Monday, August 11, 2025

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංශෝධනයක් අවශ්‍යමද? – වසර 12ක අධ්‍යාපනය සහ A/L සීමා පිළිබඳ විචාරයක්

 

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන පද්ධතිය යටතේ, සිසුන් 13 වසරක් පුරා පාසල් අධ්‍යාපනය ලබති. A/L විභාගය සමත්ව විශ්වවිද්‍යාලයකට පිවිසීමට සිසුන්ට වසර 20-22 වයසත් දක්වා යාම අසාමාන්‍ය දෙයක් නොවෙයි.

කෙසේවෙතත්, බොහෝ විදේශ රටවල සිසුන් වයස අවුරුදු 17-18 දී විශ්වවිද්‍යාලයට පිවිසෙමින්, උපාධිය අවසන් කරන විට වයස 21-22 අතර වේ. මෙය ශ්‍රී ලංකාවේ තරුණයින්ගේ වටිනා කාලය – විශේෂයෙන්ම සමාජ, ආර්ථික, වෘත්තීය දියුණුව සඳහා වැදගත් විය යුතු කාලය – වැඩි වශයෙන් අධ්‍යාපනයට පමණක් වැය වීමක් ලෙස සලකා බැලිය හැක.

ඒ නිසා, පහත සංශෝධන තුනක් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය:


1. පාසල් අධ්‍යාපන කාලය වසර 13කින් 12ක් දක්වා සීමා කිරීම

මෙම වෙනසින් ලැබිය හැකි වාසි:

  • තරුණ විය උපයෝගී කරගැනීම: සිසුන් වයස අවුරුදු 17-18 දී විශ්වවිද්‍යාලයට පිවිසෙන්නට හැකි වන අතර, වයස 21-22 දී උපාධියක් ලබා රැකියා වෙළඳපොලට පිවිසෙන්නට හැකියාව ලැබේ.

  • කාලය හා සම්පත් ඉතිරි වීම: තවත් එක් වසරක් පාසල් අධ්‍යාපනය සඳහා වැය නොකිරීමෙන්, සිසුන්ටත්, පාසල් පද්ධතියටත්, රජය හා පවුල්වලටත් මූල්‍ය සහ කාල සන්සුන්කමක් ලැබේ.

  • ජාතික ආර්ථිකයට දායකත්වය: වැඩි වයසකදී රැකියාවට පිවිසෙන තරුණයන්ට වඩා, අල්ප වයසේ සිටම ආදායම උපයන තරුණයන් රටේ නිෂ්පාදන ශක්තිය වැඩි කරයි.


2. විශ්වවිද්‍යාලය ප්‍රවේශය සඳහා A/L විභාග වාර ගණන සීමා කිරීම – වාර 1ක් හෝ උපරිම වාර 2ක්

දැනට, සිසුන්ට වසර 3ක් (තරඟ අවස්ථා 3ක්) දක්වා A/L විභාගය නැවත නැවත කිරීමට හැකියාව ඇත. නමුත් මේ පද්ධතියෙන් සිසුන්ගේ කාලය බෙහෙවින් විනාශ වන අතර, තරඟකාරීත්වයද වැඩි වෙයි. එමඟින් සිසුන්ගේ තරුණ විය අධ්‍යාපනයට පමණක් වැය වෙමින්, වෘත්තිය දිශානතියක් නොමැතිව මැලියෙනවා.

ඒ වෙනුවට, A/L විභාගය සදහා වරයකට (1 attempt) හෝ උපරිම වර 2ක අවස්ථාවක් පමණක් ලබාදිය යුතුය.

මෙයින් ලැබිය හැකි වාසි:
  • අධ්‍යාපන කාලය වේගයෙන් අවසන් කිරීම: විභාගය නැවත නැවත කරන්න නොහැකි වීම නිසා, සිසුන් අවධානයෙන් පිළියෙළ වීම, සහ වේගයෙන් උපාධියකට පිවිසීම සිදුවේ.

  • විශ්වවිද්‍යාලය සඳහා සුදුසු සහ කැමති සිසුන් පමණක් තෝරාගැනේ: වාර සීමාවක් තිබීම නිසා, ඇත්තෙන්ම උසස් අධ්‍යාපනය සඳහා කැමැත්ත සහ තීරණාත්මකත්වය ඇති සිසුන් පමණක් නිවැරදි විෂය තෝරා ඉගෙනීමට පියවර ගනී.

