Thursday, June 13, 2019

කඳුළුක උණුසුම

එකඳු කඳුළක්
නෙතට නොනැගෙන්න...
නිබඳ නොයෙක්
වෙර දමා නවතන්න...
එකඳු කඳුළක්
නෙතෙන් ගිලිහෙන්න
නොදී නිය අගින්
සෙනෙහසින් රැකගන්න...
එකඳු වදනක්
නොබින
බෙරි වූ වුවින්
ඔහේ ලඟ ඉන්න...
එකඳු කඳුලක
ගැබ් වු මහ බර
හැඳිනි පෙම්වත
නුඹ ගිහින් දුර ඈතක...

නොයෙක් හිරු පායා
කඳුළු වියැකීලා
හවුරුදු ගෙවීලා
මතක මියැදීලා...
ගන කළු වළා
හද ලැඟුම් ලා
නෙත පිරුණු දා
කඳුළු බිඳු ගංගා
දෙකම්මුල් පොඟවා
ඔහේ බිම වැටුණා
දමන්නට පිසලා
කෙනෙක් නැති හන්දා...

ජූනි 13, 2019
මෙත්මා


4 comments:

  1. ඔහු නැවත පැමිණේවා
    එතෙක් දුකක් නොමවේවා
    වැටෙන කඳුළු නවතීවා
    ටිෂූ පෙට්ටි හමුවේවා

    ReplyDelete
    Replies
    1. නොඑන බැව් දනිමී
      ඒවීයී මග නොබලමී
      හිතේ දුක් නොම දැනී
      මතක විතරක් පිබිදුණී

      Delete
  2. නිශ්ශබ්ධතාවය කන් බිහිරි කරවයි

    ReplyDelete