Sunday, April 24, 2016

ආදරය

ආයුබෝවන්!

කලින් වතාවෙ නංගිට (භාග්‍යා හේමමාලිට) කවියක් ලියල දුන්නනේ, ඉතින් අපේ මල්ලිත් නහයන් අඬ අඬා හිටියෙ, "අනේ අක්කෙ මටත් කවියක් ලියහන්කො බං" කියල. මම මේ කීවෙ අපේ සලිත ගැන. අර බ්ලොග් එකක් ලියන්නෙ 'අපි තොපි' කියල, ආන් ඌ ගැන. ආදර කථා ලියන්න තමයි මිනිහ වැඩිපුර කැමති. කොහොමින් කොහොම හරි එයාගෙ, 'චානකගේ ආදර කතාව 1', II කොටස් කියෙව්වට පස්සෙ ආදරේ ගැන කවි පෙළක් ලියන්න ඕනි කියල හිතුන (දම් පැහැතැන් හරහා එයාගේ බ්ලොග් එකටත් එයාගෙ ලිපියටත් යා හැකිය). ආදරේ හදවතට දැනෙන විදියට එයා කාථාව ලස්සනට ලියල තියෙනව. හරි හරි වැඩි කථා ඕනි නෑ, කෙලින්ම කවි වලට;



සිතක උණුසුම රඳන
සිත් සතන් පුබුදුවන
සිතක සිහිලස දනන
එසිත තනිකම මකන

අඳුරු දිවි සොඳුරු කල
රුදුරු සිත් සුමුදු කල
තැවුනු සිත් සතුටු කල
නිබඳ සිත් සුවඳ කල

ඇති කල එක ලෙසක
නැති කල වෙන විලස
තෙදින් සිත් පිරිමදින
තදින් සිත් රිදුම් දෙන

විටක උණුසුම රඳන
විටක ගින්නෙන් දවන
විටක සිසිලස දනන
විටක ගල්සේ මිදුණ

සිත් සතන් පුබුදු වන
පිබිදි සිත් හකුළුවන
තුටින් පුරවා තබන
දුක්ඛ ගංගා මවන

විටක සිත් පහන් කල
නමුදු දිවි අඳුරු කල
සිනා සයුරක් මැව්ව
මුත් කඳුලු බිදු රඳන

සොඳුරු ලෙස සනසනා
කටුක වී හඬවනා
සෞම්‍ය වී පැමිණෙනා
රුදුරු වී හැර යනා

සොම්නසේ හැඩ මැව්ව
දොම්නසේ ගති කිව්ව
මුව නැගුණු හසරැල්ල
බිම හැලුණු කඳුලැල්ල

ප්‍රබෝධය ගෙනෙනවා
වගෙම සිත දවනවා
මෘදු මෙළෙක දැනෙනවා
වගෙම සිත තවනවා

තිස්සේම ලඟ ඉදන් හිනැහිලා
රිදුම් දේ පාළුවේ තනිවෙලා
සුවහසේ සිහිනසේ සතපලා
දුක් වුනේ රෑ පුරා නිදිවරා

සෞම්‍යයෙන් පිරි සොභා
බිඳ මවයි රුදුරු ඝන කළු වලා
බලන් ගැඹුරින් සිත යොමා
සෙනෙහේ කුමක්දෝ කියා




Thursday, April 21, 2016

15: යූ ෂි ජින් (Yoo Shi Jin)


ආයුබෝවන්! (English version at the bottom)

ආචාර්‍ය බිජෝයි ගෝෂ්ගෙ පින්තූරෙ අඳින්න මට ගොඩාක් කාලයක් ගත උනා, මොකද කියනව නම් මම පහුගිය ටිකේම ගොඩාක් කාර්‍ය බහුල වෙලයි හිටියෙ, ඒ නිසා මම ගොඩාක් මහන්සියෙන් හිටියෙ. ඉතින් මම මගේ විඩාව නිවාගන්න ආයෙන් කොරියන් කථා බලන්න පටන් ගත්තා.  ඉතින් ඔයාලට ඉදිරියේදි නවතත් කොරියන් නළු නිළියන්ගෙ චිත්‍ර කීපයක් බලාගන්න පුළුවන් වේවි. 

