ආයුබෝවන්!
ඈත අතීතයේ ඉදලම චිත්‍ර කියන්න අපි කවුරුත් අගය කරන කලාවක්. තාක්ෂනික දියුණුවත් සමග ලෝකයට බිහිවුනු කැමරාකරනය වඩාත් ස්වභාවික කලා කෘතියක් බිහි කලත් අදටත් සිතුවම් කලාවේ ජනප්‍රියත්වය කිසිම අඩුවක් වෙලා නෑ. ඒ සිත්තරුවාගේත් රසිකයාගේත් වින්දනය උසස් තත්වයකට ගෙන එමට සිතුවමකට ඇති අපුරු හැකියාව නිසයි.
මේ වසරේ මැද භාගය වෙන තෙක්ම සිතුවම් පිළිබඳ මා සතුවූයේ ඉතාමත් අල්ප දැනීමක්, ඒ මන්ද යත් සිතුවම් කිරීමට මට වූ නොහැකියාව නිසා මේ කලාව පිළිබඳව ආශාවක් නොමැතිකමයි. නමුත් මම බෙහෙවින් රසවින්දනය කල 'පේන්ටර් ඔෆ් ද වින්ඩ්' (바람의 화원) කොරියානු ටෙලි වෘතාන්තය මගේ හිතේ දැඩි ආශාවක් ජනිත කලා සිතුවම් කලාව පිලිබඳව. රජ කාලෙ හිටපු සිතුවම් කරුවන් දෙදෙනෙක්ගෙ කලා හැකියාවන් බෙහෙවින් පිළිඹිබු කරන, ඔවුන්ගේ ජීවන සිදුවීම් අලලා ගෙතුන ලස්සන කථාවක් එක. මේ කථාවෙන් තමයි මම ඉගන ගත්තෙ චිත්‍රයකට මොන තරම් වටිනාකමක් තියනවද, මොන තරම් දෙයක් කරන්න පුළුවන්ද කියල. එකතරා අවස්ථාවකදි එක ඇමතිකෙනෙක් මේ දෙන්නට අභියෝග කරනව එයාගෙ ළග ඉන්න මොනම හේතුවකටවත් හිනාවෙන්නෙ නැති, සිනහ වෙන්න අමතක වුනු දරුවෙකුට සිනහව උපදින ආකාරයේ සිතුවමක් පුළුවන්නම් අඳින්න කියල. ඉතින් ඒ අය අභියෝගය බාරගෙන චිත්‍රයක් අඳිනව. මේ මහාචාර්යවරයගෙ සිතුවම අතට ගන්න දරුවට හරිම සතුටු හිතෙනව, එයා ගොඩක් සතුටින් හිනාවෙනව, මොකද මේ සිතුවම බැලුවම එයාට මැවිල පේනව එයාගෙ අම්ම ඉන්න කාලෙ සතුටින් හිටපු විදිය.ඉතින් බලන්න දක්ෂ සිත්තරුවෙකුගෙ සිතුවමකට මොනතරම් දෙයක් කරන්න පුළුවන්ඳ කියල. තවත් අවස්ථාවකදි චිත්‍රයකට වටිනාකමක් එකතු කරන ගුනාංග ගැනත්, තවත් විටකදි චිත්‍ර ඔස්සේ හුවමාරු වූ රහස් පණිවිඩ ගැනත් මේ කථාවෙ සඳහන් වෙනව. මේ කථා වස්තුව බලලා ඉවර වෙනකොට මට හිතුන අනේ මටත් පුලුවන්නං මේ වගේ චිත්‍ර අඳින්න, මොනතරම් අපූරුද කියල. ඉතිං මම මේ ලිපි පෙළින් බලාපොරොත්තු වෙනව, මම චිත්‍ර අඳින්න පුරුදුවුන ආකාරය සරලවත්, විස්තරාත්මකවත්, රසවත් කථාන්දරයක් ආකරයෙන් ඔබ වෙත ගෙන හැර පාන්නට.
මුලින් මට විශ්වාසයක තිබුනෙ නැහැ මට සාර්ථකව ඉදිරියට යන්න වෙන්න පුළුවන් වෙයිද කියල. මේ අවථාවෙදි මට මත් උනා දක්ෂ කැමරා ශිල්පියෙක් වුනු මගේ යාළුවෙක්ව. එයා නමින් කළන ලක්ෂිත, අපිත් එක්ක ඇමරිකා එක්සත් ජනපදයෙදි එකට ආචාර්ය උපාධිය හදාරපු යාළුවෙක්. එයා ඒ ශේස්ත්‍රයට අවතීර්නය වුනු විදියත්, එයාගෙ ආශාවත් කැපවීමත් නිසා එයා දියුණු වුන විදිහත් මම අත් දැක්කා. අන්තිමේදි මම තීරනය කළා උත්සහ කරල බලන්න ඕනි කියල.
