Wednesday, July 24, 2024
Monday, July 22, 2024
බිංදු බිංදු පොද වැස්සක්
බිංදු බිංදු පොද වැස්සක් ඔන්න කඩා හැලෙනවා
ඩිංග ඩිංග වහල දිගේ වතුර ගලා ඇදෙනවා
හැඩට පිපුණු කහ මල් ටික හෙමින් හෙමින් හැලෙනවා
රතු ගිරවුන් දෙදෙනෙක් විත් කීචි බීචී ගයනවා
ඔක්තෝබර් 4, 2023
මෙත්මා
කවිය අහන්න
Sunday, July 21, 2024
සුළඟක් හමා යයි
සුළගක් හමා යයි මා ගත දැවටීලා
සීතල නෑ දැනුනේ සිසිලයි ගෙන එන්නේ
දළු දාමින් මේපල් ගස් පිබිදෙන්නට යනවා
මල් පිපෙන්න දවසක් දා පොහොට්ටු ලොකු වෙනවා
කවිය අහන්න
ඔක්තෝබර් 4, 2023
මෙත්මා
Wednesday, January 17, 2024
පිබිදෙන වසන්තය
Monday, January 15, 2024
වැස්සට කවි තුනක්
පාට පාට පුරවාගෙන දේදුන්නක් පායා
පාවි පාවි වළා ඇවිත් මුළු අහසම පිරිලා
පුංචි පුංචි මල් පිපිලා වැස්සේ හිනහෙන්නා
මෙත්මා
සීතල නෑ දැනුනේ සිසිලයි මට දැනුනේ
දළු දාමින් මේපල් ගස් පිබිදෙන්නට යනවා
මල් පිපෙන්න දවසක් දා පොහොට්ටු ලොකු වෙනවා
ඩිංග ඩිංග වහල දිගේ වතුර ගලා ඇදනවා
හැඩට පිපුන කහ මල් ටික හෙමින් හෙමින් හැලෙනවා
රතු ගිරවුන් දෙදෙනෙක් විත් කීචි බීචි ගානවා
Sunday, January 14, 2024
කවි අහමුද?
පූස් සහ බඹරු
Thursday, January 11, 2024
මිදෙන්න දොම්නසෙන් සැම
අහන්න ගයන විහඟුන් ගේ හඩ
බලන්න පිපුණු මලක හැඩ
සිඹින්න විදිමින් ඒ මල් සුවඳ
හිඳින්න ගස් සෙවන යට
විඳින්න පළතුරු ගෙඩියක රස
සැනසෙන්න බලා ගිරවුන්ගේ හැඩ
හිනැහෙන්න දැක උන්නේ වැඩ
ඇවිදින්න මං මාවත් දිග
හිනැහෙන්න අයෙක් හමු වූ විට
බලන්න අවට සුන්දරත්වය
විඳින්න හැම මොහොතකම සුව
සැනසෙන්න බලා නුබ
හිතන්න වහී විද කියා අද
බලන්න හිරු බසින රඟ
තුටු වෙන්න දැක දම් වළා පෙළ
මෙත්මා
ජනවාරි 11, 2024
Sunday, May 15, 2022
අපිත් හරියට වෙසක් කූඩු වගේ.
ලස්සනට වෙසක් කූඩුවක් හදන්න ගොඩක් මහන්සි වෙන්න ඕන, ඒ වගේම අපේ ජීවිතය ලස්සනට ගොඩනඟා ගන්න ගොඩක් මහන්සි වෙන්න ඕනී.
වෙසක් කූඩු විවිධාකාරයි, අපේ ජීවිතත් විවිධාකාරයි.
කූඩු හදන්න භාවිතා කරන ටිෂු කොළවල තුනී ස්භාවය නිසා ඒවා කපද්දීත් හසුරුවද්දීත් අපිට ඉතාම ප්රවේශම්කාරී වෙන්න වෙනවා. කැටයමක් කපද්දී ටිෂූ කොළේ වැරදිලා කැපිල යන පුළුවන්, කොහේ හරි පැටලිලා ඒවා ඉතා ඉක්මනින් ඉරෙන්න පුළුවන්. අපේ ජීවිතත් ඒ වගේමයි, ක්ෂණයකින් බොහොම පුංචි දේකින් අපේ ජීවිතේට කරදරයක් හෝ ජීවිතේ නැතිවෙන්න හෝ පුළුවන්. ඉතා කුඩා උණ්ඩයකින් තියුණු පිහියකින් පොලු පහරකින් වාහනේක ගැටීම වැනි සුළු දේකින් වුණත් ජීවිතය හානි වෙන්න පුළුවන්.