පහුගිය දවස්වල බල බලා හිටිය 'ද ඩිසෙන්ඩන්ට් ඔෆ් ද සන්' 태양의 후예 කියන කොරියානු නාට්‍ය මාලාවේ 'යූ ෂි ජින්', 유시진 කියන චරිතය මට අඳින්.....නම ඕනි උනා. ඉතින් මං ඇන්ඳ. මේ ටෙලි නාට්‍ය නම් මාරම ලස්සනයි. මම ගොඩක් වෙලාවට බලන්නෙ රජ කාලෙ කතා උනත්, මේ කථාවෙ වෙළද දැන්වීම දැක්ක ගමන්ම මට තේරුණා මේක නම් එළකිරි කථාවක් කියල. මම ගොඩාක් ආසාවෙන් නරඹපු ලස්සනම ලස්සන කථාවක් ඒක. මේ කථාව ලෝකෙ පුරාම ගොඩාක් ප්‍රචලිත වෙච්ච ඉතා විශිෂ්ඨ ඝනයේ එකක්. ඔයාල ඒක තවම බලල නැත්තන්, මෙන්න මෙතනින් යන්න පුළුවන් ඒ කථාව තියෙන වෙබ් අඩවියකට. 

කලින් මාස හතරකටම මම ඇන්ඳෙ පින්තූර දෙකක් නිසා මේ පාර මට ඕනි උනා ඉතා ඉක්මනින්ම චිත්‍රයක් ඇඳල දාන්න. ඒ නිසා, යූ ෂි ජින්ෂිගෙ පිතූරය ඉක්මනට අඳිනව කියල හිතල, පටන් ගත්ත අඳින්න. මෙන්න එතකොට මගේ චාකෝල් පැන්සල මගේ ලඟට ඇවිත් අහනව;

"ඇයි අනේ මාව අතෑරල දාල තියෙන්නෙ? මාත් ආසයිනෙ මගෙ වැඩ පෙන්නන්න. අනේ මේ මාවත් ගන්නවකො හලෝ ඔය වැඩේට. මට මේ පැත්තකට වෙලා ඉඳල එපාවෙලා ඉන්නෙ. "

ඉතින් ඔච්චර කංකෙදිරි ගාන එකේ, නොසලකා හැරලත් බෑනි කියල, "හා එනවකො එහෙනම්, හැබැයි වැඩේ චා කරන්නෙ එහෙම නෑ හරිද ?" කියල පත්වීමේ ලිපිය බාර දුන්න. මගේ යහළුවන් වන සෝරොව් සහ දිරාජ් නිතරම චාකෝල් වලින් අඳින පින්තූර අගය කරනව, මට නිතරම පැහැදිලි කරනව චාකෝල් වලින් අඳින එක කොච්චර ලේසිද කියල. මට මේ චාකොල් පැන්සල දුන්නෙ සෝරොව්. එයා ඒක දුන්නට, මම කවදාවත්ම ඒකෙන් සම්පූරණ චිත්‍රයක් ඇඳල තිබ්බෙ නෑ. ඒ නිසා මගේ පළවෙනි චාකෝල් පිතූරෙ යූ ෂි ජින්ෂිගෙන් පටන් ගත්ත. මම මේ පින්තූරය අඳින්න පාවිව්චි කරපු මුල් පින්තූරය මෙතන තියෙනව. සංසන්දනය කරල බන්නකො මම හොඳට ඇඳලද කියල.





බලන්න මේ මගේ චිත්‍රය දිහා, චාකෝල් වලින් ඇන්ඳහම කොච්චර ලස්සනද කියල. චාකෝල් වලින් ලැබෙන තද කළු වර්ණය මිනිරන් පැන්සලෙන් කොහොමවත් අපිට ගන්න බෑ. මටනම් හරිම ආස හිතෙනව. දැන් තමයි මට තේරෙණ්නෙ, ඇයි සෝරොව්යි දිරාජුයි චාකෝල් පැන්සල එච්චර වර්ණනා කළේ කියල. මට වගේම දිරාජ්ටත් මුලින්ම චාකෝල් පැන්සලක් දීල, ඒකෙන් අඳින්න කියල දිරිගන්නලා තියෙන්නෙ, සෝරොව්. මම එයාගෙ ඒ උතුම් ක්‍රියාව නිතැතින් පැසසුමට ලක් කරනව. එයාටත් ලස්සන නිර්මාණ ගොඩක් කරන්න හැකි වේවා කියලත් ප්‍රාර්තනා කරනවා.

