Saturday, September 21, 2024

කාලෙ හරි


චන්දෙ දෙද්දි රට ගන ටිකක් හිතලා චන්දෙ දෙන්න කාලෙ හරි 

නාස්තිය දූෂණය වන්චාවට තිත තියන්න කාලෙ හරි 

ප්‍රතිපත්තියක් තියෙන දැනුම තියෙන මිනිස්සුන්ට එකතු වෙන්න දැන් කාලෙ හරි 

නිල් කොළ රතු පරම්පරාවෙන් ආව පක්ෂය අත් හරින්න කාලෙ හරි

රටේ නිතියට යටත් පාලකයෙක් එන්න කාලෙ හරි

රටක් වශයෙන්  දැක්මක් අතිව ඉදිරි ගමනක් යන්න කාලෙ හරි

නොයෙකුත් ක්ෂේත්‍ර වල ඉදිරි ගමනට උපාය මාර්ග සලස්වන්න කාලෙ හරි 

වෙනසක් කරන්න වැටිච්ච රට ගොඩ ගන්න කාලෙ හරි 

ඉවර කරන්න නිකං දෙනකන් බලා හිටපු කාලෙ හරි

කව්රු හරි අවිල්ල මොනාව හරි කරාම හරිය යි කියලා බලා ගෙන හිටපු කාලේ ඉවර කරන්න කාලෙ හරි

රට අන්ත දුප්පත් තැනකට ගෙනාපු අය ගෙදර යවන්න කාලෙ හරි


මෙත්මා

2024

සැප්තැම්බර් 7


3 comments:

  1. ටිකක් නෙමෙයි. ගොඩක් හිතන්න ඕන!

    ReplyDelete
  2. කොහොමින් උනත් දැන් වෙනසක් වෙලා තියෙනව නෙ. බලා ඉමු... මොකදෑ වෙන්නෙ කියල

    ReplyDelete
  3. රටට හොඳක් වෙනව නං, පවතින පරපෝෂිත දේශපාලන ක්‍රමයේ වෙනසක් වෙනව නං එච්චරයි.
    කාලෝචිත ලිපියක්.👌💐🙏

    ReplyDelete