ගැර්ම්පියන් ජාතික වන උයන බලා 1
බැලූ බැල්මට මට හිතුනේ මේ නං අබ මල්මයි කියලා. ගහත් ටිකක් ඒ වගේ, මලුත් ඒවගේ, හැබැයි සුවඳ නං ටිකක් වෙනස්. ලඟට ගිහින් බැලුවෙ නැති උනත් මේ අබ නෙවෙයි වෙනින් මොනා හරි කියලා තේරුණා. පස්සේ තමයි දැන ගත්තේ ඒ කැනෝලා කියලා. කැනෝලා තෙල් අපේ රටේ ඒ තරම් ප්‍රසිද්ධ නොවුනත්, ඕස්ට්‍රේලියාවේ වගේම ඇමරිකාවෙත් සුලභව භාවිතා කරන, ලාභම ලාභ තල් වර්ගයක්. මේ වගේ ලස්සන කැනෝලා යායවල් පහුකරගෙන දිගින් දිගටම ඉදිරියට අපි ඇදෙන්න උනා. මේ පින්තූර ගනිද්දි, මම දැක්කා ලොකු වැහි වලාවක්. වැඩි දුර යන්න හම්බ උනේ නෑ මෙන්න වහින්න පටන් ගත්තා. ෂා හරිම ලස්සනයි. ටෙක්සස් ඉදිද්දි නම් වැස්ස කියන්නේ සතුට, මොකද එහෙට වහින්නේ හරියට හාවා හඳ දකිනවා වගේ කලාතුරකින්. සනත් නම් පොඩ්ඩක් දුක් වුනා, "අනේ මේ වැස්ස නිසා අපේ ගමන අසාර්ථක වෙයිද?" කියලා. නමුත් මමනම් දැනං හිටිය ඕක දිගටම තියෙන වැස්සක් නෙවෙයි කියලා.
අපි මේ විදියට M8 එක දිගේ යනකොට යනකොට "ඇරරාට්" වලටත් ආවා. එතනින් අපි C222 ට දාගත්තා. සුමට පාර එකපාට්ටම රළු වුනා. පොඩ්ඩ පොඩ්ඩ වාහනේ එහෙන් මෙහෙන් ගැස්සෙන්න ගත්තා. ලංකාවේ ගමේ පාරවල් වල වගේ කෙහෙල් ගස් හිටවන්න පුළුවන් තරම් අලී වලවල් නොතිබුනත්, අදික වේගය නිසා පාරේ ඇති සියුම් විෂමතාවන්ට අපිව යම්තාක් දුරට අපහසුතාවයට පත් කරන්න හැකි උනා. මේ වෙලාවෙ මට අපේ තමාලිලාගෙ තාත්තව මතක් උනා. එයා බස් රථ රියදුරෙක්. කොහේ හරි දුර ගමනක් යද්දී, පාර කොච්චර දුර උනත්, එයා අතුරු පාරවල් දිහා හැරිලවත් බලන්නේ නෑ. දැන් තමයි ඒවා අපිට තේරෙන්නේ. වට පිටාව හරිම ලස්සනයි. ඒනිසා C222කේ කිලෝමීටර 126ක් දුර ආවත් එච්චර ගමන් මහන්සියන් දැනුනේ නෑ. කොමහාරි අපි "හෝල්ස් ගැප්" වලට ඇවිත් වාහනේ නතර කරනකොට 12ත් පහුවෙලා මගේ හිතේ. වහනන් බස්ස ගමන් සුපුරුදු පරිදි ඉස්සෙල්ලාම ගියේ බරෙන් නිදහස් වෙන්න. ඊට පස්සේ අපි ටිකක් විපරම් කරලා බැලුවා කොහෙද තොරතුරු මධ්‍යස්ථානය තියෙන්නේ කියලා. පුංචි පුංචි කඩවල් පේළියක් පහුකරගෙන අපි එතෙන්ට යද්දී අපි දැක්කා ගල්වලින් හැදිච්ච කඳු ප්‍රපාතයක්.
දැක්කානේ කොච්චර මනරම්ද කියලා. මගේ හිතේ මලක් පිපුනා වගේ, හිතේ සතුට එක පාරටම බුස්ස්ස්ස් ගාල එක්ස්පොනෙන්ෂියලි ඉහළ නැංගෙ නිකන් හිතා ගන්නත් බැරි විදියට. තොරතුරු මධ්‍යස්ථානේ හිටපු මහත්මයා අපිට සිතියමක් දීලා, අද දවසේ බලන්න යන්න සුදුසු තැන් ටිකකුත් ලකුණු කරලා දුන්නා.
