Tuesday, February 9, 2016

සුරංගගෙ ඇඩ් කයියට කොමෙන්ට් කයියක් ඇඩ්එකක් විදියට


             බ්ලොග් ලියන්නට ගත්තේ මේ දෙසැම්බරේ

             චිත්‍ර ටිකක් ගෙන ආවා සැරින්          සැරේ

             යාං හෑලි ලියන සුරං                    රත්නපුරේ

             රසම රසට කයි ලියලා මෙදා              සැරේ



             කයි කීවම මොනවා කන්නද            බැලුවා

             ශ්‍රංගා කාපූ කෑමක් වත් දෝ             බැලුවා

             එකක් දෙකක් කියවනකොට පද        ඇදලා

             තියේ බොලේ කවියෙන් ඇඩ් හැඩ     දමලා



             පුංචි කාලෙ උනු විත්තර ලියන             එකා

             කයියක් ගොතා ගෙයි විස්තර කියනු     සිතා

             ටීවී එකේ ඇඩ් ගැන ඇඩ් එකක්            දමා

             මැව්වා සිනා සාගරයක් අපෙ             ශ්‍රංගා



             ශ්‍රංගා කියයි හැඩ දා ලස්සන            කරලා

             ඇඩ් හොඳයිලු නාටකයට වඩා           මෙදා

             ගිහිංබලන් ඇඩ් කියන්නෙ මොනා      කියා

             හිනා වේවි බඩ අල්ලං අනේ                ඔයා



             කයිත් ඇහුව මේ වගෙ කයි අහල       නැතා

             කවිත් ලීව මේ වගෙ කවි ලියල          නැතා

             ඇඩුත් බැලුව මේ වගෙ රස දැනිල      නැතා

             හෑලි හොඳා කවි ඊටත් වැඩිය            හොඳා



             කීවේ නෑ කියල ආයේ කියනු               එපා

             ඇඩ් විස්තරේ තව කොටසක් දානු     හොඳා

             චූටි මැණිකෙ හා සමගින් පවුල්           කකා

             ඉනුමැන සුරං ඇඩ් බල බල හිනා        වෙලා






22 comments:

  1. පිලිතුරු කවියනම් මාරයි
    සුරනයට දෙවනි නෑමයි
    චිත්‍රයක් උස්සන් එන විට
    කවියකුත් ගොතලාම ගේන්ට

    සුරනයා කයි එහේ කියයි
    අපූරී කයි මෙහේ කියයි
    අත් අරිනන්නේ නරක ළමයි
    දිගටම ලියමු මම කියයි.

    මෙතන කවියකින් පිලිතුරු දෙන්න ගිහිල්ලා හැඩි උනාද මන්දා...කවි ටිකනම් මල් හතයි.

    ReplyDelete
    Replies
    1. මින් පසු මිත්‍රයේ
      හැමදාමත් වගේ
      දෙන්නම් විස්තරේ
      කවියෙන් චිත්‍රයේ

      සුරංගෙ කවි කියා
      පෙර කවි සිහි වෙලා
      පොඩි කවියක් ලියා
      දැම්මයි මම මෙදා

      ඔබෙ කවි පිළිතුරු
      හරි වටිනව මිතුරු
      හැඩිවී නෑ අඳුරු
      අගනේමැයි සොඳුරු

      Delete
  2. කවි ටික මරු හලෝ.... ජය වේවා අක්කිට !!!!

    ReplyDelete
    Replies
    1. දානවකෝ ඕක සිව් පදේකින්.. (සක්.. මෙලෝ රහක් නෑ)

      Delete
    2. කවියක් කර හලෝ
      කියහං භාගියෝ
      එතකොටනේ හලෝ
      මරු වෙන්නේ නගෝ

      Delete
  3. මා වැනි කුමන්දා
    දුක් සැප ළඟට කැන්දා
    වර වර බිළින්දා
    මේ... මේ... අනේ මන්දා

    ReplyDelete
  4. අපුරුවට සිතුවම් ඇඳගෙන හිටිය..
    මෙත්මා.. මෙන්න කවි හරඹේට ඇවිදින්ය..
    ශ්‍රංගා ගෙනා ඇඩ් කයියට පිළිතුරුය..
    අදනම් කට පියන් මට ඉන්නට බැරිය..

    ඉස්සර මමත් ඔහොමයි කවි කටට උනයි..
    දැන් කවි ගඟුල වියලී පණ ගැහෙන හැඩයි..
    කවියට කවියකින් පිළිතුරු දීම සුභයි..
    තව කවියෙකුට දිය හැකි උපරිමය එයයි..

    සිතුවම් සමඟ තව තව කවි ලියවෙන්න..
    දානෙට පිනට ලැදි ඔය සිත සැනසෙන්න..
    අපූරුවට අපූරු මල් සරසන්න..
    නැගණිය ඔබට ජය! මුළු ලොව ජය ගන්න..

