Sunday, July 28, 2024
Saturday, July 27, 2024
අපි අඳින ඇඳුම් කියන්නේ
අපි අඳින ඇඳුම් කියන්නෙ අපේ ජීවිතවල සරල බව පොරොන්දු
අපි කන කෑම කියන්නෙ අපේ ජීවිත සුවපත් කරපු බොහෙත්
අපි කරන කථා බහ කියන්නෙ අපේ මුතුන් මිත්තන්ගේ සිරිත් විරිත්
අපේ ගති පැවතුම් ඇවැත් පැවැත් උනේ ඒ මුතුන් මිත්තන්ගේ ඇදහිලි විස්වාස
ජූලි 27, 2024
මෙත්මා
Wednesday, July 24, 2024
බඩගින්නේ මම
බඩගින්නේ මම ඇවිදන් යනවා
බර අඩු කෙරුමට කැලරි දහනයට
සීතල සුළඟක් ගත දැවටෙනවා
විසිතුරු ගස් මල් මට දිස් වෙනවා
මනසේ සුවයට ගතේ සැනසුමට
ඇවිදන් යනවා උදේ පාන්දර
මේඝ වළා පාවෙයි හනි හනිකට
වැස්ස වැටේවිද මා යන්නට පෙර
මෙත්මා
ඔක්තෝබර් 5, 2023
කවිය අහන්න
Monday, July 22, 2024
බිංදු බිංදු පොද වැස්සක්
බිංදු බිංදු පොද වැස්සක් ඔන්න කඩා හැලෙනවා
ඩිංග ඩිංග වහල දිගේ වතුර ගලා ඇදෙනවා
හැඩට පිපුණු කහ මල් ටික හෙමින් හෙමින් හැලෙනවා
රතු ගිරවුන් දෙදෙනෙක් විත් කීචි බීචී ගයනවා
ඔක්තෝබර් 4, 2023
මෙත්මා
කවිය අහන්න
Sunday, July 21, 2024
සුළඟක් හමා යයි
සුළගක් හමා යයි මා ගත දැවටීලා
සීතල නෑ දැනුනේ සිසිලයි ගෙන එන්නේ
දළු දාමින් මේපල් ගස් පිබිදෙන්නට යනවා
මල් පිපෙන්න දවසක් දා පොහොට්ටු ලොකු වෙනවා
කවිය අහන්න
ඔක්තෝබර් 4, 2023
මෙත්මා
Sunday, October 24, 2021
ගෙවල් හෙවිල්ල | ටීකා සී පද
ඉන්නා ගේ ...
හීටර දෙකතුනකුත්, විදුලි ලිප් කීපයකුත් දාලා ඒත් බැරිතැන මේසුත් ජේසිත් දාලා රෙද්දකුත් පොරවගෙන හා පැටව් වාගේ හීතලේ ගුලිවෙලා, ගෙදට්ටම වෙලා බතක් මාළුවක් උයාගෙන, පීස් ටිකක් වවාගෙන, වැඩක් පලකුත් කරගෙන, ඇපල් මලක් පිපෙනකල් බලා ඉන්න කොට...
ඉන්නා ගෙදර දෙන්නැයි ඉල්ලුවා ගෙය අරගත් අළුත් කෙනා...
රටත් වහලා, ගමත් වහලා, කඩ අනං මනං ඔක්කොමත් වහලා, ගෙයින් පිටට අඩියක් වත් තියන්න බැරිව, දන්න, නොදන්න, දැක්ක, නොදැක්ක, හැමෝම හැකි නොහැකි හැම වැඩක්ම ගෙයි ඇතුලේ ඉදං, රෙදි සෝදන ගමං, රෙදි වේලන ගමං, ළමයි නලවන ගමං, රංඩු බේරන ගමං, බත් උයන ගමං මතක් උනොත් වැඩත් කරන කාලේක ...
යන්නත් බෑ බලන්නත් නෑ, නමුත් ගෙයක් අපි හෙව්වා ...
