Friday, October 28, 2016

21: කිම් බ්‍යොං ය්‍යොන් සමගින් ඊ යොං: Kim Byung-Yeon and Lee Yeong


ආයුබෝවන්! 

මේ සැරෙත් චිත්‍රයක් එල්ලගෙන ආවා ඔබ හමුවට. චිත්‍රෙ ගැන විස්තර කියන්න කලියෙන් කියන්න දේවල් ගොඩාක් තියෙනවා. මගේ මේ බ්ලොග් එක මුල ඉඳන් කියවපු කට්ය්ටියට මතක ඇති මම මේ චිත්‍ර අඳින්න පෙලඹවුනේ කොරියන් කථාවක් බලල කියලා. ඒ කථාව ගොතලා තිබුනේ දහ අටවන ශතවර්ෂයේ ජීවත් වුණු  'කිම් හොං දො' (1745-1806) නම් සුප්‍රකට චිත්‍ර ශිල්පියාගේ ජීවිතය පිළිබඳවයි. නානප්ප්‍රකාර චිත්‍ර මොන තරම් දැකල තිබුනත්, චිත්‍ර ගැන හරි අවබෝධයක් ලැබුනේ කිම් හොං දොගෙ චිත්‍ර දැකලයි. ඒ චිත්‍ර හරිම ජීවමානයි. එයාගෙ චිත්‍රයක් බලනකොට ඒ අවස්ථාවෙ හරියට අපි එතන හිටිය වගේ දැනෙනවා. උදාහරණයක් විදියට එයාගෙ 'මල්ලව පොරය' (wrestling) කියන චිත්‍රය හරියට නැරඹුවොත් කෙනෙකුට කියන්න පුළුවන් ඒක මොන ප්‍රාන්තයට සහ මොන වර්ගයට අයත් මල්ලව පොරයක්ද, මේ පොර බැදීම පටන් අරන් කොච්චර විතර වෙලා වෙනවද, මොනවගේ දෙන්නෙක්ද මේ පොරබදින්නේ, එයාලගෙන් කවුද දිනන්නේ, කොහොමද දිනන්නේ, කවුද ඊලඟට තරග වඳින්න ඉන්නේ, මොනවගේ කාලවකවානුවකද මේක සිදුවුනේ යනාදී සම්පූරණ විස්තරය. ඉතින් බලන්නකෝ කෙනෙක් කොහොමද එයාගෙ චිත්‍රවලට ආදරේ නොකර ඉන්නේ කියලා. 

ඇත්තටම මම මේ ලඟදි දවසක මම ඉගන ගන්න විශ්ව විද්‍යාලයේ කලා පුස්ථකාලයට ගිය වෙලාවෙ අහම්බෙන් වගේ හරිම වටින පොතක් හම්බ උනා. ඒ පොත තමයි Oh Ju-Seok රචනා කරපු Special Lecture on Korean Paintings කියන පොත*.  මේ පොතට මම ගොඩාක් ආදරෙයි. චිත්‍ර රසවිදින්න ඕනි කොහමද කියලා මම ඉගෙන ගත්තේ මේ පොතෙන්. මේ පොතේ කර් එක තැනකදි කියනවා අපේ මිනිස්සු චිත්‍ර බලන්න කියල කෞතුකාගාරයවලට ගිහිල්ලා අවම කාලෙකින් වැඩිම චිත්‍ර ගානක් කවර් කරන්නලු හදන්නේ. එහෙම නැතිව චිත්‍ර රස විදින්න යන්නේ බොහෝම සුළු පිරිසක්ලු. ඒ කථාව සහතික ඇත්ත, මම උනත් කෞතුකාගාරවලදි චිත්‍ර බලන්න ගියාට ඒවා රසවිදල නම් නෑ කවදාවත්. ඇයි අප්පා ඉතින් ඒ වගේ තැනකට ගියාම කොයිතරම් නම් දේවල් තියෙනවද බලන්න. චිත්‍ර උනත් වර්ගම කොච්චරක් තියෙනවද? ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ ඔක්කොම බදා ගන්න යන එකනේ. බලන එක හරි දෙක හරි හරියට නිරීක්ෂනය කරල, ඒ කෞතුක වස්තුවෙන් දෙන පණිවිඩය හරියට තේරුම් බේරුම් කරගෙන, කාලෙ අරගෙන ඒක හොඳින් රස විදල එනවනම් ඒක නේද වටින්නේ. හරියට 

'එක පුන් සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු
 නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු'

කීවා වගේ. එයා තව තැනකදි කියනවා එයාගෙ යාළුවෙක් දවසක් එයා වැඩ කරන කෞතුකාගාරෙදි හම්බ උනාලු චිත්‍රයක් බල බලා ඉන්නවා. ඉතින් එයා ඇහුවලු මෙ චිත්‍රෙ කොහොමද කියල. එතකොත එයාගෙ යාළුවා " ඔව් ඒක හොඳ චිත්‍රයක්" කියල එහෙම්මම යන්න ගියාලු. ඉතින් එයා අහනවා " ඒක හොඳ චිත්‍රයක් නම් ඇයි නතරවෙලා ඒක හොඳින් රස විදින්නේ නැතිව යන්නේ?" කියලා. 

මේ පොතේ විස්තර කරන චිත්‍ර වලින් 90% ක් විතරම කිම් හොං දොගෙ චිත්‍ර. මේ පොතෙන් මම ගෙඩාක් දේ දැන ගත්තා. මතක් වෙන මතක් වෙන හැටියට ටිකෙන් ටික කියන්නම්.  Oh Ju-Seok මුලින්ම කථා කරන්නේ කොහොමද චිත්‍රයක් රස විදින්නේ කියල. එයා කියනවා අපි චිත්‍ර අඳින විදිය පොත්වල ලියවිලා තිබ්බට, ඒවා රසවිදින්නේ කොහොමද කියල කොහේවත් ලියවිලා නෑනී කියල. ඉතින් එයා හිතල බැලුවලු කොච්චර විතර දුරක ඉදලද අපි චිත්‍රයක් බලන්න ඕනි කියලා. එතකොට එයාට හිතුනලු චිත්‍රයේ විකර්ණයේ දිග වගේ එක හමාරක විතර දුරක ඉදල බැලුවාම තමයි ඒ චිත්‍රය හොඳටම පේන්නේ කියල. උදාහරණයක් විදියට කියනවනම්, අපි හිතමුකෝ දිග පෙරහරක චිත්‍රයක් බලනව කියල. අපි ඒක ලඟටම ගිහින් බැලුවොත්, එක එක නැට්ටුවා විස්තරාත්මකව පෙනුනත් ඒක පෙරහැරක් කියන සංකල්පය අපේ ඔළුවට යන්නෑනි. ඒක ටිකක් දුර ඉදන් බලනකොටනේ පෙරහැරක් වගේ පේන්නේ සහ ඒ පෙරහැරේ තියන සුන්දරත්වය දැනෙන්නේ, එහෙම නේද? 

දැන් අපි මේ කථාව පෙඩ්ඩක් පැත්තකින තියල බලමුකො මේ සැරේ පිබිදුනු මල් මොනාද කියලා. මේ සැරෙත් ඉතින් ආයෙ කොරියන් කථාවකින්ම තමයි. කථාවෙ සින්හල තේරුම 'වළාකුළු අතරින් වැටුනු හඳ එළිය' (Moonlight drawn by clouds/ Love in the moonlight). මේ කථාව රජ කාලෙ වෙච්ච ප්‍රේම කථාවක්. කියල වැදක් නෑ ඒක නම් මාරයි. මෑත කාලීනව වැඩිම ඇගයීම් ප්‍රමානයක් හිමි කථාවක්. මේ කථාවෙ කිම් බ්‍යොං ය්‍යොන් (ක්වක් දොං ය්‍යෙන් 곽동연) සහ ඊ යොං ( පග් බො ගොම් 박보검) කියන චරිත දෙක තමයි මේ සැරේ පිපී හිනැහෙනේ. මුල් පින්තූරය මෙතනින් බලන්න. 




මොකද මේ චිත්‍රෙ ගැන හිතෙන්නේ? මේක ඇඳල ඉවර wඑන්නත් කලින් මගෙ මහත්තයා නම් කීවා 

"මේක තමයි ඔයා ඇඳපු හොඳම චිත්‍රෙ" 

කියලා. මේ පින්තූරෙ දකුණු පැත්තේ ඉන්නේ ඊ ය්‍යොං කුමාරයා, එතකොට වම් පැත්තෙ ඉන්නෙ එයාගෙ පෞද්ගලික ආරක්ෂකයා බ්‍යොං යොනා.

Welcome!

This sketch is about the two characters "Kim Byung Yeon" and "Lee Yeong" from the Korean TV series "Moonlight drawn by the clouds". 


* Oh Ju Seok, 'Special Lecture on Korean Painting', Hollym International Corp., USA, 2001, ISBN 978-1-56591-314-1.

Friday, October 21, 2016

20: යුන් සි යුන් Yoon Si Yoon

ආයුබෝවන්! 

ගොඩාක් කාලෙකට පස්සෙ ඔන්න අදත් ආවා චිත්‍රයක් අතින් ගෙන. සිනාවකින් මුව සරසා ගත් මිනිසුන්ගේ රූප අඳින කලාවෙන් ටිකක් වෙනස් වෙන්න මට මේ සැරේ පොඩි අවස්ථාක් හම්බවුණා. ඇත්තටම ඒක මගේ උවමනාවෙන් කරපු දෙයක් නම් නෙවෙයි. 'ද මිර්රර් ඔෆ් ද විට්ච්' කියන කොරියානු ටෙලි නාට්‍ය බලද්දී, 'හ්‍යෝ ජූන්' කියන චරිතය සිතුවමට නඟන්න මට ඕනි උනා. මේ චරිතය නිරූපණය කරන්නේ 'යුන් සි යුන්' කියන රංගන ශිල්පියා. එයා හිනාවෙද්දී හරිම ලස්සනයි. ඒ උනාට එයා නම් එක මොහොතක් එක් විදියකට ඉන්න පුළුවන්  කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට කොහෙත්ම හැකි උනේ නෑ එයාගෙ අලංකාර හිනාව රූප රාමුවකට කොටු කර ගන්න. ඒ නිසා අන්තිමේදි මට සිද්ද උනා  මේ පින්තූරෙන් මම සෑහීමකට පත්වෙන්න.

