බ්ලොග්
ලියන්නට ගත්තේ මේ දෙසැම්බරේ
චිත්‍ර
ටිකක් ගෙන ආවා සැරින් සැරේ
යාං
හෑලි ලියන සුරං රත්නපුරේ
රසම
රසට කයි ලියලා මෙදා සැරේ
කයි
කීවම මොනවා කන්නද බැලුවා
ශ්‍රංගා
කාපූ කෑමක් වත් දෝ බැලුවා
එකක්
දෙකක් කියවනකොට පද ඇදලා
තියේ
බොලේ කවියෙන් ඇඩ් හැඩ දමලා
පුංචි
කාලෙ උනු විත්තර ලියන එකා
කයියක්
ගොතා ගෙයි විස්තර කියනු සිතා
ටීවී
එකේ ඇඩ් ගැන ඇඩ් එකක් දමා
මැව්වා
සිනා සාගරයක් අපෙ ශ්‍රංගා
ශ්‍රංගා
කියයි හැඩ දා ලස්සන කරලා
ඇඩ්
හොඳයිලු නාටකයට වඩා මෙදා
හිනා
වේවි බඩ අල්ලං අනේ ඔයා
කයිත්
ඇහුව මේ වගෙ කයි අහල නැතා
කවිත්
ලීව මේ වගෙ කවි ලියල නැතා
ඇඩුත්
බැලුව මේ වගෙ රස දැනිල නැතා
හෑලි
හොඳා කවි ඊටත් වැඩිය හොඳා
කීවේ
නෑ කියල ආයේ කියනු එපා
ඇඩ්
විස්තරේ තව කොටසක් දානු හොඳා
චූටි
මැණිකෙ හා සමගින් පවුල් කකා
ඉනුමැන
සුරං ඇඩ් බල බල හිනා වෙලා
very good ;-)
ReplyDeleteThanks
Deleteපිලිතුරු කවියනම් මාරයි
ReplyDeleteසුරනයට දෙවනි නෑමයි
චිත්‍රයක් උස්සන් එන විට
කවියකුත් ගොතලාම ගේන්ට
සුරනයා කයි එහේ කියයි
අපූරී කයි මෙහේ කියයි
අත් අරිනන්නේ නරක ළමයි
දිගටම ලියමු මම කියයි.
මෙතන කවියකින් පිලිතුරු දෙන්න ගිහිල්ලා හැඩි උනාද මන්දා...කවි ටිකනම් මල් හතයි.
මින් පසු මිත්‍රයේ
Deleteහැමදාමත් වගේ
දෙන්නම් විස්තරේ
කවියෙන් චිත්‍රයේ
සුරංගෙ කවි කියා
පෙර කවි සිහි වෙලා
පොඩි කවියක් ලියා
දැම්මයි මම මෙදා
ඔබෙ කවි පිළිතුරු
හරි වටිනව මිතුරු
හැඩිවී නෑ අඳුරු
අගනේමැයි සොඳුරු
කවි ටික මරු හලෝ.... ජය වේවා අක්කිට !!!!
ReplyDeleteදානවකෝ ඕක සිව් පදේකින්.. (සක්.. මෙලෝ රහක් නෑ)
Deleteකවියක් කර හලෝ
Deleteකියහං භාගියෝ
එතකොටනේ හලෝ
මරු වෙන්නේ නගෝ
මා වැනි කුමන්දා
ReplyDeleteදුක් සැප ළඟට කැන්දා
වර වර බිළින්දා
මේ... මේ... අනේ මන්දා
අපුරුවට සිතුවම් ඇඳගෙන හිටිය..
ReplyDeleteමෙත්මා.. මෙන්න කවි හරඹේට ඇවිදින්ය..
ශ්‍රංගා ගෙනා ඇඩ් කයියට පිළිතුරුය..
අදනම් කට පියන් මට ඉන්නට බැරිය..
ඉස්සර මමත් ඔහොමයි කවි කටට උනයි..
දැන් කවි ගඟුල වියලී පණ ගැහෙන හැඩයි..
කවියට කවියකින් පිළිතුරු දීම සුභයි..
තව කවියෙකුට දිය හැකි උපරිමය එයයි..
සිතුවම් සමඟ තව තව කවි ලියවෙන්න..
දානෙට පිනට ලැදි ඔය සිත සැනසෙන්න..
අපූරුවට අපූරු මල් සරසන්න..
නැගණිය ඔබට ජය! මුළු ලොව ජය ගන්න..
- කල්‍යාණ මිත්‍ර
ඉස්සර නං කවි ලිව්වා ම්ං නිතර...
Deleteබැරි උනානි කවි ලියන්න සිට කලක...
