Tuesday, August 6, 2024

මා දුටු සැන්දෑවක්

පෙළින් පෙළට නිවහන් දිස් වේ මට දකුණින්
දොරින් දොරට වාහන නවතා ඇති නිතැතින්
පෙළින් පෙළට ගස් හදලා තියේ මට වමින්
උසින් උසට වැඩි ඒ ගස් පිරිලා කොළවලින්
ගසින් ගසට පියඹා යන කුරුල්ලෝ නිතැතින්
කියනේ මට සැන්දෑවක අසිරිය සතුටින්

කවිය අහන්න

ඔක්තෝබර් 2023
මෙත්මා










1 comment:

  1. කවිය කියවන විට වරින් වර ලියූ කවිය දෙස බලන එක වලක්වන්න ක්‍රමයක් යොදාගන්නවනම් හොඳයි.

    ReplyDelete