ඒකත් අරන් එළියට එනකොට, කට්ටියක් එතන පානුයි සොසේජසුයි විකුනණවා. අපිත් අතෑරියෙ නෑ, දෙකක් අර ගත්තා. ටක් ගාලා කාලා ඉක්කන්ට යන්නවා කියලා හිතුවත්, ඒවෙලෙ රෝස් කරපු සොසේජස් පට්ට රස්නෙයි කටේ තියන්න බෑ. ඉතින් අපි වෙලාව අරන් පිඹ පිඹ කෑවේ එතන තිබ්බ බංකු කොටේක වාඩි වෙලා මේ කඳු ශිකරය දිහාවට ඇස් යොමාන. අපේ පළවෙනි කුරුමානය උනේ "ද පිනකල් පොඉන්ට්". ඒ කියනේ, මම මේ දැන් වෙනකල් කිය කිය හිටපු කන්ද මුදුනට යන එක. අපි ඉන්න තැන ඉඳලත් යන්න පුළුවන්, ඒක දුර වැඩියි. ඒ නිසා අපි වාහනෙන්ට ගිහින් ඉංජිම පණගන්නලා කෙලීන්ම ගියේ "වොන්ඩර්ලෑන්ඩ්" රිය ගාලට. අපි යද්දි ගොඩාක් කට්ටිය එතන්ට ඇවිල්ලා තිබ්බා. පාර දෙපැත්තෙම වාහන නවත්තලා. දැක්කාම බය හිතෙනවා, අම කීවෙ වාහාන නවත්තලා තිබ්බ විදිය. අපිත් ඉඩ තිබ්බ තැනකින් වාහනේ දාලා, පාර දිගේ උඩට යනකොට මෙන්න බෝඩ් ලෑල්ලක් තියෙනවා "වොන්ඩර්ලෑන්ඩ් කාර් පාක්" කියලා. ආ ඒකත් එහෙමද, එතකොට මේක තමයි ඔය කියන කාර් පාක් එක කියලා ඒකත් බලාගෙන අපි "ඉදිරියටම යව් හෙළයනි ඉදිරියටම යව්" කියලා ඉදිරියට ඇදුනා.
අපිට මුලින්ම හම්බ උනේ පුංචි දොළ පාරක්. එතනට ගිහිල්ලා, "හා කොහොමද දොළ පාර?" කියලා අහගෙන, එයාට උඩින් ගහල තිබ්බ පටු පාලම පහුකරා. මෙතුවක් කල් අපි ඕස්ට්‍රේලියාවේ ඇවිදපු හැම තැනකම වගේ මිනිස්සු හරිගස්සපු පස් පාරවල් දිගේ තමයි ඇවිදං ගියේ. ඒත් මෙහෙ එහෙම නෑ. බලූ බැල්මට හැම තැනම තියෙන්නේ ගල්, ගල් කඳු. ඒ ගල් උඩින් පැනලා, ගල් දිගේ නැගලා (බඩගාගෙන) තමයි යන්න තියෙන්නේ. මට හරියට දැනුනේ මම අපේ ගෙදර (බණ්ඩාරවෙල) ඉන්නවා වගේ කියලා, අපේ ගම් පැත්තේ තියෙන මොකක් හරි කන්දක බඩගානවා කියලා. මගෙ හිතට හරීම සතුටුයි. කාළගුණයත් හරියමට ඒහෙ වගේ: වියළියි, සීතලයි, අව්වයි. අපේ ගෙවල් පැත්තේ හරියට ගල් තියෙනවා. අපේ ගෙදරට ගියාම පේනතෙක් මානෙ ගෙවල් නැති උනත්, පුරාම පේන්න ගල් තියෙනවා. මම පුංචි කාලේ මගේ ආසම තැන තමයි අපේ ගෙදර ලඟ තිබ්බ ලොකු ගල. මම එතන්ට යන්නේත් ගල් උඩින් පැන පැන. මට අය්යෙක් කියල එකෙක් හිටියත්, ඌ මට වඩා ගොඩක් වැඩිමහල් නිසා මම හිටියෙ තනියම. මම හැම වෙලේම හිටියෙ මේ ගල උඩ, සෙල්ලම් කරේ, සිංදු කීවේ, නැටුවේ, මේ හැම දේම කරේ මේ ගල උඩ ඉඳලා. සමහර දාට මම බත් කන්නෙත් එතන ඉඳලා. මගේ දවස් පටන් ගත්තෙත් එතනින්, ඉවර උනෙත් එතනින්. මීට අවුරුදු පහළවකට දාහතකට විතර ඉස්සර මග ගත කරපු ඒ සුන්දර අතීතය මට ක්ෂණයකින් සිහියට ආවා. මම දැනුනේ මම ආයි ඒ ප්‍රීතිමක් ජීවිතේට වැටුනා කියලා. මගේ හිතේ සතුට කියලා නිමකරන්න බෑ, හරියට ටේලර් සීරීස් එක්ස්පෑන්ෂන් එකේ පද ගාන අනන්තයක් වගේ, මගේ සතුටට නිමක් නෑ.