    - කල්‍යාණ මිත්‍ර

    ReplyDelete
    Replies
    1. ඉස්සර නං කවි ලිව්වා ම්ං නිතර...
      බැරි උනානි කවි ලියන්න සිට කලක...
      මේ කවි ලීවෙ මං නවසකින් විතර...
      සුරංගේ කවියි දුන්නෙ අත මිතුර...

      මුල ලස්සන මැද ලස්සන ඔබේ කවී
      පද ලස්සන අරුත් ලස්සන ඔබේ කවී
      හිත ලස්සන වැඩ ලස්සන ඔබේ හැටී
      හරි ලස්සන වෙයි ලස්සන රටක් වටී

      Delete
    2. හිත ලස්සනයි වැඩ ලස්සන කීවාම
      කෙනෙකුට හිතෙන්නට පුළුවන්නේ මෙහෙම
      මේකා හෙනම් කළු වලහැඩියෙක් තරම
      කැත ඇති ඒකනේ ඈ කීවෙ ඔහොම.. :)

      ඇත්තක් නැත්තෙමත් නෑ ඒ කතාවේ
      සමහර පොඩි එවුන් මා දැක්කම බයවේ..
      එහෙම උනත් අපි පෙම් කල වතාවේ..
      ගෙදර උන්දා මං හරි හැඩ යැයි කිව්වේ.. :)

      Delete
    3. ඒක නෙවෙයි මං කීවේ අය්යන්ඩී
      කරනා චැරිටි වැඩ ගැනනේ හරි හැන්ඩී
      දෙන්නේ මොටද ඔබ මේ හැටි මොරහැඩී
      කවුරුන් කියන්නේ ඔබ කලු වලහැන්ඩී



      Delete
  5. මට නම් කවි පද ලියන්න කියා කියන්නවත් බැරිය. එත් ඔබ ලියු කවි පද අනර්ගය.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මොනදේකටවත් නොසැලෙන අපේ සලී
      කවි ගොතන්න බෑකියලා ඔන්න සැලී
      සැලී නොඉද බ්ලොග් ලියන්න ආව සලී
      සැලී නොඉද කවි කියන්න එන්න සලී

      Delete
  6. කවි වැල් දැන්. මට නිකන් මැවිලා පේන්නේ රබානක් අරගෙන සුරන්ගයයි මෙත්මයි බදුල්ලේ කවි මකියනවා. කල්යන මිත්‍රත් මාර කවි කාරයෙක් වෙලානේ.

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර කවි කාරයෙක් වෙලා හිටියේ ඉස්සර.. දැන් ඒ කලාහිත තමයි charityහිත වෙලා තියෙන්නේ..

      Delete
    2. සුරං සමග කමිය එක්ක එකතුවෙලා
      බදුල්ලෙ අපි කවි කියන්නෙ හැඩ දමලා
      කවි කිව්වොත් ඔක්කොම වැඩ අතහැරලා
      අපිටත් ඉතින් රබානයක පිහිට තමා

      කමිගෙ කවි මම දැක්කේ ලඟදි අනේ
      හරි ලස්සන කවි තිබුනයි කලා හිතේ
      පුණ්‍යකර්ම කරනා ඔය අතරතුරේ
      දිගින් දිගට කවි ලියහං කලා හිතේ

      Delete
    3. සපුරා වෙතත් හතලිස්....... ඇඳිරිය තරම
      පුපුරා හැලේ කවි හිත..... තරුණය තවම
      නොපුරා පිරු පෙරුම් කවියෙකු ලෙස අරුම
      වපුරා කලාහිත....... සුව විඳිනෙමි පරම

      හේමන්තයේ පිපි.... හිනැහෙන මල් කැකුළු
      අරුමෙන් බලයි දෙස.... මේ වයසක මුකුළු
      හිත ඇති 'කමි' ජයගෙන ඝන කළු මෙ'කුළු
      එමි.. කවි සටන් බිම ජයගමි.... නෑ විහිළු :)

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. අපූරුවට පිපි හිනැහෙන මල් කැකුළු 
      හේමන්තෙත් පිපෙයි හිනැහෙයි ඒ කැකුළු 
      කවි කියන්න හිත නිවෙන්න නොවැ යහළු 
      සටන් කරන්නේ මොටදැයි කර විහිළු

      කවි ලියනා කවි ගයනා අතරතුර
      කවි අසනා කවි කියනා මොහොතකට 
      හිත නිවෙනා රස මැවෙනා අරුමයට
      ඉඩ තිබනා තැන ලියනා කවි සුමට

      Delete
  7. යං හෑල්ලේ දාලා තිබ්බ ඇඩ් ටික බැලුවා
    නෝනා දාලා තිබු ඇඩ් එක දැක මෙහි ආවා
    දිගටම එන්ට හිතාගෙන ෆාලෝවු කරා
    අන්තිම පදේට ලියන්ට දෙයක් නෑනේ මෙයා (තිතක්)

    ReplyDelete