කොහොමද මේ සැරේ මගේ වෑයම කියලා කියන්නකෝ.


මම මුලින් කීව  වෙනසට අමතරව තවත්  වෙනසක් තියෙනවා මේ චිත්‍රයේ. ඒ තමයි මම මේ චිත්‍රය ඇඳපු ආකාරය. කලින් හැම වතාවකම මම කලේ, පැන්සලක් භාවිතයෙන් මුලින් ආදාරක රේඛා ලකුණු කරලා, ඊ ලඟට පැන්සලෙන්ම කටුවට රූපය මතුකරගෙන, වැරදි අඩුපාඩු හදලා, විස්තරත් ඔක්කොම ටික ලකුණු කරාට පස්සේ ගල් අඟුරු පැන්සල හා ගාල් අඟුරු කුඩු භාවිතා කරලා පින්තූරෙට පණ පොවපු එකනේ. ඒත් මේ සැරේ මුල් රේඛා අඳින්න විතරමයි මම මිනිරන් පැන්සල ගත්තේ. වෙනත් විදියකින් කියනවනම් මට ඕනි උනේ ගල් අඟුරු භාවිතා කරන හරිම ක්‍රමයට භාවිතා කරන්න.

මම හිතනවා මට මේ සැරේ ලොකු පිම්මක් පනින්න හැකි උනා කියලා. මේ පින්තූරයේ නිමාව අනිත් ඒවට වඩා ටිකක් වෙනස්. එහෙම් උනේ, ගල් අඟුරු පැන්සලට අමතරව මම වයින් චාර්කෝල් (vine charcoal) කූරක් භාවිතා කල නිසයි. මේ වයින් චාර්කෝල් හරිම මෘදුයි.  ඒ නිසා පාට පතුරුවා හරින්න හරි ලේසියි ( හරි ක්‍රමේ දන්නවනම් ලේසියි, නැත්නම් වැඩේ අල්ලගන්නකං ටිකක් අමාරුයි).  ප්‍රශ්නෙ තියෙන්නේ වයින් චාර්කෝල් ගොඩාක් මෘදු නිසා ලොකු අවධානයෙන් ඉන්න ඕනි නිතරම.

ඔයාලට හිතෙන විදියට මොනවගේ අවස්ථාවකටද මේයා මූණ දීල ඉන්නෙ? එයාගෙ මූණේ මොනාද ලියවිලා තියෙන්නේ? ඇත්ටම කීවොත් එයා ඉන්නේ යම් කරදරයක් වේදෝ යන බියෙන් සහ තරහෙන්, සටනකට සූදානමින්.  එයාගේ ඒ ඉරියව් එයාගෙ මූණ පුරාම පැතිරිලා තියෙනව: එයාගෙ ඇස් දෙකේ, නළල් තලයේ, මුඛයේ, කම්මුල් වල හැම තැනම.  ටිකක් මහන්සි වෙන්න උනා මේ චිත්‍රය අඳින්න. මොකද ඒක ටිකක් වෙනස් විදියේ එකක් නිසා. ඇස් දෙක, කට, කම්මුල්,  කොණ්ඩය, සහ බෙල්ල ගැන නම් සතුටුයි. එයාගෙ ඇදුමනම් එච්චර හොඳට ආවෙ නෑ. 

ආයෙ දවසක හමුවෙනතුරු ඔබට ජය!

Welcome!

I came to you again with a new portrait. This time, I could able to deviate from my conventional smiling portrait style, thanks to Yoon Si Yoon. I did not do it intentionally. Actually, I had no option. I wanted to sketch Heo Jun's character from the Korean drama 'The mirror of the witch'. I really love this character. Especially, when he smiles. I don't know why, but for some reason, the actor 'Yoon si Yoon' who plays the role of Heo Jun's character rapidly varies his facial expressions. So I could not catch his smile. Therefore, I had to satisfied with this picture.

So Tell me what do you think about this.





There is another specialty in this portrait. That is the way I did it. Usually, I use a pencil a lot for initial steps of the sketch. For an example, I use a pencil to draw the center lines, to draw the outlines of the figures, and also to draw to the final version of features. However, in this portrait, a pencil was only used to draw the center lines. Everything else was done with a vine charcoal stick and a charcoal pencil. 

What  kind of situation this guy is in? What do you think about his expressions? Actually, he is scared and angry too. He is ready to fight against. Can you see it from my sketch? This portrait was a challenge for me since it is completely different from what I have drawn so far. However, I am happy about his eyes, mouth, cheeks, eyebrows, neck and hair. 

Have a nice day! 

Sunday, August 28, 2016

19: මාතර අම්මයි තාත්තයි: My parents in law


ආයුබෝවන්! (English version is in the latter part )

ගොඩාක් කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් චිත්‍රයක් අරගෙන ආවා. ගිය මාසෙ ලංකාවට ගිහින් එන්න ගියපු නිසාත් පහුගිය ටිකේ වැඩ අදික උන නිසත් චිත්‍රයක් ඇඳගන්න ටිකක් කල් ගියා. කොහොමින් කොහොම හරි ඔය ජර මර අස්සෙ අම්මගෙයි තාත්තගෙයි චිත්‍රෙකුත් ඇඳගත්තා. අම්මයි තාත්තයි කීවෙ මගේ ප්‍රිය ස්වාමියාගේ අම්මයි තාත්තයි. මම මේ දෙන්නට ගොඩාක් ආදරෙයි. මගේ ස්වාමියා වගේම එයගෙ අම්මයි තාත්තයි දෙන්නත් මාව ගොඩාක් හොඳින් බලා ගන්නවා. එයාල ගොඩාක් උතුම් ගතිගුණ වලින් පිරිපින් අය. මේ සැරේ ලංකාවට ගිය වෙලාවෙත් මට ගොඩාක් උදවු කලා වගේම නිතරම මගෙත් එක්කම  හිටියා. මගේ ජීවිතේට එයාල ලොකු හයියක්. මම හරි පිංවන්තයි මේ නැන්දම්මයි මාමන්ඩියි ලබන්න.

මේ සැරේ ගත්ත පින්තූර දෙකක් එකට එකතුකරලා, අම්මයි තාත්තයි දෙන්නම ඉන්න එක පින්තූරයක් ඇන්ඳා. බෙග් දෙගිල් සහ යොනියුන්ගුන් මාමාගෙ පින්තූරෙ අඳිද්දි මගේ හිතට ආපු අදහසකට අනුවයි මම ඒහෙම කළේ. නිතරම එකට ඉන්න අයගෙ රූප එක පින්තූරෙක ඇන්ඳම ඒකෙ වටිනාකම හරි ඉහළයි. මෙහිදී, ඒ අය ඉන්න ඉරියවු සහ මුහුණෙන් නිරූපණය වන හැඟීම් අතර මනා සහසම්බන්ධතාවයක් ගොඩනගා ගන්න එක හරි වැදගත්. මෙකද, ඒ මඟින් අපිට පුළුවන් වෙනව පුංචි කතාවකට මුල පුරන්න. අපි කවුරුත් කැමතියිනේ කතාන්දර වලට.  චිත්‍රයක වේවා, ජායාරූපයක වේවා, සඟරාවක (විද්‍යා හෝ ඉංගිනේරු) ලිපියක වේවා, ලස්සන කතාන්දරයක් මතු වෙලා පේනවා නම්, ඒ නිර්මාණය ඉතා රසවත් එකක් මෙන්ම ඉහළ වටිනාකමකින් යුක්ත එකක් වෙනවා.


 මම මේ නිර්මාණය කරන්න භාවිතා කල මුල් පින්තූරය මෙතනින් ගිහින් බලන්න පුළුවන්. ඒකත් එක්ක සංසන්දනය කරල බලලා කියන්නකෝ මගේ උත්සාහය මොන තරම් දුරට සාර්ථකයිද කියලා. ඔයාලට පේන අඩුපාඩුත්, අඩුවක් නැතිවම කියල දාන්න ඔන්න ඔහේ. මාත් ඔන්න ඔහේ ඒවා බලල, ආයෙ ඒව නොකරන්නත් වගබලා ගන්නං කෝ. ඇත්තටම කීවොත් ඔයාල කියන එක වචනෙකට උනත් මම ලොකු තැනක් දෙනවා. 

වෙනද වගේම ධිරාජ් මේ පින්තූරෙ ගැනත් ගොඩක් අදහස් දැක්වුවා. එයා කීවා මට දැන් ඉතා අනර්ඝ ලෙස ඇස් අඳින්න පුළුවන් වෙලා කියලා. මට හරි සතුටියි, මීට කලින් එයා එහෙම කියලම නැහැ. මගේ අනිත් යාළුවොත් කීවා ඇස් දෙක ලස්සනට ඇඳල කියලා. ඔය අතර, ඇදුම්වල දාර තද පැහැ වැඩියි කියන අඩුපාඩුවත් එයා පෙන්නලා දුන්නා.  

මේ පින්තූරෙදි, මට අම්මගෙ සුදු පැහැගැන්වුණු කෙස් මනාව උද්දීපනය කරගන්න පුළුවන් උනා. ඔයාලට මතක ඇතිනේ මට ආචාර්ය බිජොයි ගෝෂ්ගෙ පින්තූරෙදි මට ඒක කරගන්න බැරි උනා කියලා. රහස මේකයි, මුල ඉදලම ඒ සුදු කෙස් ගස් තියෙන හරියෙ කළු කෙස් ගස් අඳින්නෙ නැතිව හිස්ව තියන්න ඕනි. අන්තිමේදි ඔක්කොම වැඩ ඉවර උනාට පස්සෙ, කළු කෙස් ගස් දෙක තුනක් ඇඳල, තව ඕනි නම් සුදු චාකෝල් පැන්සලෙන් සුදු කෙස් ගස් කීපයක් ලකුණු කරල හොඳ නිමාවක් ගන්න පුළුවන්.  මේ සැරෙත් ඔන්න මගේ පියවරවල් එකිනෙකේදි මම ජායාරූප කරගත්තා. 





