Thursday, February 4, 2016

අපේ නිදහස් උත්සවය

ආයුබෝවන්!

අද (2016 02 04) අපේ නිදහස් දිනයයි. ලංකාවේ සෑම තැනකම වාගේ නිදහස් උත්සව ඉතා උද්‍යෝගයෙන් යුතුව පැවැත්වෙයි. අපේ සුන්දර ලංකාවෙන් පිට, පිට රටක දැනට ජීවත්වන මා, නිදහස් උත්සවයකට කිසියම්ම හෝ සම්බඳවීමක් නොවූ එකම වසරද මෙයයි. අද මම මුහුණු පොතේ පිටුපෙරළන අතර මට නිදහස ගැන අපූරු සිතුවිලි පහළ වෙන්නට පටන් ගත්තා. ඒ සිතුවිලි අපූරු මල් ඔස්සේ ඔබ වෙත දිගහරින්නත් සිත් උනා. මේ දින කීපය ඉතාමත් කාර්‍යබහුල උනත්, මගේ ආචාර්‍ය උපාදියේ 'යෝග්‍ය වීමේ වාර්ථාව' ලියාගන්න ප්‍රමාණවත් කාලයක් නැතිව ආතතියෙන් පෙළුනත්, ඒ ඔක්කොම අමතක කරල දාල, මේ ලිපිය අද කොහොමහරි ලියන්ඩ ඕනි කියල ලියන්න පටන් ගත්තා.


මේ පින්තූරය ලබා ගත්තේ රන්ජන් රාමනායක ඇමතිතුමාගේ පුහුණු පොතෙන් 

"මොකද්ද මේ 'නිදහස' කියන්න?"


"හරිම සරල ප්‍රශ්නයක් නේ, නිදහස් කියන්නේ අපිට ඕ...නි විදියට ජීවත් වෙන එකනේ. "


"හරි එතකොට මොකටද නිදහස 'සමරන්නේ'?"


"හ්ම්ම්.... ඒකනම් ටිකක් වැදගත් ප්‍රශ්නයක් වගෙයි. ආ ඒ සමරන්නේ අපි හරියටම මීට වසර 68කට කලින් යටත් විජිතයක්ව තිබුන අපේ රට ඉංගීසි ජාතිකයන්ගෙන් බේරගෙන අපේ නිදහස නැවත ලබා ගත්ත නිසානේ."


"ඒක හරියට පැහැදිලි උනේ නෑ. හරි, නිදහස ලබාගත්තා කියල අපි මොකටද ඒක 'සමරන්න'?"


"අයියෝ හරි සරලයිනේ. අපිට නිදහස ලබා ගත්ත එකට සතුටු නිසානේ සමරන්නේ."


"එකකොට ඇත්තටම අපිට නිදහස ලැබුනද?"


"ඒක ටිකක් කල්පනා කරන්න ඕනි ප්‍රශ්නයක්...."


නිදහස සමරනව කියල අපි මොකද්ද කරන්නෙ? නිදහස් උත්සවේ දෙකට කඩාගෙන හරි ඒ ස්මරණය කරන එකේ තියෙන ප්‍රයෝජනය මොකක්ද? එය හුදෙක් අපේ නිදහස අපිට අගෙයි කියා ලෝකයට පෙන්වීමක්ද? නැතහොත් තවත් එක් පාටියක් පමනක්ද? මීට වඩා කරන්න කියල අර්ථ සම්පන්න දෙයක් ඇත්තෙම නැද්ද?


මේ ආදී නොයේක් සිතිවිලි ගණනාවකින් මගේ හිත පිරිල ගියා. 


අද අපි පිරිස් වශයන් එකතු වෙනව, නිදහස ලබාගත්ත එක සිගිකැඳව ගන්නව, ඒ ගැන යම් යම් කථා ටිකක් කරනව, ඊට පස්ස බෝජන සංග්‍රහයක් තිබ්බොත් ඒකත් බුක්තිවිදල ගෙදර එනව. ආයෙ හෙට වෙනකොට ඒ ඔක්කොම අමතකයි, ආයි මතක් වෙන්නෙ ඊලග අවුරුද්දෙදි.


1815 ඉංගීසි ජාතිකයන්ගේ යටත් විජිතයක් උන, ස්යංපෝෂිතව තිබූ අපේ රට, අද තුන්වෙනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින (නොදියුණු) රටක් වෙලා. ඇයි අපිට එහෙම උනේ? මීට වසර ගණනාවකට ඉහතදී අපිට වඩා දිලිඳු රටවල් අද අපිව පහුකරන් ගිහින් (උදාහරණයක් විදියට කොරියාව). එදා අපි නොදියුණු ගම්මාන වලට කොරියාව කියල කීව, දැන් අපේ රටේ මිනිස්සු පෝලින්ගැහිල කොරියාවෙ යනව රස්සවල් හොයන්. කාලයක් තිස්සෙ මම මේ ගැන කල්පනා කලා.  