පරිගණකයෙන්, දුරකතනයෙන් අතට අහුවෙන හැම මගුලකින්ම උදේ හිට දවල් වෙනකල්, හවස වැඩ ඉවරවෙලා රෑ වෙනක ගෙවල් හොයනවා, කාමර කීයද, නාන කාමර කීයද, වාහන පාකින් කීයද, ගාන කීයද, උඩට පහළට යනවා, තරු දානවා, ඒ පැත්ත දුරයි එහෙන් එපා කියනවා, මලක් පැළයක් හිටව ගන්න හැකිද බලනවා, අන්තිමේදී රෑ හීනෙනුත් ගෙවල් පේන්න විට ...
එකම එක ගෙයක් බලන්න අපිට යන්නට ලැබුනා ...
රැකියාව, පඩිය, උපත, විවාහය, කලින් හිටි තැන් එකී නොකී මෙකී හැම ලියවිල්ලක්ම පෙට්ටගං අස්සෙං හොයාගෙන පත්තරක් වගේ දිය කොලේකුත් පුරවලා අරයට මෙයාට දෙන්න එපා මේ ගේ අපිටම දෙන්න කියලා දාහක් දේ කියලත් ගෙයක් හොයාගන්න බැරිව ලට්ට ලොට්ට ටිකත් අරගෙන පාරට බහින්න වේද හිත හිතා ඉන්නා කලක ...
රූප වලින් විතරක් දුටු ගේකට අපි හෙට යනවා ...
ඈත ගම්දනව්වකින්, කවදාවත් ඇහැටවත් නොදැක්ක, කාගෙන්වත් අහල දැන කියාගන්න බැරි වුන, පින්තූර කෑල්ලකින් විතරක් දුටු අයෙන් ආවාහ විවාහ කරගන්න, ගෙවල් දොරවලුත් අස් කරලා, උත්සව ශාලාවකුත් වෙන් කරගෙන, නෑදෑයිටත් එන්නත් කියලා, තෑගි බෝගත්, රෙදි පෙරෙදිත්, රත්තරං බඩුත් අරගෙන යන්නා වාගේ...
අපි යනවා...
ඔක්තෝබර් 24, 2021
Sunday, November 1, 2020
The tale of I and she (Math 'n Inglish )
I'm fond of math
She had no bond with math
She sincerely loves English
I hardly touched English
I used to skip it
She doesn't know it
She really takes time learning it
I am highly impressed with that
I barely studied English
She rarely skips studying English
She has all sort of resources
I whereas had no such sources
I happily spent hours 'n hours on math
She actually went away 'n away from math
She enjoys roaming around the garden
I joys even dreaming that garden
I always ate naturally ripen garden-fresh fruits
She all days pleased to snack the same fruits
She has two sisters to hang around
I was dreaming about a sister all year round
I literally had just a cat for all
She liberally plays with 'em and crawl
She got the power
I was under the power
I was noted as a bit lazy
She is same-same isn't it crazy
She has acquire a strong personality
I still have a dependent mentality
I peacefully relished the nature around
She is now delighted at the same ground
She is my queen
I love her scene
I can only see her from far
She closely resembles me in fair
She is teen yet keen on learning
I see from screen 'n she's charming
I feed her with English sessions
She seems to enjoy my lessons
She is impressive, solves math problems
I just explain the wrongly done problems
I let her learn math by herself
She is keen on math as well
She is charming-charming
I am sad on parting darling
I figure myself through her
She mirrors my past, no blur
She heals me 'n joy is a gain
I feel like I'm living it once again
I use English as much as math
She will like math as much as English?
She heals me 'n joy is a gain
I feel like I'm living it once again
I use English as much as math
She will like math as much as English?
This is the final version of the poem after done a ton of editing. To see the original version please check my other blog Comely Lines. It would be grate if you can vote the version of the poem pleased you.
Sunday, June 21, 2020
අපූරු හමුවීම
ඉන්නේ වෙන තැනක
සීතල මද පවන කපාගෙන ඉර එළිය අදත් වැටෙනවා
එයාලා තරුණයි, සමත් හරි පැහැපත්
ඒ වගේම එයාලා හරි ශක්තිමත්
ආ මෙන්න පුංචි මල්ලිත් ඉන්නවා
එයා බලාගන්න එක තමයි මගේ රාජකාරිය.