කූඩුවක් ලස්සන වෙන්නෙ එයාගෙ කැටයම් දාලා කදිමට අලවලා තියෙන කොළ හින්දා. අපව ලසන්නට ලෝකයට පෙනෙන්නේ අපේ ශරීරය වහගෙන තිබෙන සම නිසා.
අපි කූඩුවක කොළ අලවන කොට කිසිම සිදුරක් නැතුව තමයි කොළ අලවන්නෙ. එහි සිදුරක් තිබුනත් ඒ මගින් කුඩු ඇතුලට සුළං ඇවිත් ඉටි පහන නිවෙන්න පුළුවන්. ඒ වගේම අපේ ජීවිතයටත් බාහිරින් යම් යම් විසබීජ හෝ ලෙඩ රෝග හෝ ඇතුල් වෙලා ශරීරයට හානියක් වෙන්න පුළුවන්.
වෙසක් කූඩුවක් අලවලා ඉවර වෙච්ච ගමන් හරි ලස්සනයි. නමුත් ටික කාලයක් යනකොට ඒක ටික ටික ජරාජීර්ණ වෙනවා. කොළවල පාට අඩුවෙනවා, වැස්සට තෙමිලා කොළ ඉරෙනවා, තද සුළඟ නිසා කොළ ඉරිලා යනවා, කූඩුවේ කොටස් කැඩිලා යනවා, වැස්සට තෙමිලා රැලි එකිනෙක රැලි එකිනෙකට ඇලවෙනවා. නොයෙකුත් අකරතැබ්බ වලට මුහුණ දෙමින් එයා කාලයත් එක්ක වෙනස් වෙනවා. අපේ ජීවිතත් ඒ වගේ තරුණ කාලේ හරිම ලස්සනයි සිත්ගන්නා සුළුයි ශක්තිමත්, නමුත් වයස යන්න යන්න ලෙඩ එනවා, වැහැරෙනවා, කොන්ඩ සුදු වෙනවා, නොහැකි වෙනවා, ආකර්ෂණය නැති වෙලා යනවා.
ඉපදීමෙන් පටන් අරගෙන වසර ගණනාවක් ජීවත් වෙලා මරණයෙන් අවසන් වන ජීවිතයක සංක්ෂිප්ත අනුවාදයක් වගේ වෙසක් කූඩුවක්.
2022 මැයි 15
Friday, April 22, 2022
හාට් ඇටෑක්, පෙණහලු සවුතු වීම, සහ රට හරහට
මීට වසර ගාණනාවකට කලින් මම යනවා එක්තරා දොස්තර වරයෙක් මුණ ගැසෙන්න. මම ආ කාරණාව පැත්තකට දාලා, එයා මට ලෙක්චර් එකක් දෙනවා සමාජයේ බහුල දක්නට තියෙන මාරාන්තික ලෙඩ, ඒවා ඇති වීමට හේතු, රෝග ලක්ෂන මතුවන අවස්ථව, ඒවා වලක්වා ගත හැකි ක්රම ආදී දේවල් සම්බන්ධයෙන්.
"ආනේ බලන්නකෝ, මේ හොඳට හිටිය කෙනා නේ, එක පාරටම හාට් ඇටෑක් එකක් ඇවිත්නේ නැති වෙලා තියෙන්නේ"
" පෙණහලු දෙක ගන්නම දෙයක් නැහැලු, හොඳටම සවුත්තු වෙලා කියන්නේ"
මෙවන් වදන් අපිට ටිකක් හුරුපුරුදුයි නේද? හාට් ඇටෑක් ඒමත් පෙණහලු නරක් වීමත් එක පාරට වෙන දෙයක් බව සමාජය හිතන්න පුරුදු වෙලා ඉන්නේ, මේ දේවල් මතුවට එන බවට කිසිම ලක්ෂණයක් කලින් නොපෙන්වන නිසා බව මේ දොස්තර මට දැන් දිගින් දිගටම පැහැදිලි කරනවා.