කොරියාවෙ නිශ්පාදනය කරන ටෙලි නාට්‍ය බෙහෙවින්ම සිත් ඇදගන්නා සුළුයි. මම කාලයක් තිස්සෙ ඒව බලන්න ඇබ්බැහි වෙලා හිටිය. ඒ කථා මම ගොඩා...ක් රස වින්ද. ඒත් එක්කම මම ගොඩා...ක් දේවල් ඉගන ගත්තා. එයින් එකක් තමයි මම මේ කියන්න යන්නෙ.


මම දැඩිවම විශ්වාස කරනවා අපේ රටට අද මෙවන් විපතක් සිදුවූයේ, අපි 'වසර 133ක් යටත් විජිතයක්ම' සිටි නිසාමයි කියල. ඔවුන් අපේ රට යටත් කරගෙන අපේ උරුමයන් විනාශ කලා, අපේ ජීවන රටාව වෙනස් කලා, අපේ පැරණි තාක්ෂනික දැනුම නැතිකරල දැම්මා. මෙවන් දීර්ඝ කාලයක් ඔවුන් යටතේ හිටි අපි නිදහස ලබාගන්නකොට, අපේ රජ පරපුර නැත්තටම නැතිවෙලා, කලින් අපි රට පාලනය කරපු විදිය හොයා ගන්නවත් නැහැ. ඒ නිසා අළුතින් බිහි උන නායකයින්ට සිද්ද උනා, අපිට අපේ ක්‍රමයට රට පාලනය කරන එක පැත්තකට දාල, අපේ පැරණි ජීවන රටාවෙන් වෙනස් වෙලා, ඉංගීසි ජාතිකයින් ස්ථාපනය කළ ක්‍රමයට රට පාලනය කරන්න, ජීවත් වෙන්න. අද අපිට මේ පාලන ක්‍රමය තිත්ත වෙලා නේද? අනේ අපිටත් රජ්ජුරුවො කොනෙක් හිටියනම් මෙහෙම කලකිරීමක් ඇතිවෙන එකක් නෑ කියල මට හිතෙනව. 


 ඉතින් අපිට සැබවින්ම නිදහස ලැබිලද?



අපේ දැණුම අපෙන් ඔවුන් ඈත් කලා. අපේ තිබුන දියුණු තාක්ෂනික ක්‍රමවේද, නොයෙක් කලාවන් යනාදිය අපිට නැති උනා. මීට වසර 201කට කලින් හිටිය මිනිස්සු ජීවත් උනේ කොහොමද කියල අද ඉන්න කාටවත් හිතාගන්නවත් බැහැ. සමහර විට අපෙන් ගිලිහුනේ මොනාද කියලවත් අපි දන්නෙ නෑ. ඉතින් අපේ දෙයක් කියල දෙයක් අපිට නැති නිසා, අපිට සිද්ද උනා ඔවුන්ගේ ක්‍රමයට ජීවත් වෙන්න. ඔවුන්ගේ අධ්‍යාපනය ලබා ගන්නට. ඔවුන්ගේ පාලන ක්‍රමවේද අනුගමනය කරන්නට. කොටින්ම කියතහොත් ඔවුන් මත යැපෙන්නට. 


හ්ම්ම් බරපතල වැඩිද මන්ද....?


මම හිතනව ඒ නිසයි, අද අපේ රටේ බහුතරයක් ජනතාව අපේ රටට ආදරේ නැත්තෙ කියල. රටට අදරේ නැති නිසාමයි  රට විනාශ කරන්නෙ, පරිසර වාර්ථා වලට අනුව ක්‍රියාත්මක නොකලයුතු ව්‍යාපෘති (උමා ඔය ව්‍යාපෘතිය, හම්බන්තොට ගුවන්තොටුපල, විල්පත්තු වන් විනාශය, ආදී) නොනවත්වාම කරගෙන ගියෙ/කරගෙන යන්නෙ. රටට ආදරේ නැති නිසාමයි රටට අවනම්බුබන දේ කරන්නෙ. රටට ආදරේ නැති නිසාමයි මෙච්චර ලස්සන, ජීව්ත් වෙන්න ඉතාමත් සුදුසු ස්වාවික පරිසරයකින් හෙබි අපේ සුන්දර ලංකාව හැරදාල පිටරට පදිංචිවෙන එක අගය කරන්නෙ.  දැන් ඉතින් කෙනෙක් අහන්න පුළුවන්, 'අපේ රටේ  ජීවත් වෙනවට වඩා සුපෝඛබෝගී ජීවිතයක් වෙන රටකදි ගෙවන්න පුළුවන් නිසානෙ අපි රට පදිංචියට යන එක අගය කරන්න, ඒකෙන් කොහොමද කියන්න අපි රටට ආදරේනෑ කියල?' කියල.  එහෙමනම් මට කියන්න, ස්වාමියෙක් මොනතරම් තමුන්ගෙ බිරිදගෙ අඩුපාඩු තිබුනත් ඇයටවඩා  ගුණවත්, නැණවත්, ලස්සන කාන්තාවන්, ඇය ඉදිරියේ වර්ණනා නොකරන්නෙ ඇයට තියෙන ආදරේ නිසාම නොවේද?