චාකෝල් පැන්සලෙන් මක මකා අඳින එක ටිකක් කරදරයි, ඒ නිසා මම මුලින් මිනිරන් පැන්සලෙන් යාන්තමටවගේ රූපෙ ඇඳ ගත්තා. ඊට පස්සෙ චාකෝල් පැසලෙන් පින්තූරෙ මතුකරල අරගෙන, වර්ණ්වත් කලා. මම පැතලි පින්සලක් භාවිතා කලා වර්ණ පැතිරවීමේදී. චාකෝල් පැන්සලේ තියෙන අනිත් වාසිය තමයි; වර්ණ ගැන්වීමේදී හරි ලස්සනට වර්ණ පතුරවා හරින්න පුළුවන් (මිනිරන් පැන්සලේන් එහෙම කරන්න බෑ, පැන්සල් පාරවල් හිටිනවනෙ). මුලින් මුහුණ කොටස ඉවර කරල තමයි මම බෙල්ලයි, ඇදුමයි ඇන්ඳෙ. එයාගෙ නිල ඇඳුමත් ලස්සනට ආව කියල හිතෙනව. මම මගේ උපරිම උත්සහය ගත්ත මේ පින්තූරෙ තියෙන ත්‍රිමානබවයි ස්භාවිකවබාවයයි රැකගන්න. මගෙ උත්සහය සාර්ථකයි කියල මට දැනෙනව. මම දන්නව, මේ පින්තූරෙ ගොඩාක් අඩුපාඩු තියෙනව කියල, ඒත් මම මේකට ගොඩාක් කැමතියි.  මුහුණෙ වටත්, ඇදුම් වල දාරත් ස්භාවික නැහැ. ඒ ගැන තව දුරටත් මම අවධානය යොමුකළ යුතුයි.

අද කථාව එච්චරයි. නැවත චිත්‍රයකින් හමුවෙනතුරු ඔබට ජය! මටත් ජය!


Welcome!

It took a long time to finished Dr. Ghosh's portrait because I was extremely busy and exhausted in the last couple of months due my confirmation exam. In that period, I again started to watch Korean series, because it decreases my stress level. So, you can expect some Hangul (Korean) actor's portraits from now onward. 

I deliberately wanted to draw the character 'Yoo Shi Jin', 유시진 from the recent Korean series; 'Descendents of the sun',  태양의 후예. This is a marvelous drama which was hit in Korea and nationwide. I love this drama a lot.  The handsome actor 'Song Joong Ki' , 송중기 plays the role of character Yoon Shi Jin in a very attractive way with his military experiences. Yoon shi Jin is the captain of the alpha team (special army force) who is willing to do his ultimate  for his country. This story is about his love towards the doctor 'Kang Mo-Yeon'. If you haven't watch it yet you can start watching it by clicking here.  

This time, my intention was to finish this portrait as soon as possible, because I have only drawn two sketches for the last four months. At the point I started to draw Yoon Shi Jinsi, my charcoal pencil came to me and asked;

"Hey girl, Why don't you use me? I have been waited for months to dance on papers. Why don't you believe me? Plea...........se give me a chance, I will show you how good I am."

I got this pencil from Sourav couple of months ago, but I never used it, I hesitated to use it. At least now,  I should give a small chance to the charcoal pencil to show its colors. My friends Sourav and Dhiraj alway prices charcoal arts. They love to draw with charcoal, and always explains me how amazing it is when compares to graphite pencils.  The original photo that I used to draw this portrait can be view by clicking here.  




Look at this picture, how cool it with charcoal. Wow, I really like it. If I knew charcoal is this good, I would do all of my portraits in charcoal. Oh no... Why I waited this long to use it? Now I know why Sourav and Dhiraj appreciate charcoal. Sourav is the one who has encouraged Dhiraj on charcoal paintings by giving a charcoal pencil. I would like to express my sincerity to Sourav for all his priceless encouragements. 

I started this sketch with a pencil because I knew it's bit hard to erase and redraw with charcoal. Once face boundaries and component are posed using a pencil (with a few trial and error), I highlighted it with the charcoal pencil and then colored it. Once the face part was done, I started sketching neck area and clothes. I drew his uniform with my maximum strength. I tried my best to protect its three-dimensional and natural look.  I really love this picture. I know this picture is lacking in many ways. But still I love it. Do you know what I like most? it's his hair as usual. I know should smooth out a bit outer boundaries of the face and his uniform to make it more natural. 