ඔන්න ඒ ගමන වෙඩින් එකට ලෑස්ති වෙන ගමන්, කට්ටිය එහෙට මෙහෙට යනවා. නෑයොත් ඇවිල්ලා, තේ හදනවා, කට්ටියම බරටම වැඩ. විශේෂයෙන්ම අයියයි තාත්තයි.
ඒත් ලෑස්ති වෙනවා විතරයි.
කොහොම වුනත් අපි හරි සතුටින් මොකද හැමෝම ඉන්නවා නේ.
හොඳට ඉර පායපු දවසක්, මං මේ කැම්පස් එකේ ඉඳන් ගෙදර යනවා. අම්මලා බලාගෙන ඉන්නෙ මං එනකං, ඇයි අයියගෙ දුවට මම ගෙදර ආවාම තියෙන සතුට කියල නිම කරන්න බැරි තරම්.
කෝ ඉතිං යනවා යනවා ඉවරයක් නැහැ
ඉවර වෙන්න කලින් ගෙදර යන්න පුළුවන් වෙයිද මට? තාත්තත් ඉඳීවිද ගෙදර?
ඒත් අවුලක් නෑ බලාපොරොත්තුවක් හරි තියෙනවනි.
හරිම පුදුම වැඩක්, මං ආයෙත් ඇමරිකාවට යන්න හදන්නේ. මං යනවාට ඒගොල්ලො කැමති නැහැ, මං කැමැතිත් නැහැ ඒත් ඉතින් මොනා කරන්නද,
අවුලක් නැහැ අපි කට්ටියම දැන් හරි ඉන්නවා නේ.
මෙන්න අපේ ගෙදර පුංචි දරුවෙක් ඉන්නවා එකපාරම, ආ ඒ වෙන කවුරුත් නෙවෙයි මල්ලි නේ. අයියගේ දුවදෝ කියලත් හිතෙනවා??
මම එතෙන්ට ආවේ කොහොමද කියලා මට මතකයක් නැහැ ඒත් ඒක ලස්සන සිහිනයක් අපි හැමෝම ඉන්න.
හිරු කිරණෙන් ගත උණුසුම් වන
සීත සුළං රැලි සිසිලස ගෙනෙන
අපි හැමෝම හමුවෙන එකම තැන.
2020 ජුනි 21
මෙත්මා
අද මේ පියවරුන්ගේ දිනේදී, ලොව පුරා වෙසෙන පියවරුන්ට උපහාර වේවා!
Thursday, June 13, 2019
කඳුළුක උණුසුම
නෙතට නොනැගෙන්න...
නිබඳ නොයෙක්
වෙර දමා නවතන්න...
එකඳු කඳුළක්
නෙතෙන් ගිලිහෙන්න
නොදී නිය අගින්
සෙනෙහසින් රැකගන්න...
එකඳු වදනක්
නොබින
බෙරි වූ වුවින්
ඔහේ ලඟ ඉන්න...
එකඳු කඳුලක
ගැබ් වු මහ බර
හැඳිනි පෙම්වත
නුඹ ගිහින් දුර ඈතක...
නොයෙක් හිරු පායා
කඳුළු වියැකීලා
හවුරුදු ගෙවීලා
මතක මියැදීලා...
ගන කළු වළා
හද ලැඟුම් ලා
නෙත පිරුණු දා
කඳුළු බිඳු ගංගා
දෙකම්මුල් පොඟවා
ඔහේ බිම වැටුණා
දමන්නට පිසලා
කෙනෙක් නැති හන්දා...
