Wednesday, January 13, 2016

අටවන පරිච්චේදය : චොන්සු උරබොනි (චා චොන් සු)


ආයුබෝවන්!


ඔබ වෙත ගෙන එන අද චිත්‍රය, 2010 වසරේ නිෂ්පාදනය වූ 'දොං ඉ', 동이 කොරියානු ටෙලි නාටක මාලාවෙන්. සිංහලට හඩ කැවූ දොං ඉ කථාව 'අභීත දියණිය' ලෙසින් ජාතික රූපවාහිනියේද 2013 වසරේදී විකාශය උනා. දාහත් වන සියසවයේ ජීවත් වූ දොං ඉ ඉතාමත් දුප්පත් සහ කුලහීන පවුලක දියණියක් ලෙසින් මෙලොව එළිය දුටුවත්, පසුකාලීනව රජතුමාගේ බිසවක් වන්නට තරම් වාසනාවන්ත වූවා. ඒ විතරක් නොව, ඇයගේ පුතණුවන් පසුකාලීනව රාජත්වයටද පත්උනා. 

දොං ඊ ගේ සහෝදරයාගේ මිතුරා වූ චා චොං සූ ගේ චරිතයයි මාගේ මේ චිත්‍රයට මූලික කර ගත්තේ. මෙම චරිතය නිරූපණය කරන්නේ ඉතමත් කඩවසම් 'බේ සු බින්', 배수빈 නම් රංගන ශිල්පියා. මුල් පින්තූරය මෙන්න මෙතනින් http://www.dramafever.com/st/img/epth/230_31.jpg . මේ පින්තූරය විශේෂයෙන් මා තෝරා ගනු ලැබුවේ, එහි ඇති ගුණාත්මක භාවය නිසයි.





මේ වතාවේදී මා සාර්ථක වූවා යැයි මට හැගෙයි. මුහුණ සහ තොප්පිය මට අපූරුවට සිතුවම් කර ගන්ඩ පුළුවන් උනා. 

චීන චිත්‍ර කලාවෙ, 'හිස් අවකාශ' වලට ලොකු තැනක් දෙනව. එයාල හිස් අවකාශ භාවිතා කරනව, චිත්‍රයේ තමුන්ට අවශ්‍ය කොටස් ස්මතු කරන්න. ඒ වගේම සරල බව රැක ගන්නත් ඔවුන්ට එයින් හැකි වනවා.  මම සරල බව කියල අදහස් කලේ, කොලේ හැම තැනම අතුරක් නෑර අඳින්නේ නැතුව, සැලසුම් සහගතව, තැන තැන හිස්තැන් එක්ක රූප නිවරදිව ස්ථානගත කිරීමට.  මම මේ කලාව අකුරු කෙරුවෙ චීන චිත්‍ර කලාවට තිබ්බ ඉහවහ ගිය ආසාව නිසානෙ. ඉතින් ආයුබෝවන්ඩ, මයෙ චිත්‍තර වල එයාලගෙ ක්‍රමවේදත් අන්තර්ගතයි. ඕං ඔහොමයි මම චොන්සු ගෙ රූපෙ වටින් කොලේ සුදුවට තිව්ව එක සාධාරණීකරණය  කරන්නෙ.

කලින් පින්තූරයකදි අලුතින් අතගැසූ මුල් පින්තූරයේ නැති කොටසක් අලුතින් එකතුකිරීමේ ක්‍රියාවලියට ආයි පණ දෙන්න හිතන්, මුල් පින්තූරයෙන් ගිලිහී ගිය ආරක්ෂක ඇඳුමේ ලස්සනම අංගයක් වෙච්චි හිස් ආවරණයේ ඉහල කොටස ප්‍රතිනිර්මාණය කළා. හිස් ආවරණයේ ඉහලම කොටස කොලේ උඩටම වෙන්න එන විදියට චිත්‍රය ස්ථානගත කලා. වම් පැත්ත බලන් ඉන්න නිසා, පින්තූරෙ වම් පැත්තෙන් ඉඩ තිබ්බා.

හිස් ආවරණයේ විචිත්‍රත්වය මැනවින් ඉහළ දමන එහි බඳ වටා යන ලණු පොට සිතුව්ම් කරන්න බොහෝම වෙලාවක් ගත කොරන්ඩ සිද්ද උනා. එහි හැඩය ගන්න විසි තිස් වතාවක් උත්සාහ කරන්ඩ උනා. ඔය විදියට බලන කොට, අනිත් කොටස් සියල්ල සිතුවම් කරන්න ගිය කාලෙට වඩා වැඩි වෙලාවක් ගියා ඒකට මයෙ හිතේ. හිස් වැසුමේ තියන මගේ සිත් ගත් ඊලඟ අංගය තමයි ඇට මාලය. තියෙනාකාරයටම ඇඳ ගන්ඩ බැරි උනත් ඕං ඒකත් යම්තාක් හොඳට ආව කියල හිතෙනව. දරුණු කුණාටුවකටවත් හිසෙන් තොප්පිය වෙන්වී නොයන පරිදි හිසට තබා තොප්පිය ගැට ගසන පටිය නිසා ඕං චොන් සුගෙ මූණ තිමානව පේනව.

ඇඳුම ඇඳල ඉවර කරන්න පුදුම හදිස්සියක් නේ මට තිබ්බෙ. ඒ හින්ද ඒකනම් එච්චර ලස්සනට ආවෙ නෑ බොලං.

මා ඉගනගත් දේ:

  • මුල් පින්තූරයේ ඉහලින් කැපී ගොස් තිබූ තොප්පිය සම්පූර්ණ කිරීම
  • පින්තූරය ස්ථානගත කිරීම
  • ඇස්, ඇහිබැම ත්‍රිමානත්වයෙන් යුතුව සිතුවම් කිරීම
  • නාසය, කට සහ නිකට තාත්ත්වික ලෙසින් සිතුවම් කිරීම
  • මාල පොට

අපහසුතා:

  • හිස් ආවරණයේ ඇති ලණු සැරසිල්ල

අඩුපාඩු:

  • මුහුණේ මස්පිඩු පිහිටා ඇති විදිය නිරූපණය වෙලා නැහැ නොවැ
  • ඇඳුම තාත්වික මදි වගේ

ඔන්න ඔය විදියට තමයි චොං සු ගෙ සිතුවම නිමා වෙන්නේ. ඊලගට පිපෙන්නෙ ඉතා සුවිශේෂී මලක්. 
ලස්සන දවස් ගොඩාක් උදාවේවා  හැමෝටම !

5 comments:

  1. මේක මගේ දුවට කියල දෙන්න ඕනේ. එයා හොඳට චිත්‍ර අඳිනවා. ඉංග්‍රීසියට පරිවර්තනය කරන එක තමා වැඩේ. ඔය ඉන්රිසියෙනුත් ලියනවද?

    ReplyDelete
  2. ඇත්තටම කිව්වොත් මට තාම හොඳට චිත්‍ර අඳින්න බෑ කියලයි මට හිතෙන්නෙ.

    ඉංගීසියෙනුත් ලියන්න ආසයි. මගෙත් ගොඩක් පිටරට යාළුවෝ ඉන්නව. ඒත් වෙලාව හොයා ගන්න එක තමයි ටිකක් අමාරු. කොහොම හරි වෙලාව හොයාගෙන ලියන්න ඕනි. මම ලියල කියන්නම් එතකොට ඔයාගෙ දූට කියවන්න පුළුවන්.

    ReplyDelete
  3. අජිත් මහත්තයෝ ස්තුතියි

    ReplyDelete