හේමමාලී භාග්‍යා නඟා ලියු අපේ පැත්තෙ ගොයම් වගාව I, II, හා III කොටස් සියල්ල කැටිකර මගේ මතකයන්ද අවදි කරමින් ලියවුනු කවි...
මුල් ඇදලා ගොනුවීලා පැලවී එන්නේ
ගොණු ලිහලා වෙන් කරලා වෙලට ගේන්නේ
බිම සකසා වතුර බැඳල තවන් කරන්නේ
උස බලලා හැඩ කරලා ලියදි හදන්නේ
මඩ තියලා වැඩ දාලා වේලි බඳින්නේ
දිය බැඳලා මඩ කරලා පෝරු ගාන්නේ
වතුර දමා දිය කරලා මඩ සෝදන්නේ
ගොණු කරලා මිටි බැඳලා ගොයම් දිලෙන්නේ
බුදුන් වැඳල දෙවි සිහිකර වැඩ අරඹන්නේ
පැල අරගෙන දෙකට නැමිල හදන්න ගන්නේ
වමතෙ තියා දකුණු අතින් ගොයන් හදන්නේ
වමතෙ තියා දකුණු අතින් ගොයන් හදන්නේ
උදේ ඉඳල අව්වෙ ඉඳල අපි කරවෙන්නේ
මඩේ එරිලා එපා වෙලා එතන වැටෙන්නේ
තේ හදලා රොටී හදල අම්මා ගේන්නේ
ඇය දැකලා සතුටු හිතිලා ගොඩට ඇදෙන්නේ
වෙහෙස වෙලා වැඩ කරලා විවේක ගන්නේ
තේ බීලා හිනා වෙලා ආයි හදන්නේ
උදේ ඉඳල මඩේ එරිලා කකුල් රිදෙන්නේ
කුඹුරු දිහා දිගට බලා ඉන්න හිතෙන්නේ
වල් හැදිලා ගොයම් ගහට උඩින් පේන්නේ
කිරි වැදිලා කරල් දිලී හිත් සැනසෙනේ
කරල් පැහිල රන්වන් වී බිමට නැමෙන්නේ
හතර වටින් කුරුළු කොබෙයි රෑන් ඇදෙන්නේ
ප.ලි. : නඟාගෙ ලිපිවලට අදහස් දක්වන්න ගිහින් ලියවුනු කවි.
ඔක්කම අතඇරලා ගමට දුවන්න් හිතෙන කවි :d
ReplyDeleteගම හරි සුන්දරයි ඉවාන්
Deleteරූප ටිකයි කවි ටිකයි සුන්දරයි
ReplyDeleteගමේ සුන්දරත්වය නිසයි රූප සුන්දර
Deleteහිතේ සුන්දරත්වය නිසයි කවි සුන්දර
අපේ අක්කගේ ගමයි හිතයි දෙකම සුන්දරයි
Delete:)
Deleteගමේ වෙච්චි සිදුවීම් එක පෙලට මතක් උනා... හරි අගෙයි කවි පෙල..
ReplyDeleteඅහන්නත් සතුටුයි කවියකට මතකයන් අවදි කරන්න හැකි උනා කියන එක. :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකවි ටික නම් හරිම ලස්සනයි. මගේ අනිත් පෝස්ට් වලටත් කවි ලියන්න හොඳේ...
ReplyDeleteගොයම් කපන හැටිත් ලියන්නකෝ, මාත් කවියක් දාන්නම්
Deleteමම ඊළගට ලියන ආදර කතාවට කවි ටිකක් ඕනි
ReplyDeleteThis comment has been removed by the author.
Delete:>) :>) :>)
Deleteකවි කියන්නෙ කලින් ඕඩර් කරල ගන්ඩ පුළුවන් ජාතියක් නෙවෙයි. ඕං ඔයාගෙ ආදර කථාව කියද්ද මගෙ හිතට කවි ආවොත්, ආයි දෙනව මදි නොකියන්න :), හිතට කවි ආවෙ නැත්තන් තමයි ඉතින් පුරස්නෙ... (b)
කවක් ලියන්නට පද බැඳ ගොතාලා..
ReplyDeleteමෙත්මා රාජමුණි දක්ශයි කියාලා ..
ඕඩර් තිබේ පබඳින්නට කියාලා..
විකුණමු කවිය තිහ ගානේ ලියාලා..
විකුණන්නට හැකිනම් තිහකට උවද
Deleteසොයා ගොසින් කවි පබඳින්නට බැරිද
ඕඩර් පිට ඕඩර් ආවත් සබඳ
ගොතලා හැඩ දමා කවි දෙන්නම් නිබඳ
එකපාරක් විතරක් කවි ලියල රසින්
අතහැරියේ මංද? කියා කියනු සුරන්
හරි ලස්සනයි නොවැ ඔබ කල ඒ පබැදුම්
ආයිත් හැඩ දමා ලියමුද? මලේ සුරන්
කවක් ලියන්නට පද බැඳ ගොතාලා..
ReplyDeleteමෙත්මා රාජමුණි දක්ශයි කියාලා ..
ඕඩර් තිබේ පබඳින්නට කියාලා..
විකුණමු කවිය තිහ ගානේ ලියාලා..
කවියක් ගැනම පූචානම් කියාලා
Deleteසුරංගයා දෙක දෙක කවි කියාලා
විකුනන්නට කියන ගාන හදාලා
බැලුවම කවක් රුපියල් හැටකුත් වීලා
හැටක් නොවේ තිහක් උනත් ලියමි කවී
Deleteඑකක් නොවේ දෙකක් උනත් කමක් නැතී
රුපියල් නොවේ ඩොලර් උනොත් ගොඩක් වටී
ඩොලර් නොවේ රුපියල් නැතත් ලියමි කවී
මේ පැත්තේ ආවට පාඩුවක් වුනේ නෑ හරි ලස්සනට ලියනවානේ නෝනා (තිතක්)
ReplyDeleteඅපිත් ඒ පැත්තෙ ගිහින් බලන්නම්කෝ රංගන සහෝදරයා මොනාද ලියන්නෙ කියල (තිතක්)
Deleteහරිම ලස්සනයි
ReplyDeleteස්තුතියි
Deleteමදනළ හා මුසුව දඟ කෙහෙ රැලි විලස
ReplyDeleteනැළවෙන සුමට නිල් ගොයමක සුව කළස
වර නග නගා කවියෙන් පවසන නොලස
මෙත්මා ඔබේ කවි කම අගයමි මෙලෙස... :)
අදමයි මේ පැත්තෙ ආවෙ.. කවිකම් මනරම්!!
ReplyDeleteමේකේ බ්ලොග් ෆලෝවර්ස්ලට ඉඩ නැහැනෙ අක්කේ.. ෆලෝවින් ගැජට් එකත් දැම්මොත් නරකද?
ආවට ස්තුතියි. ආයිත් එන්න. ෆලෝවින් ගැජට් එකක් එල්ල ගන්න බලන්නම් :)
Deleteමේ වැඩේ හරිම හොඳයි. ඒ වගේම එයිං අනික් බ්ලොග් කාරිටත් නොමිලේ ම ප්‍රසිද්ධියක් ලැබෙනව.
ReplyDeleteඔයාගෙ කයි නං මල් මසුරං ඈ...
ස්තුතියි ඩ්‍රැකී
ReplyDelete