That's all for today. Stay in touch for my next portrait. All the best!

Thursday, April 14, 2016

දාහතර: ආචාර්ය බිජෝයි ගෝශ් ( Fourteenth sketch: Dr. Bijoy K Ghosh)

Welcome!

This time, I sketched my previous advisor, Professor Bijoy Kumar Ghosh, to express my sincere gratitude and appreciation for every single thing he did for us.  I thought it would be better to write this article in English since he (and all of my non-Sinhalese friends) can understand what I am saying along with my portraits. A Sinhalese version of the article is given at the latter part for those who love my Sinhalese writings.

I and my husband (Sanath) did our postgraduate research studies with Dr. Ghosh when we were at Texas Tech University. He does a lot of interesting research in the field of Bio-Engineering. Thanks to him, we could experience doing quality research. He is an excellent leader with humanities. Therefore, working with him was enjoyable, enthusiastic, and comfortable. In our research, he generously helped and guided us with his maximum strength. He is the best advisor I have ever met. He is not only an advisor but also a good friend, who helped us in many ways. It's a pleasure to meet him in my life, and I am happy that I chose him as my advisor. I thought, the best thing I could do for him is making a sketch of his smiling face with the new skill I have developed for past months. 


You can view the original photo, that I used for this sketch by clicking here. Please compare my sketch with the original photo, if you haven't seen Dr. Ghosh, and tell me what you think about my sketching. I have come this far because of your appreciation, comments, and suggestions. 




As you can see, this time, I have improved a lot. I could achieve this improvement thanks to the simple comment I got from my friend, Dhiraj Singh. Dhiraj is an Engineer like me and an artist, who draws all kinds of portraits. He is a very good artist, who started his journey in two years and his portraits are adorable. Once he saw my brother's sketch, he said;

"You need to improve in applying colors. If you check the colors in the face of your sketch, color variation is very small and colors are too light. You need to expand the color range. You can probably do it by darkening the darker areas."

Actually, I sketched my previous portraits in light colors, because I thought if I darken it, then it will reflect that his/her skin color is dark. However, I was wrong. Now, I understood in pencil art; we simply try to capture the details of the image by varying the darkness.

In Dr. Ghosh's picture, I increased the span of the darkness as Dhiraj suggested. I tried my best this time, and I am extremely happy with this sketch.  Dhiraj, your simple comment was a great comment, which I could jump up bit higher. Thank you very much Dhiraj for your comment, and keep commenting.  

Dr. Ghosh's face looks perfect to me. So, please point out any mistake if you can see any. The process of drawing his face was smooth, and I finished it without any trouble. I like his hair and beard most as usual. I am a bit happy about his clothing as well. As you can see, I have done a very bad job on the outer coat. I still struggle when sketching clothes, especially sketching the folding parts of clothes. 

I would like to end this article by wishing a happier, healthier, and long life to Dr. Ghosh!



ආයුබෝවන්!

සුභ අළුත් අවුරුද්දක් වේවා!

මේ වතාවෙදි, මම මගේ  කලින් පශ්චාත් උපාදියේ උපදේශකතතුමා වන මහාචාර්‍ය බිජෝයි කුමර් ගෝශ්ව සිතුවමට නගුවෙ හිතුවෙ, එතුමා අප වෙනුවෙන් කල ඉමහත් සේවයට මගේ හද පිරි ස්තුතිය  පිරිනමන්න ඕනි කියල හිතලයි.  

