Tuesday, April 7, 2020

තව දවසක් ඉවරයි

සීත සමයක ගෙදරක සිරවී
උදේ පටන් එහි දවසම ලැඟුම් ගෙන
මොහොතකට වත් පිට නොයමින්
ගෙදර ඉඳන් වැඩ කරමින්
හිරුගෙන් උණුසුම යදිමින් 
ජනේලයෙන් හිස් පාරට දෙනෙත් යොමා
විටක සිතුවිලි ගඟක බැසලා
දුකද, වේදනාවද, හිර කරගෙන
තටු ගිලිහුණු කිරිල්ලියක මෙන් අසරණ වී
සැවොම පසුතැවෙමින් ඔහේ සිටිනා මේ
කොරෝනා වසංගතයේ උච්චත්ම කාලේ

තව දවසක් ඉවරයි
තව දවසක් ඉවරයි
සිනාසෙමින් කියමින් උදම් වී
තව දවසක් ඉවරයි
ඉවරයි තව දවසක් ඉවරයි

මවුරටින් එපිට සත්සමුදුරින් එහා
ඈත පිහිටි පුංචි ගමක,
ආදර මවුගේ උණුසුමක් මට කොයිද
පිය සෙනෙහස අහිමිව,
දියණියන්ගේ හිනා හඬ නෑසෙන
පිට රටක හෙට මොනා වෙයිද,
අපිත් ලෙඩ වෙයිද, කාට බෝ කරයිද,
අනේ දරුවෙක් එයිද
රැකියා අහිමි වෙයිද
ඉන්න හිටින්නට තැනක් හමුවෙයිද
රටක් ලෝකයක් අඟුලු දමා 
අපි කොහොම ගෙදර යම්ද
සිතේ බර පහවෙයිද ලඟදීම දවසක?

තව දවසක් හෙට උදාවෙයි
හෙට හවසත් ඔබ කියාවී
තව දවක් ඉවරයි
තව දවක් ඉවරයි
ඉවරයි, තව දවසක් ඉවරයි...

අප්‍රේල් 7, 2020
මෙත්මා


4 comments:

  1. අමුතුම කාලයක්. ඔබ ඉන්නේ ඔස්ට්‍රේලියාවේ නේද? එහි සීතකාලයක්ද? කාලෙකට පස්සේ ලිවීම කොරෝනා වලින් එක හොඳක්. Be safe

    ReplyDelete
    Replies
    1. ඔව් ඉයන්, මේක අමුතුම කාලයක්. සීත කාලය පටන් ගනිමින් තියෙන්නේ. තව මොනා මොනා හරි ලියන්න ඉන්නේ.

      Delete