අපි යන්න ඕනි පාර කහපාට තිකෝණ වලින් ගල් මත සලකුණු කරලා තිබ්බා. අපි ඒවා දිගේ පැන පැන ගියේ අර පුංචි කාලෙ කියන කවිය; "ඔන්න බබෝ ඇතින්නියා, ගල් අරඹේ සිටින්නියා, ගලින් ගලට පනින්නියා, බබුට බයේ දුවන්නියා" වගේ. මම මේ කවියට හරිම ආසයි, ඒ ගල් අර්ඹේ සිටින්නියා කියන එකත්, ගලින් ගලට පනින්නියා කියන පේළි දෙක නිසා.
පේනවා නේද, පුරාම ගල් කඳු. හරියට උතුරු ඇමරිකාවේ රොකී කඳු වැටිය වගේ. රොකී කඳු වැටිය ලඟටම ගිහින් තියෙනවා. ඒකත් දවසක ලියන්නම්කෝ. සීතල කාළගුණය නිසා, ජේසි දාගෙන, තොප්පි දාගෙන, කරවටේ සාළුවක් බැදගෙන තමයි වැඩේ පටන් ගත්තේ. අපි විතරක් නෙමෙයි, හැමෝම එහෙම තමයි. අපි මෙහෙම යනකොට යනකොට හරි ලස්සන තැනක් සෙට් උනා. අපි ගිය තැනින් පොඩ්ක්ඩක් පහළට බහින්න තිබ්බා.
දැක්කා නේද ලස්සන. කවුරු උනත් මේ ගල්වල කැටයම් කොටපු කෙනා හරි පිළිවෙලට වැඩේ කරලා තියෙනවා, අපේ කවුරු හරි නම් වෙන්න බෑ. දැක්කද අර වමටම වෙන්න තියෙන ගලේ පහළට වෙන්න තියෙන කැටයම. ඒක හරියට කුකුළා පහනක, තෙල් දාලා, තිර දාලා පත්තු කරන්න තියෙන කෑල්ලක් වගේ. ඔයා හිතන්නේ සුළඟ මේ කැටයන් කැපුවා කියලද, වැස්ස මේ කැටයන් කැපුවා කියලද? කොහොමද ඒක විස්වාස කරන්නේ? බලන්ක්නකෝ ඒකෙ පිළිවෙල, චිත්තාකර්ෂණීය බව. හිතාගන්න බෑ නේද?
හීන් දිය ඇල්ලකුත් පහළට ඇදෙනවා.
ජේසිය මොහොතකට පැත්තකට දාලා පිතූර කීපයකට පෙනී ඉන්නත් සිද්ද උනා.
ඒ ගොල්ල මේ හරියට "ගෑන්ඩ් කැනියන්" කියන නමින් තමයි ආමන්ත්‍රණය කරේ. මට මතක් උනේ, අපිට යන්න බැරි වෙච්ච එක්සත් ජනපද්යේ තියෙන ගෑන්ඩ් කැනියන්. ඒකත් මේ වගේ වෙන්ඩ ඇති කියල හිතාගෙන, එතනට සමුදීලා, ආයෙන් අපි යන්න ගිය ගමන යන්ඩ පටන් ගත්තා.
ආ පටන් ගත්තා කීවට ලියවිල්ලා ඉවර උනා. අදට ඇතිනේ
එල එල මම ගිය පාර මචන් කියල දැම්මට මේ මචී කෙනෙක් නෙ..
ReplyDeleteඔව් ඔව් මචී කෙනෙක් මචං
Deleteඔන්න බබෝ ඇතින්නියා..
ReplyDeleteගලින් ගලට පනින්නියා..
කුඩේ අතේ තියෙන්නියා..
තරහ ගියොත් නෙලන්නියා..
ආය ඉතින් කට උත්තර නැති වෙන්නම ලියලා තියෙනවා.
Deleteඇල්ල ගල එහෙම මතක ද
ReplyDeleteඅමතක වේන්නේ කොහොමද ඒවා. ඔයා දන්නවාද ඔයා නිසා අපිට මොන තරම් අකර තබ්බියකට මුණ දෙන්න උනාද කියලා?
Deleteඇල්ල ගල එහෙම මතක ද
ReplyDelete+++++
ReplyDelete