මමයි මගේ මහත්තයා (සනත්) දෙන්නම අපේ පර්යේෂණ කටයුතු කරගෙන ගියේ බිජෝයි ගෝශ් සර්ගෙ උපදෙස් අනුවයි. සර් ගැන යමක් කියනවනම්, එයා ටෙක්සස් ටෙක් විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු විෂය දාරව යටතේ ගොඩාක් ආස හිතෙන විදියේ පර්යේෂණ කරන මහාචාර්‍ය වරයෙක්. එයා හරිම හොඳ කෙනෙක්. එයත් එක්ක වැඩ කරන එක හරිම පහසුයි, ඒවගේම හරිම උද්යෝගිමත්. අපි එයත් එක්ක වැඩ කළේ හරිම ආසාවෙන්. එයාට ගොඩක් වැඩ කරන්න ඕනි, ඒත් කිසි විටකත් එයා අපිව අනවශය විදියට පීඩනයට පත් කරනල නැහැ. ඇත්තෙන්ම කියනවනම් එයා මනුස්සකම් දන්න හොඳ නායකයෙක්. එයා අපිට ගොඩාක් උදවු කරල තියෙනව. අපේ පර්යේෂණ කටයුතුවලට විතරක් නෙවෙයි, අපේ ජීවිතේ අපිට ආ යම් යම් බාදක වලදිත් ගොඩාක් උදව් කරල තියෙනව. ගෝශ් කියන්නෙ අපිට ගුරු හරුකම් දුන්න ගුරුවරයෙක්ම විතරක් නෙවෙයි, විටකදි යාළුවෙක්, විටකදි පියතුමෙක්. මම අද සතුටුවෙනව එදා මම ආචාර්ය ගෝශ් මගේ උපදේශකතුමා හැටියට තෝර ගත්ත එක ගැන. එයක් එක්ක වැඩ කරන්න ලැබුණ එක මම මගේ වාසනාවක් හැටියටයි මම දකින්නෙ.  ඉතින් මේ තරම් අපිට සමීපයෙන් හිටපු, එතුමා වෙනුවෙන් මේ වෙලාවදි මට කරන්න පුළුවන් හොඳම දේ හැටියටයි මම මේ චිත්‍රය අඳින්න හිතුවෙ. 

ඔයාලට පේනවනේ මේ පින්තූරෙ, අනිත් ඒවත් එක්ක සංසන්දනය කරනකොට ලොකු වෙනසක් තියෙන බව. මේ තරම් ලොකු පියවරක් මට ඉස්සරහට තියන්න පුළුවන් උනේ, මමගේ යාළුවෙන් වන දිරාජ් සිං, මගේ කලින් පින්තූර බලල,  මට දුන්න වටිනා කියන උපදෙසක් නිසයි. දිරාජ් කියන්නෙ මම වගේම ඉන්ජිනේරුවෙක්, ඒ වගේම දක්ෂ කලා කාරයෙක්. එයාගෙ පින්තූර ගොඩාක් කලාත්මකයි. මම ඒවට ගොඩාක් කැමතියි. දිරාජ් ගැන කියන්න ගිහිල්ල, එයා දුන්න උපදෙස කියන්න අමතකත් වේගෙන එනව. එයා අපේ අය්යගෙ චිත්‍රෙ බලල මට මෙන්න මෙහෙම කීව;

"ඔයා චිත්‍ර පාට කරන එක ගැන තව ටිකක සැලකිලිමත් වෙන්න ඕනි. ඔයා ඇඳපු පින්තූරෙ මුහුණෙ වර්ණ පරාසයයි, ඇත්ත මුහුණෙ වර්න පරාසයයි අතර ලොකු පරතරයක් තියෙනව. අනික ඔයගෙ චිත්‍රවල පාට ලා වැඩියි. වර්ණ පරාසය තව ටිකක්  පුළුල් කරන්න. අඳුරු තැන් තව ටිකක් වැඩිපුර අඳුරු පැහැගන්වන්න. එතකොට, රූපයේ ස්භාවික බව ආරක්ෂා ගන්න පුළුවන්"

එයා කියපු කථාව හරිම සරල එකක් වගේ පෙනුනත්, ඒක ගොඩාක් වටින එකක් උනා. ඇත්තටම කියනවනම්, මම කලින් පින්තූර වැඩිය කළු කරේ නැත්තෙ,  මට හිතුන මම එහෙම කලොත් මුළු පින්තූරෙම ගොඩාක් කළු වෙලා, මම අඳින පුද්ගලගෙ නියම ස්වරූපයට වඩා කළු වෙයි කියල. නමුත්, මම හිතාන හිතපු විදිය වැරදියි. දැන් මං දන්නව චිත්‍ර අඳිද්දි, කොහොමහරි අපි කරන්නෙ පින්තූරයේ තියෙන විස්තර හැකිතාක් මතුකරල පෙන්නන එක කියල. මට දැන් වර්ණ ගැන පොඩ්ඩ පොඩ්ඩ තේරෙණව. 

