Sunday, January 10, 2021

කට්ටක්

ඒක හොඳ කට්ටක්
    බල්ලට ගෙනා ලොකු මස් කට්ටක්
    උගුරෙ ඇනිච්ච තෝර මාළු කට්ටක්
    ආච්චිගෙ උජාරු හැට්ට කට්ටක්
    චූටි නංගිගෙ මල් මල් කොණ්ඩ කට්ටක්
    මහද්දි අතේ ඇනිච්ච ඉඳි කට්ටක්
    හදිස්සියේ දෙකට කැඩුණු මැෂින් ඉඳි කට්ටක්
    ගහේ නගිද්දි හීරුනු තියුණු දොඩම් කට්ටක්
    වත්තෙ පහළ බල්ලො කාපු කොස් කට්ටක්
    වත්තෙ ඉදං එද්දි රෙද්දෙ පැටලුණු ලෑට්ට කට්ටක්
    වෙලවකට මදි නොකියන්න කන්න වෙන කට්ටක්
    අක්කගෙ මල් පාත්තියෙදි ඇනුනු රෝස කට්ටක්
    සීයගෙ වල කපදිදි මතුවෙච්ච ඇට කට්ටක්
නෑ නෑ ඒ මොකුත් නෙවෙයි, ඒක උතුම් කට්ටක්
කෙස් ගහක් තරම් හීනි කටුචිකිත්සා කට්ටක්

5 comments:

  1. කට්ටක් කට්ටක්

    ReplyDelete
  2. Replies
    1. ඒක මේ නිකම්ම නිකන් කට්ටක් නෙවෙයි, විස පෙති ගිල්ලන් නැතිව බොහෝ ලෙඩ හොඳ කරන්න පුළුවන් කට්ටක්.

      Delete
  3. ඇනුනට දැනෙන්නේ නැති කට්ටක්

    ReplyDelete
    Replies
    1. හරියට ගැහුවොත් නම් දැනෙන්නේ නෑ, නමුත් පොඩ්ඩක් හරි එහා මෙහා වුනොත් නම් ඉතින් දැනෙනවා.

      Delete