මම චිත්‍ර අඳින්න පටන් අරන් හරියටම දැනට වසරකුත් මාසයක් විතර වෙනවා. මේ ඇඳිල්ල පටන්ගත් මුල් අවදියේ පටන් සනත්ලගෙ අම්මා මේ ච්ත්‍ර වල රසිකාවියක්.   දන්නවද, එයා තමයි දෙවනියාට චිත්‍ර අඳින්න මාව දිරිමත් කලේ. ඉතින් මම එයාලව නොඇන්ඳ බෑනි. ඉතින් අම්මයි තාත්තයි  මට කරපු උදවු, උපකාර, අගය කිරීම්, දිරිගැන්වීම්, සිත් සැනසවීම් සියල්ලන්ටම උපහාරයක් විදියටයි මං මේ පින්තූරෙ ඇන්ඳෙ. ඔයාල දෙන්නා තව බොහෝ කාලයක් නිදුක් නිරෝගී සුව විදිමින් සුවසේ අපි හැමෝමත් එක්ක ප්‍රීතියෙන් ජීවත් වේවා!

Welcome!

I am back with another portrait after a long break. I was super busy with my visit to Sri Lanka in the last month and my research papers writing. One is done, and still writing another one. However, now I am bit relaxed. With all these trying works and busy schedule, somehow I could manage to draw a portrait of my mom and dad. Actually, they are my parents in law. I love them a lot. My husband's parents take a good care of me like my husband does. They are full of admirable qualities that I like a lot. They helped me a lot at the time I am in Sri Lanka, they were with me all the time. I feel a strong strength when I am with them. I know, I am very lucky to have them. 

By combining two different photos of mom and dad that I took during my last visit, I sketched a portrait with charcoal. This was done according to the nice idea I  got while sketching  Beg Thea Gil and Yoniyunguns' portrait. Sketching couple of people  who always live together in a one portrait, adds a value to the portrait with a vibrant. Here, it is very important to correlate the direction they are looking at, their postures, their modes, their facial expressions with each other. Because through that, we can initiate a small story. We all love to read or get the feeling of a story. I believe that if a portrait or a photograph or even a science/engineering journal article is underling with a story, then it becomes rich and  interesting.


You can view the original photograph that I used to make this portrait from here. Please compare those two and tell me what you feel. So, I can make some improvements or changes to my next sketches. You are capable enough to change the direction of the flow of my sketches since I highly value every single word you mentioned in your comments.

As usual, Dhiraj gave some interesting comments once I show this portrait. He said that I have improved a lot. "look, the eyes are perfect". Wow, I am really happy to hear that from him. Because this is the first time he rose a such a big praise to a my portrait. All of my other friends in the office also said that I have improved a lot. Dhiraj also pointed out that, the outlines of the colors are too dark. And asked me to make them light to get the natural look. 

In this picture, I could successfully draw the white hair in mom's portrait which I failed in Dr. Ghosh's portrait. The secret is we should kept the area of white hair blank from the beginning without drawing any back hair. So at the end, we can compete it with a few back lines together with some white lines by a white charcoal pencil.

It's almost a year and two months from the day I started sketching. Sanath's mom is a fan of my sketches from the beginning. Do you know? she is the second person who encouraged me in this. Thank a lot mom. I could come this far because of you. I drew this picture to show my sincire gratitude towards all the help and encouragements you did, courtesy and politeness you showed, and comfort you gave. I wish you a longer life with a joy and a healthier with no suffering!

Sunday, July 3, 2016

18: ආචාර්‍ය තනූජා හර්ෂනී පරගොඩ (Dr. Thanuja Paragoda )

ආයුබෝවන්! (English version is given below)

අපූරු මලක් වෙලා මගේ චිත්‍ර පිටුවෙන් පිපී හිනැහෙන්නට අද වරම් ලබන්නේ ආදරණීය  තනූජා හර්ෂනි මිතුරියයි. මෑ මට මුනගැසුනේ ඇමරිකා එක්සත් ජනපදයේ, ටෙක්සස් ප්‍රාන්තයේදීයි. ඒ මම වැඩි දුර අධ්‍යාපනය සඳහා  ටෙක්සස් වලට ගියපු දවස් වලයි (2011 වසෙරේ මැද හරියෙ). අපි දෙන්නම අධ්‍යාපන කටයුතු පටන් ගත්තේ එකම දවස් වල. ඒ කොහොම නමුත්, අපි දෙන්න හොඳ මිතුරියන් වුනේ නම් 2011 වසරේ අග භාගයේදියි. අපේ විශ්වවිද්‍යාලයේ  වාර්ශිකව පැවැත්න්වෙන අන්තර්ජාතික සංස්කෘතික ප්‍රසංගය සඳහා අපි දෙන්නා නර්ථන අංගයක් ඉදිරිපත් කලා. එහි පුහුණු වීම් කරන කාලෙ තමයි මට තනූජව හරියට අඳුන ගන්න පුළුවන් උනේ. එදා ඒ පටන් ගත් මිතුදම දිනෙන් දින වැඩි දියුණු වෙමින් කාලයත් එක්ක අපි ගොඩාක් සමීප යෙහෙළියන් බවට පත් උනා. මම ඇමරිකාවෙන් ආවත් අපේ ඒ මිතුදම අදටත් ඒ විදියටම තියෙනවා. 

මම චිත්‍ර අඳින්න පටන් ගත්ත දා පටන් ඕං මෙයා කං කෙඳිරි ගගා හිටියෙ; 

"අනේ මගෙත් චිත්‍රයක් අඳින්නකෝ " කියලා. ඊලඟට;

 "කෝ ඉතින් ඔයා මාව අඳින්නෑනී" කිය කියා හිටියා. 

පස්සෙ පස්සෙ, "කියල වැඩක් නෑ" කියල හිතිලද කොහොද අතහැරලා දාලා හිටියෙ. අන්තිමේදි, මම තීරණය කළා, මගේ ලස්සන තනූජගෙ සුන්දර රූපෙ චිත්‍රයට නඟන්න. ඒ දවස්වල අපි මොනතරම් දේ කලාද; කඩේ ගියා, විනෝද චාරිකා ගියා, පාටි දැම්මා, කයිවාරු ගැහුවා. කොයි දේ දිත් තනූජ මගේ ලඟින් හිටියා. ලෙඩ උනාම, බඩගිනි උනාම, මහන්සිසි උනාම,  උයන්න කම්මැලි හිතුනම, අපිට කෑම හදල දුන්නා. සහෝදරියක් වගේ මගෙ ලඟින් හිටියා. ඉතින් ඒ මං වෙනුවෙන් කරපු, කරන, අනගතේදි කරන්න ඉන්න, හැම දේටම පුංචි උපහාරයක් විදියට මගේ උපරිම ශක්තියෙන් මම තනූජව සිතිවමකට හිර කළා. 

තනූජට තියෙන්නෙ හරිම ලස්සන හදවතක්. එයා කවදාවත් කෙනුකුට කරදරයක් වෙන විදියට ජීවත් වෙන්න කැමති නෑ. නිතරම හිතන්නෙ, මම කාටද, කොහොමද උදව්වක් උපකාරයක් කරන්නෙ කියලා (ආං ඒකනි මම එයාගෙ හොඳම යාළුවා උනේ :)). කෙනෙක්ගෙ හිත රිදවන්න නම් එයා කොහෙත්ම කැමති නෑ. නිතරම බලන්නෙ, කෙනෙක්ගෙ හිත සනසවන්න.  පුදුම ශක්තියක් තියෙන කෙල්ලෙක්. අපූරු මලක් වෙලා මගේ ජීවිතේ ලස්සනට සරසලා, සුවඳ ගන්නලා, වර්ණවත් කරන්න  ආ එක ගැන මට හරිම සතුටුයි. අත හොවන මානයේ නොසිටියත් සුදූ, ඔයා මගේ හිතේ හැමවෙලේම ඉන්නවා. 





අපි දැන් චිත්‍රෙ ගැනත් ටිකක් කතා කරමුකො. මේ චිත්‍රෙ අඳින්න, අනිත් ඒවට වඩා ටිකක කල ගියා තමයි. ඒත් සිරාව්ටම ආව කියල මට හිතෙනවා (මුල් පින්තූරය මෙතනින් බලන්න). ඉතින් අඳපු තරමක්ම ඇන්දෙ කොරියානු චරිත නිසා මේ චිත්‍රෙ අඳිනකොට මට හරි අමුතු හැගීම් ආවා. මෙයාගෙ ඇස් දෙක ටිකක් අමුතුයි අමුතුයි වගේ දැනුණා.

 "මෙයාගෙ ඇස් හරිම රවුම් නේ අප්පා. සාමාන්‍යෙන් ඇස් දිගටියි නේ" 

කියලත් හිතුනා. බැලින්නං මගෙ ඇස් දෙකත් එහෙමයි. පස්සෙ තමයි මට මතක් උනේ; 

"ආ.... අපේ ඇස් කොහොමත් එහෙමනේ, චීන්නුන්න්ටනේ දිගටි ඇස් තියෙන්නෙ" කියලා.

අත්තටම තනූජගෙ ඇස් දෙක, කම්මුල්, නලළ, නාසය අඳින කොට දකුණු ආසියාතික අපෙයි, ආසියාතික අයගෙයි වෙනස හොඳට දැනුණා. 

දත් පෙන්නලා හිනා වෙලා ඉන්නවා සිතුවම් කලේ ගොඩාක් කාලෙකට පස්සෙයි. සාමාන්‍යෙන් දත් තියෙන කටක් අඳිනව කියන්නෙ හරිම අපහසු වැඩක්. මොකද, එක දතක, එක පැත්තක, එක ඉරක්, එක චුට්ක්ටක් ඇද උනොත්, මුළු කටම විරූපීව පේනවා. ඇස්වහක් නෑ, තනූජගෙ කට අඳින්න නම් අපහසු උනේ නෑ මට.

