස්සේ, මට චිත්‍ර අඳින්න ඕනි උනා, ගොඩක් චිත්‍ර අඳින්න ඕනි උනා, ඒ විතරක් නෙවයි ඇන්ඳත් එක්ක. ඒ කොහොම වෙතත් උත්තරයක් දීගන්න බැරිව තිබ්බ දුමින්ද ප්‍රශ්නෙ මගේ හිතේ රැවුපිළි රැව් දුන්නා. මටත් ඒක ප්‍රශ්නයක් උනා. හැබැයි ඉතින් මහෙ ඇවිත් දවසක් දෙකක් යනකොට උත්තරේ නිකන්ම ආවා.

"අපි මෙහෙ ගෙවන්නේ බොහෝම තනිවිච්ච ජීවිත; කැම්පස් එකට යනවා, වැඩ කරනවා, ගෙදර එනවා. ගෙදර හිටියත් ඇතුලෙමයි ඉන්නේ, කරන්න කියලදේකුත් නෑ, කථාකරන්න කියල ගොඩක් කට්ටියත් නෑ (එක්කෙනයි නෙ ඉන්නෙ). අන්න ඒකයි මට පුළුවන් උනේ පැය ගනන් වැය කරලා චිත්‍ර අඳින්න. තනිකම පාළුව නැති කර ගන්න තමයි මේ චිත්‍ර අඳින්නේ. ලංකාවෙදි නම් මේ වගේ දෙයක් කරන්න කොහෙත්ම වෙලාවක් නෑ. පුළුවන් කමකුත් නෑ."

 අන්න ඒකයි ඇත්ත උත්තරේ.

කුමුදු අක්කට දීර්ඝායු වේවායි පතමින් අදට නවතිනවා.


Tuesday, January 2, 2018

Where are you?

When all of you are around
It's noisy and distracting
I don't mind it
I can concentrate on what am doing
I mean,
'When I want'...
It's warm and cozy
I can come and talk
Anytime I want
At least one of you is there
For me...
Even no one is here to hear me out
I am okay
Because I know
You guys are somewhere
Nearby
So I can talk later...
But, now
Almost all the spots are empty
None of my friends are here
No one will even come later
I went to your desks few times
They look clean and orderly
I have a strong feeling
Of emptiness...
Isn't this saying
I am lonely and
Bored with nothing???
Ohh no
At least one of you could come...
It reminds me
The loneliness I had
On my early days...

Methma
Jan 2, 2018