Wednesday, July 31, 2024

හවසක සිරි : නොනියා නොනියා

ලඟින් ඇවිල්ලා නිදාන ඉන්නා
නොනියා නොනියා නොනියා පුසි නොනියා \\
රූප බලන්නට අපි වාඩි වූ සඳ 
පොරව පොරව සීතලට රෙදි පොරවා ගෙන \\
විවේකයක් ගෙන සැඳෑ සුව විඳින්නට
කරල කරල කරලා වැඩ ඉවර කරලා \\
බිම වැටි රෙද්දේ කොනක ඈඳි ගෙන 
නොනියා නොනියා නොනියා පූසි නොනියා
ලඟ ඉන්නට ආසයි පූසි නොනියා
නොනියා නොනියා නොනියා කළු නොනියා
ඥාව් ඤව් ඤාව් ඤාව් ගාන්නා
නොනියානොනියා නොනියා සිල්ලී පූසා


පය හිරි වැටුනම මා නැගිටින සඳ
පැනල පැනල පැනලා පූසි පැනලා \\
හිරි අරිනවා අනේ නැට්ට උස්සගෙන
බලලා බලලා බලලා වටපිට බලලා \\
කෑම මතක් වී එය රහ බැලුමට
බළලා බළලා බළලා යනව කන්නට
නොනියා නොනියා නොනියා පුසි නොනියා 

නොනියා නොනියා සිල්ලි නොනියා 


ජූලී 29, 2024
මෙත්මා

කවිය අහන්නට








Sunday, July 28, 2024

මඤ්ඤොක්කා හීලට

හතරට නැගිටලා ලොකු වතුර මුට්ටියක් උණු කරලා
මඤ්ඤොක්ක කපා උණු වතුර නටන හැලියට දමලා
හොඳින් තම්බලා ලුණු දාලා දිය පෙරා
පොල් කවලම් කරලා රැගෙන යනවා දන් නිසා


මෙත්මා
ජූලි 28, 2024




Saturday, July 27, 2024

අපි අඳින ඇඳුම් කියන්නේ

අපි අඳින ඇඳුම් කියන්නෙ අපේ ජීවිතවල සරල බව පොරොන්දු 
අපි කන කෑම කියන්නෙ අපේ ජීවිත සුවපත් කරපු බොහෙත්
අපි කරන කථා බහ කියන්නෙ අපේ මුතුන් මිත්තන්ගේ සිරිත් විරිත්
අපේ ගති පැවතුම් ඇවැත් පැවැත් උනේ ඒ මුතුන් මිත්තන්ගේ ඇදහිලි විස්වාස


ජූලි 27, 2024
මෙත්මා




Wednesday, July 24, 2024

බඩගින්නේ මම

බඩගින්නේ මම ඇවිදන් යනවා
බර අඩු කෙරුමට කැලරි දහනයට
සීතල සුළඟක් ගත දැවටෙනවා
විසිතුරු ගස් මල් මට දිස් වෙනවා


මනසේ සුවයට ගතේ සැනසුමට
ඇවිදන් යනවා උදේ පාන්දර 
මේඝ වළා පාවෙයි හනි හනිකට
වැස්ස වැටේවිද මා යන්නට පෙර


මෙත්මා
ඔක්තෝබර් 5, 2023

කවිය අහන්න








Monday, July 22, 2024

බිංදු බිංදු පොද වැස්සක්

බිංදු බිංදු පොද වැස්සක් ඔන්න කඩා හැලෙනවා
ඩිංග ඩිංග වහල දිගේ වතුර ගලා ඇදෙනවා
හැඩට පිපුණු කහ මල් ටික හෙමින් හෙමින් හැලෙනවා
රතු ගිරවුන් දෙදෙනෙක් විත් කීචි බීචී ගයනවා


ඔක්තෝබර් 4, 2023
මෙත්මා 

කවිය අහන්න




Sunday, July 21, 2024

සුළඟක් හමා යයි

සුළගක් හමා යයි මා ගත දැවටීලා
සීතල නෑ දැනුනේ සිසිලයි ගෙන එන්නේ
දළු දාමින් මේපල් ගස් පිබිදෙන්නට යනවා
මල් පිපෙන්න දවසක් දා පොහොට්ටු ලොකු වෙනවා

කවිය අහන්න


ඔක්තෝබර් 4, 2023
මෙත්මා