මම ආවාර්‍ය ගෝශ්ගෙ පින්තූරවේ වර්ණ පරාසය වැඩිකලා, දිරාජ් කීව විදියට. බල්න්න, පුංචි අදහසකින් මොනතරම් ලොකු වෙනසක් කරන්න පුළුවන් උනාද කියල. දිරාජ් මම ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනව මට කරපු උපකාරෙට. එවගේම මම බලාපොරොත්තු වෙනව ඔයා දිගින් දිගටම මට උපදෙස් දේවිය කියල. 

මේ පින්තූරයේ ස්භාවිකත්ව රැකෙන විදියට සිතුවම් කරන්න මම උපරිම උත්සහ කළා. මට ගොඩාක් සතුටුයි, මේ සැරේ හොඳඅ...ට ඇඳ ගන්න පුළුවන් විච්චි එක ගැන. මටනම් මුහුණෙ අඩුවක් පේන්නෙම නෑ. අනේ ඔයාලට පේන අඩුපාඩු තරහ නැතිව පෙන්නල දෙන්ඩ ඈ. ඔයාලගෙ අදහස්, දිරිගැන්වීම්  මම  ගොඩාක් අගය කරනව. ඇත්තටම කියනවනම් මුහුණ අඳින එක මට ගේමක් උනේම නෑ. හරිම ආසාවෙන් තමයි මම ඇන්ඳෙ. මම මේ පින්තූරෙ ගොඩාක්ම කැමති කොණ්ඩෙටයි රැවුලටයි (මම ඉතින් කොහොමත් කොණ්ඩ වලටනේ වැඩිපුරම කැමති) . ඇදුම හරිය අඳින එක තමයි ටිකක් අමාරු උනේ. කොහොම නමුත්, ඇදුමෙත් ලොකු අවුලක් නෑ. ඒත් පිටත කෝට් එකේ නැවුම් තියෙන කොටස් අඳින්න මට තාම හරියට තේරුමක් නෑ. දිරාජ් ඒගැනත් මට පොඩි අදහසක් දුන්න. ටිකක් විතර හොඳට ආව කියලත් හිතෙනව. හැබැයි ඉතින් වර්ණ ගැන තවදුරටත් අධ්‍යනය කරන්න ඕනි කියල නම් තේරෙණව.

එහෙනම් ඉතින් අද කථාව මෙතනින් ඉවර කර්න්නම්. ආවාර්‍ය බිජෝයි ගොශ්, ඔබට පීත්‍රිමත්, නිරෝගීමත් දිගු දිවියක් හිමි වේවා!

සුභ අලුත් අවුරුද්දක් වේවා!


සුවහසේ සතපන

සිහිනසේ සිතුමිණ

සිසිලසේ සියල් සිත් සනහන

සොම්නසේ සිනාවෙන් සැරසුණ,

සපැමිණි සුභ වසර

සවියෙන,

සිහියෙන,

සතුටින,

සඵලව සිතුම් සුවහසක්

සදා සුන්දර වේවා!

සැනසුම සදාලන


Thursday, April 7, 2016

දහතුන: අපේ අයියා



ආයුබෝවන්!

කලින් වතාවෙදි අම්මිව ඇන්ඳනෙ. ඔන්නෙ ඒ පාර, අයියාගෙන් බේරිල්ලක් නෑ, එයාවත් අඳින්න කියල. ඒ නිසා එයාගෙ ලස්සන රූපයක් එහෙම හොයාගෙන අඳින්න පටන් ගත්තා. තාත්තිත් නැති වෙච්චි නිසා මට ඉන්නෙ අම්මියි අය්යයි විතරනේ. මේ තියෙන්නෙ මම පාවිව්වි කරපු මුල් පින්තූරය





අම්මිගෙ පින්තූරෙට වගේම මම අයියගෙ පින්තූරෙටත් ගොඩාක් ආසයි. එයාගෙ කොණ්ඩෙත් ලස්සනටම ආව. කොහොමත් මම වැඩිපුර කැමති කොණ්ඩ වලටනේ. ඔන්න කොණ්ඩ ගැන කියද්දි මතක් උනේ ඒ කාලෙ වෙච්ච්චි දෙයක්.

