ආයුබෝවන්!
කවි, සිංදු, විද්‍යා ලිපි සහ මගේ උපාධි නිබන්දනය ලියන අතරේ පටන් ගත්ත දූලගෙ චිත්‍රයයි අද අපූරු මලක්ව පිපනේනේ. සිංහල අවුරුද්දට ඉවර කරන්න හිතන් පටන් ගත් අපරිසමාප්ත එය, ඇඳ යටින් ගනෙ දූලි පිසදා නිම කලේ ගිය සතියෙයි. මේ ඉන්නේ අපේ නිමේෂයි, නිසිංසියි, අමන්දිනයි (මගේ අයියගේ දුවල තුන් දෙනා). මෑත කාලීනව මගෙ අතින් ලියවුනු, The little girl, නම් නිසඳැසින් කියන්නෙත් මේ අය ගැනම තමයි.
මෙතන දකුණින්ම ඉන්නේ නිමේෂා, දැන් වයස එකොළහයි. එයා උපන් දා ගෙදරට ගෙනා දා මට අද වගේ මතකයි. පොඩ්ඩ පොඩ්ඩ එයා ලොකු වෙද්දි, මම බලාගෙන හිටියේ චූටි කටින් අපිත් එක්ක කතා කරන්න පටන් ගන්නනේ කවද්ද කියලා. පොඩි කාලේ එයා මගෙන් ඉල්ලපු එකම දේ, මට කියපු එකම දේ, "නැන්දී ගෙදර එන්න" කියලා විතරයි. එයා එච්චරට මට අාදරයෙි. මම ගෙදර ඉන්නකොට ඉතින් නැට්ට වගේ මගේ ළඟමයි.
මැද්දෙන් ඉන්නේ නිසිංසි, වයස අටයි. එයා උපන් දවසත් ගෙදරට ගෙනා දවසත් හොඳට මතකයි. අළුතින් ආ නංගිට නිමේෂාගෙ වැඩි මනාපයක් නැති උනත්, කාලයක් යද්දි ඒ දෙන්නට දෙන්නා නැතිවම බැරි උනා. කට පියාගෙන ඉන්න එක පොඩ්ඩක් අමාරු උනාට, නිසිංසි හරි අහිංසකයි ඒ වගේම ආදරණීයයි.
පුංචිම කෙනා තමයි දිල්ම්, වයස තුනයි. මම එයාට කියන්නේ "අමන්දිනා" කියලා. ඇමෙන්ඩා අමන්දා වෙලා, පස්සේ අමන්දිනා වුනා. ඒ නමේ තේරුම, "ආදරය ලබන්න සුදුසු" කියන එකයි. ඒ නම එයාට හරියටම ගැලපෙනවා. එයා ඉන්නකොට පොඩ්ඩක්වත් පාළු නෑ. ඉස්සර වගේ නෙවෙයි, දැන් ගෙදර ගියාම නැට්ට ටිකක් දිගයි. ඇයි ඉතින් තුන් දෙනෙක්ම ඉන්නවනි.
මේක තමයි මම සිතුවම් කල පළවෙනි ළමා චිත්‍රය. අඩුපාඩු නම් දාහක් ඇති. එයාලා මේ චිත්‍රයට ගොඩාක් කැමතියි. මට ඒ ඇති.
කවුරු නැති උනත් දවසක මේ අය කවුන් හෝ මම වෙනුවෙන් ඉදී කියලා මට විශ්වාසයි.