Sunday, May 15, 2022

අපිත් හරියට වෙසක් කූඩු වගේ.


ලස්සනට වෙසක් කූඩුවක් හදන්න ගොඩක් මහන්සි වෙන්න ඕන, ඒ වගේම අපේ ජීවිතය ලස්සනට ගොඩනඟා ගන්න ගොඩක් මහන්සි වෙන්න ඕනී. 

වෙසක් කූඩු විවිධාකාරයි, අපේ ජීවිතත් විවිධාකාරයි. 

කූඩු හදන්න භාවිතා කරන ටිෂු කොළවල තුනී ස්භාවය නිසා ඒවා කපද්දීත් හසුරුවද්දීත් අපිට ඉතාම ප්‍රවේශම්කාරී වෙන්න වෙනවා. කැටයමක් කපද්දී ටිෂූ කොළේ වැරදිලා කැපිල යන පුළුවන්, කොහේ හරි පැටලිලා ඒවා ඉතා ඉක්මනින් ඉරෙන්න පුළුවන්. අපේ ජීවිතත් ඒ වගේමයි, ක්ෂණයකින් බොහොම පුංචි දේකින් අපේ ජීවිතේට කරදරයක් හෝ ජීවිතේ නැතිවෙන්න හෝ පුළුවන්. ඉතා කුඩා උණ්ඩයකින් තියුණු පිහියකින් පොලු පහරකින් වාහනේක ගැටීම වැනි සුළු දේකින් වුණත් ජීවිතය හානි වෙන්න පුළුවන්. 

කූඩුවක් ලස්සන වෙන්නෙ එයාගෙ කැටයම් දාලා කදිමට අලවලා තියෙන කොළ හින්දා. අපව ලසන්නට ලෝකයට පෙනෙන්නේ අපේ ශරීරය වහගෙන තිබෙන සම නිසා.  

අපි කූඩුවක කොළ අලවන කොට කිසිම සිදුරක් නැතුව තමයි කොළ අලවන්නෙ. එහි සිදුරක් තිබුනත් ඒ මගින් කුඩු ඇතුලට සුළං ඇවිත් ඉටි පහන නිවෙන්න පුළුවන්. ඒ වගේම අපේ ජීවිතයටත් බාහිරින් යම් යම් විසබීජ හෝ ලෙඩ රෝග හෝ ඇතුල් වෙලා ශරීරයට හානියක් වෙන්න පුළුවන්. 

වෙසක් කූඩුවක් අලවලා ඉවර වෙච්ච ගමන් හරි ලස්සනයි. නමුත් ටික කාලයක් යනකොට ඒක ටික ටික ජරාජීර්ණ වෙනවා. කොළවල පාට අඩුවෙනවා, වැස්සට තෙමිලා කොළ ඉරෙනවා, තද සුළඟ නිසා කොළ ඉරිලා යනවා, කූඩුවේ කොටස් කැඩිලා යනවා, වැස්සට තෙමිලා රැලි එකිනෙක රැලි එකිනෙකට ඇලවෙනවා. නොයෙකුත් අකරතැබ්බ වලට මුහුණ දෙමින් එයා කාලයත් එක්ක වෙනස් වෙනවා. අපේ ජීවිතත් ඒ වගේ තරුණ කාලේ හරිම ලස්සනයි සිත්ගන්නා සුළුයි ශක්තිමත්, නමුත් වයස යන්න යන්න ලෙඩ එනවා, වැහැරෙනවා, කොන්ඩ සුදු වෙනවා, නොහැකි වෙනවා, ආකර්ෂණය නැති වෙලා යනවා.

ඉපදීමෙන් පටන් අරගෙන වසර ගණනාවක් ජීවත් වෙලා මරණයෙන් අවසන් වන ජීවිතයක සංක්ෂිප්ත අනුවාදයක් වගේ වෙසක් කූඩුවක්.  


මෙත්මා
2022 මැයි 15

2 comments:

  1. එක කාලෙක සමහර ගැහැණු ළමයින්ව අපි වෙසක් කූඩු කියල කිව්වා. විශේෂයෙන්ම ගොඩක් එල්ලෙන කෑලි අටවගෙන යන අයට. අනිච්චතාවය වෙසක් කූඩුවකට සමාන කිරීම හරි. ලස්සනට තියෙන වෙසක් කූඩුව දකිනකොටම ඒක ටික දවසකින් පත්වෙන තත්ත්වය සිහිකරගන්න පුළුවන් නම් ඒකට බැඳෙන්නේ නැහැ.

    ReplyDelete