Friday, October 21, 2016

20: යුන් සි යුන් Yoon Si Yoon

ආයුබෝවන්! 

ගොඩාක් කාලෙකට පස්සෙ ඔන්න අදත් ආවා චිත්‍රයක් අතින් ගෙන. සිනාවකින් මුව සරසා ගත් මිනිසුන්ගේ රූප අඳින කලාවෙන් ටිකක් වෙනස් වෙන්න මට මේ සැරේ පොඩි අවස්ථාක් හම්බවුණා. ඇත්තටම ඒක මගේ උවමනාවෙන් කරපු දෙයක් නම් නෙවෙයි. 'ද මිර්රර් ඔෆ් ද විට්ච්' කියන කොරියානු ටෙලි නාට්‍ය බලද්දී, 'හ්‍යෝ ජූන්' කියන චරිතය සිතුවමට නඟන්න මට ඕනි උනා. මේ චරිතය නිරූපණය කරන්නේ 'යුන් සි යුන්' කියන රංගන ශිල්පියා. එයා හිනාවෙද්දී හරිම ලස්සනයි. ඒ උනාට එයා නම් එක මොහොතක් එක් විදියකට ඉන්න පුළුවන්  කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට කොහෙත්ම හැකි උනේ නෑ එයාගෙ අලංකාර හිනාව රූප රාමුවකට කොටු කර ගන්න. ඒ නිසා අන්තිමේදි මට සිද්ද උනා  මේ පින්තූරෙන් මම සෑහීමකට පත්වෙන්න.

කොහොමද මේ සැරේ මගේ වෑයම කියලා කියන්නකෝ.


මම මුලින් කීව  වෙනසට අමතරව තවත්  වෙනසක් තියෙනවා මේ චිත්‍රයේ. ඒ තමයි මම මේ චිත්‍රය ඇඳපු ආකාරය. කලින් හැම වතාවකම මම කලේ, පැන්සලක් භාවිතයෙන් මුලින් ආදාරක රේඛා ලකුණු කරලා, ඊ ලඟට පැන්සලෙන්ම කටුවට රූපය මතුකරගෙන, වැරදි අඩුපාඩු හදලා, විස්තරත් ඔක්කොම ටික ලකුණු කරාට පස්සේ ගල් අඟුරු පැන්සල හා ගාල් අඟුරු කුඩු භාවිතා කරලා පින්තූරෙට පණ පොවපු එකනේ. ඒත් මේ සැරේ මුල් රේඛා අඳින්න විතරමයි මම මිනිරන් පැන්සල ගත්තේ. වෙනත් විදියකින් කියනවනම් මට ඕනි උනේ ගල් අඟුරු භාවිතා කරන හරිම ක්‍රමයට භාවිතා කරන්න.

මම හිතනවා මට මේ සැරේ ලොකු පිම්මක් පනින්න හැකි උනා කියලා. මේ පින්තූරයේ නිමාව අනිත් ඒවට වඩා ටිකක් වෙනස්. එහෙම් උනේ, ගල් අඟුරු පැන්සලට අමතරව මම වයින් චාර්කෝල් (vine charcoal) කූරක් භාවිතා කල නිසයි. මේ වයින් චාර්කෝල් හරිම මෘදුයි.  ඒ නිසා පාට පතුරුවා හරින්න හරි ලේසියි ( හරි ක්‍රමේ දන්නවනම් ලේසියි, නැත්නම් වැඩේ අල්ලගන්නකං ටිකක් අමාරුයි).  ප්‍රශ්නෙ තියෙන්නේ වයින් චාර්කෝල් ගොඩාක් මෘදු නිසා ලොකු අවධානයෙන් ඉන්න ඕනි නිතරම.

ඔයාලට හිතෙන විදියට මොනවගේ අවස්ථාවකටද මේයා මූණ දීල ඉන්නෙ? එයාගෙ මූණේ මොනාද ලියවිලා තියෙන්නේ? ඇත්ටම කීවොත් එයා ඉන්නේ යම් කරදරයක් වේදෝ යන බියෙන් සහ තරහෙන්, සටනකට සූදානමින්.  එයාගේ ඒ ඉරියව් එයාගෙ මූණ පුරාම පැතිරිලා තියෙනව: එයාගෙ ඇස් දෙකේ, නළල් තලයේ, මුඛයේ, කම්මුල් වල හැම තැනම.  ටිකක් මහන්සි වෙන්න උනා මේ චිත්‍රය අඳින්න. මොකද ඒක ටිකක් වෙනස් විදියේ එකක් නිසා. ඇස් දෙක, කට, කම්මුල්,  කොණ්ඩය, සහ බෙල්ල ගැන නම් සතුටුයි. එයාගෙ ඇදුමනම් එච්චර හොඳට ආවෙ නෑ. 

ආයෙ දවසක හමුවෙනතුරු ඔබට ජය!

Welcome!

I came to you again with a new portrait. This time, I could able to deviate from my conventional smiling portrait style, thanks to Yoon Si Yoon. I did not do it intentionally. Actually, I had no option. I wanted to sketch Heo Jun's character from the Korean drama 'The mirror of the witch'. I really love this character. Especially, when he smiles. I don't know why, but for some reason, the actor 'Yoon si Yoon' who plays the role of Heo Jun's character rapidly varies his facial expressions. So I could not catch his smile. Therefore, I had to satisfied with this picture.

So Tell me what do you think about this.





There is another specialty in this portrait. That is the way I did it. Usually, I use a pencil a lot for initial steps of the sketch. For an example, I use a pencil to draw the center lines, to draw the outlines of the figures, and also to draw to the final version of features. However, in this portrait, a pencil was only used to draw the center lines. Everything else was done with a vine charcoal stick and a charcoal pencil. 

What  kind of situation this guy is in? What do you think about his expressions? Actually, he is scared and angry too. He is ready to fight against. Can you see it from my sketch? This portrait was a challenge for me since it is completely different from what I have drawn so far. However, I am happy about his eyes, mouth, cheeks, eyebrows, neck and hair. 

Have a nice day! 

2 comments:

  1. සංසන්දනය කරන්නෙ මොකක් එක්කද?

    ReplyDelete
  2. ඔන්න මුල් පින්තූරය එකතු කලා. ඒකත් එක්ක සංසන්දනය කරල බලන්නකෝ.

    ReplyDelete