ජූනි 13, 2019
මෙත්මා
Saturday, April 14, 2018
අවුරුද්ද
හමන සුළගක, දැනෙන සුවඳක
පිපෙන කුසුමක, මැවුනු පැහැයක
ඇහෙන කවියක, මියුරු තනුවක
කරන දෙඩුමක, සිනා කැටියක
පිරුණු කැවුමක, නැවුම් රසයක
දකින මුහුණක, පෙනෙන සිරියක
අළුත් ඇදුමක, දකින හැඩයක
නෑදැ ගෙදරක, යනෙන ගමනක
පංච කෙලියක, ඇහෙන දිනුමක
නැගුන සතුටක, පනින පිනුමක
නැවුම් වසරක, උතුම් පැතුමක
ඊය අප්‍රේල් 13, ඒ කියන්නේ පරණ අවුරුද්ද. අපේ පවුලේ හැමෝම අපේ ආච්චියි සීයයි බලන්න එහෙ යන දවස. ආච්චියි සීයයි දෙන්නම නැතිවෙලා අවුරුදු දහයකටත් වැඩි උනත්, අපේ හැමෝම තාමත් පරණ අවුරුදු දවස ගත කරන්නේ අපේ ආච්චිලා ගෙදර. ඒ කියන්නේ අපේ අවුරුද්දට නෑගම් යෑම පටන් ගන්නේ පරණ අවුරුද්දෙන්. ඔය විදියට පටන් ගන්න අවුරුද්ද දවස් පහහයක් තියෙනවා. මව්බිමෙන් වෙන්වලා, සීත රටක ඉන්න අපිට මොන අවුරුදුද? ඊයේ දවසම වැඩ. අද සෙනසුරාදා නිසා ගෙදර, ඒත් ලබන සතියෙ තියෙන පන්ති වලට සූදානම් වෙන්නත් ඕනි. අද දවල් අවුරුද්දට අයේෂලා ගෙදර ගිහින් එනගමන් තමයි මේ කවිය ලීවේ.
අවුරුද්ට හැමෝම යාළුවෝ එක එක විදියෙ සුභ පැතුම් පණිවිඩ දිගින් දිගටම එවනවා. මටත් හිතුනා මොනා හරි දෙයක් ලියන්න. ඔව්, කවියක් ලියන්න. සනත් කඩේට ගිහින් බඩුවගයක් ගන්න. මම හිටියෙ වාහනේ. දවස් ගානක පෑවිල්ලකට පස්සේ, ඊය ආව කුනාටුව මෙල්බන් අහස කළු කරලා. විටින් විට පොදක් වැටුනත්, එළියෙ කොච්චර සීතල උනත්, වාහනේ ඇතුල උණුසුම්. ඒ නිසංසල අහස මට හරි ලස්සනට පෙනෙන්න ගත්තා. ඒ කළුවළා අතර සුදු වළාත් තිබ්බා. ඒ අඳුරු මොහොත සොදුරු කරන සුදු වළා ගැනම ලීවා. තාමත් ඒ කුනාටුව ඉවර නෑ. එළියෙ හමන සුළග මගේ නෙත ගැටුනා. ඒ කුනාටු සුළගේ කිසි සුවඳක් නැතත්, වසන්තයට පිපෙන මල් සුවඳ මුසුවුන මද පවනෙ සුවඳ මට දැනුනා. අපිට මේ සිසිරය උනත් ලංකාවට වසන්තය. ඒ පිපෙන මල්, ඒවගෙ ලස්සන පාට මගේ හිතේ ඇඳෙන්න ගත්තා. ලාවට පසුබිමෙන් මිහිරි කවියක් ඇහෙනවා වගේ දැනුනා. සොඳුරු මොහොතක තනිඋනා වගේ දැනුනා. ඒත් එක්කම එකපාරම මම ඒ සොඳුරු අතීතෙට ඇදිලා ගියා. අවුරුදු කාලෙ තමයි මගේ අවුරුද්දෙ ලස්සනම කාලේ. අපි පරණ අවුරුද්ද දවසෙ ආච්චිලා ගෙදර යනකොට මගදි හම්බවෙන මිනිස්සු, එයාලගෙ කතාබහ, ඔව් ඒ හැම එකක්ම හිනාවෙන් පිරිලා තිබුනා. අම්මිත් එක්ක එකතුවෙලා හදන කැවුම්, ඒවගෙ රස, මට මතක් උනා. අපිට හමුවෙන ගමේ අය, අපේ නැන්දලා, මාමලා, වයසක අය, ඇතුලු හැමෝම හරිම සතුටින් කථා කරපු විදිය, ඒ මූණුවල තිබ්බ සිරියාව, ආපේ තාත්තිගෙ මුව පිරුණු හිනා රැල්, මට මැවිලා පේන්න ගත්තා. හැමෝම වගේ අළුත් ඇදුම් ඇදලා හරි හැඩයි. මගේ ඥාතී කණ්ඩායම, ඒ කීව්වේ අපේ නංගිලා, මල්ලිලා, අයියලා කට්ටිය, ඒවගේම ආච්චිලා ගෙදර ඉවර වෙන්නැති තේ මේසේ, රසකතා, එකින් එක හිතේ ඇඳීගෙන යනවා. අපි නෑගෙවල්වල ගිය හැටි. අපි පංචි ගහපු හැටි, ඈතට ඇහෙන පංචි පොළේ සද්දේ, දිනලා කෑගහන අය, ඔට්ටුවලට රංඩු වෙන සද්දේ, ඒ ඔක්කොටොම වඩා හිනා සද්දේ, අපේ ඒ සෙල්ලම් වලින් හිත පිරිලා. ඒක තමයි අවුරුදු සිරිය. අන්න ඒකටයි අපි අවුරුද්ද කියන්නේ. අපි හැමෝගෙම හිත් ලස්සන අවුරුදු පැතුම් වලින් පිරිලා. මෙවන් ලස්සන මතකයන් පිරි විනෝදමත් අවුරුද්දක් වෙවා!