උදාහරණයක් විදියට කියනවා නම්, හර්දයේ රුදිර නාල එක පාරටම අවහිර වෙන්නේ නැහැ, කාලයක් තිස්සේ අපි ගන්න ආහාර පාන වල බලපෑම නිසා, ටිකෙන් ටික බොහොම හිමින් තමයි අවහිර වේගෙන එන්නේ. ඒත් රුදිර නාලය සම්පූර්ණයෙන්ම වාගේ අවහිර උනාම තමයි හාට් ඇටෑක් එක එන්නේ. එතෙක් කල් මෙවන් දෙයක් අපේ ශරීරය තුල සිදුවෙමින් පවතින බවට අපිට කිසිම රෝග ලක්ෂණයක් පෙනෙන්නේ නැහැ.
පෙණ්හල්ලත් එහෙම්ම මයි. එයින් 95% ක් විතර අකර්මණ්ය වෙනකල් අපිට කිසිම රෝග ලක්ෂණයක් පෙන්නන්නේ නැහැ. ඉතින් අපි අවුලක් නෑනි කියලා හිතලා තවත් දුම් බිබී කැහැ කැහැ විනෝද වෙනවා. නමුත් ලෙඩේ අඳුර ගන්නකොට වෙන්න ඕනි ඔක්කොම වෙලා ඉවරයි. එය සුවපත් කරන්න බැරි තැනට පත් වෙලා. එතකොට අපි පරක්කු වැඩියි.
"අනේ අපේ රටට මොකද්ද මේ එක පාරටම උනේ, හොඳට තිබ්බ රටනේ?"
"අපේ අම්ම මුත්ත කාලෙවත් මෙහෙම පෝලිම් තිබ්බද?"
"කොයි ආණ්ඩුවකදි වත් මේ තරම් බඩු මිල වැඩි වෙලා නෑ"
මට පේන්නේ රටක් වුනත් හැසිරෙන්නේ හරියට පෙණහල්ලක් වගේ රුධිර නාල වගේ. අපි කවුරුත් හිතුවේ අපේ රට සංවර්ධනය වෙමින් පවතින, කිසීම ප්රශ්නයක් නැති රටක් කියලා. ඔන්න දැන් එයා අපිට පෙන්නවා රට කඩාගෙන වැටෙන ලක්ෂන. පේන හැටියට ජන ජීවිතේ එන්න එන්නම අඩාල වෙන්නයි යන්නේ. මේ ප්රශ්නයට විසදුමක් පේනතෙක් මානෙක නෑ.
මතුපිටින් බලලා හිතන්න එපා, අපේ රට එක පාරටම කඩා වටුනා කියලා. ආර්ථිකය කඩා වැටුනේ ටිකින් ටික. රුපියලේ අගය අඩු වුනේ ටිකින් ටික. කර්මාන්තය ශාලා එකින් එක වැහීගෙන යනකොට, ආනයන වැඩි වෙනවා. කාලයක් තිස්සේ ණය අර ගෙන කාලා බීලා ජොලි කරපුවගේ රඟ දැන් කාට කාටත් දැනෙන්න අරන්.
රටක් සංවර්ධනය කරන එක පහසු වැඩක් නෙවෙයි. ඒකට උනන්දුව, කැපවීම්, දේශීය නිෂ්පාදන, කර්මාන්ත සහ ව්යාපාර නගා සිටුවීම, නාස්තිය අවම කිරීම, උපාය ශීලී බව වගේ ගොඩක් කරුණු අත්යාවශයයි. බොහොම සතුටින් හිතේ සැනසීමේ ජීවත්වන මිනිසුන් ඉන්න රටක් වේනම්, ඒ රටේ මිනිස්සු එතරම් හොඳින් ඉන්නේ කාලයක් තිස්සේ බොහො මිනිසුන් කල කැපවීම් මහන්සි වීම් වල ප්රතිඵලයක් වශයෙන්. රටක් වැටෙන එකත් එහෙම්මම්යි.
අපේ රටේ දක්ෂයෝ ගොඩක් ඉන්නවා. ඒත් ඒ අයගේ දක්ෂතා වලට එලියට එන්න ඉඩ දෙන්නේ නෑ, ඔවුන්ට අත දෙනවා වෙනුවට බිමට ඇදලා දනවා. නාස්තිය උපරිමයි, දේශීය දේට අගයක් නෑ. ඉතිං අපේ අය එයාලට අගයක් දෙන පිට රටකට එයාගේ දැනුම විකුණනවා.
2022 අප්රේල් 22