මාලෙ අඳිනත්, ස්භාවිකත්වයෙන් ඉහල කම්මුල් අඳින්නත් මම මේ චිත්‍රෙන්න ඉගනගත්තා. මම සාමන්‍යෙන් වර්ණ පතුරුවා හරින්නේ පින්සලක් (පැතලි එකක්) භාවිතයෙන්. ඇත්තට වර්ණ තවරනව වගේම, ඒ වර්ණ මකල ඉවත් කරන එකත්, එක වගේ
 වැදගත් වෙනවා පින්තූරයේ තාත්විකත්වය රැක ගන්නට. පසුබිම ගැන් මොකද හිතෙන්නෙ? මට නං හිතෙනව ඒක හරි ලස්සනයි කියලා. මම පසු බිම හැඩ ගැන්නුවේ, පැන්සල් තුල් කරද්දි එකතු වෙන කුඩු පින්සලේ තවරලා රැල් රැල් ආකාරයට රටාවක් මවමිනුයි.  

මේ තියෙන්නේ එක් එක් පියවරේදි තනූජව දිස්න්වුනු ආකාරය. 






මේ තියෙන්නෙ අපි දෙන්න ඉන්න පින්තූර ටිකක්. මුලින්ම තියෙන්නෙ  මම අර කියපු අපි දෙන්නගෙ නර්න්ථනයෙදි ගත්ත එකක්. 

 

 


තනූජා, මම ඔයාට ගොඩාක් ආදරෙයි. ඔයාගෙ ජීවිතේ එන්න එන්නම ලස්සන වේවා! නිදුක් වේවා! නිරෝගි වේවා! දීර්ඝායු වේවා!

Welcome! 

My loving friend Thanuja Harshani Paragoda is blooming as a wonderful  flower in my portrait collection. I met her in Texas, United States of America. We started our higher education there at the same time (mid of the year 2011). However, I could get to know about her at the end of the same year. That's happened at the time that we practiced a traditional dance for the university talent show. I felt that she is in my style and I knew that we will become good friends one day. The friendship began at that day grew and grew and we became good friends with time. Even through I came from US, we are close friends as always.

She was asking to draw her portrait since the day I started sketching. But, I was postponing it since I was a beginner. She was keep aking and I was keep postponing. At the end she stoped asking. Oh no I should draw her at leat now, right? So, I decided to make a rich portrait of my pretty girl, Thanuja to make her joyful. We did so many things together in those days; we went shopping, had parties, went trip, were chatting. She was with me all the time. She cooked for us when I am sick, I am hungry, when I am tired, or even when I am lazy to cook. All I had to do was ask. She is like a sister to me. She gave me a passionate love. The time I spend with her is awesome. Thus, I trapped her in a charcoal portrait with my maximum strength for all the things that she did for me, still doing for me, will do in the future for me.

Thanuja's heart is remarkably beautiful. She never ever gives trouble to other, instead, she loves to help people. She is always wondering to whom and how should she help others (that's why I am her best friend :)). No matter what, she always tries to make others happy. Oh, what a wonderful person with a strong personality. It's my pleasure that she came to my life to make it smooth, aromatic, colorful, and beautiful. My love, even though you live far away from me, you are so close to me in my heart.


Now, let's talk about this portrait as well. It took quite a long time for me to complete this. But I enjoyed it at each step (steps are given above). The original picture is linked here. I hope I did a great job. Since I drew lots of Asian characters, I felt bit strange while I am sketching this. It was awesome to feel the differences of face features of us (South Asian) and Asians. 

Drawing a widely open mouth with teeth is usually a challenge. Because, if a one line in a one side of a one teeth is crooked then the entire mouth looks deformed. I drew a mouth with teeth after a long time, fortunately, it was painless this time.

I learned drawing the neckless and cheeks more naturally. Usually, I use a paint brush (a flat one) to spread the colors. I did it in a way that it follows the curves and bends to preserve the three-dimensional look. Erasing is important as mush as shading. When I am about to finish, I used my eraser to fine tune the lighter and brighter areas. 

What do you think about the background? It was created by drawing curls all around with my favorite brush (flat brush) with the charcoal powder that I saved while sharpening the charcoal pensil.

Dhiraj's comment on this portrait.

"Wow, the hair is amazing. It's remarkably natural near the forehead. But, hair looks too neat. Draw some messed up hair near the outer boundary too. It will enhance the natural look."

Thanks, Dhiraj, I will keep that in mind.

Thanuja, I love you a lot. May all your great dreams come true!

Monday, June 6, 2016

17: බෙග් තෙ ගිල් සහ යොන් ඉං ගුන් (17: Beg Dea Gil and prince Yeon Ying Gun)

ආයුබෝවන්! (English version is given below)

ගොඩාක් කාලෙකට පස්සෙ ඔන්න ආයිත් චිත්‍රයක් අරගෙන ආවා. මෙතුවක් කල් මල් පිපුනෙ වරකට එක බැගින්නෙ, ඒත් මෙදා සැරේ එක පාර මල් දෙකක්ම පිපිලා. 

සුපුරුදු පරිදි අදත් ඉතින් කොරියන් ටෙලිනාට්‍යයක එන චරිත තමයි මම අඳින්නට යෙදුනෙ. මේ කථාවෙ ඉංගිරිසි නම; 'ද රෝයල් ගැම්බ්ලර්', ඇත්ත නම; 'ජැක්පොට්', 대박. 17 වන සහ 18 වන සියවස් වල කොරියාවේ රජ කල, 'සුක්ජොං' රජතුමාගෙ කාලෙ සිදුචුනු සිදුවීම් කීපයක් පාදක කරගෙන ගෙතුනු, ඉතාමත් මනරම්වූ කතාන්දරයක් මේක. මේ කථාවට අමතරව, සුක්ජොං රජතුමාගෙ පවුලේ උදවිය මුල් කරගනිමින් නිපදවුනු කතා කීපයක්ම තියෙනව; 'දොං යි', 'ජං ඔක් ජොං', සහ 'ඊ සන්'. ඒ කථා ටික ඔක්කොම ලස්සනයි (ඊ සන් කථාවෙන්නෙ, සුන් යොනාගෙ චිත්‍රෙ එහෙම ඇන්ඳෙ). වැඩේ කියන්නෙ මේ කථා එකක් අනෙක්ට හාත්පසින්ම වෙනස්. ජැක්පොට් කථාව බලද්දි මට ඒකෙන් චිත්‍රයක් අඳින්නම ඕනි කියල හිතුනා. එක්කෝ  බෙග් තෙ ගිල් ' 백대길'  අඳින්න ඕනි නැත්තං යොන් ඉං ගුන් කුමාරයාව '연잉군' අඳින්න ඕනි. ඒත් ඉතින් මේ දෙන්න සහෝදරයො වෙච්චි, ඒ වගේම කරන කියන සියළුම මෙහෙයුමක්ම කරන්නෙ එකට  වෙච්චි, දෙන්නටම තියෙන්නෙ එකම අරමුණක් වෙච්චි, දෙන්න නිතරම ඉන්නෙත් එකටම වෙච්චි එකේ, ඉතින් මොකටෙයි එක්කෙනෙක් අඳින්නෙ, අඳිනවනම් දෙන්නවම අඳින්න ඕනි කියල, මට අපූරු නුවණක් පහළ උනා. ඉතින් ඊට පස්සෙ, දෙන්නම ඉන්න, මගේ හිතට අල්ලන පිතූරයක් හොයන්න පටන් ගත්තා. ඒකනම් ලේසි වැඩක් උනේ නෑ. අන්ම්තිමේදි, වීඩියෝ එකෙන් දෙන්න වෙන වෙනම කපල අරගෙන, එක පින්තූරයක් හදා ගත්තෙ ඒ දෙන්න ඉන්න ඉරියව් එකිනෙකට මනා සම්බන්ධතාවයක් පෙන්වන ආකාරයට . මෙතනින් ගිහින් බලන්න පුළුවන් මම හරි ගස්ස ගත්ත මුල් පින්තූරය. 

කථාව ගැනත් චුට්තක් කියන්නම්. මේ දෙන්න සහෝදරයො කුමාරවරු උනාට, තේ ගිරා (බෙග් තෙ ගිල්) හැදෙන්නෙ එයාගෙ අම්මගෙ කලින් සැමිය ලග, සාමන්‍ය ළමෙක් හැටියට. යොන් ඉං ගුන් කුමාරයා හැදෙන්නෙ රජ මාලිගාවෙ. පස්සෙන් පහු තමයි දෙන්න දැනගන්නෙ එයාල සහෝදරයො කියල. මේ දෙන්නගෙම අම්ම තමයි 'දොං යි'. එයා කලින් මෙහෙකාරියක්, පහුකාලීනව සුක්ජොං රජතුමාගෙ බිසොවුන් කෙනෙක් වෙනව. යොන් ඉං ගුන් එයාගෙ සහෝදරයගෙන් පස්සෙ රජ වෙනව. තාම කථාව ඉවර නැති නිසා, තේ ගිරාට මොකද වෙන්නෙ කියල නම් දන්නෙ නෑ. බෙග් තෙ ගිල් සහ එයාගෙ අම්මගෙ කලින් සැමිය කියන චරිත දෙක හැරුණු කොට අනිත් ඒව නම් ඇත්ත චරිත. එතකොට ඊ සන් කියන්නෙ යොන් ඉං ගුන්ට පස්සෙ රජකම හිමි වෙන, එයාගෙ මුණුබුරා.






මම මේ චිත්‍ර ඇන්ඳෙ හරිම ආසාවෙන්. මොකද, දෙන්නෙක් ඉන්න පළවෙනි චිත්‍රෙනෙ. මම මේ දෙන්නව ස්ථාන ගත කරපු විදිය හොඳයි නේද? චිත්‍රෙ ගැනනම් ඉතින් ගොඩාක් විස්තර කියන බලාපොරොත්තුවක් නෑ. කොහොම නමුත්, මට සෑහෙන ගේමක් දෙන්න උනා මේක අඳින්න. මොකද, යොන් යුං ගුන් කුමාරයගෙ මුල් පින්තූරෙ නැති කොටස් ටික සම්පූරණ කරන එක හරිම අමාරු උනා. ඒ වගේම ඒකට සෑහොන වෙලාවකුත් ගියා. ආයි නම් ඒ වගේ අමාරු වැඩ පටන් ගන්නෙ නෑ කියලත් හිතුනා ඕං.