අප්‍රේල් 14, 2018
මෙත්මා
Sunday, April 1, 2018
Love
Origin unknown
Beginning not clear
But, it was there for sure
Grow like a flower
And has it own power
Spread like weeds
With a high speed
No way to escape
Rather admit the shape
.
.
.
To read the entire poem, please visit my other blog, Comely lines. This poem is inspired by my Sinhalese poem, ආදරය, which was written two years ago. I really like that poem and this one as well. Which one you like most? If someone asked me the same question, my answer is the one I wrote two years ago. Anyway, I wrote this English poem under the theme, 'Growth and Decay', by thinking of submitting it to the yearly anthology of creative writers club of my uni. Your ideas and comments have the power of massaging this poem!
Saturday, March 17, 2018
Anxious waiting
Like a flower is looking for
The sun for blooming
Like a baby is looking for
Its mom for feeding
Like a farmer is looking for
The rain for seeding
..
..
..
..
..
..
To read the whole poem please visit my other blog, Comly lines
Sunday, February 11, 2018
A misty road
Hi friend, I have created another blog page by the name 'Comely Lines' for all of my English articles. Today, I posted a new poem call 'a misty road'.
I am on an unclear path
With a fairly new question which
No one was interested
I go here & there
Do this & that
I am puzzled......
To read the full poem, please follow this link, 'A misty road'.
Friday, January 19, 2018
One wish
One minute
One click
One photo,
One pencil
One paper
One sketch.
But, how long will it take?
One month?
One semester?
One year?
Or never?
Dec 2017
Methma
Sunday, January 14, 2018
අතරතුර දිග ගමනක්
Tuesday, January 9, 2018
That day
And one day ago
You were laying down on the bed
Lifelessly
I felt your pain
My poor little brother...
I was helpless
It was painful looking at you...
I didn't want to leave you alone
Yet, I waved my hand to say bye
You didn't
I was miserable...
You were laying down with
Your pale little face,
No smile
No talk
No any movements
Ohh, my dear brother...
I grabbed your hand
And waved it
Back at me
To make it less miserable...
Suddenly,
You moved your hand
And saluted me
The way we usually did...
I was so happy
I thought you were fine now
And left home
With a consolation...
I still remember
I played with my friends
I even wrote a poem on my desk...
On my way back
I met one of my uncles
He was coming from our home
He turned it back to give me a ride
It was the first time I am
Having a ride...
I was excited at that moment
Yet, felt that something was odd...
Before we reached home
I realized that
Your salute
Was your goodbye tribute to me...
Methma
Jan 9, 2018
Tuesday, January 2, 2018
Where are you?
It's noisy and distracting
I don't mind it
I can concentrate on what am doing
I mean,
'When I want'...
It's warm and cozy
I can come and talk
Anytime I want
At least one of you is there
For me...
Even no one is here to hear me out
I am okay
Because I know
You guys are somewhere
Nearby
So I can talk later...
But, now
Almost all the spots are empty
None of my friends are here
No one will even come later
I went to your desks few times
They look clean and orderly
I have a strong feeling
Of emptiness...
Isn't this saying
I am lonely and
Bored with nothing???