මේ කවි ලීවෙ මං නවසකින් විතර...
සුරංගේ කවියි දුන්නෙ අත මිතුර...
මුල ලස්සන මැද ලස්සන ඔබේ කවී
පද ලස්සන අරුත් ලස්සන ඔබේ කවී
හිත ලස්සන වැඩ ලස්සන ඔබේ හැටී
හරි ලස්සන වෙයි ලස්සන රටක් වටී
හිත ලස්සනයි වැඩ ලස්සන කීවාම
Deleteකෙනෙකුට හිතෙන්නට පුළුවන්නේ මෙහෙම
මේකා හෙනම් කළු වලහැඩියෙක් තරම
කැත ඇති ඒකනේ ඈ කීවෙ ඔහොම.. :)
ඇත්තක් නැත්තෙමත් නෑ ඒ කතාවේ
සමහර පොඩි එවුන් මා දැක්කම බයවේ..
එහෙම උනත් අපි පෙම් කල වතාවේ..
ගෙදර උන්දා මං හරි හැඩ යැයි කිව්වේ.. :)
ඒක නෙවෙයි මං කීවේ අය්යන්ඩී
Deleteකරනා චැරිටි වැඩ ගැනනේ හරි හැන්ඩී
දෙන්නේ මොටද ඔබ මේ හැටි මොරහැඩී
කවුරුන් කියන්නේ ඔබ කලු වලහැන්ඩී
මට නම් කවි පද ලියන්න කියා කියන්නවත් බැරිය. එත් ඔබ ලියු කවි පද අනර්ගය.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමොනදේකටවත් නොසැලෙන අපේ සලී
Deleteකවි ගොතන්න බෑකියලා ඔන්න සැලී
සැලී නොඉද බ්ලොග් ලියන්න ආව සලී
සැලී නොඉද කවි කියන්න එන්න සලී
කවි වැල් දැන්. මට නිකන් මැවිලා පේන්නේ රබානක් අරගෙන සුරන්ගයයි මෙත්මයි බදුල්ලේ කවි මකියනවා. කල්යන මිත්‍රත් මාර කවි කාරයෙක් වෙලානේ.
ReplyDeleteකල්‍යාණ මිත්‍ර කවි කාරයෙක් වෙලා හිටියේ ඉස්සර.. දැන් ඒ කලාහිත තමයි charityහිත වෙලා තියෙන්නේ..
Deleteසුරං සමග කමිය එක්ක එකතුවෙලා
Deleteබදුල්ලෙ අපි කවි කියන්නෙ හැඩ දමලා
කවි කිව්වොත් ඔක්කොම වැඩ අතහැරලා
අපිටත් ඉතින් රබානයක පිහිට තමා
කමිගෙ කවි මම දැක්කේ ලඟදි අනේ
හරි ලස්සන කවි තිබුනයි කලා හිතේ
පුණ්‍යකර්ම කරනා ඔය අතරතුරේ
දිගින් දිගට කවි ලියහං කලා හිතේ
සපුරා වෙතත් හතලිස්....... ඇඳිරිය තරම
Deleteපුපුරා හැලේ කවි හිත..... තරුණය තවම
නොපුරා පිරු පෙරුම් කවියෙකු ලෙස අරුම
වපුරා කලාහිත....... සුව විඳිනෙමි පරම
හේමන්තයේ පිපි.... හිනැහෙන මල් කැකුළු
අරුමෙන් බලයි දෙස.... මේ වයසක මුකුළු
හිත ඇති 'කමි' ජයගෙන ඝන කළු මෙ'කුළු
එමි.. කවි සටන් බිම ජයගමි.... නෑ විහිළු :)
This comment has been removed by the author.
Deleteඅපූරුවට පිපි හිනැහෙන මල් කැකුළු
Deleteහේමන්තෙත් පිපෙයි හිනැහෙයි ඒ කැකුළු
කවි කියන්න හිත නිවෙන්න නොවැ යහළු
සටන් කරන්නේ මොටදැයි කර විහිළු
කවි ලියනා කවි ගයනා අතරතුර
කවි අසනා කවි කියනා මොහොතකට
හිත නිවෙනා රස මැවෙනා අරුමයට
ඉඩ තිබනා තැන ලියනා කවි සුමට
යං හෑල්ලේ දාලා තිබ්බ ඇඩ් ටික බැලුවා
ReplyDeleteනෝනා දාලා තිබු ඇඩ් එක දැක මෙහි ආවා
දිගටම එන්ට හිතාගෙන ෆාලෝවු කරා
අන්තිම පදේට ලියන්ට දෙයක් නෑනේ මෙයා (තිතක්)