මොකද මේ චිත්‍රෙ ගැන හිතෙන්නෙ? මට නම් මේ චිත්‍රෙ අඳිද්දි ගොඩාක් ආස හිතුන කීපදෙනෙක්ම ඉන්න චිත්‍ර අඳින්න. චිත්‍රෙ තුලින් පුංචි කථාවක් කියවෙන විදියට කීපදෙනෙක්ව එකතු කරල අලුත් වැඩක් කරන්න හිතුන. ඒත් ඉතින්, ඒක ටිකක් අමාරු වැඩක් වේයි කියලයි හිතෙන්නෙ.

මේ සැරේ ඔන්න අමතක නොකර මම චිත්‍රෙ ඇඳගෙන ගිය පියවරවල් ටික පින්තූර අරගෙන තියාගත්තෙ ඔයාලට පෙන්නන්න. ඒව ඒව එච්චර පැහැදිලිනම් නෑ හොඳේ.








ඔයාලට මේ චිත්‍රෙ ගැන මොනාද හිතෙන්නෙ කියලත් කියන්න හොඳේ,

තෙරුවන් සරණයි!


Welcome!

After a long time I brought you a new sketch with TWO flowers; Beg Dea Gil and prince Yeon Ying Gun from the Korean drama 'Jackpot' (the English title of the drama is 'The royal gambler'). 

This is an awesome series. I love it a lot. This historical drama has been produced based on some unforgettable events happened in king Sukjong era with lots of decorations. Besides this series, there are several Korean series about King Sukjong family due to peculiar events happened in the past; 'Dong Yi', 'Jang Ok Jung', and 'Lee San'. All of those series are very nice. The beautiful thing is the story in each series is diversified in many ways. (My 12th drawing, 'Song yeona' is from the series 'Lee San'). When I am watching this series, Jackpot, I desperately wanted to draw Beg Dea Gil and prince Yeon Ying Gun. By the way, they are brothers, they work together, they have identical aims, they are very close; so, how can I draw them separately? This through drives me to draw them together in one sheet of paper. Wow! what a wonderful idea. That how I started my first drawing with two characters. 

Let me tell a little bit about the story as well. Dea Gira (Beg Dea Gil) is the big bother of prince Yeon Ying Gun who raised by the first husband of his mother while his mother is pretending he dead. Yeon Ying Gun raised in the palace as a prince. Their mother, Dong Yi was a servant who becomes a concubine of king Sukjong later. Even through  Dea Gira and Yeon Ying Gun accomplished their missions together, they didn't know they are blood-related brother later on. They got to know it later. Yeon Ying Gun will become the king after his big bother, Don't know what will happen to Beg Dea Gil (This series is still going). The characters other than Beg Dea Gil and his father (Dong Yi's first husband) are real characters comes from the 17th/18th century. Moreover, 'Lee San' is Yeon Ying Gun's grand son who succeeds to the throne after him.




I drew this picture with pleasure, I enjoyed it a lot. It was a nice experience of drawing two people in one sketch. It was a bit difficult task to find a good photo of those two to start my sketch. I spent a lot of time to find a good match. I could not find a good photo from the internet. Thus, I created my own one by cropping down some clips from one video. You can see it here. The next challenge was to complete the sketch of Yeon Ying Gun portrait. Because some parts of his portrait were missing in the original photo that I used for this sketch. It was very difficult, I though I will never ever start such a difficult task.

How do you feel this picture? What about their expressions? How about their poses? I love it. I learned a lot from this one. It was a challenge to draw two people at once, had to coordinate everything. However, while I am sketching this I though it might be wonderful if I can draw several people together. Because in that way, I can tell a little story through my drawing. It sounds a great idea which might suck my time. 

The following pictures display steps of my drawing. 









Thanks Dhiraj for telling me about workable fixative sprays and kneadable erasers. they helped me a lot. 

Have a good time till we met with another sketch.

Saturday, May 7, 2016

16: වං සො (Wang So)


ආයුබෝවන්! (English version is at the bottom)

කලින් වගේම මේ සැරෙත් ඔන්න කොරියන් කථාවක එන චරිතයක් තමයි මම චිත්‍රයට නැගුවෙ. ඒ තමයි මේ දවස් ටිකේ අපි හරිම ආශාවෙන් නරඹපු 'ශයින් ඕ ගෝ ක්රේසි' (빛나거나 미치거나) කියන ටෙලි නාට්‍ය මාලාවේ 'වං සො' (왕소) කියන චරිතය. කෝරියානු රාජ වංශයේ ප්‍රාරම්භකයා ලෙස  සැලකෙන තේජෝ (태조) අධිරාජ්‍යාගෙන් පසුව, කිස්තු වර්ෂ දහවන ශතවෂයේ මුල් භාගයේ කොරියානු රජ පරම්පරාවේ සිදුවුනු සිදුවීම් මුල් කර ගනිමින් ('හ්‍යුන් ගො වුන්' නව කථාව ඇසුරින්) තමයි මේ නාට්‍ය හදල තියෙන්නෙ. මේ නාටකයේ පුදුඋ....ම ලස්සනක් තමයි තියෙන්න. කථාවත් ලස්සනයි, දෙබසුත් ලස්සනයි, අධ්‍යක්ෂනයත් හරිම අපූරුයි. සාමාන්‍යෙන් මේවගේ ඉතිහාසය පිළිබඳ වූ කථාවල හාස්‍ය ජනක බව අඩු උනත්, මේ කථාවනම් හාස්‍ය රසයෙන් පිරිල. සිනහ උපදවන හරියක් ආවහම ආය එකදිගට විනාඩි පහළවක් විස්සක් විතර තියෙනව. ඒ විතරක් නෙවෙයි මේ වගේ වින්දනීය හාස්‍ය උපදවන කොටස් ගොඩාක් තියෙනව. උසස් රසවින්දනයකින් යුතු මේ කථාවනම් ඇත්තෙන්ම හරි අපූරුයි (හරියට අපූරු මල් වගේ, හික් හික් හික් ).

වං සො කියන්නෙ, තේජෝ රජතුමාගෙ හතරවෙනි පුත් කුමාරයා. එයා හරිම එඩිතර, ඒ වගේම මිනිස්සුන්ට ගොඩාක් ආදරේ කුමාරයෙක්. පසු කාලීනව එයා කොරියාවේ හතරවෙනි රජතුමා විදියට කිරුළු පලඳිනවා. වං සො (සො සො නමින් යම් තැන් වලදී  හැඳින්වෙන) චරිතය ගොඩාක් ආදරණීය චරිතයක්. එහෙම වෙලා තියෙන්නේ,  ඒ චරිතය නිරූපණය කරන ප්‍රවීණ රංගන ශිල්පී චං හ්‍යොක්ගේ (장혁) මනබන්ඳනීය රංගනය නිසයි. එයාගෙ චරිත නිරූපණය සීයට සීයක්ම සාර්ථකයි. මම මේ කථාවට මෙච්චරම ඇළුම් කරන්න විෂේශයෙන්ම චං හ්‍යොක් නිසා කීවත් නිවරදියි. ඇත්තෙන්ම  චං හ්‍යොක්ගේ  දක්ෂතාවය නම් අගය කරන්නම ඕනි. මම එක්තරා තැනකදී දැක්කා කෙනෙක්  චං හ්‍යොක් ගැන කරපු වර්ණනාවක්. එයා කියන්නෙ,කථාවක චං හ්‍යොක් ඉන්නවනම්, ඒ චරිතය ප්‍රධාන චරිත උනත් නැතත් අනිවාර්‍යෙන්ම එයා ඒ කථාව බලනවයි කියල. ඒත් එක්කම එයා කියනවා චං හ්‍යොක්නම් ඉතා විශිෂ්ටයි කියල. එයා ඉන්න වෙනත් කථා කිසිවක් මම බලල නැතත්, ඒ කියමන නම් සහතික ඇත්ත බව මමත් එක හෙලාම කියනව. මම එයගෙ රංගනයට ඒතරම්ම කැමතියි. මේ කථාව හාස්‍ය ජනක ජවනිකා වලටත් ඔහුගෙන් විශාල දායකත්වයක් ලැබිල තියෙනව. මම දැකපු රංගන ශිල්පීන්ගෙන් ප්‍රවීණම සහ කඩවසම්ම කෙනා චං හ්‍යොක් යැයි කිව හැකියි. 

කථාව ගැනයි නළුව ගැනයි වර්ණනාව මදෑඑ ඔය,  දැන් පටන් ගමු චිත්‍රෙ ගැන කියන්න. මම මේ චිත්‍රය අඳින්න බාවිතා කල මුල් පින්තූරය මෙතන තියෙන ලින්ක් එකෙන් ගිහින් බලා ගන්න පුළුවන්.  කලින් වතාවෙ වගේම මේ සැරෙත් මම චිත්‍රය අඳින්න භාවිතා කලේ චාකෝල් පැන්සලක්. ඊට අමතරව, චාකෝල් පැන්සලටත් වඩා මෙලෙක් චාකෝල් කූරකුත්, සුදු චාකෝල් පැන්සලකුත් සුළු වශයෙන් භාවිතා කලා යම් යම් තැන් වලදි.






යූ ෂි  ජින්ෂිගෙ පින්තූරෙ තිබිච්ච අඩුපාඩු කිපයක්ම හදාගන්න මේ සැරේ උනන්දූ උනා. එයාගෙ පින්තූරෙ මම දැකපු ලොකුම අඩුව තමයි, යූ ෂි ජින්ගෙ මුහුණේ පිටත දාරයත්, එයාගෙ ඇඳුමේ පිටත දාරත් අස්වාභාවික ලෙස තද කළු වර්ණයෙන් යුක්ත වීම. වං සොගෙ පින්තූරෙදි එහෙම නොවෙන්න මම වගබලා ගත්තෙ, මම අර කිව්ව මෙලෙක් චාකෝල් කූර (වයින් චාකෝල්) පාවිච්චි කරලයි. මේ වයින් චාකෝල් ගොඩක් මෘදු නිසා, ඒ මඟින් අඳින රේඛා වල ඝනත්වය අඩු කරන්න හරිම ලේසියි, ඒ වගේම පාට පතුරුවා හරින්නත් පහසුයි. 