Ohh no
At least one of you could come...
It reminds me
The loneliness I had
On my early days...
Methma
Jan 2, 2018
Wednesday, December 13, 2017
I and You
You know who I am
You pretend you didn't see this
I pretend I didn't notice it
I tried, but failed?
You didn't, yet succeed?
You act harshly
I act softly
I think you are lonely
You think I am not?
You are all over
I am nowhere
I am already erased
You will be never erased
You are soft inside
I know it
I know you are arrogant
You know I like it
You have a wide smile
I like that as well
I am bit confused
You better noticed it
You are nowhere to be found
I am semi-insane
I always looked for you
You ever knew it?
You didn't come
I didn't see you from then
I miss you
You didn't miss me?
Methma
Nov 2017
Monday, October 2, 2017
29: සනත් දර්ශන: Sanath Darshana
ඔන්න අන්තිමේදි මගේ ප්‍රිය ස්වාමියාගේ පින්තූරයක් සිතුවම් කලා. එයාට ඒකට හරි සතුටුයි. මේ පින්තූරෙ අඳින්න මම භාවිතා කළේ මීට වසර හතරකට විතර කලින් අපි ටෙක්සස් ඉන්න කාලේ දර්ශනගේ අතිජාත මිත්‍ර, කළණ ගත්ත පින්තූරයක්. මට අද වගේ මතකයි මේ පින්තූරෙ ගත්ත දවස. ඒ දවස්වල අපේ ගෙදර තිබ්බේ කළණලාගේ ගෙදරට ඉස්සරහ, පහළ තට්ටුවේ. එයාලගේ ගදර තිබ්බේ උඩ තට්ව්ටුවේ. මේ පින්තූරෙ ගත්තේ එයාලා ගෙදර ඉස්සරහ සදළුතලාවේ ඉඳලා, කළණගෙ අළුත් කැමරාව ගත්ත මුල් දවස්වල. දර්ශනගේ මේ පින්තූරෙට තමයි මම කැමතිම. කළණ මගෙත් පින්තූරයක් ගත්තා එතනදි. මෙතනින් ගිහින් බලන්න පුළුවන් මම මේ කියන පින්තූරෙ මුල් ස්වරූපය, මගේ පින්තූරෙ නෙවෙයි දර්ශනගේ පින්තූරෙ.
මේ තියෙන්නේ මගේ චිත්‍රය
හිරු මඬලක් සේ රන් කිරණින් සනහන
මගේ චිත්‍රයත්, කවියත් යම් රසාස්වාදය ඔබ සිත ජනිත කලා යැයි සිතනවා.
තවත් දවසක හමුවෙනකල් ඔබට ජය!
Welcome guys!
Finally, I drew my beloved husband's portrait with care. He is happy about it. To make this portrait, I used my favorite picture of him. This picture was taken by his best friend Kalana four years ago when we were in Texas. I still remember that moment. It was the time that he brought his new DSLR camera. Kalana took a close picture of Sanath's, and also mine on their balcony. His caption was so nice and for me, it was a miracle. Maybe it's adorable because of his nice hairstyle, which was a stylish by me :). However, later, Kalana became a fine photographer. Thank you, Kalana for this picture. I really like it. Here you can see it.
Here is my portrait,

I know that there are many mistakes in this portrait, even it closely resembles Sanath. I can feel that the charm of his smile is not visible nicely in my sketch. Yet, I really like this portrait painting, because it's my wonderful husband. As you know, he is a nice guy. I am a very lucky woman to have this handsome and innocent guy. You may see him as a silent guy, but once he became close, he talks well. He is a kind-hearted person like my father who never hurt someone's feelings. He is energetic and helpful as well. Not like a typical Sri Lankan husband, he is very helpful and understandable. So, my life is so easy with him. He looks after me gently. Most importantly, he let me do what I like, and appreciate what I do. He knows how to make someone happy. Therefore, to appreciate him, I drew this picture and wrote a poem.
