අපි ඉතින් වැඩිය ඇඟ මහන්සි කරලා වැඩ කරන අය නොවන නිසා දෛනිකව ව්‍යායාම කරන එක හරීම වැදගත්. ව්‍යායාම කරන එක ශාරීරික සුවතාවයට වැදගත් බව නම් ඉතින් පේන්නම තියෙනවනේ. ඒ විතරක් නෙවෙයි ඒක මානසික සුවතාවයටත් ඉවහල් වෙනවා. ඒ නිසා මම දින පතා අනිවාර්යයෙන්ම උදේට ඇවිදින්න යනවා. වාර්ෂික නිඩාඩු දාලා ගෙදර ඉන්නැද්දි නම් ඒක මග ඇරෙනවා ටිකක්. ජොගින් නෙවෙයි, දුවනවත් නෙවෙයි ටිකක් වේගෙන් ඇවිදිනවා. උදේට විනාඩි විස්සක් වගේ ඇවිදිනවා වගේම කිලෝමීටර දෙකකට ආසන්න දුරක් යනවා. හැමදාම යන්නේ එකම පාත් එකක.
මොකක් හරි හේතුවක් හින්දා මට හිතුනා කවි ලියන්න. ලියන්න නෙවෙයි ගොතන්න. කවි හදන එක මට අළුත් දෙයක් නෙවෙයි. මට මතකයි මං හය වසරේ වගේ ඉන්න කාලේ කවි ලියන්න සෑහෙන උත්සහයක් ගත්තා. හරියට ලියාගන්නත් බෑ, ඒත් ලීවා. කොහොම හරි දිගටම කවි ලීවා. සෑහන කාලයක් නොයෙක් විදියේ කවි ලීවා, නමුත් පහු ගිය වසර දෙක තුනක දී වගේ නම් ඒක මග ඇරුනා. කොහොම හරි ඉතින් මට කවි ගොතන්න හිතුනනේ, මම ලියන්න පටන් ගත්තා. පූසි ගැන කවි කීපයක් ලීවා.
උදේ ඇවිදිනකොටත් කවියක් ගොතන්න හිතුනා. ඉතින් මම හිතුවා, වැඩිය මහන්සි වෙන් නැතිව සරලව කවියක් ගොතන්න ඕනි කියලා, මේ ඇවිදින ගමන්. කවියෙ පදයක් ගොතලා තව එකක් ගොතන කොට අර කලින් පදේ අමතක වෙනවා, ඒ හින්දා මේක ගොතන ගමන්ම පෝන් එකේ හඬ පටි ගත කරා නම් හරි නේ කියලා, කවිය එක පාරටම ගොතන ගමන්ම පටි ගත කරා. මොන්න බොලේ කවි ගොතන කොට ගොතන කොට අදහස් එනවා නේද එක දිගටම. ඉතින් මුලින් මුලින් පද හතරක එක කවියක් ගෙතුවත්, පස්සෙ පස්සේ කවි පන්තිත් හැදුවා. ඒවා මේ හිටිවන කවි, එවෙලේ හදපුවානේ. ඒ ඒ දවවල පරිසරයේ ස්වබාවය ලියවිලා තියෙනවා මේ කවි වල. ඉතිං ඒ කවි කියවන්න කැමතිනම් ඒවා ලියන්න පුළුවන් මට. තාල එහෙමත් දාලා හැදුවේ. ඉතිං අහන්න කැමති නම් හඬ පටත් අමුණන්න පුළුවන්. මොකද කට්ටිය හිතන්නේ ඒ ගැන.