වං සොගෙ ඇස් දෙක අඳින එකට සෑහෙන වෙලාවක් ගත උනත්, මගේ උත්සහය අපතෙ ගිහින් නෑ කියලයි හිතන්නෙ. නිකට සහ බෙල්ල, කලින් චිත්‍ර වලට සාපේක්ෂව තාත්ත්වික බවින් උසස් මට්ටමක තියෙනව කියල මටනම් පේනවා. මේ පින්තූරෙ කලින් ඒවත් එක්ක ගත්තම තවත් වෙනසක් දකින්න තියෙනව. වං සොගෙ මූණට ආලෝකය ඇවිත්  තියෙන ආකාරය මඳක් පිළිඹිබුවන විදියටයි මම මේක ඇඳල තියෙන්නෙ. මම කලින් පින්තූර වලදි, ආලෝකය වැටිච්ච පැත්ත මතු කරල පෙන්නුවේ නැත්තෙ, සාමාන්‍යයෙන් චීන පින්තූර වල ආලෝකය ගැන අවදානයක් යොමු කරන්නෙ නැති නිසා.  මොකද කියනව නම් මම චිත්‍ර අඳින්න පටන් ගත්තෙ චීන සිතුවම් කලාවට ඇතිවෙච්ච ආසාව හින්ද නේ. ඒත්, ආලෝකය සම්බන්ඳව දිරාජ් මට හරි අපූරු කථාවක් කීවා,

" ඔයා අඳින රූපයට ආලෝකය එන පැත්තත් පෙන්නුම් කරන්න. එතකොට ඔයාගෙ චිත්‍රෙට තවත් වටිනාකමක් එකතුවෙනව. ඔයා ඇඳල තියෙන්නෙ, හරි කෙලින් ආලෝකය වැටිල තියෙන විදියටයි. එහෙම නැතුව ආලෝකය ඇතුල්වෙන පැත්තට අනුකූලව ඇන්ඳොත් ඔයාගෙ චිත්‍ර උසස් තාත්වික බවකින් යුක්ත වේවි."

දිරාජ් කීව කතාව මොනතරම් සත්‍යදැයි මට තේරුණේ, මේ පින්තූරෙ ඇන්ඳට පස්සෙ. 

වං සොගෙ මූණෙත් ඇඳුම් වලත් විස්තර මම දැකපු තරම් ඔක්කොම ටික පෙන්නුම් කරන්න මගේ උපරිම උත්සහය ගත්තා. මගේ උත්සහය සාර්ථකයි කියලත් හිතනවා. ඒ කොහොම වෙතත් තවත් අඩුපාඩු ගොඩාක් තියනව කියලත් මට තේරෙණවා. අනේ මට පේන්නෙ නැති අඩුපාඩු, ඔයාලට පේනවනම් මට පෙන්නල දෙන්න ඈ. මගේ අමනාපයක් නෑ වැරදි පෙන්නලා දෙනවට. ඒ විතරක් නෙවෙයි මම මේ ඇඳල තියෙන කෙනාට වයස කීයක් විතර පේනවද කියලත් අදහසක් දාල යන්න හොඳේ.

බුදු සරණයි!


Welcome!

This time also, I sketched a character chosen from a Korean TV series like in the last time. It's 'Wang So' from the series named 'Shine or go crazy'. The story of this series is based on the life of the price Wang So, who was the fourth son of the first king of Korean kingdom (Emperor Theajo). It is a very beautiful story, and the drama has produced in a very attractive manner. Everything is perfect in this drama; the story, the dialogs, the direction is fascinating. Usually, historical dramas are not comedies. Even though this drama is not categorized as a comedy, it has a lot of adorable comedy scenes. Especially, when a comedy scene starts it last more than ten-fifteen minutes and those scenes appear frequently. This is a gorgeous drama, which we enjoyed a lot. 

When we talk about Wang So character a little bit; he is a strong, a courageous, and an adorable person who loves people a lot. At the end, he became the fourth king after his two brothers.  The character Wang So (sometimes called as 'So So') is very enchanting and impressive thanks to the skillfulness of the expert actor, Jang Hyuk. Jang Hyuk's characterisation is perfect. I think this precise drama is so charming because Jang Hyuk is playing the leading role. He really knows how to express all kinds of expressions in a quality way, by preserving the original nature of them. I love his characterization very much. I saw an impressive comment about him on a website. In that comment he says;

"I rarely say I am a fan of an actor/actress, but for Jang Hyuk I have no problem with saying I Am A Fan. If he is in a drama no matter what part he plays, lead or not, I will watch it. He is amazing!!!"

I completely agree with him, he is really amazing! He is the best and most handsome actor I have ever seen.

Price to the story and to the leading actor is enough, now let's move on to the sketch. You can find the original picture, that I used to draw this sketch from here. please compare my drawing with it and give some comments. I really appreciate your comments. For this sketch, I mainly used a charcoal pencil. However, I have used a vine charcoal stick and a white charcoal pencil lightly at some points as well.



This time, I tried to avoid some mistakes I did in Yoo Shi Jin's sketch. The biggest mistake I saw in his sketch is the darker outlines which make the picture unnatural and lower the quality. I avoided that mistake in Wang So's picture. I used a vine charcoal stick for the outer boundaries because it's soft compared to the charcoal pencil, so I could blend the colors as I want and preserve the natural look. 

I spent a lot of time for eyes, chin, and neck areas, to make them more natural and good quality compared to my other sketches. I am bit happy this time because I could draw them nicely. Other than that, this picture has another specialty as well. That is the lightning effect. I didn't consider the light source yet this sketch since I started this drawing habit due to the unavoidable liking to the Chinese brush painting which usually do not consider the lightning effect. However, Dhiraj's awesome comment could change my mind. What he said is,

"Add the lighting effect to your  sketches. It will add a value to your drawings. You have drawn by assuming the light comes from the front, but if you can draw it according to the angle of the light  approach, it will look more natural and more beautiful."

I tried to draw this with the lighting effect. Now, I can see what he really mean.

I tryed my best to illastrate all the deatils that I could catch from the original picture in my drawing. I think I could suceed. However, I know there are plenty of mistakes in my drawing. So please help me to chatch and correct them. I always appriciate your comments. They are all very precise to me. I never get angree when you point out my mistakes. Also, I would like to know how old this person looks like. 

Bessing triple gems!

Sunday, April 24, 2016

ආදරය

ආයුබෝවන්!

කලින් වතාවෙ නංගිට (භාග්‍යා හේමමාලිට) කවියක් ලියල දුන්නනේ, ඉතින් අපේ මල්ලිත් නහයන් අඬ අඬා හිටියෙ, "අනේ අක්කෙ මටත් කවියක් ලියහන්කො බං" කියල. මම මේ කීවෙ අපේ සලිත ගැන. අර බ්ලොග් එකක් ලියන්නෙ 'අපි තොපි' කියල, ආන් ඌ ගැන. ආදර කථා ලියන්න තමයි මිනිහ වැඩිපුර කැමති. කොහොමින් කොහොම හරි එයාගෙ, 'චානකගේ ආදර කතාව 1', II කොටස් කියෙව්වට පස්සෙ ආදරේ ගැන කවි පෙළක් ලියන්න ඕනි කියල හිතුන (දම් පැහැතැන් හරහා එයාගේ බ්ලොග් එකටත් එයාගෙ ලිපියටත් යා හැකිය). ආදරේ හදවතට දැනෙන විදියට එයා කාථාව ලස්සනට ලියල තියෙනව. හරි හරි වැඩි කථා ඕනි නෑ, කෙලින්ම කවි වලට;



සිතක උණුසුම රඳන
සිත් සතන් පුබුදුවන
සිතක සිහිලස දනන
එසිත තනිකම මකන

අඳුරු දිවි සොඳුරු කල
රුදුරු සිත් සුමුදු කල
තැවුනු සිත් සතුටු කල
නිබඳ සිත් සුවඳ කල

ඇති කල එක ලෙසක
නැති කල වෙන විලස
තෙදින් සිත් පිරිමදින
තදින් සිත් රිදුම් දෙන

විටක උණුසුම රඳන
විටක ගින්නෙන් දවන
විටක සිසිලස දනන
විටක ගල්සේ මිදුණ

සිත් සතන් පුබුදු වන
පිබිදි සිත් හකුළුවන
තුටින් පුරවා තබන
දුක්ඛ ගංගා මවන

විටක සිත් පහන් කල
නමුදු දිවි අඳුරු කල
සිනා සයුරක් මැව්ව
මුත් කඳුලු බිදු රඳන

සොඳුරු ලෙස සනසනා
කටුක වී හඬවනා
සෞම්‍ය වී පැමිණෙනා
රුදුරු වී හැර යනා

සොම්නසේ හැඩ මැව්ව
දොම්නසේ ගති කිව්ව
මුව නැගුණු හසරැල්ල
බිම හැලුණු කඳුලැල්ල

ප්‍රබෝධය ගෙනෙනවා
වගෙම සිත දවනවා
මෘදු මෙළෙක දැනෙනවා
වගෙම සිත තවනවා

තිස්සේම ලඟ ඉදන් හිනැහිලා
රිදුම් දේ පාළුවේ තනිවෙලා
සුවහසේ සිහිනසේ සතපලා
දුක් වුනේ රෑ පුරා නිදිවරා

සෞම්‍යයෙන් පිරි සොභා
බිඳ මවයි රුදුරු ඝන කළු වලා
බලන් ගැඹුරින් සිත යොමා
සෙනෙහේ කුමක්දෝ කියා




Thursday, April 21, 2016

15: යූ ෂි ජින් (Yoo Shi Jin)


ආයුබෝවන්! (English version at the bottom)

ආචාර්‍ය බිජෝයි ගෝෂ්ගෙ පින්තූරෙ අඳින්න මට ගොඩාක් කාලයක් ගත උනා, මොකද කියනව නම් මම පහුගිය ටිකේම ගොඩාක් කාර්‍ය බහුල වෙලයි හිටියෙ, ඒ නිසා මම ගොඩාක් මහන්සියෙන් හිටියෙ. ඉතින් මම මගේ විඩාව නිවාගන්න ආයෙන් කොරියන් කථා බලන්න පටන් ගත්තා.  ඉතින් ඔයාලට ඉදිරියේදි නවතත් කොරියන් නළු නිළියන්ගෙ චිත්‍ර කීපයක් බලාගන්න පුළුවන් වේවි. 

