Thursday, January 11, 2024

මිදෙන්න දොම්නසෙන් සැම

විඳින්න හමන සුළඟක සුව
අහන්න ගයන විහඟුන් ගේ හඩ
බලන්න පිපුණු මලක හැඩ
සිඹින්න විදිමින් ඒ මල් සුවඳ

හිඳින්න ගස් සෙවන යට
විඳින්න පළතුරු ගෙඩියක රස
සැනසෙන්න බලා ගිරවුන්ගේ හැඩ
හිනැහෙන්න දැක උන්නේ වැඩ

ඇවිදින්න මං මාවත් දිග
හිනැහෙන්න අයෙක් හමු වූ විට
බලන්න අවට සුන්දරත්වය
විඳින්න හැම මොහොතකම සුව

සැනසෙන්න බලා නුබ
හිතන්න වහී විද කියා අද
බලන්න හිරු බසින රඟ
තුටු වෙන්න දැක දම් වළා පෙළ

මෙත්මා 
ජනවාරි 11, 2024

7 comments:

  1. Nice to see a post after ages. Wish u the best for 2024

    ReplyDelete
    Replies
    1. Thank you Ian. I am determined to publish more simple poems this time. Wish you all the best for 2024!

      Delete
  2. /හැනැහෙන්න අය්‍ර්ක් හමු වූ විට// මෙතන මොකද්ද කියල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. කවුරු හරි කෙනෙක් පාරේ ඇවිදන් යද්දි හම්බ උනාම, අහක බලාගෙන් යන්නේ නැතිව හිනාවෙලා, good morning හරි හලෝ හරි කියලා ආචාර කරලා යන්න කියන එක.

      Delete
    2. හරියල ටයිප් වෙලා නෑ, ඕන් හැදුවා ඈ.

      Delete
  3. විඳින්න ජීවිතය

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම, ටීවී එක දිහායි, පෝන් එක දිහයි, කම්පුටර් එක දිහයිම බලා ගෙන ඉන්නේ නැතිව, එළියට බැහැලා පරිසරයේ සුන්දරත්වය බලලා ප්‍රීති වෙන්න.

      Delete