Once I show him this portrait, he said;
"You can write poems nicely"
That was it. He never said anything about the portrait. Maybe he was so touched by the poem or he was not that happy about the portrait. I know you are curious about what I wrote there. Let me try converting it into English. I may not succeed. Let's see,
Energizing like a golden sun
Exhilarating like a full moon
Smiling like a bunch of flowers
Refreshing like a sparkling waterfall
Shielding like a huge tree
Protecting like an endless forest
Rooting like a rich earth
Cheering like a drizzly rain
Standing by like a proud parent
Appeasing like a gentle breeze
Feasting like a soft snowfall
Loving like the vast ocean
Hmmm. Looks like I did it well. Did you enjoy it?
In my home, we have hung all of my portrait painting of my family members and friends on one wall. I asked Sanath, Which one you like most?". He said that he likes his portrait most. I asked why. Then he answered;
"Well, because it's my portrait."
It was a short answer again. Then I said,
"That's not fair. Except your's, which one you like most? "
"Your father's portrait"
I was so happy to hear that. He said it is a fine piece of art and it really resembles my father.
I am going to end this conversation now. Hope you enjoyed my portrait and the poem.
All the best!
Sunday, April 24, 2016
ආදරය
කලින් වතාවෙ නංගිට (භාග්‍යා හේමමාලිට) කවියක් ලියල දුන්නනේ, ඉතින් අපේ මල්ලිත් නහයන් අඬ අඬා හිටියෙ, "අනේ අක්කෙ මටත් කවියක් ලියහන්කො බං" කියල. මම මේ කීවෙ අපේ සලිත ගැන. අර බ්ලොග් එකක් ලියන්නෙ 'අපි තොපි' කියල, ආන් ඌ ගැන. ආදර කථා ලියන්න තමයි මිනිහ වැඩිපුර කැමති. කොහොමින් කොහොම හරි එයාගෙ, 'චානකගේ ආදර කතාව 1', II කොටස් කියෙව්වට පස්සෙ ආදරේ ගැන කවි පෙළක් ලියන්න ඕනි කියල හිතුන (දම් පැහැතැන් හරහා එයාගේ බ්ලොග් එකටත් එයාගෙ ලිපියටත් යා හැකිය). ආදරේ හදවතට දැනෙන විදියට එයා කාථාව ලස්සනට ලියල තියෙනව. හරි හරි වැඩි කථා ඕනි නෑ, කෙලින්ම කවි වලට;
සිතක උණුසුම රඳන
සිත් සතන් පුබුදුවන
සිතක සිහිලස දනන
එසිත තනිකම මකන
අඳුරු දිවි සොඳුරු කල
රුදුරු සිත් සුමුදු කල
තැවුනු සිත් සතුටු කල
නිබඳ සිත් සුවඳ කල
ඇති කල එක ලෙසක
නැති කල වෙන විලස
තෙදින් සිත් පිරිමදින
තදින් සිත් රිදුම් දෙන
විටක උණුසුම රඳන
විටක ගින්නෙන් දවන
විටක සිසිලස දනන
විටක ගල්සේ මිදුණ
සිත් සතන් පුබුදු වන
පිබිදි සිත් හකුළුවන
තුටින් පුරවා තබන
දුක්ඛ ගංගා මවන
විටක සිත් පහන් කල
නමුදු දිවි අඳුරු කල
සිනා සයුරක් මැව්ව
මුත් කඳුලු බිදු රඳන
සොඳුරු ලෙස සනසනා
කටුක වී හඬවනා
සෞම්‍ය වී පැමිණෙනා
රුදුරු වී හැර යනා
සොම්නසේ හැඩ මැව්ව
දොම්නසේ ගති කිව්ව
මුව නැගුණු හසරැල්ල
බිම හැලුණු කඳුලැල්ල
ප්‍රබෝධය ගෙනෙනවා
වගෙම සිත දවනවා
මෘදු මෙළෙක දැනෙනවා
වගෙම සිත තවනවා
තිස්සේම ලඟ ඉදන් හිනැහිලා
රිදුම් දේ පාළුවේ තනිවෙලා
සුවහසේ සිහිනසේ සතපලා
දුක් වුනේ රෑ පුරා නිදිවරා
සෞම්‍යයෙන් පිරි සොභා
බිඳ මවයි රුදුරු ඝන කළු වලා
බලන් ගැඹුරින් සිත යොමා
සෙනෙහේ කුමක්දෝ කියා