පහුගිය දවස්වල බල බලා හිටිය 'ද ඩිසෙන්ඩන්ට් ඔෆ් ද සන්' 태양의 후예 කියන කොරියානු නාට්‍ය මාලාවේ 'යූ ෂි ජින්', 유시진 කියන චරිතය මට අඳින්.....නම ඕනි උනා. ඉතින් මං ඇන්ඳ. මේ ටෙලි නාට්‍ය නම් මාරම ලස්සනයි. මම ගොඩක් වෙලාවට බලන්නෙ රජ කාලෙ කතා උනත්, මේ කථාවෙ වෙළද දැන්වීම දැක්ක ගමන්ම මට තේරුණා මේක නම් එළකිරි කථාවක් කියල. මම ගොඩාක් ආසාවෙන් නරඹපු ලස්සනම ලස්සන කථාවක් ඒක. මේ කථාව ලෝකෙ පුරාම ගොඩාක් ප්‍රචලිත වෙච්ච ඉතා විශිෂ්ඨ ඝනයේ එකක්. ඔයාල ඒක තවම බලල නැත්තන්, මෙන්න මෙතනින් යන්න පුළුවන් ඒ කථාව තියෙන වෙබ් අඩවියකට. 

කලින් මාස හතරකටම මම ඇන්ඳෙ පින්තූර දෙකක් නිසා මේ පාර මට ඕනි උනා ඉතා ඉක්මනින්ම චිත්‍රයක් ඇඳල දාන්න. ඒ නිසා, යූ ෂි ජින්ෂිගෙ පිතූරය ඉක්මනට අඳිනව කියල හිතල, පටන් ගත්ත අඳින්න. මෙන්න එතකොට මගේ චාකෝල් පැන්සල මගේ ලඟට ඇවිත් අහනව;

"ඇයි අනේ මාව අතෑරල දාල තියෙන්නෙ? මාත් ආසයිනෙ මගෙ වැඩ පෙන්නන්න. අනේ මේ මාවත් ගන්නවකො හලෝ ඔය වැඩේට. මට මේ පැත්තකට වෙලා ඉඳල එපාවෙලා ඉන්නෙ. "

ඉතින් ඔච්චර කංකෙදිරි ගාන එකේ, නොසලකා හැරලත් බෑනි කියල, "හා එනවකො එහෙනම්, හැබැයි වැඩේ චා කරන්නෙ එහෙම නෑ හරිද ?" කියල පත්වීමේ ලිපිය බාර දුන්න. මගේ යහළුවන් වන සෝරොව් සහ දිරාජ් නිතරම චාකෝල් වලින් අඳින පින්තූර අගය කරනව, මට නිතරම පැහැදිලි කරනව චාකෝල් වලින් අඳින එක කොච්චර ලේසිද කියල. මට මේ චාකොල් පැන්සල දුන්නෙ සෝරොව්. එයා ඒක දුන්නට, මම කවදාවත්ම ඒකෙන් සම්පූරණ චිත්‍රයක් ඇඳල තිබ්බෙ නෑ. ඒ නිසා මගේ පළවෙනි චාකෝල් පිතූරෙ යූ ෂි ජින්ෂිගෙන් පටන් ගත්ත. මම මේ පින්තූරය අඳින්න පාවිව්චි කරපු මුල් පින්තූරය මෙතන තියෙනව. සංසන්දනය කරල බන්නකො මම හොඳට ඇඳලද කියල.





බලන්න මේ මගේ චිත්‍රය දිහා, චාකෝල් වලින් ඇන්ඳහම කොච්චර ලස්සනද කියල. චාකෝල් වලින් ලැබෙන තද කළු වර්ණය මිනිරන් පැන්සලෙන් කොහොමවත් අපිට ගන්න බෑ. මටනම් හරිම ආස හිතෙනව. දැන් තමයි මට තේරෙණ්නෙ, ඇයි සෝරොව්යි දිරාජුයි චාකෝල් පැන්සල එච්චර වර්ණනා කළේ කියල. මට වගේම දිරාජ්ටත් මුලින්ම චාකෝල් පැන්සලක් දීල, ඒකෙන් අඳින්න කියල දිරිගන්නලා තියෙන්නෙ, සෝරොව්. මම එයාගෙ ඒ උතුම් ක්‍රියාව නිතැතින් පැසසුමට ලක් කරනව. එයාටත් ලස්සන නිර්මාණ ගොඩක් කරන්න හැකි වේවා කියලත් ප්‍රාර්තනා කරනවා.

චාකෝල් පැන්සලෙන් මක මකා අඳින එක ටිකක් කරදරයි, ඒ නිසා මම මුලින් මිනිරන් පැන්සලෙන් යාන්තමටවගේ රූපෙ ඇඳ ගත්තා. ඊට පස්සෙ චාකෝල් පැසලෙන් පින්තූරෙ මතුකරල අරගෙන, වර්ණ්වත් කලා. මම පැතලි පින්සලක් භාවිතා කලා වර්ණ පැතිරවීමේදී. චාකෝල් පැන්සලේ තියෙන අනිත් වාසිය තමයි; වර්ණ ගැන්වීමේදී හරි ලස්සනට වර්ණ පතුරවා හරින්න පුළුවන් (මිනිරන් පැන්සලේන් එහෙම කරන්න බෑ, පැන්සල් පාරවල් හිටිනවනෙ). මුලින් මුහුණ කොටස ඉවර කරල තමයි මම බෙල්ලයි, ඇදුමයි ඇන්ඳෙ. එයාගෙ නිල ඇඳුමත් ලස්සනට ආව කියල හිතෙනව. මම මගේ උපරිම උත්සහය ගත්ත මේ පින්තූරෙ තියෙන ත්‍රිමානබවයි ස්භාවිකවබාවයයි රැකගන්න. මගෙ උත්සහය සාර්ථකයි කියල මට දැනෙනව. මම දන්නව, මේ පින්තූරෙ ගොඩාක් අඩුපාඩු තියෙනව කියල, ඒත් මම මේකට ගොඩාක් කැමතියි.  මුහුණෙ වටත්, ඇදුම් වල දාරත් ස්භාවික නැහැ. ඒ ගැන තව දුරටත් මම අවධානය යොමුකළ යුතුයි.

අද කථාව එච්චරයි. නැවත චිත්‍රයකින් හමුවෙනතුරු ඔබට ජය! මටත් ජය!


Welcome!

It took a long time to finished Dr. Ghosh's portrait because I was extremely busy and exhausted in the last couple of months due my confirmation exam. In that period, I again started to watch Korean series, because it decreases my stress level. So, you can expect some Hangul (Korean) actor's portraits from now onward. 

I deliberately wanted to draw the character 'Yoo Shi Jin', 유시진 from the recent Korean series; 'Descendents of the sun',  태양의 후예. This is a marvelous drama which was hit in Korea and nationwide. I love this drama a lot.  The handsome actor 'Song Joong Ki' , 송중기 plays the role of character Yoon Shi Jin in a very attractive way with his military experiences. Yoon shi Jin is the captain of the alpha team (special army force) who is willing to do his ultimate  for his country. This story is about his love towards the doctor 'Kang Mo-Yeon'. If you haven't watch it yet you can start watching it by clicking here.  

This time, my intention was to finish this portrait as soon as possible, because I have only drawn two sketches for the last four months. At the point I started to draw Yoon Shi Jinsi, my charcoal pencil came to me and asked;

"Hey girl, Why don't you use me? I have been waited for months to dance on papers. Why don't you believe me? Plea...........se give me a chance, I will show you how good I am."

I got this pencil from Sourav couple of months ago, but I never used it, I hesitated to use it. At least now,  I should give a small chance to the charcoal pencil to show its colors. My friends Sourav and Dhiraj alway prices charcoal arts. They love to draw with charcoal, and always explains me how amazing it is when compares to graphite pencils.  The original photo that I used to draw this portrait can be view by clicking here.  




Look at this picture, how cool it with charcoal. Wow, I really like it. If I knew charcoal is this good, I would do all of my portraits in charcoal. Oh no... Why I waited this long to use it? Now I know why Sourav and Dhiraj appreciate charcoal. Sourav is the one who has encouraged Dhiraj on charcoal paintings by giving a charcoal pencil. I would like to express my sincerity to Sourav for all his priceless encouragements. 

I started this sketch with a pencil because I knew it's bit hard to erase and redraw with charcoal. Once face boundaries and component are posed using a pencil (with a few trial and error), I highlighted it with the charcoal pencil and then colored it. Once the face part was done, I started sketching neck area and clothes. I drew his uniform with my maximum strength. I tried my best to protect its three-dimensional and natural look.  I really love this picture. I know this picture is lacking in many ways. But still I love it. Do you know what I like most? it's his hair as usual. I know should smooth out a bit outer boundaries of the face and his uniform to make it more natural. 

That's all for today. Stay in touch for my next portrait. All the best!

Thursday, April 14, 2016

දාහතර: ආචාර්ය බිජෝයි ගෝශ් ( Fourteenth sketch: Dr. Bijoy K Ghosh)

Welcome!

This time, I sketched my previous advisor, Professor Bijoy Kumar Ghosh, to express my sincere gratitude and appreciation for every single thing he did for us.  I thought it would be better to write this article in English since he (and all of my non-Sinhalese friends) can understand what I am saying along with my portraits. A Sinhalese version of the article is given at the latter part for those who love my Sinhalese writings.

