Sunday, July 3, 2016

18: ආචාර්‍ය තනූජා හර්ෂනී පරගොඩ (Dr. Thanuja Paragoda )

ආයුබෝවන්! (English version is given below)

අපූරු මලක් වෙලා මගේ චිත්‍ර පිටුවෙන් පිපී හිනැහෙන්නට අද වරම් ලබන්නේ ආදරණීය  තනූජා හර්ෂනි මිතුරියයි. මෑ මට මුනගැසුනේ ඇමරිකා එක්සත් ජනපදයේ, ටෙක්සස් ප්‍රාන්තයේදීයි. ඒ මම වැඩි දුර අධ්‍යාපනය සඳහා  ටෙක්සස් වලට ගියපු දවස් වලයි (2011 වසෙරේ මැද හරියෙ). අපි දෙන්නම අධ්‍යාපන කටයුතු පටන් ගත්තේ එකම දවස් වල. ඒ කොහොම නමුත්, අපි දෙන්න හොඳ මිතුරියන් වුනේ නම් 2011 වසරේ අග භාගයේදියි. අපේ විශ්වවිද්‍යාලයේ  වාර්ශිකව පැවැත්න්වෙන අන්තර්ජාතික සංස්කෘතික ප්‍රසංගය සඳහා අපි දෙන්නා නර්ථන අංගයක් ඉදිරිපත් කලා. එහි පුහුණු වීම් කරන කාලෙ තමයි මට තනූජව හරියට අඳුන ගන්න පුළුවන් උනේ. එදා ඒ පටන් ගත් මිතුදම දිනෙන් දින වැඩි දියුණු වෙමින් කාලයත් එක්ක අපි ගොඩාක් සමීප යෙහෙළියන් බවට පත් උනා. මම ඇමරිකාවෙන් ආවත් අපේ ඒ මිතුදම අදටත් ඒ විදියටම තියෙනවා. 

මම චිත්‍ර අඳින්න පටන් ගත්ත දා පටන් ඕං මෙයා කං කෙඳිරි ගගා හිටියෙ; 

"අනේ මගෙත් චිත්‍රයක් අඳින්නකෝ " කියලා. ඊලඟට;

 "කෝ ඉතින් ඔයා මාව අඳින්නෑනී" කිය කියා හිටියා. 

පස්සෙ පස්සෙ, "කියල වැඩක් නෑ" කියල හිතිලද කොහොද අතහැරලා දාලා හිටියෙ. අන්තිමේදි, මම තීරණය කළා, මගේ ලස්සන තනූජගෙ සුන්දර රූපෙ චිත්‍රයට නඟන්න. ඒ දවස්වල අපි මොනතරම් දේ කලාද; කඩේ ගියා, විනෝද චාරිකා ගියා, පාටි දැම්මා, කයිවාරු ගැහුවා. කොයි දේ දිත් තනූජ මගේ ලඟින් හිටියා. ලෙඩ උනාම, බඩගිනි උනාම, මහන්සිසි උනාම,  උයන්න කම්මැලි හිතුනම, අපිට කෑම හදල දුන්නා. සහෝදරියක් වගේ මගෙ ලඟින් හිටියා. ඉතින් ඒ මං වෙනුවෙන් කරපු, කරන, අනගතේදි කරන්න ඉන්න, හැම දේටම පුංචි උපහාරයක් විදියට මගේ උපරිම ශක්තියෙන් මම තනූජව සිතිවමකට හිර කළා. 

තනූජට තියෙන්නෙ හරිම ලස්සන හදවතක්. එයා කවදාවත් කෙනුකුට කරදරයක් වෙන විදියට ජීවත් වෙන්න කැමති නෑ. නිතරම හිතන්නෙ, මම කාටද, කොහොමද උදව්වක් උපකාරයක් කරන්නෙ කියලා (ආං ඒකනි මම එයාගෙ හොඳම යාළුවා උනේ :)). කෙනෙක්ගෙ හිත රිදවන්න නම් එයා කොහෙත්ම කැමති නෑ. නිතරම බලන්නෙ, කෙනෙක්ගෙ හිත සනසවන්න.  පුදුම ශක්තියක් තියෙන කෙල්ලෙක්. අපූරු මලක් වෙලා මගේ ජීවිතේ ලස්සනට සරසලා, සුවඳ ගන්නලා, වර්ණවත් කරන්න  ආ එක ගැන මට හරිම සතුටුයි. අත හොවන මානයේ නොසිටියත් සුදූ, ඔයා මගේ හිතේ හැමවෙලේම ඉන්නවා. 





අපි දැන් චිත්‍රෙ ගැනත් ටිකක් කතා කරමුකො. මේ චිත්‍රෙ අඳින්න, අනිත් ඒවට වඩා ටිකක කල ගියා තමයි. ඒත් සිරාව්ටම ආව කියල මට හිතෙනවා (මුල් පින්තූරය මෙතනින් බලන්න). ඉතින් අඳපු තරමක්ම ඇන්දෙ කොරියානු චරිත නිසා මේ චිත්‍රෙ අඳිනකොට මට හරි අමුතු හැගීම් ආවා. මෙයාගෙ ඇස් දෙක ටිකක් අමුතුයි අමුතුයි වගේ දැනුණා.

 "මෙයාගෙ ඇස් හරිම රවුම් නේ අප්පා. සාමාන්‍යෙන් ඇස් දිගටියි නේ" 

කියලත් හිතුනා. බැලින්නං මගෙ ඇස් දෙකත් එහෙමයි. පස්සෙ තමයි මට මතක් උනේ; 

"ආ.... අපේ ඇස් කොහොමත් එහෙමනේ, චීන්නුන්න්ටනේ දිගටි ඇස් තියෙන්නෙ" කියලා.