අතුරු කථා නිසා කියන්න ආ කාරනේ අමතක වේගෙනත් යනව. මට මෙතනම නින්ද යන්න කලින් කියන්න ඕනි කියන්න ආ කාරණය.


රට විනාශ වෙන්නෙ රටට ආදරේ නැති නිසා. රටට ආදරේ නැත්තෙ අපේ දේ අගයක් නැති නිසා. අපේ දේ අගයක් නැත්තෙ අපි අපේ දේ නොදත් නිසා (උදාහරණ විදියට: පැරණි තාක්ෂනික ක්‍රම (වාරි මාර්ග, ඉන්ගිනේරු,), අපේ හෙළ වෙදකම, සටන් කලාව, පැරැන්නගේ දැනුම, ආදී). කරන්න ඕනි මොකද්ද කියන එක දැන් හරිම පැහැදිලියි නේද?


මම හිතන විදියට අපි මුලින්ම කරන්න ඕනි අපේ දේ අපි දැනගන්න එක. අපේ පැරැන්නගේ ශිල්ප කොහොන් හෝ අප සොයා ගන්න ඕනී. අපි අපේ තාක්ෂනය දියුණු කරන්න ඕනි. අපි අපේ දේට ආදරේ කරන්න ඕනි, හැමදේම පිට රටින් එනකං බලන් ඉන්නෙ නැතිව. අපි අපේ දේ අගය කරන්න ඕනි, පිටරට වල සංකෘතීන් වැළඳ ගන්නෙ නැතිව. කොටින්ම කියත හොත් අපි අපේ විදියට ජීවත් වෙන්න ඕනි.


මට හැගෙන පරිදි මෙවන් දේ නොවේද අපි මෙවන් දිනයකදී කථා කලයුත්තේ, සොයා යා යුත්තේ, කරන්නට ඉටා ගත් යුත්තේ, නිදසස් උත්සව වලදී මෙවන්දේ කරන්නෙ කෙසේද කියා නොවේද සාකච්චා කල යුත්තේ?


මේ ගැන හිතන්න යමක් කරන්න ඔබට බාරයි.


තෙරුවන් සරණයි!



16 comments:

  1. ape rate aya nidahasa samaruwata eka aththatama nidahasak nowana bawa thamai penne api palana balaya pamanak nidas karagaththata uwunge anek de walin thamath 1948 hitapu thanamai neda aththatama

    ReplyDelete
    Replies
    1. රටට නිදහස ලැබුනට අපේ මිනිස්සුන්ගෙ සිත් වලට නිදහසක් ලැබිල නැද්ද කියලත් හිතෙනව. සුද්දන් විසින් ඇති කරපු 'උන් උසස් අපි පහත්' කියන සංකල්පය අදටත් සුලභව දකින්න තියෙනව. ඒකනේ අපේ රටේ සිංහලෙන් තියෙන අධ්‍යාපනය ඉංගිරීසියට හරවගෙන යන්නෙ. සමහර උපාධි තියෙන්න ඉංගිරිසියෙන් විතරයි. මේ විදියට යනකොට තව ටික දවසකින් සිංහලත් ඉංගිරිසියෙන් කියාදෙන්ඩ බැරිනෑ. ඇයි අපි ඉංගීසියෙන් ඉගන ගන්නෙ? ඔයවිදියට යන්කොට සමහර අප්‍රිකානු රටවල් වලට උනා වගේ අපේ රටෙත් අපේ භාෂාව නැත්තටම නැතිවෙලා යයි

      ඇයි අපිට සිංහලෙන් රටේ වැදකටයුතු කරගෙන යන්න බැරි? අඩුම තරමෙ අද සම්මඛ පරීක්ෂනයක්වත් තියෙනවද සිංහලෙන්?

      මේ තියෙන ක්‍රමය අපි වෙනස් කරන්න ඕනී. ඒක වෙන කවුරුවත් කරල දෙනකල් නම් බලං ඉදල හරියන්නෑ. අපි අපිම පටන් ගන්න ඕනි, අපිට පුළු පුළුවන් විදියෙන්.