මට ඕනි උනේ, මට ආශා හිතුනෙ චීන පින්සල් තාක්ෂනය භාවිතා කරල නිර්මාණ කරන්න. නමුත් පින්සල් පිලිබඳවත්, චීන සහල් කඩදාසි පිලිබඳවත්, දිය සායම් පිලිබඳවත් මා සතු දැනුම අල්ප වු බැවින් මම අන්තර් ජාලයේ පිරීක්ෂා කලා. නමුත් මට පැහැදිලි අදහසකට එන්න බැරි වුනා. මේ වෙලාවෙදි මට මතක් වුනා ඇමරිකාවෙදි මගේ පස්චාත් උපාදියේ උපදේශක, ආචාර්‍ය් බිජෝයි ගෝශ් මට දවසක් දුන්න උපදෙසක්. "අනේ මට මේ මෘදුකාංගය තිබුනානම් මේක ලේසියෙන්ම කරන්න තුබුනා" කියල මම මැසිවිලි නගනකොට මහචර්‍ය්තුමා මට කීවා "මෙත්මා නැති දේ ගැන නෙවෙයි තියන දෙයින් වැඩේ කරන්න පුරුදු වෙන්න. ඔයාට පැන්සලක් කඩදාසි නිතරම හොයා ගන්න පුළුවන්, ඉතින් ඒවගෙන් පටන් ගන්න." මම හිතුව ඔව් මම පැන්සලෙන් චිත්‍ර ඇඳල බලනව මට පුළුවන්ද කියල. ඔන්න බලන්නකො ඉතින් මගෙ පැන්සල මුලින්ම ඇඳපු දේ.
මම මුලින්ම මගේ හිත නිදහස් කරගෙන හරිම නිස්කලංකව පන්සල හැසිරුවේ.මම අඳල ඉවර වෙල ඒ දිහා බලාගෙම හිටිය, මට එතකොට හිතුනා 'අනේ මොකද්ද මම් මේ ඇඳල තියෙන්න, මට චිත්‍ර අඳින්න බෑ මේක බොරු වැඩක් කියල'. කොකටත් කියල මම ඒක මගේ ස්වාමියට, දර්ශනට, පෙන්නලා ඇහුව කොහොමද කියල. එතකොට එයා කීව "ඔයා ඔය බෑ කිවුවට හොඳට ඇඳල තියෙන්නෙ. ඔයාට පුළුවන් චිත්‍ර අඳින්න". එයා පැවසූ දෙයින් මම පුදුමයට පත් වුනා. ඒ වදන් පෙළ මට ඉමහත් ධෛර්යයක් උනා. මම හිතුව මම තව එකක් ඇඳල බලනව කියල.
මේ වතාවෙදි මම මකනයකුත් පාවිච්චි කලා, එත් එක්කම උත්සාහ කරා ලස්සන නිමාවක් ගන්න. මම මේ පින්තූර දෙකේ ලොකු වෙනසක් දැක්ක. මම හිතුව මම තවත් උත්සහ කලොත් මොන හරි කරගන්න පුළුවන් වෙයි කියල. මේ තියෙන්නෙ මගේ ඊ ලග සිතුවම.
තුන් වෙනි චිත්‍රය නිමාවාත් සමගම මගෙ හිතට හොඳ ශක්තියක් ආව. ඇත්තෙන්ම මට සතුටු හිතුනා. මට මොකක් හරි කරගන්න පුළුවන් කියල හිතුනා. කොහොම නමුත්, මෙතෙක් ඇන්ද රූපවල මුහුණේ විස්තරවල ඌනතාවයක් මට පෙණුනා. මගේ අවදානය මුව මත කේන්ද්‍ර වෙන්න පටන් අරන්. ඇස්, කන්, නාස් වැනි මුහුණේ අවයව විස්තරාත්මකව අඳින එක තමයි මගේ ඊ ළග පියවර වුනේ. ඉතින් ඊ ළග ලිපියෙන් මම තවත් විස්තර ගෙන එන්නම් එ පිළිබඳව. සියලු දෙනාටම සුභ දවසක්!

Great...
ReplyDeleteThanks
Delete