Wednesday, November 8, 2017

ග්රැම්පියන ජාතික වන උයන 4: නැරඹුම් ස්ථාන කීපයක්


ගැර්ම්පියන් ජාතික වන උයන බලා 3: පිනැකලේ කන්ද දැකලා බඩ දනවා


අපි බඩ කට පිරෙන්නා බත් කාලා, නට් බාර් (නොයෙක් වර්ගයේ ඇට ජති වලින් හදපු අතුරුපසක්) එකකුත් කාලම එන්ජිම පණ ගැන්නුවා. දැන් අපි මේ යන්නේ 'මැකෙන්සි' දිය ඇල්ල බලන්න. එතනට යන්න කලින් හම්බවෙන නැරඹුම් ස්ථාන කීපයකත් නතර කරලා යන්න තමයි අපේ කල්පනාව. කඳුකර මාර්ගයක් නිසා වංගු බෙහෙවින් තිබුනා. වංගු සහිත පාරක් කියලා කියනකොට මට මතක් උනේ ඉස්සර පේරාදෙණියෙ විශ්වවිද්‍යාලෙ ඉන්න කාලේ පේරාදෙණියෙ ඉදලා බණ්ඩාරවෙල යම ගමන. මහනුවර ඉඳලා ගම්පොළ, පුල්සැල්ලාව, නුවරඑළිය, කැප්පෙටිපෙළ, වැලිමඩ හරහා බණ්ඩාරවෙල එන ගමන, හරීම ලස්සන උනාට හිතන තරම් ලේසිනම් නෑ. මොකද මුලින්ම නුවරඑළිය කන්ද නගින්න ඕනි. ඊට පස්සේ ආයිත් කන්ද බැහැගෙන වැලිමඩට එනකල් එන්න ඕනි. ඉතින් මේ පාර හදලා තියෙන්නේ වංගු රාශියක් ඒකරාශි කරලා. කොහොම නමුත් වැලිමඩට එනකං ගමන එච්චර අමාරු නෑ, වැලිමඩ ඉදලා බණ්ඩාරවෙලට එනටික වගේ. මොකද වැලිමඩට එනකං කඳු නිසා බස් එකේ වේගය සීමා සහිතයි, කිසී කරදරයක් නැතිව ෂපාන් එකේ නිදාගෙන එන්න පුළුවන්. වැලිමඩ ඉදලා කඳු නෑ, එක මට්ම්ටමේ පාර, නමුත් පුරාම වංගු. රියදුරු උන්නැහේ පාගලා එනවා අපි සීට් එකේ එහෙට යනවා මෙහෙට යනවා, එහෙට යනවා මෙහෙට යනවා, සීට්ක්ටෙකෙක් වැටෙන්නත් යනවා, ඒත් රියදුරු මහත්තයාට ගානක්වත් නෑ, ඌ තව පාගනවා. ඒ ටික තමයි අමාරුම. 
ආයිත් අපේ ගමනට...
කොහොම නමුත් අපි එච්චර වේගෙන් ගියෙ නෑ, වෙලාව තුන විතර වෙලා තිබුනත් අපිට කිසි හදිස්සියක් තිබ්බේ නෑ. අපිට මුලින්ම හම්බ උනේ 'රීඩ් ලුක් අවුට්' කියන රීඩ් නැරඹුම. ලස්සනට අව්ව පායලා තිබ්බ නිසා ටක් ගාලා එළියට පැනලා, ගියා අවට සුන්දරත්වය බලන්න කියලා. අවට හරීම ලස්සනයි. ඒත් අපි හිටියේ කඳු ප්‍රපාතයක් උඩ නිසා, සීතල සුලගකට අහුවුනා. සුලඟ එච්චර දරුණු නැති උනත් සුළගත් එක්ක ආව සීතලනම් හරිම දරුණු මුහුණුවරක් ගත්තා. ඒ නිසා ආපහු ගිහින් මගේ කෝකටත් ජැකට් එක වෙන කළු ජැකට් එක දාගන්න මට සිද්ද උනා.