අත්තටම තනූජගෙ ඇස් දෙක, කම්මුල්, නලළ, නාසය අඳින කොට දකුණු ආසියාතික අපෙයි, ආසියාතික අයගෙයි වෙනස හොඳට දැනුණා. 

දත් පෙන්නලා හිනා වෙලා ඉන්නවා සිතුවම් කලේ ගොඩාක් කාලෙකට පස්සෙයි. සාමාන්‍යෙන් දත් තියෙන කටක් අඳිනව කියන්නෙ හරිම අපහසු වැඩක්. මොකද, එක දතක, එක පැත්තක, එක ඉරක්, එක චුට්ක්ටක් ඇද උනොත්, මුළු කටම විරූපීව පේනවා. ඇස්වහක් නෑ, තනූජගෙ කට අඳින්න නම් අපහසු උනේ නෑ මට.

මාලෙ අඳිනත්, ස්භාවිකත්වයෙන් ඉහල කම්මුල් අඳින්නත් මම මේ චිත්‍රෙන්න ඉගනගත්තා. මම සාමන්‍යෙන් වර්ණ පතුරුවා හරින්නේ පින්සලක් (පැතලි එකක්) භාවිතයෙන්. ඇත්තට වර්ණ තවරනව වගේම, ඒ වර්ණ මකල ඉවත් කරන එකත්, එක වගේ
 වැදගත් වෙනවා පින්තූරයේ තාත්විකත්වය රැක ගන්නට. පසුබිම ගැන් මොකද හිතෙන්නෙ? මට නං හිතෙනව ඒක හරි ලස්සනයි කියලා. මම පසු බිම හැඩ ගැන්නුවේ, පැන්සල් තුල් කරද්දි එකතු වෙන කුඩු පින්සලේ තවරලා රැල් රැල් ආකාරයට රටාවක් මවමිනුයි.  

මේ තියෙන්නේ එක් එක් පියවරේදි තනූජව දිස්න්වුනු ආකාරය. 






මේ තියෙන්නෙ අපි දෙන්න ඉන්න පින්තූර ටිකක්. මුලින්ම තියෙන්නෙ  මම අර කියපු අපි දෙන්නගෙ නර්න්ථනයෙදි ගත්ත එකක්. 

 

 


තනූජා, මම ඔයාට ගොඩාක් ආදරෙයි. ඔයාගෙ ජීවිතේ එන්න එන්නම ලස්සන වේවා! නිදුක් වේවා! නිරෝගි වේවා! දීර්ඝායු වේවා!

Welcome! 

My loving friend Thanuja Harshani Paragoda is blooming as a wonderful  flower in my portrait collection. I met her in Texas, United States of America. We started our higher education there at the same time (mid of the year 2011). However, I could get to know about her at the end of the same year. That's happened at the time that we practiced a traditional dance for the university talent show. I felt that she is in my style and I knew that we will become good friends one day. The friendship began at that day grew and grew and we became good friends with time. Even through I came from US, we are close friends as always.

She was asking to draw her portrait since the day I started sketching. But, I was postponing it since I was a beginner. She was keep aking and I was keep postponing. At the end she stoped asking. Oh no I should draw her at leat now, right? So, I decided to make a rich portrait of my pretty girl, Thanuja to make her joyful. We did so many things together in those days; we went shopping, had parties, went trip, were chatting. She was with me all the time. She cooked for us when I am sick, I am hungry, when I am tired, or even when I am lazy to cook. All I had to do was ask. She is like a sister to me. She gave me a passionate love. The time I spend with her is awesome. Thus, I trapped her in a charcoal portrait with my maximum strength for all the things that she did for me, still doing for me, will do in the future for me.

Thanuja's heart is remarkably beautiful. She never ever gives trouble to other, instead, she loves to help people. She is always wondering to whom and how should she help others (that's why I am her best friend :)). No matter what, she always tries to make others happy. Oh, what a wonderful person with a strong personality. It's my pleasure that she came to my life to make it smooth, aromatic, colorful, and beautiful. My love, even though you live far away from me, you are so close to me in my heart.


Now, let's talk about this portrait as well. It took quite a long time for me to complete this. But I enjoyed it at each step (steps are given above). The original picture is linked here. I hope I did a great job. Since I drew lots of Asian characters, I felt bit strange while I am sketching this. It was awesome to feel the differences of face features of us (South Asian) and Asians. 

Drawing a widely open mouth with teeth is usually a challenge. Because, if a one line in a one side of a one teeth is crooked then the entire mouth looks deformed. I drew a mouth with teeth after a long time, fortunately, it was painless this time.

I learned drawing the neckless and cheeks more naturally. Usually, I use a paint brush (a flat one) to spread the colors. I did it in a way that it follows the curves and bends to preserve the three-dimensional look. Erasing is important as mush as shading. When I am about to finish, I used my eraser to fine tune the lighter and brighter areas. 

What do you think about the background? It was created by drawing curls all around with my favorite brush (flat brush) with the charcoal powder that I saved while sharpening the charcoal pensil.

Dhiraj's comment on this portrait.

"Wow, the hair is amazing. It's remarkably natural near the forehead. But, hair looks too neat. Draw some messed up hair near the outer boundary too. It will enhance the natural look."

Thanks, Dhiraj, I will keep that in mind.

Thanuja, I love you a lot. May all your great dreams come true!

No comments:

Post a Comment