  • වෙනත් අය සේවා වෙළඳපොලට වේගයෙන් පිවිසෙයි: විභාගය නැවත නැවත කිරීමට කාලය වැය නොකර, වැඩි හෝ වෘත්තීය පුහුණු මාර්ගයක් (TVET, entrepreneurship, වෘත්තීය පාඨමාලා) තෝරාගැනීමට හැකියාව ලැබේ.

  • සම්පත් ඉතිරිවීම: පවුල්වලටත්, රටටත් ආර්ථික හා මානසික බර අඩු වේ.


නිගමනය

අධ්‍යාපනය යනු තරඟයක් නොව, ජීවිතයට සූදානමකි. එය කාර්යක්ෂමව, සාරවත් ලෙස සිදු කළ යුතු ක්‍රියාවලියකි.

අධ්‍යාපන කාලය වසර 12කට සීමා කිරීම,
A/L වාර 1ක් හෝ 2ක් පමණක් අවසර දීම යන යෝජනා, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය වඩාත් සාධාරණ, කාර්යක්ෂම සහ ජාතික ව්‍යාප්තියක් ඇති පද්ධතියක් බවට පරිවර්තනය කරනු ඇත.

මෙවැනි සංශෝධනයකින්, තරුණයින්ට ඔවුන්ගේ වටිනා තරුණ විය අරමුණු සහිතව, වෘත්තීයමය දියුණුවකට යොදවාගන්න හැකියාව ලැබේ.

Saturday, September 21, 2024

කාලෙ හරි


චන්දෙ දෙද්දි රට ගන ටිකක් හිතලා චන්දෙ දෙන්න කාලෙ හරි 

නාස්තිය දූෂණය වන්චාවට තිත තියන්න කාලෙ හරි 

ප්‍රතිපත්තියක් තියෙන දැනුම තියෙන මිනිස්සුන්ට එකතු වෙන්න දැන් කාලෙ හරි 

නිල් කොළ රතු පරම්පරාවෙන් ආව පක්ෂය අත් හරින්න කාලෙ හරි

රටේ නිතියට යටත් පාලකයෙක් එන්න කාලෙ හරි

රටක් වශයෙන්  දැක්මක් අතිව ඉදිරි ගමනක් යන්න කාලෙ හරි

නොයෙකුත් ක්ෂේත්‍ර වල ඉදිරි ගමනට උපාය මාර්ග සලස්වන්න කාලෙ හරි 

වෙනසක් කරන්න වැටිච්ච රට ගොඩ ගන්න කාලෙ හරි 

ඉවර කරන්න නිකං දෙනකන් බලා හිටපු කාලෙ හරි

කව්රු හරි අවිල්ල මොනාව හරි කරාම හරිය යි කියලා බලා ගෙන හිටපු කාලේ ඉවර කරන්න කාලෙ හරි

රට අන්ත දුප්පත් තැනකට ගෙනාපු අය ගෙදර යවන්න කාලෙ හරි


මෙත්මා

2024

සැප්තැම්බර් 7


Tuesday, August 6, 2024

වත්තට ආ විහඟුන්ට

සිටියත් මල් පැණි බී
ආවොත් අද වරදි
ඈතට යන්න ගිලී
තුරු වදුලේ සැඟවී


කීචි  බීචී ගාලා
විහඟුන් හඬ නගලා
කුරුමානන් අල්ලා
පූසි එයි දුවලා


මෙත්මා
සැප්තැම්බර් 11, 2023

කවිය අහන්න

මා දුටු සැන්දෑවක්

පෙළින් පෙළට නිවහන් දිස් වේ මට දකුණින්
දොරින් දොරට වාහන නවතා ඇති නිතැතින්
පෙළින් පෙළට ගස් හදලා තියේ මට වමින්
උසින් උසට වැඩි ඒ ගස් පිරිලා කොළවලින්
ගසින් ගසට පියඹා යන කුරුල්ලෝ නිතැතින්
කියනේ මට සැන්දෑවක අසිරිය සතුටින්