ජැකට එක දාගත්ත  වහාම මම තීරණය කරා, අර අන්තින පින්තූරෙ තියෙන, කණුවක් වගේ එකක් තියෙන තැනට ගිහින් බලන්න, මොකද්ද ඒ එතන තියෙන්නේ කියලා. අපි යන අතර මග නොයන් වර්ගයේ කැළෑ මල අපිට හමුවුනා. අපි ඒවා කැමරා කාචයේ සටහන් කරගන්නත් අමතක කරේ නෑ.










ඔන්න අපි දැන් එතනට ඇවිත් ඉන්නේ. වාව්... මාරම ලස්සනයි. එතනට වටේම පේනවා. මට මතකයි මම මෙතන ඉඳලා වීඩියෝ එකකුත් ගත්තා වටේ පේන විදිය. මෙතනත් හුලඟ ටිකක් තිබුනත් මට එච්චර දැනුනේ නෑ කළු ජැකට් එකට පිං සිද්ද වෙන්න. මම මෙතනට ගොඩාක් ආසයි. අපි මෙතන සෑහෙන වෙලාවක් හිටියා. එතන හිටපු ළමයි වගයක් හරි අපූරු පින්තූර වගයක් ගත්තා. යන්න බය හිතෙන ත්‍රාසජනක තැන්වලට ගිහිලා, නොයෙක් ඉරියව් වලින් ඒ අය පින්තූර ගමින් හිටියා, බලන්නකෝ පහළින් තියෙන පින්තූරවල එයාලා ඉන්නවා. 









අපි එතන හිටියා ඇති කියලා හිතුනට පස්සේ වාහනේ ලඟට ආවේ දිය ඇල්ල බලන්න යන්න කියලා හිතාගෙන. ඒත් එතන බෝඩ් ලෑල්ලක් ගහල තිබ්බා, 'ද බල්කනි' එකටත් යන්න, වැඩි දුරක් නෑ කිලෝමීටරයයි තියෙන්නේ විනාඩි විස්සෙන් යන්නත් පුළුවන්, තැනත් ලස්සනයි කියලා. අපිත් ඉතින් අතහැරියේ නෑ, කමක් නෑ ගිහින් බලමුකෝ කියලා යන්න පටන් ගත්තා. අපි වගේම එතනට ආ ගොඩාක් දෙකෙන් ගියා මොකද්ද මේ බැල්කනිය කියලා බලන්න. ඒක තැනි පාරක්, අර කලින් සැරේ වගේ දුශ්කර එකක් නෙවෙයි. අපි මෙහෙම යනකොට පුංචි පාලමලක් වගේ එකක් උඩින් ගියා. එතන පහළ, ගල් එක උඩ එක තියලා, සමබරතාවය රැකෙන් විදියට ගල්කණු ගල්කණු වගේ හදලා, හරි ලස්සනයි. අවුරුදු දෙකක විතර පුංචි පුතෙක් ඒ එක ගල්කණුවක් ලඟට ගිහිල්ලා "මේක මගේ" කියලා හරියට නිකක් එයා හැදුවා වගේ බෙරිහන් දෙනවා. හරි හුරතල්, හරියට ඉස්සර අපේ මල්ලි වගේ. මට හිනාව නවත්තගන්න් බැරි උනා. අපිත් ඉතින් මේ විදියට වටපිටාවෙ වෙන දේවල් බලාගෙන ඉස්සරහට ඇදෙනවා, දැන් මේ බැල්කනිය හම්බවෙයි දැන් හම්බවෙයි කියලා. අපිට වැඩි දුර යන්න හම්බ උනේ නෑ කට්ටියගේ කථා සද්දෙ පැහැදිලිව ඇහෙන්න ගත්තා. අපිට තේරුණා දැන්නම් අපි තැනට ඇවිත් ඉන්නේ කියලා. 









