Sunday, December 27, 2015

දෙවැන්න: යූ නෝ යුන් හො

මගේ දෙවැනි සිතුවමත් ' ඩයරි ඔෆ් ද නයිට් වොච්මන්' කථාවෙන්ම තමයි. මේ සැරේ මම ඇන්ඳෙ නයිට් වොච්මන් කෙනෙක් වූ 'මූ ස්යොක්' ගේ චරිතය. මේ චරිතය නිරූපනය කරන්නේ යූ නෝ යුන් හො (유노윤호), මම තවත් ගොඩාක් කැමති නළුවෙක්. මේ තියෙන්නේ මම ඇඳපු සිතුවම ( මුල් පින්තූරය මෙතනින් බලන්න https://i.ytimg.com/vi/iGW9EryJ-w4/maxresdefault.jpg  ).
කලින් පින්තූරය අඳින්න පටන් ගත් ආකාරයටම තමයි මේ පින්තූරයත් පටන් ගත්තෙ. යුන් හො ගෙ මුල් පින්තූරයේ පරිමාණය වෙනස්  කරල, මුලින්ම මැදි ඉර ලකුණු කරල, ඒ ඉර මත ඇහි බැම හරියෙන් නළල, නාසයේ අග, කට, නිකට, සහ හිස් මුදුන ලකුණු කළා, මුහුණේ හරස් අතට නළල, නහය, සහ කට ලගින් දුරත් ලකුණු කළා. දෙවනුව මුලු සිතුවමම කටුවට ලකුණු කලා, මෙතනනදි එක් එක් අවයවය, හිස පටිය, කොණ්ඩය එකිනෙක හා සසඳමින් ස්ථාන ගත කලා. ඊ ලඟට මුහුණ වට, අස්, නාසය, කට, කන්, සහ ඇඳුම පැහැදිලිව මතු කරල අරගත්තා.  අන්තිමේදි හැඩතල ස්මතු වෙන විදියට ආලෝකමත් සහ අදුරු තැන් වර්ණ ගැන්නුවා. මේ පින්තූරය දවස් දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත නිමා කරන්නට මට පුළුවන් උනා. මම ඉමහත් ප්‍රීතියකට පත් පත් උනා. මගේ උත්සාය සාර්ථකයි. මම අදටත් යුන් හො ගෙ පින්තූරට ගොඩාක් ආදරෙයි.

මම ඉගන ගත් දේ:
  • ක්‍රමානුකූල බව (චිත්‍ර ඇඳීමේ මූලික පියවර හදුනා ගැනීම )
  • සිනා මුසු මුව සිත්තම් කිරීම
  • ඇස, ඇහි බැම
  • ත්‍රිමානත්වය (බෙල්ල, නිකට )
  • නැවුම් සහිත ඇඳුම
අඩුපාඩු:
  • මුහුණට සාපේක්ෂකව හිස වීම
  • එක් කනක් ලොකු වීම
  • හිසේ ඉහළ කොටස පුළුල් මද බව
  • හිසේ බැදි පටිය තාත්ත්වික මදි
  • නාසයේ හැඩය 
මුල් පින්තූරයේ ස්භාවය සහ හැඩ රුව මා ඇඳි පින්තූරයෙන් මම දැක්කා, එනිසා මම ගොඩාක් සතුටු උනා ඒ වගෙම තව දුරටත් චිත්‍ර අඳින්න මම දිරිමත් උනා. මගේ ඊලග චිත්‍රයෙන් හමු වෙන තුරු සියලු දෙනාටම සුභ දවසක්.

5 comments:

  1. ලියමු ලියමු දිගටම ලියමු ජය වේවා !!!!
    ෆේස් බුක් එකෙන් ලින්කුව හොයාගත්තේ... ආයෙම එන්නම්කෝ

    ReplyDelete
  2. හේමමාලි භාග්‍යා තමයි පාර කියුවේ. ගමේ කෙනෙක් කියලා දැන ගත්තම තවත් සතුටුයි. :)

    චිත්‍රය නම් හැබැවටම අපුරු මලක්.. මටත් ඉස්සර චිත්‍ර අඳින්න ගියාම බලාගෙන අඳින චිත්‍ර විතරයි ටිකක් හරි අඳින්න පුළුවන්.. පරිමාණය ගැන අදහසක් තියෙන නිසා වෙන්න ඇති. නැත්නම් ඔලුව ලොකුයි කඳ පුංචියි.. කාලෙකින් චිත්‍රයක් ඇන්දේ නැහැ.. බ්ලොග් ලිවිල්ල නතර කරපු දවසට විනෝදාංශයක් විදියට චිත්‍ර අඳින්න ඕනි. :)

    දිගටම ලියන්න. චිත්‍ර ගැන විතරක් නෙවෙයි හිතෙන හැම දේම . ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිරිගැන්වීම් වලට කලනසිරි, ඔයාගෙ බ්ලොග් එක මොකක්ද?

      ලියන්න දේ නම් දාහක් තියෙනව, ඒත් අපේ මේ කාර්ය බහුල ජීවිතයත් එක්ක වෙලාවක් තමයි නැත්තෙ. මේ චිත්‍ර ගැන ලියන එකේ අරමුණ, මොනාහරි දෙයක් කරන්න ආස උනත් පටන් ගන් නැතුව ලත වෙවී ඉන්න කෙනෙක් ඉන්නවනම් එයාලව දිරිමත් කරන එක.

      Delete