Thursday, April 21, 2016

15: යූ ෂි ජින් (Yoo Shi Jin)


ආයුබෝවන්! (English version at the bottom)

ආචාර්‍ය බිජෝයි ගෝෂ්ගෙ පින්තූරෙ අඳින්න මට ගොඩාක් කාලයක් ගත උනා, මොකද කියනව නම් මම පහුගිය ටිකේම ගොඩාක් කාර්‍ය බහුල වෙලයි හිටියෙ, ඒ නිසා මම ගොඩාක් මහන්සියෙන් හිටියෙ. ඉතින් මම මගේ විඩාව නිවාගන්න ආයෙන් කොරියන් කථා බලන්න පටන් ගත්තා.  ඉතින් ඔයාලට ඉදිරියේදි නවතත් කොරියන් නළු නිළියන්ගෙ චිත්‍ර කීපයක් බලාගන්න පුළුවන් වේවි. 

පහුගිය දවස්වල බල බලා හිටිය 'ද ඩිසෙන්ඩන්ට් ඔෆ් ද සන්' 태양의 후예 කියන කොරියානු නාට්‍ය මාලාවේ 'යූ ෂි ජින්', 유시진 කියන චරිතය මට අඳින්.....නම ඕනි උනා. ඉතින් මං ඇන්ඳ. මේ ටෙලි නාට්‍ය නම් මාරම ලස්සනයි. මම ගොඩක් වෙලාවට බලන්නෙ රජ කාලෙ කතා උනත්, මේ කථාවෙ වෙළද දැන්වීම දැක්ක ගමන්ම මට තේරුණා මේක නම් එළකිරි කථාවක් කියල. මම ගොඩාක් ආසාවෙන් නරඹපු ලස්සනම ලස්සන කථාවක් ඒක. මේ කථාව ලෝකෙ පුරාම ගොඩාක් ප්‍රචලිත වෙච්ච ඉතා විශිෂ්ඨ ඝනයේ එකක්. ඔයාල ඒක තවම බලල නැත්තන්, මෙන්න මෙතනින් යන්න පුළුවන් ඒ කථාව තියෙන වෙබ් අඩවියකට. 

කලින් මාස හතරකටම මම ඇන්ඳෙ පින්තූර දෙකක් නිසා මේ පාර මට ඕනි උනා ඉතා ඉක්මනින්ම චිත්‍රයක් ඇඳල දාන්න. ඒ නිසා, යූ ෂි ජින්ෂිගෙ පිතූරය ඉක්මනට අඳිනව කියල හිතල, පටන් ගත්ත අඳින්න. මෙන්න එතකොට මගේ චාකෝල් පැන්සල මගේ ලඟට ඇවිත් අහනව;

"ඇයි අනේ මාව අතෑරල දාල තියෙන්නෙ? මාත් ආසයිනෙ මගෙ වැඩ පෙන්නන්න. අනේ මේ මාවත් ගන්නවකො හලෝ ඔය වැඩේට. මට මේ පැත්තකට වෙලා ඉඳල එපාවෙලා ඉන්නෙ. "

ඉතින් ඔච්චර කංකෙදිරි ගාන එකේ, නොසලකා හැරලත් බෑනි කියල, "හා එනවකො එහෙනම්, හැබැයි වැඩේ චා කරන්නෙ එහෙම නෑ හරිද ?" කියල පත්වීමේ ලිපිය බාර දුන්න. මගේ යහළුවන් වන සෝරොව් සහ දිරාජ් නිතරම චාකෝල් වලින් අඳින පින්තූර අගය කරනව, මට නිතරම පැහැදිලි කරනව චාකෝල් වලින් අඳින එක කොච්චර ලේසිද කියල. මට මේ චාකොල් පැන්සල දුන්නෙ සෝරොව්. එයා ඒක දුන්නට, මම කවදාවත්ම ඒකෙන් සම්පූරණ චිත්‍රයක් ඇඳල තිබ්බෙ නෑ. ඒ නිසා මගේ පළවෙනි චාකෝල් පිතූරෙ යූ ෂි ජින්ෂිගෙන් පටන් ගත්ත. මම මේ පින්තූරය අඳින්න පාවිව්චි කරපු මුල් පින්තූරය මෙතන තියෙනව. සංසන්දනය කරල බන්නකො මම හොඳට ඇඳලද කියල.





බලන්න මේ මගේ චිත්‍රය දිහා, චාකෝල් වලින් ඇන්ඳහම කොච්චර ලස්සනද කියල. චාකෝල් වලින් ලැබෙන තද කළු වර්ණය මිනිරන් පැන්සලෙන් කොහොමවත් අපිට ගන්න බෑ. මටනම් හරිම ආස හිතෙනව. දැන් තමයි මට තේරෙණ්නෙ, ඇයි සෝරොව්යි දිරාජුයි චාකෝල් පැන්සල එච්චර වර්ණනා කළේ කියල. මට වගේම දිරාජ්ටත් මුලින්ම චාකෝල් පැන්සලක් දීල, ඒකෙන් අඳින්න කියල දිරිගන්නලා තියෙන්නෙ, සෝරොව්. මම එයාගෙ ඒ උතුම් ක්‍රියාව නිතැතින් පැසසුමට ලක් කරනව. එයාටත් ලස්සන නිර්මාණ ගොඩක් කරන්න හැකි වේවා කියලත් ප්‍රාර්තනා කරනවා.

