Saturday, May 23, 2020

කැඳ බීලද ආවේ?


සාමාන්‍ය ව්‍යවහාරයේදී කවුරුහරි පණ නැතුව වගේ ඉන්නවනම් අපි අහනවා 'කැඳ බීලද අද ආවේ' කියලා.'කැඳ කියන්නේ බොහොම පෝෂණීය ආහාරයක් උනත්, සමහර වෙලාවට අපේ සමාජයේ සමහර දෙනෙක් ඒක පහත හෙළා කතා කරනවා, මොකද කියනවා නම්
 බත් කනවා වගේ ලොකු හයියක් එකෙන් එන්නේ නැති නිසා. ඒක ඉතින් කොහොමත් එහෙම තමයි. ඒ වුණත් අදටත් අපි නොයෙක් වර්ගයේ කැඳ පානය කරනවා. ලංකාවේ වැඩියෙන්ම ප්‍රසිද්ධ කැඳ වර්ග වෙන්නේ කොළ කැඳ, ලුණු කැඳ, සව් කැඳ වගේ දේවල්. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ පෝෂණීය කැඳක් හදාගන්න ක්‍රමයක්.

අවශ්‍ය ද්‍රව්‍ය
1. මුං ඇට කෝප්ප හතරෙන් එකයි
2. රතු සහල් කෝප්ප හතරෙන් එකයි
3. බාරලි කෝප්ප හතරෙන් එකයි
4. red beans කෝප්ප හතරෙන් එකයි
5. oats කෝප්ප හතරෙන් එකයි
6. පොල් කිරි කෝප්ප භාගයයි 
7. කුරක්කන් පිටි කෝප්ප අටෙන් එකයි
8. හකුරු හෝ කිතුල් පැණි හෝ සීනි රස පදමට (සීනි කෝප්ප හතරෙන් එකයි)
9. ලුණු ස්වල්පයක් ()
10. කජු, රටකජු, මිදි අවශ්‍යනම් එකතු කරගත හැක

සදා ගන්නා ආකාරය
මුලින්ම මුං ඇට, රතු සහල්, බාරලි සහ red beans බඳුනකට දමා වතුර දමා ළිප මත තබන්න. ඒවා හොඳින් තැම්බුණු පසු oats එකතු කරන්න. ඒත් සමගම කුරක්කන් පිටි ඇල්වතුර පොඩ්ඩකින් දියකර එකතු කරන්න. පොල් කිරි ද එකතු කර ගන්න. දැන්  කිතුල්හ කුරු හෝ කිතුල් පැණි හෝ සීනි එකතු කරගන්න. සීනි නම් කෝප්ප 4න් එකක ප්‍රමාණයක් සෑහේ. ඒත් සමගම කජු රටකජු වියළි මිදි අවශ්‍ය නම් එකතු කර ගත හැක. පොල් කිරි හොඳින් පැසුණු පසු ලිපෙන් බා ගන්න. දැන් ඔබේ පෝෂණීය කැඳ සුදානම්. 



මේ ද්‍රව්‍ය  සියල්ලම එකතු කර ගත යුතු නැති අතර, ඔබ සතු දේවල් පමණක් එකතු කරද එය සාදා ගත හැක. සාමාන්‍යයෙන් දෙදෙනෙකුට හෝ තුන් දෙනෙකුට එය ප්‍රමාණවත් වෙයි. මම මේ කැඳ රෙසිපි එක හැදුවේ, ප්‍රේමා ජයවර්ධන ආයුර්වේද වෛද්‍යවරිය දිනක් අපිට ගෙනත් දුන්  කැඳ බීවාට පසු යි. එහි මුල් නිර්මාණය ඈ සතු වන අතර මා කලේ සුළු වෙනස් කිරීම් කීපයක් පමණක් ය.  ඇය නිදුක් නිරෝගී වේවායි මම ප්‍රාර්ථනා කරමි.





4 comments:

  1. කැඳ බීලා ජීවත්වෙන්න තියෙනවානම් කොච්චර එකක්ද? :))

    කොරෝනා වලට කලින් මේ අවට හොඳ කැඳ කරත්තයක් තිබුනා, සව් කැඳ සහ මුං ඇට කැඳ වෙන වෙනම හෝ කලවමේ බොන්න පුළුවන් හොඳ පිළිවෙලට පිරිසිදුවට කොල්ලෙක් කරපු වැඩක්. ඒ දවස්වල ගොඩක් වෙලාවට දවලට කැඳ බිලා තමයි හිටියේ..

    ReplyDelete
    Replies
    1. කැඳ කරත්තයක් කියද්දි මතක් උනේ, අපි ඉස්සර දුන්න සව් කැඳ දන්සල. ඒකෙ රස තාම මතකයි.
      මම නම් කවදාවත් ලංකාවෙදි මුං ඇට කැඳ බීලා නෑ. අපි ඉන්න ගෙදර ඉන්නවා මැලේ ආන්ටි කෙනෙක්. එයා මුං ඇට කැඳ හදනවා, නිකංම නිකං මුං ඇටයි වතුරයි විතරක් දාලා, ලුණුවත් කිරිවත් මොකුත් නෑ, එත් බොන්න පුළුවන්.

      Delete
  2. Replies
    1. ආ එහෙම කියලා හරියන් නෑ, සෙනසුරාදා දවසක් උදේ වරුවෙ අපේ ගෙදර ආවොත් ඉතිං කැඳ තමයි දෙන්නේ

      Delete