ආයුබෝවන්!
බොහෝ කාලෙකට පස්සේ චිත්‍රයක් අඳින්න හිත නිදහස් වුණෙන් මම අපේ අක්කගේ ලස්සන වත සිතුවමකට බැර කළා. පුංචි කාලේ මට සෙල්ලම් ගෙවල් දාන්න, බෝනික්කොත් එක්ක සෙල්ලම් කරන්න, නටන්න, දුවන්න, පනින්න තියා රණ්ඩු කරන්නවත් අක්කෙක් හෝ නංගියෙක් හෝ හිටියේ නැහැ නොවැ. කෝකටත් කියලා හිටියේ අපේ නැන්දලාගේ දූලා, ඒ කියන්නේ මගේ පොඩි නෑනලා ටික තමයි. කොහොම නමුත් අපේ නැන්දලා, මාමලා, ලොකු අම්මලා, ලොකු තාත්තලා, පුංචි අම්මලා, බාප්පලා කවුරුත් අපේ ගේ අසලින් ගෙවල් සාදන්න තරම් කාරුණික නොවීෙමෙන්, මේ නෑනලාගේ ඇසුරද සැලකියයුතු තරම් මඳ විය. පෙර කළ පිනකටදෝ මා අයියණ්ඩියක ලබන්නට තරම් වාසනාවන්ත වීමි. එහෙයින් පුංචි සන්දියේ නැතත්, තරුණවියේදී අක්කෙක් ලැබීම ඉමහත් පීත්‍රියට කරුණකි. මැය නම් කලින් චිත්‍රයේ උන් දිනි සහෝදරියන්ගේ මවුතුමියයි. රසිකා ප්‍රියදර්ශනී වන මෑ, මගේ ඡීවිතයේ අදරණීයම මිනිසුන්ගෙන් කෙනෙකි. වැඩි වෙහෙසකින් තොරව ඈ සිතුවම් කරන්ට හැකිවීම භාග්‍යකි.
අක්කාගේ පැමිණීමත් සමඟ මගේ ඡීවිතය නැවත ආලෝකමත් වූවා වැනිය. එදිනෙදා දිනචර්යාව ඈ හා මුසුවීම මහත් වූ සතුටට කරුණකි. විසිතුරු මාල, වළලු පැලඳ හැඩ බැලීමටත්, නොයෙක් රසයෙන් යුත් කෑම ඡාති රසවිදීමටත්, නිතර සිනා සිසී මුව සරසා ගැනීමටත්, ඇගෙන් ලද රුකුල විචිත්‍රවත්ය. අක්කෙක් ලැබීම නංගියෙකුට කොතරම් වාසනාවක් දැයි මට හරියටම වැටහුනේ අක්කාගෙන් ලද සැලකිලි සත්කාරත් සමගමය. ඉතින් ඒ සියල්ල ඇගයීමටත්, ඈට දීර්ඝායුු හා සුවසෙත පතම්න්ල, නැවතත් ඈ මගේ නෑනා වේවායි සිතේ තියන් මේ කවි දෙකද රචනා කළෙමි.
මාලා ගෙලේ දාලා ඒ සසඳන්න
දීලා කැවිලි කාලා අත් පටලන්න
පාලා සිනා සීසීකඩ පැතිරෙන්න
නානා තොටේ නෑනා වී ලඟ ඉන්න
ලීලා පපා ලාලා අඳුරේ යන්න
පීනා ඇවිත් පේනා දුරකින් ඉන්න
නේනා ගමන් නෝනා නොගිහින් ඔන්න
නෑනා මගේ නෑනා සුවසේ ඉන්න
සරල ඡීවිතයකට මනාප මම වගේම අපේ අක්කාත් පවුලේ අනිත් අයත් ලැබෙන පුංචි දේවල් වලින් සතුටු වෙන්න දක්ෂයි. ඒ සරල බව හඟවන මගේ කවිය, මේ ලිපිය කියවන ඔයාලා දකිනනේ කොහොමද? ඔයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.
මටම කියලා රබර් සීල් එකක් මමම හදා ගත්‌තේ මගේ මහත්තයාගේද උදව්වෙන්. සතුට නම් එ සීල් එක පළමුවෙන්ම භාවිතා කළේ නෑනාගේ චිත්‍රයේ වීමයි.
ඔබට ඡය!