චාකෝල් පැන්සලෙන් මක මකා අඳින එක ටිකක් කරදරයි, ඒ නිසා මම මුලින් මිනිරන් පැන්සලෙන් යාන්තමටවගේ රූපෙ ඇඳ ගත්තා. ඊට පස්සෙ චාකෝල් පැසලෙන් පින්තූරෙ මතුකරල අරගෙන, වර්ණ්වත් කලා. මම පැතලි පින්සලක් භාවිතා කලා වර්ණ පැතිරවීමේදී. චාකෝල් පැන්සලේ තියෙන අනිත් වාසිය තමයි; වර්ණ ගැන්වීමේදී හරි ලස්සනට වර්ණ පතුරවා හරින්න පුළුවන් (මිනිරන් පැන්සලේන් එහෙම කරන්න බෑ, පැන්සල් පාරවල් හිටිනවනෙ). මුලින් මුහුණ කොටස ඉවර කරල තමයි මම බෙල්ලයි, ඇදුමයි ඇන්ඳෙ. එයාගෙ නිල ඇඳුමත් ලස්සනට ආව කියල හිතෙනව. මම මගේ උපරිම උත්සහය ගත්ත මේ පින්තූරෙ තියෙන ත්‍රිමානබවයි ස්භාවිකවබාවයයි රැකගන්න. මගෙ උත්සහය සාර්ථකයි කියල මට දැනෙනව. මම දන්නව, මේ පින්තූරෙ ගොඩාක් අඩුපාඩු තියෙනව කියල, ඒත් මම මේකට ගොඩාක් කැමතියි.  මුහුණෙ වටත්, ඇදුම් වල දාරත් ස්භාවික නැහැ. ඒ ගැන තව දුරටත් මම අවධානය යොමුකළ යුතුයි.

අද කථාව එච්චරයි. නැවත චිත්‍රයකින් හමුවෙනතුරු ඔබට ජය! මටත් ජය!


Welcome!

It took a long time to finished Dr. Ghosh's portrait because I was extremely busy and exhausted in the last couple of months due my confirmation exam. In that period, I again started to watch Korean series, because it decreases my stress level. So, you can expect some Hangul (Korean) actor's portraits from now onward. 

I deliberately wanted to draw the character 'Yoo Shi Jin', 유시진 from the recent Korean series; 'Descendents of the sun',  태양의 후예. This is a marvelous drama which was hit in Korea and nationwide. I love this drama a lot.  The handsome actor 'Song Joong Ki' , 송중기 plays the role of character Yoon Shi Jin in a very attractive way with his military experiences. Yoon shi Jin is the captain of the alpha team (special army force) who is willing to do his ultimate  for his country. This story is about his love towards the doctor 'Kang Mo-Yeon'. If you haven't watch it yet you can start watching it by clicking here.  

This time, my intention was to finish this portrait as soon as possible, because I have only drawn two sketches for the last four months. At the point I started to draw Yoon Shi Jinsi, my charcoal pencil came to me and asked;

"Hey girl, Why don't you use me? I have been waited for months to dance on papers. Why don't you believe me? Plea...........se give me a chance, I will show you how good I am."

I got this pencil from Sourav couple of months ago, but I never used it, I hesitated to use it. At least now,  I should give a small chance to the charcoal pencil to show its colors. My friends Sourav and Dhiraj alway prices charcoal arts. They love to draw with charcoal, and always explains me how amazing it is when compares to graphite pencils.  The original photo that I used to draw this portrait can be view by clicking here.  




Look at this picture, how cool it with charcoal. Wow, I really like it. If I knew charcoal is this good, I would do all of my portraits in charcoal. Oh no... Why I waited this long to use it? Now I know why Sourav and Dhiraj appreciate charcoal. Sourav is the one who has encouraged Dhiraj on charcoal paintings by giving a charcoal pencil. I would like to express my sincerity to Sourav for all his priceless encouragements. 

I started this sketch with a pencil because I knew it's bit hard to erase and redraw with charcoal. Once face boundaries and component are posed using a pencil (with a few trial and error), I highlighted it with the charcoal pencil and then colored it. Once the face part was done, I started sketching neck area and clothes. I drew his uniform with my maximum strength. I tried my best to protect its three-dimensional and natural look.  I really love this picture. I know this picture is lacking in many ways. But still I love it. Do you know what I like most? it's his hair as usual. I know should smooth out a bit outer boundaries of the face and his uniform to make it more natural. 

That's all for today. Stay in touch for my next portrait. All the best!

No comments:

Post a Comment