Tuesday, February 16, 2016

එකොළොස් වැන්න: ග්වංහේ

ආයුබෝවන්!



          චරිත දෙකක් සිතුවම් කල 'හොවජොං' ටෙලි            නාටකයේ
          තුන්වැනුවට සිතුවම් කල ඒ චරිතෙයි අද             ගෙනෙන්නේ
          රජෙක් වෙලා කිරුළු පැලන් උන්නු 'ග්වංහෙ' ගැන    කියන්නේ
          'චා සොන් වොන්' තමයි ඔන්න මේ චරිතෙට පණ පොවන්නේ

          'චා සොං වොන්' හරි දක්ෂයි ඒවගේම         හැඩකාරයි
          පෞරුෂත්වයෙන් ඉහළයි ග්වංහේ චරිතෙට  ගැලපෙයි 
          ග්වංහෙ කුමරුවන් නිපුණයි උපායඥානෙන්       සපිරියි 
          රට පාලනයට සූරයි රටවැසියට හරි                 අදරෙයි


          තරුණ වයසෙ ඈයො හින්ද මම ඇන්ඳේ දිගින්  දිගට
          මැදි වයසේ ග්වංහෙ ඇන්ඳා ඉදිරි පියවරක්    හැටියට
          ගාම්බීර පෙනුම එක්ක ග්වංහෙ ඉන්න       උජාරුවට
          මේං මේක තමයි ඕං තෝරගත්තෙ මං            අඳින්ට





          පරිමාණය ඉහළ දැම්මෙ තොප්පිය මුදුනෙන් කැපුනත්
          පුංචි පුංචි විස්තර පොඩි ඔපමට්ටම් දමන         නිසාත්...
          දකුණට ගත්තේ රූපය සමබරතාවය              බිදුනත්
          වම් පැත්තට හැරුණු මුවට ඉඩ පොඩ්ඩක් ඕනි  නිසත්...

          කැමරාකරණයේ රහස් කියනවනම් තවත්       ටිකක්
          පින්තූරේ හරි මැද ඇති දකුණැස හරි හැඩයි     නේද...
          කඩදාසියෙ තුනෙන් එකක් ඉහළ සිටත් දකුණෙ සිටත්
          තියෙනා තැන ඇති සැරසිල්ලේ ලස්සන      පේනවාද...

          රවුම් නහය ඒ විදියට ඇවිත් තියේවියි            හිතෙනව
          ඇස් වල, ඇහි බැමි වල හැඩයත් හරියැයි මට හැගෙනව
          මුවෙහි රැඳුනු සිනහ රැල්ල, කම්මුල් හැඩවී    පෙනෙනව
          ලස්සන හැඩ රටා සපිරි ඇදුම අගේමැයි         දැනෙනව

          තොප්පියෙ ලස්සන ස්මතු කරනා ඒ           සැරසිල්ලේ
          ඉගනගමින්, හැඩ දමමින්, ඇන්ඳෙ නිවී     හැනහිල්ලේ
          තොප්පියෙ වර්ණ දමනා විට අයියෝ එය බොඳව  ගියේ
          ආයි අඳින්නට ගත්තේ බනිමින් මටම            මෝඩියේ

          ඇස්වල හැඩය ආවත්  විස්තර         මදිය 
          මුනුණේ රැවුල් ඇන්ඳත් පිළිවෙලක්  නැත
          මුව ලස්සනයි හිතුනත් එහි වැරදි      ඇත
          කොච්චර මොනා කෙරුවත්   අඩුපාඩුමය

          අපේ.. නංගියෙක් කීවේ සිනහ         සලා
          සිතුවම්වල ඇස් අගනේමැයි          කියලා
          චීන ඇසුත් මම ඇඳලලු නියම          විනා
          ඔබටත් සිතෙන්නෙයි එය ඇත්තක්ය කියා?




9 comments:

  1. දැන් ඔයා නියෙමට අඳිනවා අනේ, ලස්සනයි....
    තවත් ලස්සනට අඳින්න මගෙන් සුභ පැතුම් !!!

    ReplyDelete
  2. කොච්චර වෙලාවක් යන්න ඇතිද මේ රූපේ අදින්න.
    ගොඩක් ලස්සනයි.
    කවියෙන් විස්තර කල නිසා තවත් හොදයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      කොච්චර වෙලා ගියාද කියන එක හරියටම කියන්න අමාරුයි ඉතිං. චිත්‍රවල දිනවලට අනුවනම් කලින් එක ඇඳල මාසෙකට විතර පස්සෙ තමයි මේක ඇඳල තියෙන්නෙ. හැමදාම හවසට ගෙදර ඇවිත් ටික ටිකනෙ අඳින්නේ. ඉක්මනින් ඇඳල ඉවරකරන්න නෙවෙයි මම උත්සහ කරන්නෙ. හැඩ බල බල, වැරදි හද හද, හිමින් හිමින් අඳින්නෙ. ඔහොම ඇඳපු කාලය ඔක්කොම එකතු කරොත්, පැය හත අටක් විතර යන්ඩ ඇති. මටත් ආසයි දැන්ගන්න හරියටම කොච්චර වෙලා යනවද කියල. මේ සැරේ නම් හරියට මැනල බලන්න ඕනි... හික් හික් හික්

      Delete
    2. කවි ටික හදාගන්නනම් මාර වෙලාවක් ගියා.... ආයෙනම් කවියෙන් විස්තරේ ලියන්න යන්නෑ කියලත් හිතුන ඉතින්.... :)

      Delete
  3. ඇත්තටම හොදයි.

    ReplyDelete
  4. මේක කියවනකොට මට මතක් වුනේ "රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා " සිංදුව . ඒ කෙත් චිත්‍රය ඇඳින ගමන්මනේ සිංදුව කියන්නේ ගායකයා susil premarathna

    මේ බලන්න

    https://www.youtube.com/watch?v=cFMWanqCj-Q

    ReplyDelete
    Replies
    1. :)

      ඒකනම් නියම සිංදුවක් තමයි...

      Delete