මම උසස් පෙළ භෞතික විද්‍යාවට, පතිරණ සර්ගෙ පන්තියට තමයි ගියෙ. අපේ පැත්තෙ කට්ටියනම් දන්නව ඉතින් පතිරණ සර්ගෙ නීති කොච්චර තදද කියල. නිතරම සර් කියනදේ අහගෙනම ඉන්න ඕනී. වටපිට බලන්න, සපුරා තහනම්. ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්නම ඕනි. දෙනෙ උත්තරෙත් හොඳ වැදගත් උත්තරයක් වෙන්න ඕනි. බාල උත්තරයක් දුන්නොත් කියනව "මොන්ටිසෝරි ටෝක් දාන්න එපා" කියල. ඉතින් කවුරුත් සර්ට හරි බයෙන් තමයි ඉන්නෙ. මම නම් ඉතින් ඕව එච්චර ගණන් ගන්නෑ. කොහොම හරි අන්තිමේදි උසස්  පෙළ ප්‍රතිපල ඇවිත්, විශ්ව විද්‍යාලෙට යන්න පුළුවන් කියල දැන ගත්තට පස්ස, මම ගියා සර්ව හම්බ වෙන්න. මම  ප්‍රතිපල කීවට පසෙ සර් මොකද්ද දන්නවද කීවෙ;

"මෙත්ම ඔයා පාස් උනාද? මම නම් හිතුවෙනෑ ඔයා පාස් වෙයි කියල, ඔයා ඉතින් කාගෙ හරි කොණ්ඩයක් දිහා බලාගෙන හිටපු එකනි කරේ. ඔන්න ඔයාල අක්ක පාස් වෙව්වි එකනම් පිළිගන්න පුළුවන්" 

එන්න එදා තමයි මම දැන ගත්තෙ මම කොණ්ඩ වලට කොච්චර කැමතිද කියල. ඔය අක්ක කීවෙ මගේ ඥති සොහොයුරියක්, අපි දෙන්නම එකම වයසෙ. ඒත් එයා අක්ක, මම නංගි. අතුරු කථාව ඉවරයි, නැවත පින්තූරෙට.

මේ සැරේ නම් ඇස් දෙක සිරාවටම ඇඳ ගත්තා. ඇස් දෙක මුලින් ඇඳල ඉවර කරල තිබ්බෙ. අනිත් ටික අඳිද්දි, වතාවක්  අයියගෙ ඇඳපු ඇස් දෙක මගේ නෙත ගැටුන. එක පාරටම ඇත්තම  ඇස් දෙකක් දැක්ක වගේ හැගීමක් ආව. ඇස් දෙක තීවුර වැඩියි වගේ කියලත් හිතෙනව. 

නළල, කම්මුල්, නහය, සහ නිකට රූපයේ ත්‍රිමාන බව මතු කරන්ව කියෙන මට හැගෙනව. කට ගැනත් පොඩි සටහනක් කරන්නම ඕනි. ඉස්සර, අපේ අය්යගෙ කට ඔය රූපෙ තියෙන විදියට ඇද වෙලා තිබුනෙ නැහැ. මීට වසර ගණනාවකට කලින් වෙච්චි රිය අන්තුරක් නිසා තමයි එයාට ඔහොම උනේ. මට ඕනි උනා එයාගෙ ඉස්සර තිබුන විදියටම කට අඳින්න. මම අමාරුවෙන් මතක් කරල ඇඳල පෙන්නුවාම, එයා කියපි; "මේ නං ඉන්නෙ මම නෙවෙයි" කියල. ඉතින් ආයෙ ඒක මකල, දැන් පේන්න තියෙන විදියට ඇඳල දැම්ම.

එයාගෙ කමීසෙ පාට කරන්න ගත්තෙ සෝරොවු දුන්න චාකෝල් පැන්සල. මුලින් පාට තවරලා, ඊලඟට, ඉරි ටික මතු කර ගත්තෙ උල් හැඩයට කපා ගත් මකනයක් ආදාරයෙන්.  කමීසෙත් සිරාවටම ආව කියල හිතෙනව.

අයියගෙ පින්තූරය දිහා බලාන ඉන්නෙද්දි මට හිතෙන්නෙ, අස් දෙකයි කටයි, මම ඇඳල තියෙන ප්‍රරමාණය ලොකු වැඩියි කියල. ඇස් සහ කට ලඟ හමේ වර්ණයත් ලා වැඩියි කියල මට තේරුණේ දිරාජ් කීවට පස්සෙ තමයි.

ඔන්න ඔය විදියට තමයි අද කථාව අවසන් වෙන්න. ඔබටත් මටත් ජය!