      Delete
  2. නිදහස සමහර නිදහස් නැති රටක්..............

    ReplyDelete
  3. නිදහස අපිට හරියට විදගන්න තේරෙන්නෑ..
    කොරියානු නාට්‍ය මාත් කාලයක් ආසාවෙන් බැලුවා.

    ReplyDelete
    Replies
    1. //නිදහස අපිට හරියට විදගන්න තේරෙන්නෑ..//
      ඒක තමයි මට කියාගන්න ඕනි උනේ.

      කොරියානු නාට්‍ය වල තියෙනව හරිම උසස් සාහිත්‍යමය වින්දනයක්. ඒයාල ඒ නට්‍ය කරන්න කලින් හොඳ අධ්‍යනයක් කරල තියෙනව අදාල හැම අංශයන්ම කියල තේරෙනව.

      Delete
  4. No need to go back.. instead better we find our own way forward.. for that we need to know our roots as you suggested :)

    ReplyDelete
    Replies
    1. Yep, No need to go back. Actually, we can't go back. But, I think the current flow of the country need to redirect into its original track, so that it want destroy our culture, our people, our value and our country. Sri Lanka is a wonderful country, that anyone would love to live.Sri Lankans are amazing people. We all need to realise the true value of our mother land, our culture, and ourself. Then, we will immediately protect our land and culture and will live peacefully and happily.

      Together we can do it. But, if we always wait for others' contributions and do nothing, nothing will happen.

      Delete
  5. මේකට බ්ලොගර් පලෝවරය එකතු කරන්න

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  6. හරි එක නේන්නම් කොහොම උනත් හොද ලිපියක්

    ReplyDelete
  7. මගේ එක පැත්තෙත් එන්න ඉඩ තිබුන වෙලාවට topnetsystem.blogspot.com පරිගණක තාක්ෂණයේ මෘදුකාංග නිවස

    ReplyDelete
    Replies
    1. මං ගියා ඒ පැත්තෙ. හරි වටිනා කියන ලිපි තියෙනවනෙ....

      Delete
  8. ඉතාම වටිනා ලිපියක් සහොදරිය,
    මටත් හිතෙනවා අපේ මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනසකමක් ඇතිවිය යුතුයි කියලා,කලාවෙදි වුනත් අපේ මිනිස්සු මුලික කර ගන්නේ ආර්ථිකය එතනදි බොහො විට බිහි වෙන්නේ හරසුන් නිර්මාණ එක දැන් රැල්ලක් වෙලා,
    ජයෙන් ජය සහොදරිය

    ReplyDelete
    Replies
    1. රස්තියාදුකාරයෙක් කියල කියාගත්තත් ඔබ අල්ලන අඩවුවනම් ඉතා අනර්ඝ එකක් කියල හිතෙනව ලියල තියෙන වචන ටිකෙන්ම.

      කලා ශේෂ්ත්‍රයේ විතරක් නෙවෙයි රස්තියාඩුකාරයෝ අනිත් ශේෂ්ත්‍රවලත් (ගුරු, වෙද, ආදී...) හැමෝම සල්ලි පස්ස යන සංස්කෘතියක් බිහිවේගෙන යන්නෙ. තමුන් කරන රස්සාවෙ ගුණාත්මක භාවය ගැන තැකීමක් කරන්න කීයෙන් කී දෙනාද? හැබැයි එහෙම නොකරන අයට ශේෂ්ත්‍රයේ ගොඩක් කල් රැදෙන්නනම් බෑ (උදාහරනයක් විදියට අපි තාමත් ආදරෙයි පරන ගායකයිට, එයාලගෙ සින්දුවලට, ඒත් ඒ ජනප්‍රියත්වය ටියෙනවද අලුත් සිංදුවලට එයාල මොන තාක්ෂනික ක්‍රම පාවිච්චි කලත්?) තමුන්ගෙ එකම පරමාර්තෙ සල්ලි නම් කරන්න තියෙන්නෙ වෙළදාම් කරන එක. අනිත් වෘර්තීන් බිහිවෙලා තියෙන්නෙ ඒ ඒ සේවාවන් ලබාදෙන්න මිසක් සල්ලි උපයන පරමාර්තයෙන් නෙවෙයි කියලයි මට හැගෙන්නෙ. ඔව් අපි හැමෝටම සල්ලි ඕනි තමයි ජීවත් වෙන්න, නමුත් තමුන් කරන දේ හරියට පිළිවෙලට කරන වගකීමෙන් කරන්කොට හිතට දැනෙන තෘප්තිය මිල කල නොහැකියි නේද?

      Delete