I and my husband (Sanath) did our postgraduate research studies with Dr. Ghosh when we were at Texas Tech University. He does a lot of interesting research in the field of Bio-Engineering. Thanks to him, we could experience doing quality research. He is an excellent leader with humanities. Therefore, working with him was enjoyable, enthusiastic, and comfortable. In our research, he generously helped and guided us with his maximum strength. He is the best advisor I have ever met. He is not only an advisor but also a good friend, who helped us in many ways. It's a pleasure to meet him in my life, and I am happy that I chose him as my advisor. I thought, the best thing I could do for him is making a sketch of his smiling face with the new skill I have developed for past months. 


You can view the original photo, that I used for this sketch by clicking here. Please compare my sketch with the original photo, if you haven't seen Dr. Ghosh, and tell me what you think about my sketching. I have come this far because of your appreciation, comments, and suggestions. 




As you can see, this time, I have improved a lot. I could achieve this improvement thanks to the simple comment I got from my friend, Dhiraj Singh. Dhiraj is an Engineer like me and an artist, who draws all kinds of portraits. He is a very good artist, who started his journey in two years and his portraits are adorable. Once he saw my brother's sketch, he said;

"You need to improve in applying colors. If you check the colors in the face of your sketch, color variation is very small and colors are too light. You need to expand the color range. You can probably do it by darkening the darker areas."

Actually, I sketched my previous portraits in light colors, because I thought if I darken it, then it will reflect that his/her skin color is dark. However, I was wrong. Now, I understood in pencil art; we simply try to capture the details of the image by varying the darkness.

In Dr. Ghosh's picture, I increased the span of the darkness as Dhiraj suggested. I tried my best this time, and I am extremely happy with this sketch.  Dhiraj, your simple comment was a great comment, which I could jump up bit higher. Thank you very much Dhiraj for your comment, and keep commenting.  

Dr. Ghosh's face looks perfect to me. So, please point out any mistake if you can see any. The process of drawing his face was smooth, and I finished it without any trouble. I like his hair and beard most as usual. I am a bit happy about his clothing as well. As you can see, I have done a very bad job on the outer coat. I still struggle when sketching clothes, especially sketching the folding parts of clothes. 

I would like to end this article by wishing a happier, healthier, and long life to Dr. Ghosh!



ආයුබෝවන්!

සුභ අළුත් අවුරුද්දක් වේවා!

මේ වතාවෙදි, මම මගේ  කලින් පශ්චාත් උපාදියේ උපදේශකතතුමා වන මහාචාර්‍ය බිජෝයි කුමර් ගෝශ්ව සිතුවමට නගුවෙ හිතුවෙ, එතුමා අප වෙනුවෙන් කල ඉමහත් සේවයට මගේ හද පිරි ස්තුතිය  පිරිනමන්න ඕනි කියල හිතලයි.  

මමයි මගේ මහත්තයා (සනත්) දෙන්නම අපේ පර්යේෂණ කටයුතු කරගෙන ගියේ බිජෝයි ගෝශ් සර්ගෙ උපදෙස් අනුවයි. සර් ගැන යමක් කියනවනම්, එයා ටෙක්සස් ටෙක් විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු විෂය දාරව යටතේ ගොඩාක් ආස හිතෙන විදියේ පර්යේෂණ කරන මහාචාර්‍ය වරයෙක්. එයා හරිම හොඳ කෙනෙක්. එයත් එක්ක වැඩ කරන එක හරිම පහසුයි, ඒවගේම හරිම උද්යෝගිමත්. අපි එයත් එක්ක වැඩ කළේ හරිම ආසාවෙන්. එයාට ගොඩක් වැඩ කරන්න ඕනි, ඒත් කිසි විටකත් එයා අපිව අනවශය විදියට පීඩනයට පත් කරනල නැහැ. ඇත්තෙන්ම කියනවනම් එයා මනුස්සකම් දන්න හොඳ නායකයෙක්. එයා අපිට ගොඩාක් උදවු කරල තියෙනව. අපේ පර්යේෂණ කටයුතුවලට විතරක් නෙවෙයි, අපේ ජීවිතේ අපිට ආ යම් යම් බාදක වලදිත් ගොඩාක් උදව් කරල තියෙනව. ගෝශ් කියන්නෙ අපිට ගුරු හරුකම් දුන්න ගුරුවරයෙක්ම විතරක් නෙවෙයි, විටකදි යාළුවෙක්, විටකදි පියතුමෙක්. මම අද සතුටුවෙනව එදා මම ආචාර්ය ගෝශ් මගේ උපදේශකතුමා හැටියට තෝර ගත්ත එක ගැන. එයක් එක්ක වැඩ කරන්න ලැබුණ එක මම මගේ වාසනාවක් හැටියටයි මම දකින්නෙ.  ඉතින් මේ තරම් අපිට සමීපයෙන් හිටපු, එතුමා වෙනුවෙන් මේ වෙලාවදි මට කරන්න පුළුවන් හොඳම දේ හැටියටයි මම මේ චිත්‍රය අඳින්න හිතුවෙ. 

ඔයාලට පේනවනේ මේ පින්තූරෙ, අනිත් ඒවත් එක්ක සංසන්දනය කරනකොට ලොකු වෙනසක් තියෙන බව. මේ තරම් ලොකු පියවරක් මට ඉස්සරහට තියන්න පුළුවන් උනේ, මමගේ යාළුවෙන් වන දිරාජ් සිං, මගේ කලින් පින්තූර බලල,  මට දුන්න වටිනා කියන උපදෙසක් නිසයි. දිරාජ් කියන්නෙ මම වගේම ඉන්ජිනේරුවෙක්, ඒ වගේම දක්ෂ කලා කාරයෙක්. එයාගෙ පින්තූර ගොඩාක් කලාත්මකයි. මම ඒවට ගොඩාක් කැමතියි. දිරාජ් ගැන කියන්න ගිහිල්ල, එයා දුන්න උපදෙස කියන්න අමතකත් වේගෙන එනව. එයා අපේ අය්යගෙ චිත්‍රෙ බලල මට මෙන්න මෙහෙම කීව;

"ඔයා චිත්‍ර පාට කරන එක ගැන තව ටිකක සැලකිලිමත් වෙන්න ඕනි. ඔයා ඇඳපු පින්තූරෙ මුහුණෙ වර්ණ පරාසයයි, ඇත්ත මුහුණෙ වර්න පරාසයයි අතර ලොකු පරතරයක් තියෙනව. අනික ඔයගෙ චිත්‍රවල පාට ලා වැඩියි. වර්ණ පරාසය තව ටිකක්  පුළුල් කරන්න. අඳුරු තැන් තව ටිකක් වැඩිපුර අඳුරු පැහැගන්වන්න. එතකොට, රූපයේ ස්භාවික බව ආරක්ෂා ගන්න පුළුවන්"

එයා කියපු කථාව හරිම සරල එකක් වගේ පෙනුනත්, ඒක ගොඩාක් වටින එකක් උනා. ඇත්තටම කියනවනම්, මම කලින් පින්තූර වැඩිය කළු කරේ නැත්තෙ,  මට හිතුන මම එහෙම කලොත් මුළු පින්තූරෙම ගොඩාක් කළු වෙලා, මම අඳින පුද්ගලගෙ නියම ස්වරූපයට වඩා කළු වෙයි කියල. නමුත්, මම හිතාන හිතපු විදිය වැරදියි. දැන් මං දන්නව චිත්‍ර අඳිද්දි, කොහොමහරි අපි කරන්නෙ පින්තූරයේ තියෙන විස්තර හැකිතාක් මතුකරල පෙන්නන එක කියල. මට දැන් වර්ණ ගැන පොඩ්ඩ පොඩ්ඩ තේරෙණව. 

මම ආවාර්‍ය ගෝශ්ගෙ පින්තූරවේ වර්ණ පරාසය වැඩිකලා, දිරාජ් කීව විදියට. බල්න්න, පුංචි අදහසකින් මොනතරම් ලොකු වෙනසක් කරන්න පුළුවන් උනාද කියල. දිරාජ් මම ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනව මට කරපු උපකාරෙට. එවගේම මම බලාපොරොත්තු වෙනව ඔයා දිගින් දිගටම මට උපදෙස් දේවිය කියල. 

මේ පින්තූරයේ ස්භාවිකත්ව රැකෙන විදියට සිතුවම් කරන්න මම උපරිම උත්සහ කළා. මට ගොඩාක් සතුටුයි, මේ සැරේ හොඳඅ...ට ඇඳ ගන්න පුළුවන් විච්චි එක ගැන. මටනම් මුහුණෙ අඩුවක් පේන්නෙම නෑ. අනේ ඔයාලට පේන අඩුපාඩු තරහ නැතිව පෙන්නල දෙන්ඩ ඈ. ඔයාලගෙ අදහස්, දිරිගැන්වීම්  මම  ගොඩාක් අගය කරනව. ඇත්තටම කියනවනම් මුහුණ අඳින එක මට ගේමක් උනේම නෑ. හරිම ආසාවෙන් තමයි මම ඇන්ඳෙ. මම මේ පින්තූරෙ ගොඩාක්ම කැමති කොණ්ඩෙටයි රැවුලටයි (මම ඉතින් කොහොමත් කොණ්ඩ වලටනේ වැඩිපුරම කැමති) . ඇදුම හරිය අඳින එක තමයි ටිකක් අමාරු උනේ. කොහොම නමුත්, ඇදුමෙත් ලොකු අවුලක් නෑ. ඒත් පිටත කෝට් එකේ නැවුම් තියෙන කොටස් අඳින්න මට තාම හරියට තේරුමක් නෑ. දිරාජ් ඒගැනත් මට පොඩි අදහසක් දුන්න. ටිකක් විතර හොඳට ආව කියලත් හිතෙනව. හැබැයි ඉතින් වර්ණ ගැන තවදුරටත් අධ්‍යනය කරන්න ඕනි කියල නම් තේරෙණව.

එහෙනම් ඉතින් අද කථාව මෙතනින් ඉවර කර්න්නම්. ආවාර්‍ය බිජෝයි ගොශ්, ඔබට පීත්‍රිමත්, නිරෝගීමත් දිගු දිවියක් හිමි වේවා!