කවිය අහන්න

ඔක්තෝබර් 2023
මෙත්මා










Wednesday, July 31, 2024

හවසක සිරි : නොනියා නොනියා

ලඟින් ඇවිල්ලා නිදාන ඉන්නා
නොනියා නොනියා නොනියා පුසි නොනියා \\
රූප බලන්නට අපි වාඩි වූ සඳ 
පොරව පොරව සීතලට රෙදි පොරවා ගෙන \\
විවේකයක් ගෙන සැඳෑ සුව විඳින්නට
කරල කරල කරලා වැඩ ඉවර කරලා \\
බිම වැටි රෙද්දේ කොනක ඈඳි ගෙන 
නොනියා නොනියා නොනියා පූසි නොනියා
ලඟ ඉන්නට ආසයි පූසි නොනියා
නොනියා නොනියා නොනියා කළු නොනියා
ඥාව් ඤව් ඤාව් ඤාව් ගාන්නා
නොනියානොනියා නොනියා සිල්ලී පූසා


පය හිරි වැටුනම මා නැගිටින සඳ
පැනල පැනල පැනලා පූසි පැනලා \\
හිරි අරිනවා අනේ නැට්ට උස්සගෙන
බලලා බලලා බලලා වටපිට බලලා \\
කෑම මතක් වී එය රහ බැලුමට
බළලා බළලා බළලා යනව කන්නට
නොනියා නොනියා නොනියා පුසි නොනියා 

නොනියා නොනියා සිල්ලි නොනියා 


ජූලී 29, 2024
මෙත්මා

කවිය අහන්නට








Sunday, July 28, 2024

මඤ්ඤොක්කා හීලට

හතරට නැගිටලා ලොකු වතුර මුට්ටියක් උණු කරලා
මඤ්ඤොක්ක කපා උණු වතුර නටන හැලියට දමලා
හොඳින් තම්බලා ලුණු දාලා දිය පෙරා
පොල් කවලම් කරලා රැගෙන යනවා දන් නිසා


මෙත්මා
ජූලි 28, 2024




Saturday, July 27, 2024

අපි අඳින ඇඳුම් කියන්නේ

අපි අඳින ඇඳුම් කියන්නෙ අපේ ජීවිතවල සරල බව පොරොන්දු 
අපි කන කෑම කියන්නෙ අපේ ජීවිත සුවපත් කරපු බොහෙත්
අපි කරන කථා බහ කියන්නෙ අපේ මුතුන් මිත්තන්ගේ සිරිත් විරිත්
අපේ ගති පැවතුම් ඇවැත් පැවැත් උනේ ඒ මුතුන් මිත්තන්ගේ ඇදහිලි විස්වාස


ජූලි 27, 2024
මෙත්මා




Wednesday, July 24, 2024

බඩගින්නේ මම

බඩගින්නේ මම ඇවිදන් යනවා
බර අඩු කෙරුමට කැලරි දහනයට
සීතල සුළඟක් ගත දැවටෙනවා
විසිතුරු ගස් මල් මට දිස් වෙනවා


මනසේ සුවයට ගතේ සැනසුමට
ඇවිදන් යනවා උදේ පාන්දර 
මේඝ වළා පාවෙයි හනි හනිකට
වැස්ස වැටේවිද මා යන්නට පෙර


මෙත්මා
ඔක්තෝබර් 5, 2023

කවිය අහන්න








Monday, July 22, 2024

බිංදු බිංදු පොද වැස්සක්

බිංදු බිංදු පොද වැස්සක් ඔන්න කඩා හැලෙනවා
ඩිංග ඩිංග වහල දිගේ වතුර ගලා ඇදෙනවා
හැඩට පිපුණු කහ මල් ටික හෙමින් හෙමින් හැලෙනවා
රතු ගිරවුන් දෙදෙනෙක් විත් කීචි බීචී ගයනවා


ඔක්තෝබර් 4, 2023
මෙත්මා 

කවිය අහන්න




Sunday, July 21, 2024

සුළඟක් හමා යයි

සුළගක් හමා යයි මා ගත දැවටීලා
සීතල නෑ දැනුනේ සිසිලයි ගෙන එන්නේ
දළු දාමින් මේපල් ගස් පිබිදෙන්නට යනවා
මල් පිපෙන්න දවසක් දා පොහොට්ටු ලොකු වෙනවා

කවිය අහන්න


ඔක්තෝබර් 4, 2023
මෙත්මා