පේනවා නේද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක බැල්කනියක් කියලා. සමහර තරුණ ළමයි එතනට ගිහිල්ලා නොයෙක් යෝගී ඉරියව් වලින් ඉදලත් පින්තූර ගත්තා. මට නම් එතනට යන්න හරිම බය හිතුනා, ඒ වෙන දෙයක් නිසා නෙවෙයි, මගේ කකුල් දෙකා වෙව්ලනවා, ගොඩාක් කාලෙකින් එකදිගට ගොඩාක් දුර ඇවිදපු නිසා. මම ගියොත් ඔය කොතන හරි අතර මඟක ඇඳගෙන වැටෙයි කියල හිතලයි මම යන්න බය උනේ. දැන්නම් දුකයි එතනට නොගිය එක ගැන. කොහොම නමුත් හරිම ලස්සන තැනක්. කකුල් රිදෙනවා කියල එතන නවතින්නයැ අයිත් ආවා ඉතින් අමාරුවන්. ඔක්කොටම වඩා වැසිකිලියාමේ අවශ්‍යතාවය. ටක්ගාල ඇවිල්ලා වාහනේට පැනගත්තේ දැන්නම් මැකෙන්සි ෆෝල් යනවාමයි කියලා හිතාගෙන.

දැන්නම් ඉතින් මම නවනිනවාමයි, ආයෙ ඉතිරිටික පස්සෙ දවසක තමයි.

4 comments:

  1. හයියෝ........ ලියපියෝ......

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ලියනවා

      Delete
  2. නට් බාර් අතුරුපස හදන්න ගන්නේ මොන පලතුරු වල ඇටද?

    පුංචි නිවැරදි කිරීමක් ...... ගම්පොල පහුවුනාම හමුවන්නේ "උඩු පුල්සැල්ලාව" නොවේ පුල්සැල්ලාව. උඩු පුල්සැල්ලාව කියලා ටවුමක් තියෙනවා ටිකක් ඇතට වෙන්ට නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ.

    නොලිය ඉන්න එපා. ඉඩකඩ ලැබෙන විදිහට දිගටම ලියන්න කියා ඉල්ලා සිටිනවා. ඔය රටේ තොරතුරු දැනගන්න ආසයි.

    ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. නට් බාර් අතුරුපසක් කියලා මම කීවට ඒක අතුරුපසක්ම නෙවෙයි. පොඩි බඩගින්නක් වගේ ආව වෙලාවට කන්න පුළුවන් පොඩි කෑමක්. මම කවදාවත් ඒව ගෙදර හදල නෑ, කඩෙන්ම තමයි ගන්නේ. ඒක නිකන් අර පැණිකජු කෑලි තියෙනේ ඒ වගේ. එක එක වර්ගයේ ඒවා මෙහෙ ගන්න තියෙනවා. කජු, රට කජු, ආමන්ඩ් (රට කජු වගේ ඇට වර්ගයක්), තල ඇට, වොල්නට්, පිකැන් (මේවත් නිකං කන්න පුළුවන් ඇට වර්ග), වියලි පළතුරු, මුද්දරස්පලම්, ඉදි, වට්ටක්කා ඇටවල ඇතුලෙ තියෙන මද වගේ ගොඩක් ජාති එකතු කරලා, පැණි දාල හරි චොකලට් දාලා හරි පැණිකජු හදනව වගේ තමයි හදන්නේ.

      කථාව ඇත්ත ඒක උඩු පුස්සැල්ලාව නෙවෙයි පුස්සැල්ලාව වෙන්න ඕනි. මට ඔය දෙක පැටළුනා. පස්සෙ මට මතක් උනා, ඒත් හරි ගස්සන්න අමතක උනා, මතක් කලාට ස්තුතියි.

      ලියන්න කථා ඕනි තරම් තියෙනවා, හිමීට හිමීට ලියන්නම්.

      දිරි ගැන්වීමට ස්තුතියි. ඒවා මට ගොඩක් වටිනවා.

      Delete