Friday, August 20, 2021

කිරි

දොවා ගත් කිරි යැයි සිතා එළදෙනුන් ගෙන් කන නැවුම් තණකොළ ලන්දෙ නවසීලන්තයේ

දුඹුරු ව කහ ව කර වී වියළුන පිඩැලි වැරෙන් උලා කන දෙනුන් දුටිමි ඔසී ලදු බිම් වල...

දමා හැදි දෙකක් වතුරට දිය කර පානය කරයි සතුටුව උදම් අනමින් ෂා නියම කිරි එක

යන්ත්‍ර ගණනක පහසින් සැකසුණු පිටි, ඊටත් වඩා දුර ගමනක් ආ කැට සීනී මුසුව රස කරයි කිරි කහට, හැබැයි පස්සේ සීනී ඒ අයට

දියර කිරි බොයි ඒ රට වල අය, සීනීවත් කහටවත් එක් නොකර සුදුවටම

අමතක කල හැකිද රට පුරා තණ නිල්ල වග, ගම් වල දැන් දෙනුන් නැති වග.


අගෝස්තු 20,

මෙත්මා










 


4 comments:

  1. ඇත්ත.
    අපි පොඩිකාලෙ
    ගෙදරට ම ගෙනත් දෙනව උදේ පාන්දර
    කිරි
    නැවුම්
    වතුර ටිකක් මුසු

    දැන්
    NLDB තියෙනව
    ඒ අකුරු හතර අතරට
    W අකුරකුත් උවමනයි
    වතුර හරි හරියට මුසු නිසා

    හොඳ එළකිරි ටිකක්...
    සිහිනයක්

    ReplyDelete
    Replies
    1. ඔක්කොමත් හරි, ඉවසන්න බැරි රටපුරා තියෙන නැවුම් එළකිරි ටික ඔක්කෝම අමාරුවෙන් කන්ද උඩට අරන් ගිහින් මෙලෝ කමකට නැති පිටි කිරි කරලා ආයෙ රට පුරා බෙදා හරින එකනේ.

      එළකිරි කියන වචනේ මම සෑහෙන කාලයක් තිස්සේ මගේ හිත ගිය දේකට භාවිතා කරන වචනයක්.
      නමුත් මේ යන විදියට ඒක පිටිකිරි කියන්න වෙයි වගේ ආයුබෝං.

      Delete
  2. සමා විය යුතු මෙය කියනවට
    නැත්තෙ ගම නොවැ අද බලනකොට
    ගමේ හිටි ගොං අදත් ඉන්නව
    රට පුරා විසිරිලා ඕසෙට!

    ReplyDelete
    Replies
    1. නිදිගේ පංච තන්තරේ
      නොකියාන් ඔය මන්තරේ
      තිරිසනා මුත් හොඳ එකා
      මට හිතෙන්නේ පව් ගොනා

      Delete